ප්‍රතිශක්තිකරණ පද්ධතිය

විකිපීඩියා වෙතින්
(Immune system වෙතින් යළි-යොමු කරන ලදි)
තනි නියුට්‍රොෆිලයක් (කහ පැහැයෙන් දැක්වේ) ඇන්ත්‍රැක්ස් බැක්ටිරියා සෛලයක් (තැඹිලි පැහැයෙන් දැක්වේ) ගිලගන්නා අයුරු දැක්වෙන ඉලෙක්ට්‍රොන අන්වික්ෂ රූපයක්.

'ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු රෝග වලින් ජීවියෙකු ආරක්ෂා කරගැනුමට ඔහු තුල පවතින ජීවවිද්‍යාත්මක සංස්ථිතීන් සහ ක්‍රියාවලීන් පද්ධතියකි. එය වයිරසවල සිට පරපෝෂිත පණුවන් දක්වා වූ පුළුල් විවිධත්වයක් දක්වන රෝග කාරකයන් අනාවරණය කර ගනී. තවද මෙය රෝග කාරකවලින් ‍ජීවී දේහවල නිරෝගී සෛල හා පටක වෙන් කර හඳුනාගෙන මනා ක්‍රියාකාරීත්වයක් සිදු කර ගැනීමට උදව් වේ. ධාරක ජීවී සෛලවල රෝගකාරක ආසාදනය සහ ධාරක සෛල ඒවාට හුරුවීම හා නිතර වෙනස් වීම නිසා එම රෝග කාරක හඳුනා ගැනීම දුෂ්කර වී ඇත.

මෙම අ‍භියෝගයෙන් ආරක්ෂා වීමට රෝග කාරක හඳුනාගෙන නිශේධනය කිරීමට විවිධ යාන්ත්‍රණ ඇති විය. බැක්ටීරියා වැනි සරල ඒක සෛලික ජීවීන්ට පවා වයිරස ආසාදනවලින් ආරක්ෂා වීමට එන්සයිම පද්ධති හිමි වී ඇත.අතීත සුන්‍යෂ්ටිකයන් තුළ ක්‍රමයෙන් ඇතිවන අනෙකුත් මූලික ආරක්ෂක යාන්ත්‍රණ, ශාක, මත්ස්‍යයින්, උරගයින් සහ කෘමීන් වැනි ඔවුන්ගෙන් පැවත එන්නන් තුළ ඉතිරිව ඇත. මෙම යාන්ත්‍රණ වනුයේ ප්‍රතිදේශකතාවය, සත්ව සෛලකතාවය සහ අනුපූරක පද්ධතිය යන ඒවායි. කෙසේ වුව ද කශේරුකයින්ගේ පරිණාමයන් සමඟ දියුණු ආරක්ෂක යාන්ත්‍රණ නූතනයේ ඇති වී ඇත.මිනිසා වැනි කශේරුක සත්වයනිගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ ප්‍රෝටීන ආහාර, සෛල, ඉන්ද්‍රියන් සහ පටක වලින් සමන්විත වේ. ප්‍රතිශක්ති පද්ධති මේවා එකට එකතු වී ගොඩ නැඟී ඇති නිසා ගතික ජාලයකි. මෙම සංකීර්ණ ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ප්‍රතිශක්ති ප්‍රතිචාරවල කොටසක් ලෙස, කශේරුකයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට, විශේෂ රෝගකාරක වඩාත් හොඳින් හඳුනා ගැනීමට හැකිවී ඇත. මෙම හඳුනාගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිශක්තිමය මතයක් නිර්මාන්‍ය කරන අතර අනාගතයේ දී හමුවන මෙම රෝගකාරක මඟින් සිදුවන ආසාදනවලදි පවා වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා දේ. මෙම ප්‍රතිශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය එන්නත්කරණයේ මූලධර්මය වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධ විවිධ රෝගවලට හේතුකාරක විය හැක. ප්‍රතිශක්තිකරණ පද්ධතිය සාමාන්‍ය තත්වයට වඩා අවමයෙන් ක්‍රියාකාරී වීම ප්‍රතිශක්ති ඌනතා රෝග හටගන්වයි. මෙය මාරාන්තික ජීවිත තර්ජන ඇති ආසාදන හා නැවත නැවත හටගන්නා ආසාදනවල ප්‍රතිඵලයකි. දරුණු සහගත ප්‍රතිශක්ති ඌනතාව වැනි ප්‍රවේණික රෝගවල ප්‍රතිඵලයක් ලෙස ද හෝ රෙට්‍රොවෛරස (HIV) නිසා ඇතිවන හටගන්නා රෝගවල ප්‍රතිඵලයක් ලෙස ද ප්‍රතිශක්ති ඌනතා රෝග ඇති විය හැක. ආගන්තුක ජීවීන් ලෙස සලකා සාමාන්‍ය පටක සෛලවලට ඇති ක්‍රියාශීලී ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් පහරදීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ස්වයං ප්‍රතිශක්ති රෝග, අසාමාන්‍ය සෙ හටගත හැකි සුලබ ස්වයං ප්‍රතිශක්ති රෝ වනුයේ රූමටික ආතරයිටිස්,පළමු ආකාරයේ දියවැඩියාව සෞඛ්‍යයට හා රෝගවලට ඉතා වැදගත් වන මෙම රෝග නිරෝධ වේදය විද්‍යාත්මක අධ්‍යයනයේ ඉතා ප්‍රබල විෂය පථයක් වේ.