වකුගඩු
Jump to navigation
Jump to search
1. වෘක්කීය පිරමිඩ • 2. Interlobular artery (කුඩා ධමනි) 3. Renal artery (වෘක්කීය ධමනිය)• 4. වෘක්කීය ශිරා 5. Renal hilum (වෘක්ක කෝටරකය) 6. Renal pelvis (වෘක්ක ශ්‍රෝණිය) • 7. Ureter (මූත්‍ර මාර්ගය) • 8. Minor calyx (කුඩා මණිය) 9. Renal capsule (වෘක්ක පේටිකාව) 10. Inferior renal capsule • 11. Superior renal capsule • 12. Interlobular vein (කුඩා ශිරා) 13. වෘක්කාණුව • 14. Minor calyx (කුඩා මණිය) 15. Major calyx (මහා මණිය) 16. Renal papilla (වෘක්කීය පිටිකා) 17. Renal column (වෘක්ක ස්ථම්භ)
වකුගඩු | |
---|---|
![]() සුෂුම්නාව ඉවත්කොට වෘක්කවල පසුපස පෙනුම | |
තොරතුරු | |
ලතින් | Ren (Greek: nephros) |
පද්ධතිය | බහිස්රාවී පද්ධතිය සහ අන්තරාසර්ගී පද්ධතිය |
ධමනිය | වෘක්කීය ධමනි |
ශිරාව | වෘක්කීය ශිරා |
ස්නායුව | Renal plexus |
හඳුන්වනයන් | |
MeSH | A05.810.453 |
Dorlands /Elsevier | Kidney |
TA | A08.1.01.001 |
FMA | 7203 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
වකුගඩු (සංස්කෘත: වෘක්ක, ඉංග්‍රීසි: Kidney) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි. මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.
පිහිටීම[සංස්කරණය]
මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර. වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් පහලින් වන පරිදි පිහිටා ඇත. මීට හේතුව වන්නේ අක්මාවට ඉඩ සැලසීමටය.
ප්‍රධාන කෘත්‍ය[සංස්කරණය]
- අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම. (මුත්‍ර නිපදවීම.)
- රුධිර පීඩනය පාලනය (රෙනින් හෝර්මෝනය ස්‍රාවයෙන්)
- රුධිරයේ නියත ආස්‍රැති පීඩනයක් පවත්වා ගැනීම.
- සිරුරේ විවිධ අයන වර්ග යාමනය. (Na+, Ca2+…)
- රුධිර pH අගය පාලනය.
- රුධිර පරිමාව පාලනය.
ව්‍යුහය[සංස්කරණය]
බාහිකය (පිටත), මජ්ජාව(ඇතුලත) ලෙස දෙකොටසකි.
