ගෞතම බුදුරජාණන් වහන්සේ

විකිපීඩියා වෙතින්
(ගෝතම බුදුන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
ගෞතම බුදුන් වහන්සේ
සාරනාත් හිදි බුදුන් සිය ප්‍රථම ධර්ම දේශනාව කිරීම නිරූපනය කෙරෙන ප්‍රථිමාව. ගුප්ත යුගය, ආ. 475 පොයු
පෞද්ගලික තොරතුරු
උපතසිද්ධාර්ථ
563 පොයුපෙ හෝ 480 පොයුපෙ
ලුම්බිණි සල්උයන, ශාක්‍ය ජනපදය
මරණය 483 පොයුපෙ හෝ 400 පොයුපෙ (වයස 80)
කුසිනාරා නුවර, මල්ල ජනපදය
Senior posting
පූර්වප්‍රාප්තිකයාකාශ්‍යප බුදුන්
අනුප්‍රාප්තිකයාමෛත්‍රී බුදුන්
පවුල
කලත්‍රයායශෝදරා දේවිය
දෙමව්පියෝසුද්ධෝදන රජු (පියා) ,මායා දේවිය (මව)
දරුවෝරාහුල

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු බෞද්ධ දර්ශනයේ ප්‍රාරම්භකයා වන අතර ලෝකයේ ප්‍රසිද්ධම අධ්‍යාත්මික ගුරුවරයෙක්ද වෙයි. බෞද්ධයන්ට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ යනු වර්ථමානයේ ගෙවීයන මහා බද්‍ර කල්පයේ හතරවන අන්තඞකල්පයේ ලොව පහලවී වදාල, තුන්ලොවට උතුම් අසහාය ගුරුවරයෙකු වූ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේ මනුෂ‍්‍යයෙක් ද, අමරණිය තත්තවයට (නිර්වාණයට) පත්වුවෙක්ද , දෙවියන් ඉක්මවා යන්නෙක්ද, යන කරැණු තේරවාද හා මහා යාන නිකායන් අනුව තරමක් වෙනස් වේ. තේරවාදි බුදු දහමට අනුව උන්වහන්සේ අතිමහත් ඥනයෙන් හා ඉගැන්වීම් හැකියාවක් සහිත වු අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍ය උත්තමෙයකි. මහායාන බුදුදහමට අනුව සියළු සංසිද්ධි තුළ ඇතුළත් අමරණීය හා දෙවියන් ඉක්මවා යන බුද්ධත්වය නම් සදාතනික සත්‍යයේ ප්‍රතිමුර්තියකි. උන්වහන්සේගේ උපත සිදුවූයේ ඉන්දියාවේ ලුම්බිණියෙදීය. ගිහිකල නාමය සිද්ධාර්ථ ගෞතම නම් විය. සාක්‍යමුනි හෝ ශාක්‍යමුණි (ශාක්‍යකුලයේ මුනිවරයා) ලෙසද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වයි.

සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය[සංස්කරණය]

බුදු රදුන් සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය අතීතයේ මගධ රාජධානියට අයත් උරුවෙල ජනපදයේ නේරංජනා ගඟ අසබඩ ගයාව වූ අතර වර්තමානයේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හඳුන්වන අතර මහාබෝධි විහාරය එහි පිහිටා ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම චාරිකාව[සංස්කරණය]

වජ්‍රපාණි බෝධිසත්වයන් හා ගෞතම බුදුරජාණන් වහන්සේ ගාන්ධාරය 2 වන සියවස

බුදුරජාණන් වහන්සේගේ අවු 45 ක කාලය ගංගානම් නිම්නයේ (විහාරයේ උත්තර ප්‍රදේශය හා දකුණු නේපාලය) ධර්මය හා විනය දේශනාකරමින් චාරිකා කළ සේක. මෙම ගමනේ දී කුලවතුන් හා පහත් කුලවලට අයත් අප, කසලශෝධකයින්, අංගුලිමාල වැනි දරැණු මිනීමරැවන් හා ආලවක වැනි මීනිමස් කන්නන්ට යන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය දේශනා කළ සේක. මෙම කොටසට වෙනත් ආගම් හා විරැද්ධ මත දරන දර්ශනවාදීන්ගේ බැතිමතුන් ද අයත් විය. බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු ධර්මය හා ශාසනය පවත්වාගෙන යාමට සංඝ සමාජයබිහිවිය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ග්‍රෝතයකට සීමා ‍නොවූ විවෘත ආගමක් බිහි විය. උන්වහන්සේගේ දර්ශනය කිසිම කුල ගෝත්‍රයකට සීමා නොවූ විවෘත ආගමක් විය. එමනිසා විරැද්ධවාදී ආගම් වලට අයත් කණ්ඩායම් වල චෝදනා වලට හා උන්වහන්සේ මරණයට පත්කිරීමට උත්සාහ ගත්හ.

සංඝයා වහන්සේලා ධර්මය විස්තර කරමින් ඉන්දියාවේ තැනින් තැනට සංචාරය කළහ. මෙය වස්කාලයේ හැර අවුරැද්දේ අනෙක් සෑම කාලයකම සිදුවිම.

වස්කාලයේ අධික වර්ෂාවක් පැවතීම නිසා ජල ගැල්ම හේතුවෙන් මෙම සමයේ දී සංචාරය අපහසු වන අතර වතුරේ ගිලි සිටින සතුන් මතට පා ‍නොතබා ගමන් කිරීම අපහසු බැවින් සියලුම ආගම් වලට අයත් තාපසයෝ සංචාරයේ නොයෙදෙති. මෙම සමයේ දී භික්ෂුන් වහන්සේලා ආරාම තුළ, වනාන්තර හෝ උද්‍යාන වල ගත කරන අතර ගිහියෝ උන්වහන්සේලා බැහැදැකීමට යති.

බුදුරජාණන් වහන්සේ පළමුවන වස්කාලය බරණැස් නුවර ගත කළ අතර මෙහිදී පළමු සංඝ පිරිස ඇතිවිය. ඉන්පසුව බුදුවීමෙන් පසු බිමිබිසාර රජතුමා බැහැදැකීමට එන බවට වූ පොරොන්දුව ඉටු කිරීම සදහා ඉන්පසුව මගධයේ රජගහ නුවරට වැඩියේ සේක. මෙම ගමනේ දී පසුව බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධශ්‍රාවකයන් බවට හරවන ලදි. ඉන්පසු ලැබූ වස්සාන කාල 3 බුදුරජාණන්වහන්සේ ගතකළේ රජගහනුවර ‍වේළුවන උද්‍යානයේ ය. මෙම ආරාමට පූජා කරන ලද්දේ බිම්බිසාර රජතුමා විසිනි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැදවාගෙන ඒම සදහා දූතයන් යැවීය. මෙලෙස දූත 9 ක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය ලෞකික දේ අත්හරින ලද ඔවුන් පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි නම් බුදුරජාණන් වහන්සේ ගේ කුඩා කළ මිතුරා රහත්භාවය ලබාගත් අතර පණිවුඩය ලබාදීමට සමත්විය. බුද්ධත්වයෙන් අවුරැදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීමේ දී ආරම්භ කළ අතර පා ගමනින් වැඩිය මේ ගමනේ දී මග ‍දෙපස ධර්මය දේශනා කරමින් මාස දෙකක් මේ ගමනට ගතවිය. බුදුරජාණන් වහන්සේ ගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුනද ආරාධනාවක් නොලැබුණු නිසා බුදුරජාණන් වහන්සේ හා මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඩු සිගා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිගමනේ ගොස් නැත' බව පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරැන් දහස් ගණනක් පිඩු සිගා වැඩ ඇත.' ලෙස පිළිතුරැ ලබා දුන් සේක.

ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දාන අනතුරැව පැවත ිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු සෝවාන් බව ලැබීය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර බුදුරජාණන් වහන්සේ‍ගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරැද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදො පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය උන්වහන්සේ ගේ ගිහිකළ පුත් රාහුල කුමරැ වයස අවුරැදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකී.

උන්වහන්සේ සහෝදරයෙකු වූ නන්ද කුමරැද පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේවදත්තද පැවිදි වූ නමුත් පසුවබුදුරජාණන් වහන්සේ හා වෛර බැද අන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.

සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරැද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධාන ම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර උපාලි සුභූති, රාහුල, මහා කච්චන හා පුණ්න රහතන්වහන්සේලා සමග ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනා වේ.

පස්වන වස්කාලය බුදුරජාණන්වහන්සේ වෛශාලිය ආසන්නයේ මහාවන නම් ස්ථානයේ ගතකළ අතර සුද්දෝධන රජතුමා මරණාසන්නව සිටින බව අසා තම පියාට ධර්මදේශනා කිරිම සදහා වැඩම කළ සේක. එම ධර්මදේශනාව අසා සුද්‍ධෝදන රජතුමා මරණයට පෙර රහත් භාවයට පැමිණියේ ය. මෙම ගමනේ දී භික්ෂුනී ශාසනය පිහිටුවන ලද අතර ධර්මග්‍රන්ථ වල සදහන් වන්නේ බුදුරජාණන් වහන්සේ එයට පළමුවෙන්ම කැමැත්තක් නොදැක්වූ බවයි. උන්වහන්සේ හදාවඩාගත් ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුසසුනේ පැවිදි විම සදහා අවසර ඇයැද සිටියාය. නමුත් මෙය ප්‍රතික්ෂේප කළ බුදුජරාණන් වහන්සේ නැවත රජගහනුවර වෙත වැඩීම ආරම්භ කළ සේක. පැවිදිවීමේ අදහස අත් ‍නොහළ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වීමට කැමති වූ ශාක්‍ය හා කෝලිය කුමාරිකාවන් රැසක් සමගින් බුදුරජාණන්වහන්‍සේ පසුපස රජගහ නුවර ට ගමන් කළෝය. භික්ෂු ශාසනය පිහිටුවීමෙන් වසර 5 කට පසු භික්ෂුනී ශාසනය ආරම්භවූ අතර බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය ලබාදුන්නේ මාර්ගඵල ලබාගැනීමට පුරැෂයාට හා ස්ත්‍රියට ඇති හැකියාව සමාන වුවත් අමතර විනය නීති පැනවීමෙනි, භික්ෂුනී ශාසනයේ ආරම්භය සදහා මැදිහත්වූයේ ආනන්ද තෙරණුවන්ය. බුදුරජාණන් වහන්සේ ගේ ගිහිකළ භාර්යාව වූ යශෝධරා දේවියා ද පැවිදි වූ අතර පසුව රහත් බවට පැමිණියාය.

මෙම කාලයේ දේවදත්ත තෙරැන් (ධප්‍ර රහත්භාවයට පැමිණ නොසිටියේය) බුදුරජාණන් වහන්සේට අනතුරැ කිරීම දහා කිහිප වාරයක් උත්සහ කළේය. ඒක් අවස්ථාවක දී ඔහු බුදුරජාණන් වහන්‍සේගෙන් තමන්ට සංඝයා වහන්සේලා පාලන කිරීමේ බලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙය ප්‍රතික්ෂේප කළබුදුන්වහන්සේ දෙව්දත් ක්‍රියාකරන්නේ තුරැණුවන් කෙරෙහි ඇති භක්තියෙන් නොව ආත්මාර්ථයෙන් බව ප්‍රකාශ කළ සේක. බිම්බිසාර රජතුමාගේ පුත් වූ අජාසත්ත කුමරැ හා එක්වූ දේවදත්ත තම බුදුරජාණන් වහන්සේ මැරවීමෙන් භික්ෂු ශාසනය ලබාගැනීමටත්, කුමරැ බිම්බිසාර රජු මැරවීමෙන් මගධ රජ්‍ය ලබාගැනීමටත් එක්වී කුමන්ත්‍රණය කළෝය. දෙව්දත් බුදුන් මැරවීමට තෙවරක් උන් තෙවරක් උත්සහ කළේය. පළමුවර දුනුවායන් යෙදවූ අතර බුදුරජාණන්වහන්සේ මුණගැසුණු විට ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් විය. දෙවන වර විශාල ගලක් බුදුරජාණන් වහන්සේ මත පෙරළීමට තැත්කළ අතර එය තවත් ගලක් මත වැදී විසිවුණු කුඩා පතුරක් පමණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණි. අවසානයේ රා පොවා මත්කරන ලද ඇතෙක් බුදුරජාණන් වහන්සේගේ වඩි‍නා මාර්ගය වෙතට ‍යැවූ නමුත් එම උත්සාහයද ව්‍යර්ථවිය. දෙව්දත් ඉන්පසුව නව විනය නීති කිහිපයක් තනාගෙන ඒවා සංඝයා වෙත පනවන මෙන් බුදුරජාණන් වහන්සේ ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ විට උන්වහන්සේගේ පාලනය මද බව බවසමින් ඔහු කෙරෙහි පැහැදුනු තවත් භික්ෂුන් සමග වෙනත් ස්ථනයක වසන්නට යාමෙන් සංඝභේදයක් ඇති කළේය. නමුත් සැරියුත් හා මුගලන් රහතන් වහන්සේලා එම භික්ෂුන්ට ධර්මය දේශනා කර ඔවුන්ව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කර ගැනීමට සමත් විය.

බුදුරජාණන් වහන්සේට අවු 55 ක් වූ විට උන්වහන්සේ තම අග්‍ර උපස්ථායක ලෙස ආනන්ද තෙරැන් පත් කළ ගත්හ.

මවු කුස පිළිසිඳ ගැනීම[සංස්කරණය]

මෙලොව ඉපදීමට පෙර තුසිත දෙවුලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ, දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුවනු පිණිස මනුලොව පහළවන්නට පස්මහ බැලුම් බැලුසේක. තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේදේවියගේ කුස තුළ පිළිසිඳ ගන්නාලදී.ඒ ඇසළ පුර පසළොස්වක පෝය දිනයේදී ය.මායා දේවිය කුමරු ඉපිද දවස් හතකින් මිය ගොස් තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයාව ඉපදුනි.ඉන් පසු සිදුහත් කුමරුගේ සුලුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී විසින් ඔහු ඇති දැඩි කරන ලදී.මහා ප්‍රජාපතී ගෝතමීය සිය කුසින් උපන් දරුවන් වූ නන්ද කුමරු සහ සුන්දරී නන්දා කුමරිය යන දෙදෙනාද  සිදුහත් කුමරුන්ද එක සේ ආදරය දක්වමින් ඇතිදැඩි කලාය.

මාර පරාජය[සංස්කරණය]

ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළසේක. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළසේක.

මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියේය. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියේය.

මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා පැතිරින. මාරයා ‘’ගිරිමේඛලා’’ නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියේය. මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියේය. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් නොතිබුනේය. ඒ සියල්ලෝම පැන ගියේය. මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටිනලදී. මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැවනලදී. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හමා යන ලදී. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැත. ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැවන ලදී. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියේය. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැත. එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවන ලදී. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් විය. මාරයා ආයුධ වර්ෂාවක් මැවනලදී. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනි. එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටිනි. ඉන් අනතුරුව උණු අළු වැස්සක් මැවන ලදී. ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියේය. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණන් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැවන ලදී. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා. දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කරන ලදී. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබූ බැවිනි.

මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසන ලදී. මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නේය. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැත. එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූයේ නැත. මාර සේනාවට බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා.

තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කරන ලදී. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කරන ලදී.

ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසන ලදී. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට විය. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා මාරයා පරාජයට පත්වුණා යනුවෙන් සතුටින් හඬ නවගන්නට විය.

.==බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑම==.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සල් උයනේදීය.(දඹදිව)