Jump to content

භගමණිය

විකිපීඩියා වෙතින්
Clitoris
The internal anatomy of the human vulva, with the clitoral hood and labia minora indicated as lines. The clitoris extends from the visible portion to a point below the pubic bone.
Location of (1) clitoral hood and (2) clitoral glans
තොරතුරු
පූර්වජGenital tubercle
ධමනිය
Dorsal artery of clitoris, deep artery of clitoris
ශිරාව
Superficial dorsal veins of clitoris, deep dorsal vein of clitoris
ස්නායුව
Dorsal nerve of clitoris
හඳුන්වනයන්
ග්‍රේ ගේp.1266
TAA09.2.02.001
FMA9909
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

භගමණිය යනු ක්ෂීරපායින්, පැස්බරුන් සහ වෙනත් සතුන්ගෙන් සීමිත වර්ග සංඛ්‍යාවක ගැහැනු සතුන්ගේ ලිංගික අවයවවලට අයත් ව පිහිටා තිබෙන ලිංගික වින්දනයේ දී වැදගත් වන කුඩා ග්‍රන්ථියක් වැනි අවයවයකි. මානව ස්ත්‍රීන්ගේ භගමණියහි දෘෂ්‍ය කොටස පිහිටා ඇත්තේ ඇතුල් යෝනි තොල්වල පියන් එක්වන තැන අසළ මුත්‍ර විවරයට ඉහළිනි. පිරිමි ශිශ්නයේ සමප්‍රභවය ලෙස සැලකුණත් මෙය එයින් වෙනස් වන්නේ මුත්‍රමාර්ගයක් ඒ තුළ නොපිහිටන බැවිනි. එමෙන් ම එහි ප්‍රජනනයට අදාල කාර්යභාරයක් ද නැති. පුල්ලි හයිනාවන්ගේ භගමණිය මුත්‍ර කිරීමට හැකි ලෙස සැකසී ඇති අතර ඔවුහු සිය වෙසෙසින් විශාල භගමණිය තුළින් මුත්‍රකිරීම මෙන් ම පැටවුන් වැදීම ද සිදුකරති. උණහපුළුවන් සහ මකුලු වදුරන් වැනි වෙනත් ඇතැම් සතුන්ට ද විශාල භගමණියක් පිහිටයි.[1][2][3]

මිනිසුන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායින්ගේ මෙය කළලයේ ඇති යුනික ගැටය (genital tubercle) නම් ප්‍රසරයෙන් විකසනය වේ. මුලින් වෙන් කර හදුනාගත නොහැකි වුවත් මෙම ගැටය ශිශ්නයක් හෝ භගමණියක් බවට ප්‍රජනක පද්ධතියේ වර්ධනයේ දී විකසනය වන අතර පුරුෂ හෝමෝනවල (androgens) බලපෑම මත මෙය තීරණය වේ.

ස්ත්‍රී ශරීරයේ තිබෙන වඩාත් ම සංවේදී ශෘංගාරෝද්දීපක කලාපය මෙය වන අතර පොදු වශයෙන් ස්ත්‍රී ලිංගික වින්දනයේ ප්‍රමුඛ ම අවයවය වෙයි.[4][5][6][7][8]මානව භගමණියේ හිස දළ වශයෙන් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් මෑ ඇටයක් පමණ වන අතර සංවේදී ස්නායු අග්‍ර 8000ක් පමණ එහි පවතින බවට ගණන් බලා ඇත.[8] භගමණිය සංකීර්ණ අවයවයක් වන අතර එහි ප්‍රමාණය සහ සංවේදීතාවය එකිනෙකින් වෙනස් විය හැකි ය.

ව්‍යූහය

[සංස්කරණය]

දළ ව්‍යවච්ඡේදය සහ පටකවිද්‍යාත්මක විමර්ශනය

[සංස්කරණය]

පොදු වශයෙන්

[සංස්කරණය]

භගමණියේ ඇතැම් කොටස් බාහිරවත් ඇතැම් කොටස් අභ්‍යයන්තරවත් පිහිටා ඇත. එය මුණ්ඩ (glans), දේහය (body) සහ ගාත්‍රා (crura) යන කොටස්වලින් සමන්විත වේ. දේහය ශිශ්නයේ ඇති ආකාරයේ පිම්බීමට හෙවත් සෘජු වීමට හැකි corpora cavernosa යනුවෙන් හදුන්වන පටක වලින් සමන්විත වේ. අභ්‍යයන්තර යෝනි තොල්වලින් සැකසෙන වැස්මක් ද සහ භගමණික හෝ යෝනික පිවිසුම් කලාපයෙන් එන බල්බයන් ද එයට ඇත. භගමණියේ වාගීකාවක් ඇති අතර මුණ්ඩවලට සැග වී පිිහිටා තිබෙන එය සෑදී ඇත්තේ ඇතුල් යෝනි තොල්හි මධ්‍යයම කොටස් දෙකිනි.[9][10][11][12] කද කොටස මුණ්ඩයට ආධාරය සපයන අතර එහි හැඩය භගමණියේ පෙරසම හරහා දැකීමට හා විදීමට හැකි ය.[9][11][13][14]

කෘත්‍යය

[සංස්කරණය]

සුරතාන්තය සදහා දායකත්වය

[සංස්කරණය]

කාන්තාවන්ගෙන් 70-80%ක් පමණ ප්‍රතිශතයකට භගමණිය කෙළින් ම (වෙන ම ම) උත්තේජනය කිරීම (කිසියම් කාලයක් එක දිගට අතින්, මුඛයෙන් හෝ වෙනත් ක්‍රමයකින් භගමණියේ බාහිර කොටස් මත තෙරපවීම) සුරතාන්තයට පත්වීම සදහා වුවමනා වන බව පොදු සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි.[N 1][N 2][N 3][18][18][19] යෝනි-ශිශ්න සංසර්ගයේ දී වක්‍ර ව සිදුවන භගමණිය උත්තේජනය වීම ද ප්‍රමාණවත් විය හැකි ය.[N 4][21][22][5][23]

විකසනය

[සංස්කරණය]
භගමණිය විකසනය වීමේ අවස්ථා

ක්ෂීරපායියන්ගේ ලිංගික විභේදනය තීරණය කෙරෙනුයේ X හෝ Y (පුරුෂ) වර්ණදේහයක් රැගෙන යන ශුක්‍රාණුව විසිනි.[24]

මුණ්ඩය සහ කාය

[සංස්කරණය]
නිරාවරිත භග මුණ්ඩයක්

අතිශයින් සසස්නායුකරිත තන්තුමය-වාහිනීමය වැස්මක් ලෙසින් භගමණිය කායෙහි අග මුණ්ඩය පවතින අතර,[25] සාමාන්‍යයෙන් මෑ ඇටයක හැඩය සහ ප්‍රමාණය සහිත වන නමුදු සමහරවිටෙක එය වඩාත් විශාල හො කුඩා විය හැකිය.

සටහන්

[සංස්කරණය]
  1. ^ "Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes ..."[15]
  2. ^ "Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse."[16]
  3. ^ "a. The amount of time of sexual arousal needed to reach orgasm is variable – and usually much longer – in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation ..."[17]
  4. ^ "In sum, it seems that approximately 25% of women always have orgasm with intercourse, while a narrow majority of women have orgasm with intercourse more than half the time ... According to the general statistics, cited in Chapter 2, [women who can consistently and easily have orgasms during unassisted intercourse] represent perhaps 20% of the adult female population, and thus cannot be considered representative."[20]

ආශ්‍රිත නාමාවලිය

[සංස්කරණය]
  1. ^ Goodman, S. (2009). "Family Eupleridae (Madagascar Carnivores)". In Wilson, D; Mittermeier, R (eds.). Handbook of the Mammals of the World. Vol. 1: Carnivores. Lynx Edicions. ISBN 978-84-96553-49-1. 2011-07-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-03-29.
  2. ^ Roughgarden, Joan (2004). Evolution's Rainbow: Diversity, Gender, and Sexuality in Nature and People. University of California Press. ISBN 978-0-520-24073-5.
  3. ^ Wingfield, John C (2006). "Communicative Behaviors Hormone–Behavior Interactions, and Reproduction in Vertebrates". In Neill, Jimmy D (ed.). Physiology of Reproduction. Vol. 2. Gulf Professional Publishing. ISBN 978-0-12-515402-4.
  4. ^ Rodgers, Joann Ellison (2003). Sex: A Natural History. Macmillan. pp. 92–93. ISBN 978-0805072815.
  5. ^ a b O'Connell, Helen E.; Sanjeevan, Kalavampara V (2006). Goldstein, Irwin Joseph (ed.). Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment. Taylor & Francis US. pp. 1189–1195. ISBN 978-1-84214-263-9.
  6. ^ Greenberg, Jerrold S.; Bruess, Clint E.; Conklin, Sarah C (2010). Exploring the Dimensions of Human Sexuality. Jones & Bartlett Learning. p. 95. ISBN 978-0-7637-7660-2.
  7. ^ Weiten, Wayne; Dunn, Dana S.; Hammer, Elizabeth Yost (2011). Psychology Applied to Modern Life: Adjustment in the 21st century. Cengage Learning. ISBN 978-1-111-18663-0.
  8. ^ a b Carroll, Janell L. (2012). Sexuality Now: Embracing Diversity. Cengage Learning. p. 386. ISBN 978-1-111-83581-1.
  9. ^ a b Sloane, Ethel (2002). Biology of Women. Cengage Learning. pp. 32–33. ISBN 978-0-7668-1142-3.
  10. ^ O'Connell, Helen E.; Sanjeevan, Kalavampara V (2006). Goldstein, Irwin Joseph (ed.). Women's Sexual Function and Dysfunction: Study, Diagnosis and Treatment. Taylor & Francis US. pp. 105–112. ISBN 978-1-84214-263-9.
  11. ^ a b Crooks, Robert; Baur, Karla (2010). Our Sexuality. Cengage Learning. pp. 54–56. ISBN 978-0-495-81294-4.
  12. ^ Ginger, V A T; Yang, C C (2011). "Chapter 2: Functional Anatomy of the Female Sex Organs". In Mulhall, John P.; Incrocci, Luca; Goldstein, Irwin; Rosen, Ray (eds.). Cancer and Sexual Health. Springer Publishing. pp. 13–22. ISBN 978-1-60761-915-4.
  13. ^ Angier, Natalie (1999). Woman: An Intimate Geography. Houghton Mifflin Harcourt. pp. 64–65. ISBN 978-0-395-69130-4.
  14. ^ Jones, Richard E.; Lopez, Kristin H. (2013). Human Reproductive Biology. Academic Press. p. 352. ISBN 978-0123821850.
  15. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kammerer-Doak නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Mah නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Flaherty නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  18. ^ a b Lloyd, Elisabeth Anne (2005). The Case of the Female Orgasm: Bias in the Science of Evolution. Harvard University Press. pp. 21–53. ISBN 978-0-674-01706-1.
  19. ^ Rosenthal, Martha (2012). Human Sexuality: From Cells to Society. Cengage Learning. pp. 134–135. ISBN 978-0-618-75571-4.
  20. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lloyd pp21-53 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  21. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; O'Connell නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  22. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Acton නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  23. ^ Acton, Ashton (2012). Issues in Sexuality and Sexual Behavior Research: 2011 Edition. ScholarlyEditions. p. 145. ISBN 978-1464966866.
  24. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Llord නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  25. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Ginger නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=භගමණිය&oldid=592763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි