Jump to content

ලිංගික සංසර්ගය

විකිපීඩියා වෙතින්
මිනිසුන්ව අතර වඩාත් සුලබ සංසර්ගික ඉරියව්ව වන සාම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හි ලිංගික සංසර්ගය,[1][2]එඩුවර්ඩ්-හෙන්රි ඇව්රිල් ගේ සිතුවමකි.

ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිශ්නය ස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.[3] සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ ලිංගික සංසර්ගය, මෛථූන්‍ය, සම්භෝගය, සංවාසය යන වචන සේ ම ඉංග්‍රීසි භාෂාවේ sexual intercourse සහ ලිංගික ව හැසිරීම යන අරුත දෙන [having] sex යන ක්‍රියාපදය ද යෝනි-ශිෂ්ණ සංසර්ගය (vaginal intercourse) සමග සමාන කර සලකනු ලැබුව ද ලිංගික සංසර්ගය (sexual intercourse) යන යෙදුම ගුද සංසර්ගය/පායුක සංසර්ගය (anal sex/anal intercourse), මුඛ සංසර්ගය හෙවත් මෞඛ ලෝලනය (oral sex) සහ ඇගිළි/කෙළිබඩු යෝනිගත කිරීම යන අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියා සදහා පොදු යෙදුමක් ලෙස ද භාවිත වේ.[4][5]

මෙම ක්‍රියාව විෂමලිංගික යුවලක් අතර කායික සමීපතාව පෙන්නුම් කරන අතර මිනිසුන් අතර හුදෙක් ශාරීරික හෝ මානසික වින්දනය පිණිස ද භාවිත විය හැකි ය. එමෙන් ම එය විෂමලිංගික පෙම්වතුන් දෙදෙනෙක් හෝ යුවලක් අතර බැදීම වැඩිදියුණු කිරීමට ද හේතු වේ.[4][6]

ලිංගික සංසර්ගය තුළින් එකෙකු තුළ පවතින ලිංගිකමය රෝග අනිකා වෙත ආසාදනය වීමේ ඉඩකඩක් ද පවතින බැවින් මේ සිදුකිරීමේ දී ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීමට දිරිමත් කිරීම සිදුකෙරේ.[7][8]

විවිධ නීති පද්ධති තුළ ඇතැම්විට සංස්කෘතික අවශ්‍යතා ද හේතුවෙන් විවිධ පුද්ගල කාණ්ඩයන් හෝ සබදතාවන් අතර ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සීමාවන් හෝ තහංචි පණවා තිබෙනු දැකිය හැකි ය. නිදසුන් ලෙස ලේ ඥාතීන් අතර, බාලවයස්කරුවන් සමග, ගණිකාවන් සමග, සතුන් සමග, අවිවාහකයන් අතර, විවාහයට පරිබාහිර පාර්ශ්වයන් සමග ලිංගික ව එක්වීම තහනම් කර තිබෙන අවස්ථා දැක්විය හැකි ය. සියලුම රටවල මේ සෑම ආකාරයක ම තහනම් කිරීම් දක්නට නැති වුව ද සෑම රටක ම පාහේ බාලවයස්කරුවන් සමග ලිංගික ව එක්වීම මෙන් ම කාන්තාවක් සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම ද තහනම් කර තිබේ. ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු ගන්නා තීරණ කෙරෙහි ආගමික මත ද බලපෑමක් සිදුකරයි. නිදසුන් ලෙස කන්‍යාභාවය සංකල්පයේ බලපෑම දැක්විය හැකි ය.[9][10] එමෙන් ම ආගමික මත ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියා සම්බන්ධ නෛතික සහ ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි ද බලපෑම් කළ හැකි ය. ලිංගිකත්වය පිළිබද ආගමික මත ආගමින් ආගමට මෙන් ම එක ම ආගමක ද විවිධ පාර්ශ්වයන්/නිකායන් අතර වෙනස් වෙයි. කෙසේනමුත් අනාචාරය හෙලාදැකීම වැනි සැමට පොදු ආකල්ප ද දැකිය හැකි ය.

ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්‍ර විවරය සහ ප්‍රජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්‍රාණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය මදන සමය (ස්ත්‍රී ප්‍රජනක චක්‍රය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්‍රජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි.[11][12] කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර සමලිංගික චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ.[13] මෙම සතුන් අතර ලිංගික සංසර්ගය මදන නොවන සමයන් තුළ සිදුවීම මිනිසුන් මෙන් ම ඔවුන් ද එය වින්දනය පිණිස සිදුකරන්නක් බවට සාක්ෂියක් ලෙසත් ඔවුන්ගේ ප්‍රජා බැදීම් වැඩිදියුණු කිරීමට හේතු සාධකයක් ලෙසත් සලකා තිබේ.[14]

චර්යාවන්

[සංස්කරණය]

උත්තේජනය

[සංස්කරණය]

ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් පුලුල් පරාසයක පැතිරෙන ලිංගිකව උත්තේජනය කිරීම් අන්තර්ගත කරගත හැකි අතර ඒවා ශාරීරික හෝ මානසික විය හැකි ය. මිනිසුන් අතර බහුල ව භාවිත වන[2] සම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හැරුණු විට තවත් සංසර්ගික ඉරියව් රැසක් ම පවතී. එසේ ම ඇතැම්විට ලිංගික-කෙළිබඩු ද යොදාගැනේ.[15] ලිංගික හැසිරීම්වලට පෙර යුවල පෙරකෙළියේ නිරත වීම බොහෝවිට දැකගත හැකි අතර මෙය සහකරුවන් දෙදෙනා අතර ලිංගික ආවේගය ඇතිකිරීම සිදුකරන අතර ශිශ්නය සෘජුවීම, යෝනියේ ස්වාභාවික ලිහිසි දියර ගැලීම ද සිදුවීමට හේතු වන බැවින්[16] සංසර්ගය සාර්ථක ව සිදුවීමට හේතු වේ. ලිංගික සංසර්ගය අතරතුර වුව ද සිපගැනීම, ලිංගිකමය ලෙස ස්පර්ශ කිරීම වැනි ක්‍රියා මගින් ද ලිංගික තෘප්තිය ළගාකරගැනීම මිනිසුන් අතර නිතර දැකිය හැකි ය.[17]

අග්‍රේශ (primate) නොවන සත්ත්ව විශේෂවල ගැහැනු සතුන් මදන සමයේ දී පමණක් ලිංගික ව එක් වන නමුත්[18] කාන්තාවන්ට සිය ඔසප් චක්‍රයේ ඕනෑම අවස්ථාවක දී ලිංගික එක්විය හැකි ය.[19][20] විවිධ ජීවි විශේෂවල ලිංගික ෆෙරමෝන ලිංගික සංඥා නිකුත් කිරීමට උදව් වන නමුත් මිනිසුන් තුළ ෆෙරමෝන හදුනාගැනීමේ හැකියාව දුබල වී ඇති අතර එය අවශිෂ්ඨයක් පමණක් වේ.[21] අග්‍රේශ නොවන විශේෂවල ගැහැනු සතුන් සංසර්ගයේ දී ස්වෙච්ඡාවෙන් ම ලෝර්ඩෝසිස් ඉරියව්වේ ස්ථානගත වන අතර අචල ව සිටිති. නමුත් මෙකී සංසර්ගාශ්‍රිත චාලකමය ප්‍රතීක ක්‍රියා කාන්තාවන් තුළ තවදුරටත් නො පවතී.[18]

සංසර්ගයේ නියුතු වීමේ දී සහකරුවෝ, ශිශ්නය උත්තේජනය කරමින් යෝනිය තුළ දී ම (ඉවතට නොගනිමින්) ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට හැකි වන පරිදි ශ්‍රෝණි ප්‍රදේශ සුදුසු පරිදි පිහිටුවීම සිදුකරති. මෙලෙස ඔවුන් දෙදෙනා ම හෝ එක් අයෙකුවත් සුරතාන්තයට පත්වන තුරු එකිනෙකා සහ තම තමන් ලිංගික ව උත්තේජනය කරගැනීම සිදු වේ.[22][22][23]

Manual stimulation of erogenous areas

මානව ස්ත්‍රීන් සදහා ලිංගික ක්‍රියාවලිය තුළ දී භගමණියේ උත්තේජනය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන අතර 70%-80% ක කාන්තාවන් පිරිසකට සුරතාන්තයට පත්වීමට භගමණිය වෙනම ම (අතින් හෝ මුඛයෙන්) උත්තේජනය කිරීම අවශ්‍ය වේ.[24][25][26] කෙසේනමුත් ලිංගික සංසර්ගය තුළ වක්‍ර ව සිදුවන භගමණියේ උත්තේජනය ද ඇතැම්විට ප්‍රමාණවත් විය හැකි ය.[27][28] මේ නිසා භගමණිය උත්තේජනය වීමේ හැකියාව වැඩිකිරීම පිණිස ඇතැම් යුවලයෝ, කාන්තාව ඉහළින් පිහිටන සංසර්ගික ඉරියව් (women in top position) යොදාගැනීම මෙන් ම සම්ප්‍රදායික ඉරියව්ව තුළ ම හිදිමින් භගමණිය උත්තේජනය වීම වැඩිකරගැනීමේ අදහසින් කලව, ඉග වේගයෙන් උස් පහත් කරමින් ලිංගික හැසිරීම සමග සමපාත රිද්මයකින් තෙරපවීම සිදුකරති.[1][29]

ගුදය, ගුදමාර්ගය හෝ ගුද කපාටය උත්තේජනය කරමින් ලිංගික වින්දනයක් සැපයීම හෝ ලැබීම ගුද ලිංගික ක්‍රියා (anal sex) යනුවෙන් හැදින්වේ. මෙය සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නේ පිරිමියකුගේ ශිශ්නය තවත් අයකුගේ ගුදය තුළට ඇතුලු කිරීමෙන් ලිංගික වින්දනය ලැබීමේ/සැපයීමේ ක්‍රියාව (ගුද/පායුක සංසර්ගය) හැදින්වීමට වන නමුත් ලිංගික කෙළිබඩු හෝ ඇගිළි ගුදයට ඇතුලු කිරීම හෝ මුඛය මගින් ගුදය උත්තේජනය කිරීම (anilingus) ද ඉන් අදහස් විය හැකි ය.[30]

ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම සදහා මුඛය යොදාගනිමින් සිදුකරන ඕනෑම ලිංගික ක්‍රියාවක් මුඛ ලිංගික ක්‍රියා (oral sex) යනුවෙන් හැදින්විය හැකි ය. Oral sex is sometimes performed to the exclusion of all other forms of sexual activity, and may include the ingestion or absorption of semen (during fellatio) or vaginal fluids (during cunnilingus).[2][31]

භගමණිය, යෝනිමුව ආශ්‍රිත සෙසු පෙදෙස, යෝනිය හෝ ගුදය මතින් අත්ළ සහ ඇගිළි මෙහෙයවීමෙන් ලිංගිකව උත්තේජනය කිරීම සහ ලිංගිකව කුලප්පු කිරීම ඇගිළි එබීම (fingering) වේ. මෙය ලිංගික හැසිරීමක එක ම ක්‍රියාව ලෙසින් මෙන් ම පෙරකෙළිය හෝ වෙනත් ලිංගික ක්‍රියාවක අංගයක් ලෙස ද සිදුවිය හැකි ය.[32][32][33][34]

ආරක්ෂිත ලිංගික හැසිරීම් සහ උපත් පාලන ක්‍රම

[සංස්කරණය]

විෂමලිංගික යුවලයන් අතර භාවිත වන ආරක්ෂිත ලිංගික හැසිරීම් ක්‍රම ගණනාවක් පවතින අතර නිර්-අන්තර්ග්‍රාහක ක්‍රමවලින් පමණක් ලිංගික වින්දනය ලැබීම ද ඉන් එකකි.[8][35] එමෙන් ම ඔවුහු මුඛ හෝ ගුද සංසර්ගය උපත් පාලන ක්‍රමයක් ලෙස ද භාවිත කරති.[36][37] නමුත් ගුද සංසර්ගය හෝ වෙනත් එවැනි ලිංගික ක්‍රියාවක (අන්තර්ගාත්‍රා-සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් එකිනෙකාගේ ලිංගික අවයව අතර ඝර්ෂණයක) නියුතු වුව ද එහි දී ශිශ්නය යෝනියට සමීප වී තිබී, ඉන් නිකුත් වන ශුක්‍රාණු යෝනි මුව සමීපයේ තැන්පත් වී, එම ශුක්‍රාණු යෝනි ස්‍රාවයන් මගින් යෝනිය තුළට රැගෙන ගියේ නම් එවන් අවස්ථාවක දීද ගැබ් ගැනීම සිදු විය හැකි ය. ශිශ්නය යෝනියට සමීප නොවූ අවස්ථාවක දී ද ශුක්‍ර තරලය තැවරුණු අතැගිළි (හෝ වෙන යම් ලිංගික නොවන අවයවයක්) යෝනියෙහි ස්පර්ශ වීමෙන් ද ගැබ් ගැනීමේ අවදානමක් පවතී.[38][39]

කොන්ඩම හෙවත් උපත් පාලන කොපු උපත් පාලනය සදහා මෙන් ම ආරක්ෂිත ලිංගික හැසිරීම් පවත්වා ගැනීම සදහා ද භාවිත වෙයි.[40][40] ලිංගික සම්ප්‍රේෂණ රෝග වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස එය නිතර නිර්දේශ කරනු ලැබේ. National Institutes of Health (NIH) සහ ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව නිවැරදි ව සහ චිරකාලීන ව සිදුකරන ලැටෙක්ස් කොන්ඩම භාවිතය එච්. අයි. වී./ඒඩ්ස් ආසාදනය වීමේ අවදානම (එයින් තොර ව සංසර්ගයේ යෙදීමට සාපේක්ෂව) දළ වශයෙන් 85-99%ක ප්‍රතිශතයකින් අඩුකරන බව පෙනී යයි.[41][42] කෙසේනමුත් මුඛ සංසර්ගය පිණිස කොන්ඩම භාවිතා කෙරෙන්නේ කලාතුරකින් වන අතර ගුද සහ මුඛ සංසර්ගයන් පිණිස කොන්ඩම භාවිතා කිරීම ආශ්‍රිත සමීක්ෂණ ද සිදු ව ඇත්තේ ඉතා අඩු වශයෙනි.[43] ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමේ වඩාත් ම ප්‍රතිඵලදායක ක්‍රමය වන්නේ යෝනික සංසර්ගය, ගුද සංසර්ගය හෝ මෞඛ ලෝලනය වැනි කිසිදු අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියාවකින් වැළකී සිටීම ය.[40]

උපත් පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ ගත හැකි විකල්ප කෙරෙහි ආගමික මත, ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් සහ ජනවිශ්වාස වැනි සංස්කෘතික සාධක බල පෑමට ඉඩකඩ තිබේ.[44] අයර්ලන්තය, ඉතාලිය, පිලිපීනය වැනි දැඩි කතෝලික රටවල දින ගණන/කැලැන්ඩර් ක්‍රමය මගින් සිදුකරන උපත් පාලනය කෙරෙහි වැඩි අවධාරණයක් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් ද දැකිය හැකි ය.[7] ලෝක මට්ටමින් ගත් කළ වද සැත්කම් කිරීම ප්‍රචලිත ම උපත් පාලන ක්‍රමයක් වන අතර[7] අන්තර්ගර්භාෂික මෙවලමක් තැන්පත් කිරීම (IUD)/ලූපය ප්‍රතිවර්තනය කළ හැකි ගැබ් වැළකුම් ක්‍රම අතරින් වඩාත් ම ප්‍රචලිත සහ ඵලදායී ක්‍රමය වේ.[7][45] පිළිසිදගැනීම සහ ගැබ් වැළකුම් ක්‍රම (contraception) සංවර්ධනය වෙමින් පවතින රටවල නම් ජීවිතය සහ මරණය අතර තත්ත්වයන් උදාකර තිබේ. ඒ සෑම කාන්තාවන් 3න් 1ක් ම අවුරුදු 20ට පෙර දරුඋපතක් සිදුකිරීම හේතුවෙනි. කෙසේනමුත් මෙම රටවල සිදුවන අනාරක්ෂිත ගැබ්ගැනීම්වලින් 90%ක් ම ඵලදායී ගැබ් වැළකුම් ක්‍රම භාවිතයෙන් වැළැක්විය හැකි ය.[7]

ප්‍රජනනය

[සංස්කරණය]
Chance of fertilization by menstrual cycle day relative to ovulation[46]

මානව ප්‍රජනනය ස්වාභාවික වශයෙන් සිදුවන්නේ යෝනි-ශිශ්න සංසර්ගය ආධාරයෙනි.[47] ඒ පුරුෂ ජන්මාණු සෛල වන ශුක්‍රාණු අන්තර්ගත ශුක්‍ර තරලය පිරිමියාගේ ශිශ්නය තුළින් යෝනිය තුළට විදිනු ලැබීමෙනි. යෝනි විවරයෙන් ඇතුළු වන ශුක්‍රාණු ගැබ්ගෙල ඔස්සේ ගර්භාෂයටත්, එතැනින් පැලෝපියානු නාල තුළටත් ගමන් කරයි. එක් ශුක්‍ර විදුමක් තුළින් වරකට ශුක්‍රාණු මිලියන ගණනක් ඇතුලු වේ. ඒ සංසේචනය වීමේ සම්භාවිතාවය වැඩි කරමිනි. නමුත් එක් ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය කිරීමට ප්‍රමාණවත් වේ. සරු ඩිම්බයක් පැලෝපියානු නාල තුළ මුණගැසුණු විට පුරුෂ ජන්මාණුව ඒ සමග එක් ව සංසේචනය වන අතර ඉන් අනතුරු ව නව කළලයක් බිහි වේ. සංසේචිත ඩිම්බයක් ගර්භාෂයට පැමිණි විට ගර්භාෂ බිත්තියේ (එන්ඩොමෙට්‍රියමේ) රෝපණය වන අතර ස්ත්‍රියගේ ගර්භනීබව ඉන් අනතුරුව ඇරඹේ. [47][48]

ලිංගික සංසර්ගයෙන් පසු ප්‍රජනනය සිදුවීමට වැඩි නැඹුරුවක් පෙන්වා ඇත්තේ (වැඩි ගැබ්ගැනීම් ගණනක් සිදු වන්නේ) ඔසප් චක්‍රය තුළ, ඔසප්වීමෙන් පසු එළඹෙන පළමු හෝ දෙවන දිනට දින 5කට කලින් කාලය තුළ ය.[49] ප්‍රජනනය සිදුවීමේ ඉඩකඩ වඩාත් වැඩිකිරීමට සෑම දින 1ක් 2ක් සදහා ම[50] හෝ සෑම දින 2ක් 3ක් සදහා ම[51] ලිංගික සංසර්ගයේ යෙදීමට ද නිර්දේශ කරති. යෝනිය තුළට ශුක්‍ර තරලය විදීම සිදුවන තාක් දුරට ප්‍රජනනය සිදුවීමට ඇති ඉඩකඩ කෙරෙහි යොදාගන්නා ලිංගික ඉරියව්වල බලපෑමේ කිසිදු වෙනසක් නොමැති බව අධ්‍යයන විසින් පෙන්වා දී තිබේ.[52]

සෞඛ්‍යය බලපෑම

[සංස්කරණය]

මිනිසුන් සම්බන්ධයෙන් ලිංගික සංසර්ගය ඇතුලු ලිංගික ක්‍රියාකාරකම් පොදු වශයෙන් සෞඛ්‍යයමය වාසි රැසක් ගෙනදෙන බව හෙළි වී ඇත. එනම් ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය කිරීම වැඩිකිරීම මගින් ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සහ අනතුරුව සිදුවන රුධිර පීඩනයේ අඩුවීම[53][54] සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම අඩුවීම වේ.[53] ලිංගිකමය සමීපතාවය සහ සුරතාන්තයන් විසින් ශරීරය තුළ ඔක්සිටොසීන් (මෙය ආදර හෝර්මෝනය නමින් ද හැදින් වේ.) හෝර්මෝනයේ මට්ටම වැඩිකිරීම සිදුකරන අතර මෙම හෝර්මෝනය මිනිසුන් අතර බැදීම් සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනංවාගැනීමට උපකාර වේ.[54][55] ඔක්සිටොසීන් හෝර්මෝනය පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති බව සැලකෙන අතර පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීම් රාගය සහ ආලය පිළිබද ක්‍රියා ලෙස සලකන්නේ ඇයි ද යන්න මෙයින් පැහැදිලි වේ.[6] වයස 18 සහ 102 අතර පුද්ගලයන් 3500ක් යොදාගනිමින් සායනික ස්නායුමනෝවෛද්‍ය ඩේවිඩ් වීක්ස් විසින් සිදුකළ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ දෛනික මට්ටමින් ලිංගික හැසිරීම්වල නිරත වීම මිනිසුන්ගේ වයස සැබෑ වයසට වඩා තරුණ පෙනුමක් පෙනීමට හේතු විය හැකි බවයි. පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයන්ගේ ඡායාරූප කෙරෙහි සිදුකළ නොනැඹුරු ඇගැයීම් මගින් මෙම නිගමනයට එළඹෙන ලදී. [56]

අවදානම්

[සංස්කරණය]

ලිංගික සබදතා (එනම් යෝනිමය, ගුද, මුඛ සංසර්ගයන් හෝ අනාරක්ෂිත ලිංගික හැසිරීම්) මගින් පැතිරෙන බැක්ටීරියා, වයිරස හා පරපෝෂිතයන් හා එම ආසාදන ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැදින්වේ.[57][58] මුඛ සංසර්ගය යෝනිමය හා ගුද සංසර්ගයට වඩා අවදානම්සහගත බවින් අඩු ය.[59] බොහෝ අවස්ථාවන්වල දී ලිංගික සම්ප්‍රේෂණ රෝග, රෝග ලක්ෂණ නොපෙන්වන අතර තමා ද නොදැනුවත් ව ලිංගික සහකරුවකුට හෝ වෙනත් අයකුට රෝගය කෙනකු වෙතින් සම්ප්‍රේෂණය වීමට වැඩි අවදානමක් මේ නිසා පවතී. [60][61]

සෑම වසරක ම ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වීමේ නව සිද්ධි මිලියන 19ක් ඇමරිකා එක්සත් ජනපදය තුළින් වාර්තා වේ.[62] 2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි වයස 15ත් 49ත් අතර සිටින මිලියන 448ක පිරිසකට වසරක් තුළ (සිපිලිස්, ගොනෝරියා, ක්ලැමීඩියා වැනි) සුව කළ හැකි ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළදී ඇත.[63] ඇතැම් ලිංගික සම්ප්‍රේෂණ රෝග ලිංගිකමය වණ වැනි ලක්ෂණ පෙන්විය හැකි අතර මෙවැනි ලක්ෂණ නොපෙන්වන රෝග ද ඇතුලුව මෙම රෝග එච්. වී. අයි. ආසාදනය වීමේ හා අන් අයට සම්ප්‍රේෂණය කිරීමේ අවදානම දස ගුණයක් දක්වා වැඩි කරයි.[63] හෙපටයිටිස් බී රෝගය ද ලිංගික සබදතා තුළින් සම්ප්‍රේෂණය විය හැකි ය.[64] ලොව පුරා දරුණු ගණයේ හෙපටයිටිස් බී රෝග වාහකයෝ මිලියන 257ක් පමණ සිටිති.[65] එච්. අයි. වී. යනු ලොව ප්‍රමුඛ ම මාරක ආසාදනවලින් එකක් වන අතර වසංගතය ඇරඹුණු සමයේ සිට මේ දක්වා මෙමගින් දළ වශයෙන් මිලියන 30ක් මියයන්නට ඇතැ යි 2010 වසරේ දී ඇස්තමේන්තු කරන ලදී. ලොව පුරා නව එච්. අයි. වී. ආසාදන මිලියන 2.7ක් සිදුවන බවට 2010 දී ඇස්තමේන්තු කරන ලදී. මෙයින් මිලියන 1.9ක් ම, එනම් 70%ක් ම සිදුවන්නේ අප්‍රිකාව තුළ ය. ලෝක සෞඛ්‍යය සංවිධානය තවදුරටත් පවසන පරිදි “එච්. අයි. වී. ආශ්‍රිත රෝග තත්ත්වවලින් මියයන බවට 2010 වසරේ දී ගණන් බලා ඇති මිලියන 1.2ක් වන අප්‍රිකානු පිරිස ගෝලීය සමස්තය වන මිලියන 1.8ක් වන එවැනි මරණවලින් 69%ක ප්‍රතිශතයක් වෙයි.”[66] රුධිර පරීක්ෂාවන් තුළින් එච්. අයි. වී. ආසාදනය වී ඇති ද යන්න හදුනාගත හැකි අතර සුව කළ හැකි ක්‍රමයක් සොයාගෙන නැතත් ඒ සදහා ඇති ප්‍රති-රිට්රොවයිරස ඖෂධ භාවිතය තුළින් පාලනය කළ හැකි ය. එසේ රෝග තත්ත්වය කළමණාකරණය කරගනිමින් සෞඛ්‍යසම්පන්න සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට රෝගීන් හට හැකියාව තිබේ. [67]

ආසාදනය වී ඇති දැයි සැකයක් පවතින ඕනෑම විටක මුල දී ම වෛද්‍ය අංශ කරා යොමුවීම බෙහෙවින් ඵලදායක බව හැමවිට ම පාහේ පෙනීගොස් ඇත. ඇමරිකාවේ CDC ආයතනය පවසන පරිදි “එච්. අයි. වී. ආසාදිත සහකරුවකු වෙතින් වෛරසය ආසාදනය වීමට මුඛ ලිංගික ක්‍රියාවක දී ඇත්තේ යෝනිමය හෝ ගුද සංසර්ගයක දී ආසාදනය වීමට ඇති ඉඩට වඩා අඩු ඉඩකි.” නමුත් “මුඛ ලිංගික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස එච්. අයි. වී. ආසාදනය වීමේ නිසැක හැකියාව මැනීම ඉතා දුෂ්කර” බව ද ඔවුහු පවසති. “මෙයට හේතුව බොහෝ පිරිස් ලිංගික ව හැසිරීමේ දී මුඛ සංසර්ගය සිදුකරන්නේ යෝනිමය/හා ගුද සංසර්ගය වැනි වෙනත් ලිංගික ක්‍රියාවන් ද ඇතුළත් කරගත් ලිංගික එකමුතුවක අංගයක් ලෙසින් වීමත්, එ බැවින් වෛරසය සම්ප්‍රේෂණය වූයේ මුඛ ලිංගික ක්‍රියාව හේතුවෙන් ද නැතිනම් වඩා අවදානම් සහගත වෙනත් ලිංගික ක්‍රියාවලින් ද යන්න නිශ්චිත ව නිගමනය කිරීමට නොහැකි වීම” යැයි ද ඔවුහු සදහන් කරති. සම-සාධක කිහිපයක් මගින් මුඛ ලිංගික ක්‍රියාවක් තුළින් එච්. අයි. වී. ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති. එනම් වණ, bleeding gums, ලිංගික තුවාල සහ වෙනත් (එච්. අයි. වී. හැර) ලිංගික සම්ප්‍රේෂණ රෝග ආසාදනය වී පැවතීම වැනි කරුණු ය.[68][68]

2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි සෑම වසරක ම ලොව පුරා කාන්තාවෝ මිලියන 123ක් ගර්භනී බවට පත්වෙති. එමෙන් ම මෙම ගර්භනීවීම්වලින් මිලියන 87කට ආසන්න ප්‍රමාණයක් අනපේක්ෂිත ගැබ්ගැනීම් ය. දළ වශයෙන් වසරකට ගර්භනී තත්ත්වයන්ගෙන් මිලියන 46ක් බලපෑම් මගින් ගබ්සා කිරීම සදහා යොමුකරවීම සිදුවේ.[69]

මොලයේ reward center (Nucleus accumbens) හි පවතින ΔFosB (delta FosB) නමින් හැදින්වෙන ජාන පිටපත්කිරීමේ සාධකයක ප්‍රකාශනය වැඩිකිරීමට ලිංගික ක්‍රියාවට හැකි ය.[70][71][72] මෙහි ප්‍රතිඵලයක් ලෙස දිනපතා අධික ලෙස නිරන්තර ව ලිංගික ක්‍රියාකාරකම්වල නියුතු වීම ΔFosB හි අධිප්‍රකාශනයට හේතු වෙමින් ලිංගික හැසිරීමට ඇබ්බැහිතාවක් ඇති කළ හැකි ය.[70][71][72] ලිංගික ඇබ්බැහිවීම හෝ අධිලිංගිකත්වය ආවේග පාලන අක්‍රමිකතාවන් හෝ චර්යා ඇබ්බැහියක් ලෙසින් සුලබ ව සලකනු ලැබේ. ස්නායුරසායනිකයක් (neurotocine) වන ඩොපැමින් හි අසාමාන්‍ය තත්ත්වයන් සමග මෙය සම්බන්ධ බව සැලකේ. ලිංගික සංසර්ගය කෙරෙහි ඇලී සිටීම සහ කෝලබවින් තොරවීම මෙහි ගතිලක්ෂණ වේ. මෙම ඇබ්බැහිකාරී චර්යාව DSM-5 වර්ගීකරණයේ ආවේගී-ප්‍රේරණ චර්යා ආබාධය යටතේ වර්ග කළ යුතු බවට යෝජනා වී ඇත. ලිංගික සංසර්ගයට ඇති ඇබ්බැහිවීම ජානමය සාධක විසින් ගෙනයන්නක් බවට සමහරු සැක කරති. ලිංගික සංසර්ගයට ඇබ්බැහියක් ඇති අය තුළ මොලයේ ඇතිවන දෘෂ්‍ය ලිංගික සංඥා කෙරෙහි ප්‍රබල ප්‍රතිචාර දැක්වීමක් පවතී. Those seeking treatment will typically see a physician for pharmacological management and therapy. අධිලිංගිකත්වයේ එක් ස්වරූපයක් වන්නේ ක්ලෙයින්-ලෙවින් සලක්ෂණය යි (Kleine-Levin syndrome). අධිනිද්‍රාව (hypersomnia) සහ අධිලිංගිකත්වය (hypersexuality) විසින් මෙය පෙන්නුම් කරන අතර දුර්ලභ තත්ත්වයකි.[73]

ඇතැම්විට ලිංගික හැසිරීම මරණයට සෘජු හේතුකාරයක් විය හැකි ය. ඒ හෘද රුධිර සංසරණයේ ගැටලු හේතුවෙනි.[22][74][75] කෙසේනමුත් මෙවන් මරණ සුවිශේෂී පරිදි දුර්ලභ ය.[74] ඇතැම් අය, විශේෂයෙන් ම ශාරීරික ව්‍යායාම මද හෝ නොලැබෙන පුද්ගලයන් කෙරෙහි ලිංගික සංසර්ගය හෝ එවැනි වෙනයම් ඉදහිට නිරත වන වෙහෙසකර ශාරීරික ක්‍රියාවක නිරත වීමේ දී හෘදයාබාධයක් ඇතිවීමේ හෝ එවැන්නකින් හදිසි මරණයක් හෝ සිදුවීමේ මදක් වැඩි අවදානමක් ඇත.[75] මෙම වැඩි අවදානම දෛනික ව්‍යායාම මගින් (මුලුමනින් ම නැති නොවුවත්) අඩු කරගත හැක.[75]

කාලය සහ ලිංගික ගැටලු

[සංස්කරණය]

පිරිමියා ශුක්‍ර විදීමෙන් ලිංගික සංසර්ගය බොහෝවිට අවසන් වන බැවින් ඇතැම්විට ස්ත්‍රියට සුරතාන්තයට ළගාවීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබීමට පුලුවන.[76] තවද ක්ෂණික මෝචනය හෙවත් අනිසි ඉක්මන් ශුක්‍ර විදීම (premature ejaculation) නිතර දැකිය හැකි තත්ත්වයක් වන අතර සුරතාන්තයට පත්වීම සදහා කාන්තාවට පිරිමියාට වඩා වැඩි කාලයක් ලිංගික උත්තේජනය සිය සහකරුවා වෙතින් ලැබීම ස්වාභාවික ව අවශ්‍ය වේ.[16][77][78] වෙයිට්සන් සහ සෙසු අය පවසන පරිදි “බොහෝ යුවලයෝ සුරතාන්තය (යෝනි-ශිෂ්ණ) සංසර්ගය තුළින් ම අත්කරගත යුතු ය යන මතයට කොටු ව සිටිති. පෙරකෙළිය (foreplay) යන වචනයෙන් හැගවෙන්නේ ද වෙන යම් ඕනෑම ලිංගික උත්තේජනයක් හුදෙක් ප්‍රධාන ක්‍රියාවට සූදානම් කිරීමක් පමණක් බව ය. කාන්තාවන් හුදෙක් සංසර්ගය තුළින් සුරතාන්තයට ළගාවන්නේ පිරිමින්ට වඩා අඩු වශයෙනි.” එනිසා ඔවුහු සිය සහකරුවන් සතුටු කිරීමට ව්‍යාජ සුරතාන්තයක් මවාපෙන්වීමට පිරිමින්ට වඩා නැඹුරු වෙති. [16]

1991 දී කින්සි (Kinsey) අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් සදහන් කළ පරිදි “සත්‍ය. නම් ලිංගික අවයව විනිවිදීම සහ ශුක්‍ර විදීම අතර කාලය මිනිසාගෙන් මිනිසාට පමණක් නොව එක ම අයකු සංසර්ගයේ යෙදෙනෙ අවස්ථාවෙන් අවස්ථාවට ද වෙනස් වන බව ය.” ඔවුන් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ ලිංගික සංසර්ගය පැවතිය යුතු සුදුසු කාල සීමාව විය යුත්තේ දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් සතුටට පත්වීමට ගතවන්නේ කොපමණ කාලයක් ද එම කාලය බව ය. කින්සි සොයාගෙන ඇති පරිදි “පිරිමි 75%ක ප්‍රතිශතයක් ශිෂ්ණය ඇතුලු කිරීමෙන් මිනිත්තු 2ක් ඇතුළත ශුක්‍ර පිටකර තිබෙන නමුත් එම පුද්ගලයන් හෝ ඔවුන්ගේ සහකරුවන් මිනිත්තු 2 අන්‍යෝන්‍ය සතුටකට ප්‍රමාණවත් ලෙස සලකන්නේ දැයි කින්සි විමසා නොමැති බව” අධ්‍යයන ආයතනය පෙන්වාදෙයි. “ඉතා මෑත සිදුකළ පර්යේෂණ වාර්තා තරමක් දිග සංසර්ග කාල වාර්තා කරන බව” ඔවුහු පෙන්වා දෙති. [79] 2008 වසරේ දී කැනඩියානු සහ ඇමරිකානු ලිංගික චිකිත්සකවරුන් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ලිංගික සංසර්ගය පවතින සාමාන්‍ය කාලය මිනිත්තු 7 වූ අතර මිනිත්තු 1 හා 2 ඉතා කෙටිබව ද, මිනිත්තු 3 සිට 7 ප්‍රමාණවත් බව ද, මිනිත්තු 7 සිට 13 ප්‍රිය කරන කාලය ලෙස/පවතින්නේ නම් වඩා හොද බව ද, මිනිත්තු 10 සිට 30 දිග වැඩි බව ද හෙළි විය.[80][81]

නිර්සුරතාන්තතාව (anorgasmia) යනු කෙතරම් ලිංගිකව උත්තේජනය කළ ද සුරතාන්තයට පත්වීමට නිරන්තර ව ඇතිවන දුෂ්කරතාව යි.[82] මෙය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ සැලකිය යුතු තරම් වැඩියෙන් දක්නට ඇත.[83][84] කාන්තාවන්ගේ ශරීරය සම්බන්ධයෙන් පවතින අඩු දැනුම, විශේෂයෙන් ම ලිංගිකත්වය පිළිබද පසුගාමී ආකල්ප තිබෙන සමාජවල ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ද මෙයට හේතුවක් විය හැකි බව පැවසේ. ගැහැනියට සුරතාන්තය අත්කරගැනීමට මූලික වන්නේ භගමණිය (clitoris) යි.[84] එහෙත් ලිංගික සංසර්ගයේ දී යොදාගන්නා පිහිටුම විසින් උත්තේජනය වන්නේ භගමණියට වඩා ශිෂ්ණය යි. භගමණියේ පිහිටුම අනුව එය මදක් සැග ව පවතින බැවින් ගැහැනිය සුරතාන්තයට පත්වීමට නම් එය අතින් හෝ මුඛයෙන් (තොල්වලින් හෝ දිවෙන්) උත්තේජනය කිරීම මේ අනුව හැමවිටම මෙන් අවශ්‍ය වෙයි.[16] දළ වශයෙන් කාන්තාවෝ 25%ක පමණ පිරිසක් සුරතාන්තයට පත්වීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙති.[80] 10%කට පමණ කෙදිනකවත් සුරතාන්තයක් ලැබී නැති අතර [85] 40%ක් හෝ 40-50% පිරිසක් ලිංගික අතෘප්තිය හෝ ජීවිතයේ කිසියම් අවස්ථාවක ලිංගිකව පිබිදීම දුෂ්කර වීම පිළිබද ව පැමිණිළි කර තිබේ. [86]

යෝනි බන්ධය (vaginismus) යනු යෝනියේ ඇතුල් බිත්ති ඉබේ ම ආතතියකට ලක් වී තද වී සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් යෝනිය විනිවිදීම වේදනාකාරී සහ ඇතැම්විට සිදු කළ නොහැකි කාර්යයක් වීම යි. මෙය pubococcygeus පේශියේ තත්ත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාවකි. යෝනි බන්ධය මගහැරීම ඉතා අපහසු විය හැකි ය. ඒ කාන්තාවක් ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනු ඇතැ යි බියෙන් සිටින විටක දීද එම මානසික ආතතිය සංසර්ගය වේදනාකාරී කිරීමට හේතුවනසුලු මාංශ පේශිවල ගැස්මක් ඇතිකිරීමට හේතුවිය හැකි බැවිනි.[84][87] යෝනි බන්ධයට සිදුකරන ප්‍රතිකාර බොහෝවිට මනෝවිද්‍යාත්මක සහ චර්යාත්මක ක්‍රමවේද වන අතර යෝනි විදාරකයන් (vaginal dilators) ද යොදාගැනේ. [88] Botox ප්‍රතිකාරකය පිළියමක් ලෙස භාවිතා කිරීම ද අත්හදා බලා ඇති අතර භාවිත කිරීම සිදු වේ. [89] වේදනාකාරී හෝ දුෂ්කර ලිංගික සංසර්ගය dyspareunia තත්ත්ව යටතට ගැනේ. [88]

දළ වශයෙන් 49%ක් පිරිමි ශිශ්නය සෘජුකරගැනීම සම්බන්ධ කිසියම් ආකාරයක දුෂ්කරතාවකින් (erectile dysfunction) හෝ බෙලහීනත්වයෙන් (impotence) ඉදහිට හෝ පෙළෙන බව වාර්තා වී තිබේ. [90] ක්ෂණික මෝචනය (සංසර්ගය ඇරඹී ඉතා ඉක්මනින් ශුක්‍ර පිටවීම) උදර්ජන දුෂ්කරතාවට වඩා බහුල බවට වාර්තා වී ඇතත් ප්‍රතිවිරුද්ධ මතයට සහය දෙන සංඛ්‍යා දත්තද පවතී.[77][78][90] සමීක්ෂණවල දී සහභාගීකරුවන් තේරුම් ගන්නා ආකාරයන් වෙනස් වන නිසා ක්ෂණික මෝචනය සම්බන්ධ ව ඇති සංඛ්‍යා දත්ත උදර්ජන දුෂ්කරතාව පිළිබද සංඛ්‍යා දත්තයන්ට වඩා විවිධාකාර වේ.[77][78] නිදසුන් ලෙස Mayo Clinic පවසන පරිදි “සංඛ්‍යා දත්ත විවිධ වන නමුත් මිනිසුන් 3 දෙනෙකුගෙන් 1 අයෙක් තරම් ලොකු පිරිසක් කිසියම් අවස්ථාවක හෝ (ක්ෂණික මෝචනයට) ලක් වී ඇත.” [91] තවද “මාස්ටර්ස් සහ ජොන්සන් ගවේෂණය කළ පරිදි බොහෝ පිරිමින් වෛද්‍ය උපදෙස් පතන්නේ ශිශ්නය ප්‍රාණවත්කර ගැනීම සම්බන්ධ ගැටලුවලට වුවත් ක්ෂණික මෝචනය වඩාත් බහුල ලිංගික ගැටලුව වේ.” මෙයට හේතුව වන්නේ “15%ත් 20%ත් පිරිසක් ඉක්මන් ශුක්‍ර විදීම පාලනය කරගැනීමේ ගැටලුවට මුහුණ දුන්නත් බොහෝදෙනා එය විසදුම් සෙවිය යුතු ගැටලුවක් ලෙස නොසැලකීමත්, කාන්තාවන් රැසකට සිය ලිංගික අවශ්‍යතා පැවසීම ගැටලු සහගත යමක් වීමත් ය.”[79] ඇමරිකානු මෞත්‍රවේදීන්ගේ සංගමය (American Urological Association - AUA) පවසන පරිදි ක්ෂණික මෝචනය එක්සත් ජනපදයේ පිරිමින්ගෙන් 21%ක ප්‍රතිශතයක් මුහුණ දී තිබිය හැකි ගැටලුවකි.[92]

වෛද්‍ය හේතු මත බෙලහීනතාව ඇති වන පුද්ගලයන්ට Viagra, Cialis, සහ Levitra වැනි වෛද්‍ය නිර්දේශ යටතේ ලබාගත හැකි ඖෂධ පවතී. කෙසේනමුත් මෙම ඖෂධ නුවුමනා ලෙස ගැනීමෙන් වැළකෙන ලෙස වෛද්‍යවරු අනතුරු අගවති. ඒ මෙම ඖෂධවල ඇති, හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩිවීම වැනි බරපතල අවදානම් තත්ත්ව නිසා ය.[93] selective serotonin reuptake inhibitor (SSRI) සහ ප්‍රතිවිෂාද ඖෂධයක් වන dapoxetine ක්ෂණික මෝචනයට පිළියම් කිරීමට භාවිතා වී තිබේ.[94] සායනික අත්හදාබැලීම්වල දී dapoxetine ඖෂධය ලබාගත් ක්ෂණික මෝචනයෙන් පෙළුණු පුද්ගලයෝ ඖෂධයෙන් තොර අවස්ථාවල දී සුරතාන්තයට පෙර සංසර්ගයේ නියුතු වීමට සමත් වූ කාලය තෙක් තුන් හතර ගුණයක කාලයක් සංසර්ගයේ නියුතු වීමට සමත් වූහ.[95] පමා වූ ශුක්‍ර විදීම (delayed ejaculation) තවත් ශුක්‍ර විදීම හා සම්බන්ධ රෝග තත්ත්වයකි. Fluvoxamine වැනි ප්‍රතිවිෂාදී ඖෂධයක් නිතර ගැනීමේ අතුරු ආබාධයක් ලෙස මෙය ඇතිවිය හැකි ය. කෙසේනමුත් සෑම SSRI වර්ගයක ම ශුක්‍ර විදීම පමාකිරීමේ හැකියාව ඇති අතර ශුක්‍ර විදීම පමාකිරීමේ අඩු ම හැකියාව ඇත්තේ Fluvoxamine හි ය.[96]

ප්‍රජනක අවයව සහ ව්‍යුහය ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් සිදුවන වෛද්‍යය ප්‍රතිකාරයන්ගෙන් අනතුරු ව පවා ලිංගික සංසර්ගය සිදුකිරීමේ ගැටලුවක් ඇති නොවේ. මෙය කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සත්‍යයකි. ගර්භාෂය ඉවත් කිරීම, ඩිම්බකෝෂ ඉවත් කිරීම පැලෝපීය නාලය ඉවත් කිරීම, ගෙඩි ඉවත් කිරීම, විදාරණය කිරීම සහ සීරීම, කන්‍යා පටලය ඉවත් කිරීම, බාතොලින් ග්‍රන්ථි ශල්‍යකර්මය, cervical conization, යෝනි තොල්වලින් ඇතුලු කොටස (vestibule) ඉවත් කිරීම, යෝනියේ ඇතුලු තොල් කුඩා කිරීම, වැනි ප්‍රබල නාරිවේදමය සැත්කම්වලින් පසු පවා සංසර්ගයේ යෙදිය හැකි ය. ශල්‍යමය සහ විකිරණවේදී පිළිකා ප්‍රතිකාර සහ කීමෝතෙරපි ප්‍රතිකාරවලින් පසුව ද එසේ ම ය. Reconstructive surgery remains an option for women who have experienced benign and malignant conditions.[97]

මේවා ද බලන්න

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • රාජසූරිය, මහේෂ් (2016). රතිය විදු ඇසින් : මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්. නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ. ISBN 978-955-671-408-1.
  • ගමගේ, ආරියසේන යූ. පුද්ගලිකයි රහසිගතයි.

ආශ්‍රිත නාමාවලිය

[සංස්කරණය]
  1. ^ a b කීත් රොබර්ට්ස් (2006). සෙක්ස්. ලෝටස් ප්‍රෙස්. p. 145. ISBN 8189093592. සම්ප්‍රවේශය අගෝස්තු 17, 2012.
  2. ^ a b c Wayne Weiten; Margaret A. Lloyd; Dana S. Dunn; Elizabeth Yost Hammer (2008). Psychology Applied to Modern Life: Adjustment in the 21st Century. Cengage Learning. pp. 422–423. ISBN 978-0495553397. සම්ප්‍රවේශය January 5, 2012. The man-above, or "missionary," position is the most common [sex position].
  3. ^ Sexual intercourse most commonly means penile–vaginal penetration for sexual pleasure and/or sexual reproduction; dictionary sources state that it especially means this, and scholarly sources over the years agree. See, for example;
    • "Sexual intercourse". Sexual intercourse. https://www.dictionary.com/browse/sexual-intercourse. ප්‍රතිෂ්ඨාපනය November 22, 2019. 
    • "Sexual intercourse". Sexual intercourse. http://www.merriam-webster.com/dictionary/sexual%20intercourse. ප්‍රතිෂ්ඨාපනය December 5, 2014. 
    • "Sexual intercourse". Macmillandictionary.com. සම්ප්‍රවේශය May 9, 2019.
    • Richard M. Lerner; Laurence Steinberg (2004). [11111111https://books.google.com/books?id=_wXasY1HyAYC&pg=PA193 Handbook of Adolescent Psychology]. John Wiley & Sons. pp. 193–196. ISBN 978-0471690443. සම්ප්‍රවේශය April 29, 2013. When researchers use the term sex, they nearly always mean sexual intercourse – more specifically, penile–vaginal intercourse. [...] The widespread, unquestioned equation of penile–vaginal intercourse with sex reflects a failure to examine systematically 'whether the respondent's understanding of the question matches what the researcher had in mind.' {{cite book}}: Check |url= value (help)
    • Fedwa Malti-Douglas (2007). Encyclopedia of Sex and Gender: A-C. Macmillan Reference. p. 308. ISBN 978-0028659619. Sexual intercourse. [T]he term coitus indicates a specific act of sexual intercourse that also is known as coition or copulation. This 'coming together' is generally understood in heteronormative terms as the penetration of a woman's vagina by a man's penis.
    • Irving B. Weiner; W. Edward Craighead (2010). [11"1111"https://books.google.com/books?id=pUSG1BONmekC&pg=PA1577 The Corsini Encyclopedia of Psychology]. Vol. 4. John Wiley & Sons. p. 1577. ISBN 978-0470170236. සම්ප්‍රවේශය August 21, 2013. Human sexual intercourse, or coitus, is one of the most common sexual outlets among adults. Sexual intercourse generally refers to penile penetration of the vagina. {{cite book}}: Check |url= value (help)
    • Clint E. Bruess; Elizabeth Schroeder (2013). Sexuality Education Theory and Practice. Jones & Bartlett Publishers. p. 152. ISBN 978-1449649289. සම්ප්‍රවේශය December 5, 2014. In many cultures around the world, vaginal sex is what is usually implied when people refer to 'having sex' or 'sexual intercourse.' It is the most frequently studied behavior and is often the focus of sexuality education programming for youth.
    • Cecie Starr; Beverly McMillan (2015). Human Biology. Cengage Learning. p. 339. ISBN 978-1305445949. සම්ප්‍රවේශය December 27, 2017. Coitus and copulation are both technical terms for sexual intercourse. The male sex act involves an erection, in which the limp penis stiffens and lengthens. It also involves ejaculation, the forceful expulsion of semen into the urethra and out from the penis. [...] During coitus, pelvic thrusts stimulate the penis as well as the female's clitoris and vaginal wall. The stimulation triggers rhythmic, involuntary contractions in smooth muscle in the male reproductive tract, especially the vas deferens and the prostate. The contractions rapidly force sperm out of each epididymis. They also force the contents of seminal vesicles and the prostate gland into the urethra. The resulting mixture, semen, is ejaculated into the vagina.
    • Janell L. Carroll (2018). Sexuality Now: Embracing Diversity. Cengage Learning. p. 289. ISBN 978-1337672061. සම්ප්‍රවේශය November 22, 2019. Vaginal intercourse (also referred to as sexual intercourse) involves inserting the penis into the vagina.
  4. ^ a b "Sexual Intercourse". Discovery.com. August 22, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 12, 2008.
  5. ^ Rathus SA, Nevid JS, Rathus LF (2010). Human Sexuality in a World of Diversity. Allyn & Bacon. p. 251. ISBN 978-0205786060.
  6. ^ a b Freberg L (2009). Discovering Biological Psychology. Cengage Learning. pp. 308–310. ISBN 978-0547177793.
  7. ^ a b c d e Hales D (2008). An Invitation to Health Brief 2010–2011. Cengage Learning. pp. 269–271. ISBN 978-0495391920.
  8. ^ a b Kumar B, Gupta S (2014). Sexually Transmitted Infections. Elsevier Health Sciences. p. 93. ISBN 978-8131229781.
  9. ^ Laura M. Carpenter (2005). Virginity Lost: An Intimate Portrait of First Sexual Experiences. NYU Press. pp. 295 pages. ISBN 978-0-8147-1652-6.
  10. ^ Strong B, DeVault C, Cohen TF (2010). The Marriage and Family Experience: Intimate Relationship in a Changing Society. Cengage Learning. p. 186. ISBN 978-0-534-62425-5. සම්ප්‍රවේශය October 8, 2011. Most people agree that we maintain virginity as long as we refrain from sexual (vaginal) intercourse. But occasionally we hear people speak of 'technical virginity' [...] Data indicate that 'a very significant proportion of teens ha[ve] had experience with oral sex, even if they haven't had sexual intercourse, and may think of themselves as virgins' [...] Other research, especially research looking into virginity loss, reports that 35% of virgins, defined as people who have never engaged in vaginal intercourse, have nonetheless engaged in one or more other forms of heterosexual sexual activity (e.g., oral sex, anal sex, or mutual masturbation).
  11. ^ Michael Kent (2000). Advanced biology. Oxford University Press. pp. 250–253. ISBN 978-0199141951. සම්ප්‍රවේශය October 21, 2015.
  12. ^ Showick Thorpe; Edgar Thorpe (2009). The Pearson General Studies Manual 2009, 1/e. Pearson Education India. p. 1.79. ISBN 978-8131721339. සම්ප්‍රවේශය October 21, 2015.
  13. ^ *Motivation: Theory, Research, and Application. Cengage Learning. 2012. p. 24. ISBN 978-1285401515.
  14. ^ Balcombe, Jonathan (2006). Pleasurable Kingdom: Animals and the Nature of Feeling Good. Palgrave Macmillan. pp. [00"00"00"https://archive.org/details/pleasurablekingd00balc_0/page/106 106]–118. ISBN 978-0230552272.
  15. ^ Taormino, Tristan (2009). The Big Book of Sex Toys. Quiver. p. 52. ISBN 978-1-59233-355-4. සම්ප්‍රවේශය June 9, 2014.
  16. ^ a b c d Wayne Weiten; Dana S. Dunn; Elizabeth Yost Hammer (2011). Psychology Applied to Modern Life: Adjustment in the 21st Century. Cengage Learning. pp. 384–386. ISBN 978-1-111-18663-0. සම්ප්‍රවේශය January 5, 2012.
  17. ^ Sandra Alters; Wendy Schiff (2011). Essential Concepts for Healthy Living Update. Jones & Bartlett Publishers. p. [11"11"11"https://archive.org/details/essentialconcept00sand_1/page/154 154]. ISBN 978-1449653743. සම්ප්‍රවේශය December 9, 2014.
  18. ^ a b Pfaus J.G., Flanagan-Cato L.M., Blaustein J.D. (2015) Female sexual behavior. in Plant T., Zeleznik A. (Eds). Knobil and Neill's Physiology of Reproduction. Academic Press, 4th edition
  19. ^ Harry T. Reis; Susan Sprecher; Susan K. Sprecher (2009). Encyclopedia of Human Relationships. Vol. 1. SAGE. pp. 541–543. ISBN 978-1-4129-5846-2.
  20. ^ Dixson A.F. (2012) Primate sexuality: Comparative studies of the Prosimians, Monkeys, Apes, and Human Beings. Oxford University Press, 2nd edition.
  21. ^ Doty R.L. (2014) Human Pheromones: Do They Exist? in Mucignat-Caretta C. (Ed). Neurobiology of Chemical Communication. Boca Raton (FL): CRC Press, (19).
  22. ^ a b c Kahn AP, Fawcett J (2008). The Encyclopedia of Mental Health. Infobase Publishing. p. 111. ISBN 978-0-8160-6454-0.
  23. ^ Cecie Starr; Beverly McMillan (2008). Human Biology. Cengage Learning. p. 314. ISBN 978-0495561811. සම්ප්‍රවේශය April 30, 2013.
  24. ^ Joseph A. Flaherty; John Marcell Davis; Philip G. Janicak (1993). Psychiatry: Diagnosis & therapy. A Lange clinical manual. Appleton & Lange (Original from Northwestern University). pp. 544 pages. ISBN 978-0-8385-1267-8. The amount of time of sexual arousal needed to reach orgasm is variable — and usually much longer — in women than in men; thus, only 20–30% of women attain a coital climax. b. Many women (70–80%) require manual clitoral stimulation...
  25. ^ Mah K, Binik YM (January 7, 2001). "The nature of human orgasm: a critical review of major trends". Clinical Psychology Review. 21 (6): 823–856. doi:10.1016/S0272-7358(00)00069-6. PMID 11497209. Women rated clitoral stimulation as at least somewhat more important than vaginal stimulation in achieving orgasm; only about 20% indicated that they did not require additional clitoral stimulation during intercourse.
  26. ^ Kammerer-Doak D, Rogers RG (June 2008). "Female Sexual Function and Dysfunction". Obstetrics and Gynecology Clinics of North America. 35 (2): 169–183. doi:10.1016/j.ogc.2008.03.006. PMID 18486835. Most women report the inability to achieve orgasm with vaginal intercourse and require direct clitoral stimulation ... About 20% have coital climaxes...
  27. ^ Elisabeth Anne Lloyd (2005). The case of the female orgasm: bias in the science of evolution. Harvard University Press. p. 53. ISBN 978-0-674-01706-1. සම්ප්‍රවේශය January 5, 2012.
  28. ^ O'Connell HE, Sanjeevan KV, Hutson JM (October 2005). [bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3https://semanticscholar.org/paper/a636539b4628b63dd839c8fbbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb38bbcfbb3bbcfbb3bbcfbb3bbcfbb33bbcfbb3878b8b8bcc586dc3f "Anatomy of the clitoris"]. The Journal of Urology. 174 (4 Pt 1): 1189–95. doi:10.1097/01.ju.0000173639.38898.cd. PMID 16145367. {{cite journal}}: Unknown parameter |lay-url= ignored (help); Unknown parameter |laydate= ignored (help); Unknown parameter |laysource= ignored (help)
  29. ^ Hurlbert DF, Apt C (1995). "The coital alignment technique and directed masturbation: a comparative study on female orgasm". Journal of Sex & Marital Therapy. 21 (1): 21–29. doi:10.1080/00926239508405968. PMID 7608994.
  30. ^ Barry R. Komisaruk; Beverly Whipple; Sara Nasserzadeh; Carlos Beyer-Flores (2009). The Orgasm Answer Guide. JHU Press. pp. 108–109. ISBN 978-0-8018-9396-4. සම්ප්‍රවේශය November 6, 2011.
  31. ^ Paula Kamen (2000). Her Way: Young Women Remake the Sexual Revolution. New York University Press. pp. 74–77. ISBN 978-0814747339. සම්ප්‍රවේශය September 5, 2012.
  32. ^ a b Kinetics H (2009). pg=PA207 Health and Wellness for Life. Human Kinetics. p. 207. ISBN 978-0-7360-6850-5. {{cite book}}: Check |url= value (help)
  33. ^ Hite, Shere (2003). The Hite Report: A Nationwide Study of Female Sexuality. New York, NY: Seven Stories Press. pp. 512 pages. ISBN 978-1-58322-569-1. සම්ප්‍රවේශය March 2, 2012.
  34. ^ Carroll, Janell L. (2009). [58745874558745874858745874758745874458745874587458745874587458745874https://books.google.com/?id=5f8mQx7ULs4C&pg=PA118&lpg=PA118 Sexuality Now: Embracing Diversity]. Cengage Learning. pp. 118, 252, and 264. ISBN 978-0-495-60274-3. සම්ප්‍රවේශය June 23, 2012. {{cite book}}: Check |url= value (help)
  35. ^ Jerry D. Durham; Felissa R. Lashley (2000). The Person With HIV/AIDS: Nursing Perspectives (3rd ed.). Springer Publishing Company. p. 103. ISBN 978-8122300048. සම්ප්‍රවේශය January 29, 2012.
  36. ^ Robert Crooks; Karla Baur (2010). Our Sexuality. Cengage Learning. pp. 286–289. ISBN 978-0495812944. සම්ප්‍රවේශය August 30, 2012. Noncoital forms of sexual intimacy, which have been called outercourse, can be a viable form of birth control. Outercourse includes all avenues of sexual intimacy other than penile–vaginal intercourse, including kissing, touching, mutual masturbation, and oral and anal sex.
  37. ^ Feldmann J, Middleman AB (2002). "Adolescent sexuality and sexual behavior". Current Opinion in Obstetrics and Gynecology. 14 (5): 489–493. doi:10.1097/00001703-200210000-00008. PMID 12401976.
  38. ^ Thomas, R. Murray (2009). Sex and the American teenager seeing through the myths and confronting the issues. Lanham, Md.: Rowman & Littlefield Education. p. 81. ISBN 9781607090182. සම්ප්‍රවේශය October 21, 2015.
  39. ^ Edlin, Gordon (2012). Health & Wellness. Jones & Bartlett Learning. p. 213. ISBN 9781449636470. සම්ප්‍රවේශය October 21, 2015.
  40. ^ a b c Chin HB, Sipe TA, Elder R, Mercer SL, Chattopadhyay SK, Jacob V, Wethington HR, Kirby D, Elliston DB, Griffith M, Chuke SO, Briss SC, Ericksen I, Galbraith JS, Herbst JH, Johnson RL, Kraft JM, Noar SM, Romero LM, Santelli J (2012). "The Effectiveness of Group-Based Comprehensive Risk-Reduction and Abstinence Education Interventions to Prevent or Reduce the Risk of Adolescent Pregnancy, Human Immunodeficiency Virus, and Sexually Transmitted Infections". American Journal of Preventive Medicine. 42 (3): 272–294. doi:10.1016/j.amepre.2011.11.006. PMID 22341164.
  41. ^ National Institute of Allergy and Infectious Diseases; National Institutes of Health, Department of Health and Human Services (July 20, 2001). "Workshop Summary: Scientific Evidence on Condom Effectiveness for Sexually Transmitted Disease (STD) Prevention". Hyatt Dulles Airport, Herndon, Virginia. pp. 13–15. Archived from the original on March 7, 2010. https://web.archive.org/web/20100307132024/http://www3.niaid.nih.gov/about/organization/dmid/PDF/condomReport.pdf. ප්‍රතිෂ්ඨාපනය March 20, 2009. 
  42. ^ "Effectiveness of male latex condoms in protecting against pregnancy and sexually transmitted infections". World Health Organization. 2000. May 9, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 23, 2013.
  43. ^ Bhushan Kumar, Somesh Gupta (2014). Sexually Transmitted Infections E book. Elsevier Health Sciences. p. 122. ISBN 978-8131229781.
  44. ^ Dianne Hales (2010). [0404"0404"04040404"https://books.google.com/books?id=yPa0LZXizO4C&pg=PA301 An Invitation to Health: Choosing to Change]. Cengage Learning. pp. 301–302. ISBN 978-0538736558. සම්ප්‍රවේශය March 30, 2013. {{cite book}}: Check |url= value (help)
  45. ^ Winner B, Peipert JF, Zhao Q, Buckel C, Madden T, Allsworth JE, Secura GM (2012). "Effectiveness of long-acting reversible contraception". N. Engl. J. Med. 366 (21): 1998–2007. doi:10.1056/NEJMoa1110855. PMID 22621627.
  46. ^ Dunson, D.B.; Baird, D.D.; Wilcox, A.J.; Weinberg, C.R. (1999). "Day-specific probabilities of clinical pregnancy based on two studies with imperfect measures of ovulation". Human Reproduction. 14 (7): 1835–1839. doi:10.1093/humrep/14.7.1835. ISSN 1460-2350. PMID 10402400.
  47. ^ a b Richard Evan Jones; Kristin H. López (2006). Human Reproductive Biology. Academic Press. pp. 604 pages. ISBN 978-0120884650. සම්ප්‍රවේශය November 8, 2012.
  48. ^ Cecie Starr; Beverly McMillan (2015). Human Biology. Cengage Learning. p. 339. ISBN 978-1305445949. සම්ප්‍රවේශය December 27, 2017.
  49. ^ Pages.242,374 in: Weschler, Toni (2002). Taking Charge of Your Fertility (Revised ed.). New York: HarperCollins. pp. 359–361. ISBN 978-0-06-093764-5.
  50. ^ "How to get pregnant". Mayo Clinic. 2016-11-02. සම්ප්‍රවේශය 2018-02-16.
  51. ^ "Fertility problems: assessment and treatment, Clinical guideline [CG156]". National Institute for Health and Care Excellence. සම්ප්‍රවේශය 2018-02-16. Published date: February 2013. Last updated: September 2017
  52. ^ Dr. Philip B. Imler & David Wilbanks (November 2019). "The Essential Guide to Getting Pregnant" (PDF). American Pregnancy Association.
  53. ^ a b Andrew Steptoe; Kenneth Freedland; J. Richard Jennings; Maria M. Llabre; Stephen B Manuck; Elizabeth J. Susman (2010). Handbook of Behavioral Medicine: Methods and Applications. Springer Science & Business Media. pp. 60–61. ISBN 978-0387094885. සම්ප්‍රවේශය December 7, 2014.
  54. ^ a b Theresa Hornstein; Jeri Schwerin (2012). Biology of Women. Cengage Learning. p. 205. ISBN 978-1285401027. සම්ප්‍රවේශය December 7, 2014.
  55. ^ Carol Sigelman; Elizabeth Rider (2011). Life-Span Human Development. Cengage Learning. p. 452. ISBN 978-1111342739. සම්ප්‍රවේශය December 7, 2014.
  56. ^ Northrup, Christiane (2010). Women's Bodies, Women's Wisdom: Creating Physical and Emotional Health and Healing. Bantam. p. 232. ISBN 978-0-553-80793-6. සම්ප්‍රවේශය October 21, 2015.
  57. ^ Hoeger W, HS, FA, HC (2016). Principles and Labs for Fitness and Wellness. Cengage Learning. pp. 538–540. ISBN 978-1337099974.
  58. ^ "Sexually transmitted infections". womenshealth.gov (ඉංග්‍රීසි බසින්). 2017-02-22. සම්ප්‍රවේශය 2017-12-08. මෙම ලිපිය තුළ මෙම ප්‍රභවයේ පෙළ ඇතුළත් වන අතර එය පොදු වසම තුළ පවතියි.
  59. ^ GM, MJ (2016). Nursing Care Plans - E-Book: Diagnoses, Interventions, and Outcomes. Elsevier Health Sciences. p. 725. ISBN 978-0323428101.
  60. ^ Murray PR, Rosenthal KS, Pfaller MA (2013). Medical microbiology (7th ed.). St. Louis, MO: Mosby. p. 418. ISBN 978-0-323-08692-9. 2015-12-01 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  61. ^ Goering, Richard V. (2012). Mims' medical microbiology (5th ed.). Edinburgh: Saunders. p. 245. ISBN 978-0-7234-3601-0.
  62. ^ "STD Trends in the United States: 2010 National Data for Gonorrhea, Chlamydia, and Syphilis". Centers for Disease Control and Prevention. සම්ප්‍රවේශය September 15, 2012.
  63. ^ a b "Sexually transmitted infections (STIs)". World Health Organization. සම්ප්‍රවේශය June 20, 2015.
  64. ^ CDC Hepatitis B Information for Health Professionals Accessed May 27, 2010
  65. ^ "Hepatitis B". World Health Organization. 18 July 2018.
  66. ^ "HIV/AIDS". World Health Organization. සම්ප්‍රවේශය September 15, 2012.
  67. ^ "HIV/AIDS". Fact sheet N° 360. World Health Organization. July 2012. සම්ප්‍රවේශය September 8, 2012.
  68. ^ a b "Key Statistics from the National Survey of Family Growth". Centers for Disease Control and Prevention (CDC). සම්ප්‍රවේශය February 9, 2013.
  69. ^ "Not Every Pregnancy is Welcome". The world health report 2005 – make every mother and child count. World Health Organization. සම්ප්‍රවේශය December 6, 2011.
  70. ^ a b Blum K, Werner T, Carnes S, Carnes P, Bowirrat A, Giordano J, Oscar-Berman M, Gold M (2012). "Sex, drugs, and rock 'n' roll: hypothesizing common mesolimbic activation as a function of reward gene polymorphisms". Journal of Psychoactive Drugs. 44 (1): 38–55. doi:10.1080/02791072.2012.662112. PMC 4040958. PMID 22641964.
  71. ^ a b Olsen CM (December 2011). "Natural rewards, neuroplasticity, and non-drug addictions". Neuropharmacology. 61 (7): 1109–1122. doi:10.1016/j.neuropharm.2011.03.010. PMC 3139704. PMID 21459101.
  72. ^ a b Pitchers KK, Vialou V, Nestler EJ, Laviolette SR, Lehman MN, Coolen LM (February 2013). "Natural and drug rewards act on common neural plasticity mechanisms with ΔFosB as a key mediator". J. Neurosci. 33 (8): 3434–42. doi:10.1523/JNEUROSCI.4881-12.2013. PMC 3865508. PMID 23426671.
  73. ^ Guilleminault, Christian; Miglis, Mitchell (2014). "Kleine-Levin syndrome: a review". Nature and Science of Sleep. 6: 19–26. doi:10.2147/NSS.S44750. ISSN 1179-1608. PMC 3901778. PMID 24470783.
  74. ^ a b Nicolas Kipshidze; Jawad Fareed; Patrick W. Serruys; Jeff Moses (2007). Textbook of Interventional Cardiovascular Pharmacology. CRC Press. p. 505. ISBN 978-0203463048. සම්ප්‍රවේශය October 21, 2015.
  75. ^ a b c Dahabreh, Issa J. (March 23, 2011). "Association of Episodic Physical and Sexual Activity With Triggering of Acute Cardiac Events. Systematic Review and Meta-analysis". JAMA: The Journal of the American Medical Association. 305 (12): 1225–33. doi:10.1001/jama.2011.336. PMC 5479331. PMID 21427375. Acute cardiac events were significantly associated with episodic physical and sexual activity; this association was attenuated among persons with high levels of habitual physical activity.
  76. ^ John Wincze (2009). Enhancing Sexuality : A Problem-Solving Approach to Treating Dysfunction. Oxford University Press. pp. 56–60. ISBN 978-0199718023.
  77. ^ a b c Hartmut Porst; Jacques Buvat (2008). Standard Practice in Sexual Medicine. John Wiley & Sons. p. 189. ISBN 978-1405178723. සම්ප්‍රවේශය October 22, 2013.
  78. ^ a b c Emmanuele A. Jannini; Chris G. McMahon; Marcel D. Waldinger (2012). Premature Ejaculation: From Etiology to Diagnosis and Treatment. Springer. pp. 159–162. ISBN 978-8847026469. සම්ප්‍රවේශය October 22, 2013.
  79. ^ a b June M. Reinisch; Ruth Beasley (1991). The Kinsey Institute New Report On Sex. Macmillan. pp. 129–130. ISBN 978-0312063863. සම්ප්‍රවේශය August 30, 2012.
  80. ^ a b Carroll, Janell L. (2009). Sexuality Now: Embracing Diversity. Cengage Learning. pp. 118, 252, and 264. ISBN 978-0-495-60274-3. සම්ප්‍රවේශය June 23, 2012.
  81. ^ Corty EW, Guardiani JM (2008). "Canadian and American Sex Therapists' Perceptions of Normal and Abnormal Ejaculatory Latencies: How Long Should Intercourse Last?". The Journal of Sexual Medicine. 5 (5): 1251–1256. doi:10.1111/j.1743-6109.2008.00797.x. PMID 18331255.
  82. ^ Vern L Bullough; Bonnie Bullough (2014). Human Sexuality: An Encyclopedia. Routledge. p. 32. ISBN 978-1135825027. සම්ප්‍රවේශය December 6, 2014.
  83. ^ Rosenthal, Martha (2012). Human Sexuality: From Cells to Society. Cengage Learning. p. 150. ISBN 9780618755714. සම්ප්‍රවේශය October 22, 2013.
  84. ^ a b c Irving B. Weiner; George Stricker; Thomas A. Widiger (2012). Handbook of Psychology, Clinical Psychology. John Wiley & Sons. pp. 172–175. ISBN 978-1118404430. සම්ප්‍රවේශය October 22, 2013.
  85. ^ Rod Plotnik; Haig Kouyoumdjian (2010). Introduction to Psychology. Cengage Learning. p. 344. ISBN 978-0495903444. Inhibited female orgasm refers to a persistent delay or absence of orgasm after becoming aroused and excited. About 10% of women never reach orgasm...
  86. ^ Knoepp LR, Shippey SH, Chen CC, Cundiff GW, Derogatis LR, Handa VL (2010). "Sexual complaints, pelvic floor symptoms, and sexual distress in women over forty". The Journal of Sexual Medicine. 7 (11): 3675–82. doi:10.1111/j.1743-6109.2010.01955.x. PMC 3163299. PMID 20704643.
  87. ^ Fred F. Ferri (2012). Ferri's Clinical Advisor 2013,5 Books in 1, Expert Consult — Online and Print,1: Ferri's Clinical Advisor 2013. Elsevier Health Sciences. p. 1134. ISBN 978-0323083737. සම්ප්‍රවේශය November 29, 2014.
  88. ^ a b Marlene B. Goldman; Rebecca Troisi; Kathryn M. Rexrode (2012). Women and Health. Academic Press. p. 351. ISBN 978-0123849793. සම්ප්‍රවේශය December 6, 2014.
  89. ^ Ronald J. Comer (2010). Fundamentals of Abnormal Psychology. Macmillan. p. 338. ISBN 978-1429216333. සම්ප්‍රවේශය December 6, 2014.
  90. ^ a b Schouten BW, Bohnen AM, Groeneveld FP, Dohle GR, Thomas S, Bosch JL (July 2010). "Erectile dysfunction in the community: trends over time in incidence, prevalence, GP consultation and medication use—the Krimpen study: trends in ED". J Sex Med. 7 (7): 2547–53. doi:10.1111/j.1743-6109.2010.01849.x. PMID 20497307.
  91. ^ "Premature ejaculation". Mayo Clinic.com. සම්ප්‍රවේශය March 2, 2007.
  92. ^ "Guideline on the pharmacologic management of premature ejaculation" (PDF). American Urological Association. 2004. මාර්තු 3, 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 12, 2013.
  93. ^ Jerrold S Greenberg; Clint E. Bruess; Dean Emeritus (2010). Exploring the Dimensions of Human Sexuality. Jones & Bartlett Publishers. p. 633. ISBN 978-0763797409. සම්ප්‍රවේශය December 8, 2014.
  94. ^ Richard Balon; Robert Taylor Segraves (2009). Clinical Manual of Sexual Disorders. American Psychiatric Pub. p. 292. ISBN 978-1585629053. සම්ප්‍රවේශය December 6, 2014.
  95. ^ The Architects' Journal. Vol. 221. Architectural Press. 2005. p. 16. සම්ප්‍රවේශය December 6, 2014.
  96. ^ Richard Balon; Robert Taylor Segraves (2009). Clinical Manual of Sexual Disorders. American Psychiatric Pub. p. 281. ISBN 978-1585629053. සම්ප්‍රවේශය December 6, 2014.
  97. ^ Hoffman, Barbara (2012). Williams gynecology (2nd ed.). New York: McGraw-Hill Medical. p. 65. ISBN 978-0071716727.
"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_සංසර්ගය&oldid=492443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි