මහින්ද යාපා අබේවර්ධන
මහින්ද යාපා අබේවර්ධන | |
---|---|
மஹிந்த யாப்பா அபேவர்தன Mahinda Yapa Abeywardana | |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 21 වන කථානායකවරයා | |
In office 20 අගෝස්තු 2020 | |
නියෝජ්‍ය | රංජිත් සියඹලාපිටිය අජිත් රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය | |
In office 27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | අමීර් අලි ෂිහාබ්දීන් |
අනුප්‍රාප්තිකයා | අනුරාධ ජයරත්න |
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය | |
In office 22 මාර්තු 2015 – 21 මැයි 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | සුමේධා ජයසේන |
අනුප්‍රාප්තිකයා | ලක්ෂ්මන් යාපා අබේවර්ධන |
කෘෂිකර්ම අමාත්‍ය | |
In office 23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
අනුප්‍රාප්තිකයා | දුමින්ද දිසානායක |
සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය | |
In office 25 ජූලි 2005 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍ය | |
In office 2004–2005 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස |
දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය | |
In office 1994–2001 | |
පූර්වප්‍රාප්තිකයා | අමරසිරි දොඩංගොඩ |
අනුප්‍රාප්තිකයා | එච්.ජී. සිරිසේන |
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2001 | |
Personal details | |
උපත | 10 ඔක්තෝබර් 1945 බෙරගම, මාතර |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, එක්සත් ජාතික පක්ෂය |
ළමයි | 5 |
Alma mater | කොළඹ විශ්වවිද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය |
රැකියාව | ඉඩම් හිමිකරු |
වෘත්තිය | දේශපාලඥ |
මහින්ද යාපා අබේවර්ධන (දෙමළ:மஹிந்த யாப்பா அபேவர்தன, ඉංග්‍රීසි:Mahinda Yapa Abeywardena) (උපත 1945 ඔක්තෝබර් 10) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය මණ්ඩලයේ ඇමතියෙක් වන අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා. 1983 වර්ෂයේ හක්මණ ආසනයෙන්,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුට පත් වූ අබේවර්ධන එහි එතුමාගේ 30 වසර දේශපාලන වෘත්තීය ආරම්භ වුණා. තරුණ මන්ත්‍රීවරයකු හැටියට අබේවර්ධන 1987 වසරේ ශ්‍රී ලංකාවේ නව පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා වූ 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට එරහිව ඔහු පළ කර.. ඔහු සහ කඹුරුපිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන් දෙදෙනා පමණක් විය.
පසුව ඔහු ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි (ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ මන්ත්‍රීවරුන්) සමග අත්වැල් බැඳගත් නිසා ඔවුන්ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත්හ.ඉන්පසුව මහින්ද යාපා අබේවර්ධන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ දකුණු පළාත් සභාවට ඉදිරිපත් කරා හා එතුමා මැතිවරණයෙන් ජයග්‍රහණ කරා. අනතුරුව 11993 වසරේ ඔහු දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක හැටියට පත් වුනාඉන්පසුව, ඔහු 1994 වසරේ දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත් විය. 1994 සිට 2001 දක්වා ප්‍රධාන අමාත්‍ය ලෙස දෙවරක් තේරී පත් වූ අබේවර්ධන සේවා කරා.
ඔහු 2001 මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නිලයෙන් ඉවත් වී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වී 2004 දක්වා සේවය කළේය. 2004 මහ මැතිවරණයෙන් පසු ඔහු සෞඛ්‍ය ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා වූ අතර පසුව සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා බවට පත් විය. 2010 මහ මැතිවරණයෙන් පසු ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් විය. වසර කිහිපයක් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති ඔහු 2013 වසරේ ඉතාලියේ රෝමයේ පැවති එක්සත් ජාතීන්ගේ FAO සමුළුවේ 38 වැනි සැසියේදී උප සභාපතිවරයා ලෙස තේරී පත් විය 2015 දී ඔහු ඉල්ලා අස්වී විපක්ෂයට යන තෙක් කෙටි කාලයකට නැවතත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත් විය. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජිතයෙකි. ඔහු පදිංචිව සිටින්නේ දෙහිවල කළුබෝවිලය .