කන්‍යා පටලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කන්‍යා පටලය
Gray1229.png
External genital organs of female. The labia minora have been drawn apart.
තොරතුරු
ලතින් hymen vaginae
හඳුන්වනයන්
ග්‍රේ ගේ p.1264
MeSH A05.360.319.779.479
TA A09.1.04.008
FMA 20005
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

හයිමනය (Hymen) යනු යෝනි මාර්ගය තුළ එය සුළු වශයෙන් ආවරණය කරමින් පිහිටන පටලයකි. සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේ දී මෙය කන්‍යා පටලය යනුවෙන් හැඳින්වෙයි. මෙය යෝනි විවරයහි  කොටසක් ලෙස පවතින අතර  යෝනියට සමාන සැකැස්මකින් යුතු ය.[1][2] හයිමනයහි විශේෂ කායවේදීය අරමුණක් හෝ කාර්යභාරයක් ඇති බවක් නො පෙනේ.[3] සාමාන්‍යයෙන් ළමාවියේ දී හයිමනය බාහිර ස්වරූපය විසින් අඩසඳාකාර (මුද්දත හැඩයෙන් යුතු) වුවත් එය විසින් වෙනත් ස්වරූපයන් ද දැරිය හැකි ය. මෙය තුනි සහ ඇදෙනසුලු බවේ සිට තරමක් ඝන සහ අනම්‍ය වූ ස්වභාවයන්ගෙන් ද පැවතිය හැකි අතර ඇතැම් විට  මුළුමනින් ම නො පිහිටීමට ද පුලුවන.[1]

ඇතැම්විට ගැහැනියක් ප්‍රථම වරට යෝනිමය සංසර්ගයේ නියුතු වීමේ දී  තාවකාලික රුධිර වහනයක් සහ මඳ වේදනාවක් ඇති කරමින් හයිමනය බිඳී යාමට පුලුවන.නමුත් මෙය හැමවිට ම සිදු නොවේ. එහෙත් වෛද්‍ය පරීක්ෂණ, ස්වයං වින්දන‍ය සහ ශාරීරික ව්‍යායාම වැනි වෙනත් අවස්ථාවන්වල දී ද එය බිඳී යාමට හැකිය.[4] බිඳී යාමෙන් පසු ව හයිමනය ස්වභාවික ව යළි යථා තත්ත්වයට පත් නො වුනත්[5] සැත්කමක් තුළින් එය යළි සැකසීමට හැකියාව ඇත.[2][6]ඇතැම් සංස්කෘතීන් විසින් හයිමනය කන්‍යාභාවය පිළිබඳ නිර්ණායකයක් ලෙස සැලකුවද  මෙවැනි තත්ත්වයන් නිසා හයිමනය කන්‍යාභාවය මිනුම් කිරීමට වලංගු සාධකයක් නො වන තැනට පත් ව ඇත.

විකසනය[සංස්කරණය]

හයිමනය විකසනය වීම ඇරඹෙන්නේ කලල අවධිය (embryogenesis) තුළ ය. ගැබ්ගැනීමෙන් තෙවන සතියේ සිට දෙවන ත්‍රිමාසිකය (Trimester) දක්වා කාලය තුළ දී ප්‍රජනක කලාපය (Genital tract) විකසනය වීම සිදුවන අතර යෝනිය විකසනය වීමෙන් අනතුරු ව හයිමනය බිහි වෙයි. හත්වන සතියේ දී මෞත්‍රගුදීය ආවාරය (Urorectal septum) බිහිවන අතර එ මගින් ගුදමාර්ගය සහ මෞත්‍රලිංගික කෝටරකය (Urogenital sinus) විභේදනය කරනු ලැබේ. නමවන සතියේ දී මුලර් ප්‍රණාළ (Müllerian ducts) පහළට ගමන් කරමින් මෞත්‍රලිංගික කෝටරකයට (Urogenital sinus) ඇතුළු වී ගර්භාෂයෝනික කුහරය (Uterovaginal canal) සාදනු ලැබේ. දොළොස්වන සතියේ දී මුලර් ප්‍රණාළ එකට එක් වී උනලේරියාව (Unaleria) නම් ප්‍රාක් ගර්භාෂයෝනික කුහරයක් සාදනු ලැබේ. පස්වැනි මාසය පමණ වනවිට යෝනි කුහරයේ විකසනය සම්පූර්ණ වී ඇති අතර චීන-යෝනික බල්බයන් (Sinovaginal bulbs) : එනම් මුලර් ප්‍රණාළ සහ මෞත්‍රලිංගික කෝටරකය මුණගැසෙන ස්ථානය, සිදුරු වීමෙන් භ්‍රෑණික හයිමනය (Fetal Hymen) ඇති වේ. සාමාන්‍යයෙන් මෙය උපතට පෙර හෝ උපතින් ටික කලකට පසු ව සිදු වේ. .[7]හයිමනයට ස්නායු සැපයුමක් නො පවතින අතර අලුත උපත ලැබූ බිළිඳියන් තුළ මවගේ හෝර්මෝනවල බලපෑම හේතුවෙන් හයිමනය ඝණ, ලා රෝස සහ අධික වූ පෘෂ්ඨයකින් (නැමුම් සහ නෙරීම් සහිත වීම නිසා) යුතු වේ. මුල් දෙවසරේ සිට සිව්වසර දක්වා කාලය තුළ ළදැරිය මෙම තත්ත්වය පවත්වා ගැනීමට අවශ්‍ය හෝර්මෝන නිපදවා ගනී. [8] ඔවුන්ගේ හයිමනික විවරය මණ්ඩලාකාර (වෘත්තාකාර) හැඩයකට පත් වෙයි.[9]

පශ්චාත් නවජ (post-neonatal age) වියේ දී හයිමනික විවරයෙහි වටප්‍රමාණය දළ වශයෙන් සෑම වසරක ම 1mm ප්‍රමාණයකින් වැඩි වෙයි. [10] දැරියක් යෞවනෝදයට පත්වීමේ දී හයිමනය බෙහෙවින් ප්‍රත්‍යාස්ථ බවට පත් වෙයි. යෞවනෝදයේ දී ටැම්පනයක් භාවිත කිරීම හේතුවෙන් හෝ ලිංගික සංසර්ගයේ නිරතුරු ව යෙදීමෙන් හෝ හයිමනික විවරය පුළුල් වීමට පුලුවන. [1] අධ්‍යයනයකින් හෙළි වූ පරිදි ප්‍රථම සංසර්ගයේ දී රුධිර වහනයක් අත්විඳ ඇත්තේ ස්ත්‍රීන්ගෙන් 43%ක ප්‍රතිශතයක් පමණි. [1] [11] කාන්තාවන් බහුතරයකගේ ම හයිමනික විවරය නො බිඳීමට ප්‍රමාණවත් තරම් විශාලනය වන බව මෙයින් පැහැදිලි වෙයි.යම්කිසි මෙවලමක් හෝ එකවර ඇඟිළි කිහිපයක් ඇතුළු කිරීමක දී ද හයිමනය වියල් වීම හෝ බිඳී යාම සිදුවිය හැකිය. [12] හයිමනයේ ශේෂයන් carunculae myrtiformes යනුවෙන් හඳුන්වනු ලැබේ. .[6]

ස්ත්‍රී දූෂණයක් හෝ ළමා ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් සැකයක් පවතින අවස්ථාවක දී හයිමනයේ ස්වභාවය පිළිබඳ ව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ හැකිය. කෙසේනමුත් හයිමනයහි ස්වභාවය පමණක් ම ලිංගික සංසර්ගයක් සිදු වූ බවට ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ. [2]

ව්‍යුහාත්මක වෙනස්කම්[සංස්කරණය]

සාමාන්‍යයෙන් හයිමනයේ ව්‍යුහාත්මක වෙනස්කම් තුනි සහ ඇදෙනසුලු බවේ සිට තරමක් ඝන සහ අනම්‍ය වූ ස්වභාවයන් දක්වා විවිධ වූ පරාසයක පැතිරිය හැකි අතර ඇතැම් විට මුළුමනින් ම නො පිහිටීමට ද පුලුවන. [1][8]වෛද්‍යමය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ ඔසප් රුධිරය බැහැර කිරීම මුළුමනින් ම වළක්වන හෝ එය සැළකිය යුතු අන්දමින් සීමා කරන එනම් අජිද්‍ර වූ හයිමනයක් පවතින විට පමණි. මෙවන් අවස්ථාවක දී ඔසප් රුධිරය බැහැර කිරීමට ඉඩකඩ සලසා දීමටත් ලිංගික සංසර්ගයේ දි දුෂ්කරතාවක් ඇති නොවනු පිණිසත් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය විය හැක.

හෝර්මෝන මට්ටමේ සහ ක්‍රියාකාරීත්ව මට්ටමේ (activity level) බලපෑම මත නවයොවුන් වියට නොපන් දැරියන්ගේ හයිමනික විවරය විවිධ හැඩයන් ගනී. බහුලව ම දැකගත හැකි වන්නේ මුද්දත හැඩයයි.

  • අජිද්‍ර - හයිමනික විවරයක් නොපවතී. යෞවනෝදයට ප්‍රථම එය ස්වාභාවික ව නිවැරදි නොවුනහොත් ඔසප් රුධිරයට බැහැර වීමට ඉඩ සැලසීම පිණිස සුළු සැත්කමක් ඇවැසි වනු ඇත.
  • ක්ෂුද්‍රවිවරීය - ඇතැම්විට හයිමනික විවරයක් නැති ලෙස පෙනී ගියත් වඩා හොඳින් පරීක්ෂා කළ විට ඉතා කුඩා විවිර සමූහයක් හඳුනාගත හැකි ය.
  • බෙදීගිය - හයිමනික විවරය තුළ විවරය අහුරමින් පිහිටි පටලමය තීරු එකක් හෝ වැඩි ගණනක් පැවතිය හැකි ය.

යෞවනෝදයෙන් පසු ඊස්ට්‍රජන් ප්‍රමාණය සහ ක්‍රියාකාරීත්ව මට්ටම මත හයිමනික පටලයෙහි ඝණ බව වැඩිවිය හැකි අතර, බොහෝවිට විවරය කඩතොලු සහිත වීම සහ අස්ථිර හැඩයක් ගැනීමත් සිදු වේ. බාල දැරියන්ගේ නම් ඉරීගිය හයිමනයක් සාමාන්‍යයෙන් බොහෝ ඉක්මනින් සුව වී යා හැකිය. නවයෞවනියන් තුළ හයිමනික විවරය ස්වාභාවික ව ම පුළුල් විය හැකි අතර හැඩයේ සහ දිස්වන ආකාරයේ විවිධත්වය ද වැඩි වෙයි.

සංස්කෘතිකමය ආකල්පය[සංස්කරණය]

ඇතැම් සංස්කෘතීන්හි හයිමනය කන්‍යාභාවය නම් සංකල්පය සමඟ බැඳී තිබීම හේතුවෙන් සංස්කෘතිකමය අගයක් සහිත යමක් බවට පත් වී ඇත. [12] මෙම සංස්කෘතීන්හි ගැහැනියක් විවාහ වන විට නො බිඳුණු හයිමනයක් තිබීම ගෞරවණීය යමක් ලෙස සැලකෙයි. [12][13][14] මේ හේතුවෙන් ඇතැම් ස්ත්‍රීන්ට ශල්‍යකර්ම තුළින් හයිමනය ප්‍රතිස්ථාපනය කරගැනීමට සිදු වී ඇත. [14]

වෙනත් සතුන් තුළ[සංස්කරණය]

ප්‍රජනක පද්ධතියේ විකසනය වීමේ පොදු බව හේතුවෙන් චිම්පන්සියන්, අලියන්, මැනටියන්, තල්මසුන්, අශ්වයන් සහ ලාමාවන් වැනි සතුන් රැසක් තුළ හයිමනය පවතී. [15][16]

සබැඳි ලිපි[සංස්කරණය]

සඳහන් තැන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 Emans, S. Jean. "Physical Examination of the Child and Adolescent" (2000) in Evaluation of the Sexually Abused Child: A Medical Textbook and Photographic Atlas, Second edition, Oxford University Press. 61–65
  2. 2.0 2.1 2.2 Perlman, Sally E.; Nakajyma, Steven T.; Hertweck, S. Paige (2004). Clinical protocols in pediatric and adolescent gynecology. Parthenon. පි. 131. ISBN 1-84214-199-6. 
  3. Blank, Hanne (2008). Virgin: The Untouched History. Bloomsbury Publishing. පි. 72. ISBN 9781596917194. https://books.google.com.au/books?id=V6IPvgFKGFUC&pg=PA72. 
  4. "What Is Virginity and The Hymen? | Losing Your Virginity". www.plannedparenthood.org. සම්ප්‍රවේශය 2017-01-02. 
  5. Dr Justin J. Lehmiller (February 6, 2015). "Sex Question Friday: Is It Possible For A Woman To Become A Virgin Again?". සම්ප්‍රවේශය 2016-11-24. 
  6. 6.0 6.1 Knight, Bernard (1997). Simpson's Forensic Medicine (11th සංස්.). London: Arnold. පි. 114. ISBN 0-7131-4452-1. 
  7. Healey, Andrew (2012). "Embryology of the female reproductive tract". Imaging of Gynecological Disorders in Infants and Children. Springer. පිටු 21–30. doi:10.1007/978-3-540-85602-3. ISBN 978-3-540-85602-3. http://www.springer.com/978-3-540-85601-6. 
  8. 8.0 8.1 McCann, J; Rosas, A. and Boos, S. (2003) "Child and adolescent sexual assaults (childhood sexual abuse)" in Payne-James, Jason; Busuttil, Anthony and Smock, William (eds). Forensic Medicine: Clinical and Pathological Aspects, Greenwich Medical Media: London, a)p.453, b)p.455 c)p.460.
  9. Heger, Astrid; Emans, S. Jean; Muram, David (2000). Evaluation of the Sexually Abused Child: A Medical Textbook and Photographic Atlas (Second සංස්.). Oxford University Press. පි. 116. ISBN 0-19-507425-4. 
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; WebMD නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ="McCann" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. 12.0 12.1 12.2 "The Hymen". University of California, Santa Barbara. සම්ප්‍රවේශය 2009-02-09. ඇතැම් සංස්කෘතීන්හි හයිමනය ස්ත්‍රීන්ගේ කන්‍යාභාවය සමග බැඳී තිබීම හේතුවෙන් ඉහළ සංස්කෘතික වටිනාකමක් දැරිය හැකි ය. 
  13. "Muslim women in France regain virginity in clinics". Reuters. April 30, 2007. 'මා ගාවට එන්නෙ හුඟක් වෙලාවට ලෝක දෙහෙකට මැදිවෙච්ච අය', යැයි ඇබකාසිස් පැවසීය. ඔවුන් විවාහයට පෙර ලිංගික අත්දැකීම් ලබා තිබුණු නමුත් සම්ප්‍රදායට අනුව විවාහය තුළ කන්‍යාවන් ව සිටිය යුතු වූ අතර එම සංස්කෘතික අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුන්ට පවුල තුළින් දැඩි පීඩනයක් එල්ල වන බව ඔහු පැවසීය. 
  14. 14.0 14.1 Sciolino, Elaine; Mekhennet, Souad (June 11, 2008). "In Europe, Debate Over Islam and Virginity". The New York Times. සම්ප්‍රවේශය 2008-06-13. 'මගේ සංස්කෘතියට අනුව කන්‍යාවක් නොවීම පවක්, මේ වෙලාවෙ මට කන්‍යාභාවය ජීවිතේට වඩා වටිනවා,' යි බ්‍රහස්පතින්දා දිනක ශල්‍යකර්මයට කැඳවන තෙක් රෝහල් සයනය මත දිගා වී හුන් සිසුවිය පැවසීය. 
  15. Blank, Hanne (2007). Virgin: The Untouched History. Bloomsbury Publishing. පි. 23. ISBN 1-59691-010-0. https://books.google.com/?id=shq1AAAAIAAJ&dq=Virgin%3A+The+Untouched+History&q=toothed+whales. Retrieved 2013-11-09. 
  16. Blackledge, Catherine (2004). The Story of V. Rutgers University Press. ISBN 0-8135-3455-0. https://books.google.com/?id=f2d-11Y_u3cC&pg=PP250&dq=guinea+pig+hymen. "Hymens, or vaginal closure membranes or vaginal constrictions, as they are often referred to, are found in a number of mammals, including llamas, ..." 

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

Vaginal Corona ස්විඩීෂියානු ලිංගිකත්ව අධ්‍යාපන සංගමය ලියූ පොත්පිංචක්

කන්‍යා පටලය ගැන මේ විස්තර ඔබ දැනසිටියාද? loveandsex.lk වෙතින්

Hymens කන්‍යා පටලය සම්බන්ධව තැනූ වීඩියෝ පටයක්

කන්‍යා පටලය පිළිබඳ ව ඔබ නොදත් දේ

"https://si.wikipedia.org/w/index.php?title=කන්‍යා_පටලය&oldid=423436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි