යෝනි මුඛය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මිනිස් යෝනි මුඛය
Genital Diversity.jpg
විවිධ ස්ත්‍රීන්ගේ යෝනි මුඛයන් (සමහරකදී යූනික රෝම ඉවත් කර ඇත) (ප්‍රවේණි ප්‍රභේදනය)
විස්තර
ලතින්පුඩෙන්ඩම් ෆේමිනීනුම්
අභ්‍යන්තර ගුහ්යිය ශිරාව
අභ්‍යන්තර ගුහ්යිය ධමනිය
ගුහ්යිය ස්නායුව
තලස්ථ වංක්ෂණ වසා ගැටිති
Precursorප්‍රජනක ගැටිත්ත, මෞත්‍ර- ලිංගික නැමි
හඳුන්වන
ග්‍රේ ගේp.1264
MeSH05.360.319.887
Dorlands
/Elsevier
Vulva
TAA09.2.01.001
FMAFMA:20462
Anatomical terminology

යෝනි මුඛය (vulva) හෝ භගය/බහිර්භගය යනුවෙන් හැදින්වෙන්නේ ස්ත්‍රී ලිංගගේන්ද්‍රියේ බාහිර කොටස් ය. එනම් යුනික මාංශිකය (mons pubis/mons veneris), බාහිර යෝනි තොල් (labia majora), අභ්‍යන්තර යෝනි තොල් (labia minora), භගමණිය (clitoris), යුනික බල්බ (vestibular bulbs), යුනික පිවිසුම් කලාපය (vulval vestibule), මුත්‍ර විවරය, යෝනි විවරය, කන්‍යා පටලය, බාතොලින් ග්‍රන්ථි සහ ස්කීන් ග්‍රන්ථි යන කොටස් ය. යුනික බෙදුම (pudendal cleft), මේද ග්‍රන්ථි සහ මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (urogenital triangle) හෙවත් අධෝභගයේ (perineum) ඉදිරි කොටස සහ යුනික කේශ (pubic hair) එහි අවශේෂ අංග වේ. යෝනි මුවහි ඇති යෝනි කුහරය ගර්භාෂයට දිවෙන අතර බාහිර හා අභ්‍යන්තර යෝනි තොල් මගින් මෙයට ද්විත්ව ආරක්ෂණයක් සපයයි. ශ්‍රෝණි පාද පේශි (Pelvic floor muscles) යෝනි මුව හි ව්‍යුහයට ආධාරය සපයන අතර මෞත්‍රලිංගික ත්‍රිකෝණිකයේ අනෙකුත් පේශි ද ආධාරය සපයයි.

ව්‍යුහය[සංස්කරණය]

යුනික මාංශිකය[සංස්කරණය]

යුනික මාංශිකය යනු යෝනි මුව ඉදිරියේ යුනික අස්ථිය ආවරණය කරමින් ඒ මත පිහිටා ඇති මෘදු මහත පටක කොටස යි. [1]ස්ත්‍රී පුරුෂ දෙපිරිසේ ම පවතින මෙය ලිංගික සංසර්ගය පහසු කරවන කොට්ටයක් මෙන් ක්‍රියා කරන අතර ස්ත්‍රීන්ගේ වඩා පැහැදිලි ව හදුනාගත හැකි ය.[2] යුනික මාංශිකයේ පහත කොටස එය බාහිර යෝනි තොල් ලෙසින් වෙන් කෙරෙන යුනික බෙදුම නමැති පැල්මෙන් දෙකට බෙදී ඇත. යෞවනෝදයෙන් පසු භගමණියේ වැස්ම (clitoral hood) සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික බෙදුම තුළට විවිධ ප්‍රමාණවලින් නෙරා යා හැකි ය.[3] යුනික මාංශිකය සහ බාහිර යෝනි තොල් යෞවනෝදයේ දී යුනික පෙදෙසේ හටගන්නා කෙස්වලින් වැසී යයි.[4]

යෝනි තොල්[සංස්කරණය]

බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් යුනික පිවිසුම් කලාපය (vulval vestibule) ආවරණය කරමින් ඒ වටා පිහිටයි.[5] යුනික බෙදුම විසින් බෙදී තිබෙන පිටතින් ම පිහිටා තිබෙන යෝනි තොල් යුගල බාහිර යෝනි තොල් හෙවත් ගරීය අධරය ලෙස හැදින් වේ. මේවා යෝනි මුඛයේ සෙසු ව්‍යූහයන් අඩංගු කරගන්නා අතර ඒවා ආරක්ෂා කරයි.[5] බාහිර යෝනි තොල් ඉදිරිපසින් යුනික මාංශිකය ඉදිරියේදීත් පසුපසින් යුනික බෙදුම සහ ගුදය අතර දී, එනම් මෞත්‍රලිංගික ත්‍රිකෝණිකය (අධෝභගයේ ඉදිරි කොටස) අසලිනුත් මුණ ගැසේ.[6][3]

බාහිර යෝනි තොල් සහ අභ්‍යන්තර යෝනි තොල් බෙදමින් පිහිටන ඇලි අන්තර්-අධරීය ඇලි (interlabial sulci) හෙවත් අන්තර්-අධරීය නැමුම් (interlabial folds) ලෙස හැදින් වේ.[7] අභ්‍යන්තර යෝනි තොල් යනු බාහිර යෝනි තොල්වලට ඇතුළතින් පිහිටන මෘදු මාංශ දාර දෙකයි. මේවා පිටත තොල්වලට වඩා තද පැහැ වන අතර[1] විවිධ මේද ග්‍රන්ථි අඩංගු කරගනී.[8] මේ ඇතුල් තොල් පහතින් එහි වාගීකාව (frenulum of the labia minora) අසල දී සම්බන්ධ වේ. මේවා යලිත් වරක් හමු වන්නේ භගමණියේ පෙරසම (prepuce of clitoris/clitoral hood) සාදමින් යෝනි මුවේ ඉහළ දී ය.[9]

භගමණිය[සංස්කරණය]

භගමණියේ පිටතට පෙනෙන කොටස එහි මුණ්ඩ (glans) නම් වෙයි. මේවා සාමාන්‍යයෙන් මෑ ඇටයක් තරම් වන අතර හැඩයෙන් ද එවැනි වේ. ප්‍රමාණය මිලිමීටර් 6 සිට මිලිමීටර් 25 දක්වා අගයක් ගත හැකි ය.[9] එමෙන් ම එය සෘජු වූ විට ද ප්‍රමාණයෙන් විශාල වේ.[3] ප්‍රමාණයෙන් විශාල එහි සමප්‍රභවය වන ශිශ්න මුණ්ඩවල තරම් ම ස්නායු අග්‍ර ප්‍රමාණයක් සංයුක්ත කරගන්නා බැවින් එය බෙහෙවින් සංවේදී වේ.[9] දැනට දන්නා පරිදි භගමණියේ එක ම කෘත්‍යය වන්නේ ලිංගික හැගීම් අවදි කිරීම යි.[9] භගමණියේ වැස්ම/පෙරසම යනු භගමණිය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් ආවරණය කරගනිමින් පිහිටන ආරක්ෂිත චර්ම කොටසක් වේ.[10] භගමණිය ශිශ්නයේ සමප්‍රභවය වන අතර[5] භගමණියේ වැස්ම පිරිමින්ගේ ශිශ්න පෙරසමේ අනුරූප ස්ත්‍රී අවයවය වෙයි.[10] මෙය සම්පූර්ණයෙන් ම හෝ අඩ වශයෙන් යුනික මාංශිකයෙන් සැගවී තිබිය හැකි ය.[11]

යුනික පිවිසුම් කලාපය[සංස්කරණය]

අභ්‍යන්තර යෝනි තොල් අතර පිහිටි යෝනි විවරය සහ මුත්‍ර විවරය පිහිටා ඇති ප්‍රදේශය යුනික පිවිසුම් කලාපය නම් වේ. මුත්‍ර විවරය භගමණියට පහතින් යෝනි විවරයට වහාම ඉහළින් පිහිටා ඇත. යෝනි විවරය අධෝභගයට (perineum) ආසන්නව පිහිටා ඇත. විවරය යනුවෙන් හැදින්වුවත් යෝනි ද්වාරය (introitus) සාමාන්‍යයෙන් පවතින්නේ විවර වී නොව හැකිලී ය. යෝනි මග ඇතැම්විට කන්‍යා පටලය නම් පටලයෙන් අඩ වශයෙන් ආවරණය වී පවතී. දෘඪ සංසර්ගයක යෙදෙන පළමු මොහොතේ දී කුමරිච්ඡදය සාමාන්‍යයෙන් කැඩී යන අතර මේ හේතුවෙන් නිකුත් වන රුධිරය කන්‍යාභාවයේ සංකේතයක් ලෙස දකිනු ලැබේ. කෙසේනමුත් කන්‍යා පටලය ව්‍යායාමවලදී ද එක්වර ම බිදී යාමට හැකි අතර ටැම්පන (tampon) සහ ඔසප් රුධිර රදවන (menstrual cups) භාවිතය නිසා විදාරණය වී තිබීමට හෝ උපතින් ම නොපෙනෙන තරම් කුඩාවට තිබීමට හෝ නැතිනම් නොපිහිටා ම තිබීමට හෝ පුලුවන.[9]

ඇතැම් අවස්ථාවල කන්‍යා පටලය යෝනි විවරය මුලුමනින් ම ආවරණය කරමින් පිහිටා තිබිය හැකි අතර එවිට එය කන්‍යා පටලය ඉවත් කිරීමේ සැත්කම (hymenctomy) මගින් නිවැරදි කළ යුතු ය.[12] යෝනි විවරයේ අපර කොටසේ දෙපස ම විශාල යුනික ග්‍රන්ථි යුගල වන බාතොලින් ග්‍රන්ථි පිහිටා ඇත. මේ ග්‍රන්ථි ශ්ලේෂ්මලය සහ යෝනික හා ලිහිසි ස්‍රාවයන් නිකුත් කරයි.[13] ඒවා පිරිමින්ගේ බල්බමය මෞත්‍ර ග්‍රන්ථිවල (bulbourethral glands) සමප්‍රභවය වේ.[14] කුඩා යුනික ග්‍රන්ථි යුගල ස්කින් ග්‍රන්ථි ලෙස හැදින්වෙන අතර යෝනියේ ඉදිරි බිත්තියහි පිහිටා ඇත. ඒවා පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිවල සමප්‍රභවය වන අතර ස්ත්‍රී පුරස්ථි ග්‍රන්ථි ලෙස ද හැදින් වේ.[15]

සමාජය සහ සංස්කෘතිය[සංස්කරණය]

කලාව[සංස්කරණය]

ඔරිජින් ඩි මෝන්ඩ් (ලෝකයේ මූලය), ගුස්ටාව් කෝබේ විසින් අදින ලද තෙල්ද සායම් සිතුවමක්

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. 1.0 1.1 "Anatomy and Physiology of the Female Reproductive System · Anatomy and Physiology url=http://philschatz.com/anatomy-book/contents/m46392.html" (in ඉංග්‍රීසි). Phil Schatz.com. Missing pipe in: |title= (help); Missing or empty |url= (help)
  2. Stevenson, Angus; Lindberg, Christine A., eds. (2010). New Oxford American Dictionary (3rd ed.). Oxford University Press. ISBN 978-0195392883. The rounded mass of fatty tissue lying over the joint of the pubic bones, in women typically more prominent and also called the mons Veneris.
  3. 3.0 3.1 3.2 Hennekam, RC; Allanson, JE; Biesecker, LG; Carey, JC; Opitz, JM; Vilain, E (June 2013). "Elements of morphology: standard terminology for the external genitalia". American Journal of Medical Genetics. Part A. 161A (6): 1238–63. doi:10.1002/ajmg.a.35934. PMC 4440541. PMID 23650202.
  4. Marshall, WA; Tanner, JM (June 1969). "Variations in pattern of pubertal changes in girls". Archives of Disease in Childhood. 44 (235): 291–303. doi:10.1136/adc.44.235.291. PMC 2020314. PMID 5785179.
  5. 5.0 5.1 5.2 Pocock, Gillian; Richards, Christopher D. (2006). Human physiology : the basis of medicine (3rd. ed.). Oxford: Oxford University Press. p. 438. ISBN 9780198568780.
  6. Tortora, Gerard J; Derrickson, Bryan (2008). Principles of anatomy and physiology (12th ed.). Hoboken, N.J.: Wiley. pp. 235–236. ISBN 9780470233474.
  7. Neill, Sallie; Lewis, Fiona (6 July 2009). Ridley's The Vulva (in ඉංග්‍රීසි). John Wiley & Sons. ISBN 9781444316698. Retrieved 14 March 2018.
  8. Young, Barbra; Lowe, James S; Stevens, Alan; Heath, John W; Deakin, Philip J (March 2006). Wheater's Functional Histology (5th ed.). Elsevier Health Sciences. pp. 175–178. ISBN 978-0-443-06850-8.
  9. 9.0 9.1 9.2 9.3 9.4 King, Bruce M. (1996). Human sexuality today (2nd ed.). Upper Saddle River, N.J.: Prentice Hall. pp. 24–28. ISBN 978-0130149947.
  10. 10.0 10.1 Fahmy, Mohamed (27 November 2014). Rare Congenital Genitourinary Anomalies: An Illustrated Reference Guide (in ඉංග්‍රීසි). Springer. ISBN 9783662436806. Retrieved 18 March 2018.
  11. O'Connell, HE; Sanjeevan, KV; Hutson, JM (October 2005). "Anatomy of the clitoris". The Journal of Urology. 174 (4 Pt 1): 1189–95. doi:10.1097/01.ju.0000173639.38898.cd. PMID 16145367. S2CID 26109805.
  12. Wilkinson, Edward J. (2012). Wilkinson and Stone Atlas of Vulvar Disease (3rd ed.). Lippincott Williams & Wilkins. pp. 187–188. ISBN 9781451132182.
  13. Lee, MY; Dalpiaz, A; Schwamb, R; Miao, Y; Waltzer, W; Khan, A (May 2015). "Clinical Pathology of Bartholin's Glands: A Review of the Literature". Current Urology. 8 (1): 22–5. doi:10.1159/000365683. PMC 4483306. PMID 26195958.
  14. Tortora, Gerard J; Anagnostakos, Nicholas P (1987). Principles of anatomy and physiology (5th ed.). New York: Harper & Row. pp. 727–728. ISBN 978-0060466695.
  15. Zaviacic M, Ablin RJ (January 2000). "The female prostate and prostate-specific antigen. Immunohistochemical localization, implications of this prostate marker in women and reasons for using the term "prostate" in the human female". Histol. Histopathol. 15 (1): 131–42. PMID 10668204.
"https://si.wikipedia.org/w/index.php?title=යෝනි_මුඛය&oldid=478794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි