සිරි සඟබෝ රාජ වංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිරි සඟ බෝ රාජ වංශය
Flag of Sitawaka Kingdom (1521 - 1594).png
ර‍ට ශ්‍රී ලංකාව
පදවි දඹදෙණිය රාජධානිය
ගම්පොල රාජධානිය
කෝට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
සෙංකඩගල රාජධානිය
අභිධාන දඹදෙණියේ රජ
ගම්පොල රජ
කෝට්ටේ රජ
සීතාවක රජ
සීතාවක රැජිණ
සෙංකඩගල රජ
සෙංකඩගල රැජිණ
මුල්ම රජ තෙවන විජයබාහු (1220–1224)
අවසන් රජ පළමුවන රාජසිංහ (1581–1591)
ඇරඹුම 1220
අවලංගු වීම 1597 (1597)
ජනවර්ගය සිංහල

සිරි සඟ බෝ රාජ වංශය යනු දඹදෙණියේ රජ කළ තෙවන විජයබාහු (1220–1224) රජුගේ සිට සීතාවක රජ කළ පළමුවන රාජසිංහ (1581–1591) රජු දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ රජ පරපුර යි. තෙවන විජයබාහු රජු විසින් කාලිංග මාඝ ගේ හමුදා මායා රටින් පලවා හැර දඹදෙණියේ තම බලකොටුව පිහිටුවා ගන්නා ලදී. එතැන් සිට විදේශීය ආක්‍රමණ රැසකට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය රැක ගැනීමට මෙම රාජ වංශය සමත් විය. එල්ල වූ එම විදේශීය ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට යාපහුව,කුරුණෑගල හා ගම්පොල වැනි ප්‍රදේශ කරා තම අගනුවර රැගෙන යාමට ද ඔවුන්ට සිදුවිය.[1]

දඹදෙණිය රාජධානියේ පිබිදීම[සංස්කරණය]

කාලිංග මාඝ ගේ රාජ්‍ය කාලය තුළ පොළොන්නරුවේ ඔහුගේ ක්‍රෑර පාලනය හේතු කොටගෙන ස්වදේශික සිංහලයෝ දකුණ ට හා මායා රට ට සංක්‍රමණය වූහ. මේ රාජ්‍ය කාලය අතරතුර, සිරි සඟ බෝධි රජු ගේ වංශයෙන් පැවත එන තෙවන විජයබාහු නම් අයෙක් කාලිංග මාඝ ගේ හමුදාවන්ට එරෙහිව සටන් කොට දඹදෙණියේ රජු බවට පත් විය. ඔහු මාඝ ගේ ජනයා විසින් කොත්මලේ ආරක්ෂිතව වළ දමා තිබූ බුදුන් වහන්සේ ගේ දන්ත දාතූන් වහන්සේ හා දාන පාත්‍රය ලබාගෙන ඒවා දඹදෙණියට රැගෙන් ආවේ ය. සැම විටම ඔහු විනාශ වී තිබූ බෳෙද්ධ ශාසනය නැවත ගොඩනැගීමට උපකාර විය. සිරි සඟ බෝ රාජ වංශයේ මුල්ම රජු වූ යේ මෙතුමා ය.[2]

පළමුවන රාජසිංහ රජ (ටිකිරි කුමරු)

සීතාවක රාජධානියේ පරිහානිය[සංස්කරණය]

මෙම රාජ වංශයේ අවසන් රජු වූයේ පළමුවන රාජසිංහ රජු ය. ඔහු සීතාවක රාජධානියේ සිටි බලවත් රණශූර රජෙක් වූ අතර මායාදුන්නේ ගේ පුත්‍රයා ද විය. පසු කාලීන ව ඔහු "අරිට්ට කිවෙන්දු" (මන්නම්පෙරුම මොහොට්ටාල) නම් දකුණු ඉන්දීය ජාතිකයා තම ප්‍රධාන උපදේශක ලෙස පත් කළේ ය. ඔහු රජු හට හින්දු දහම ට හැරීම සඳහා අනුබල ලබා දුන්නේ ය. රාජසිංහ රජු ට සීගිරිය හා ශ්‍රී පාදය වැනි බෳෙද්ධයින් පදිංචි ව සිටි ප්‍රදේශ වලට පහර දෙන ලෙස මන්නම්පෙරුම උපදෙස් ලබා දෙන ලදී. මෙම ප්‍රහාර නිසා බෳෙද්ධ ජනයා හා හිමිවරු අතර රජු පිළිබඳ අසන්තෝෂයක් හට ගත්තේ ය. මෙය සීතාවක රාජධානියේ හා සිරි සඟ බෝ රාජ වංශයේ පරිහානියට බලපෑ ප්‍රධාන හේතු අතරින් එකකි. මෙම ක්‍රියා හේතු කොට ගෙන බෳෙද්ධයින් එක්ව රාජසිංහ ට එරෙහිව කැරලි ගැසූ හ. ඔහු කැරැල්ලේ නායකයින් අත්අඩංගුවට ගෙන කැරැල්ල මර්දනය කළේ ය. ඔවුන් ගෙන් බොහෝ දෙනා බෳෙද්ධ හිමිවරු වූහ. එහි දී රාජසිංහ සිය ගනනක් භික්ෂූන් වහන්සේලා (සීතාවක නායක හිමි ඇතුළු ව) මරා දමන ලදී. මෙම ක්‍රියා බෳෙද්ධයින් හා රජු අතර විශාල අමනාපයක් ඇති කළේ ය.

බොහෝ කලකට පෙර රාජසිංහ ගේ උඩරට නියෝජිතයා (සාමන්ත) වූ "වීරසුන්දර බණ්ඩාර" නැමැත්තා ව රාජසිංහ විසින් ම ඝාතනය කළේ ය. වීරසුන්දර බණ්ඩාර ගේ පුත්‍රයා සීතාවක සිට මන්නාරමේ සිටි පෘතුගීසි හමුදාව වෙත පලා ගිය අතර ඔහු කොනප්පු බණ්ඩාර නම් විය. පසුව, කන්ද උඩරට බලා නැවත පැමිණි ඔහු පෘතුගීසින් ගේ ද සහයෙන් රාජසිංහ ට විරුද්ධ ව කැරලි ගැසුවේ ය. ඔහු රාජසිංහ ගෙන් කන්ද උඩරට අත්පත් කරගෙන ගෙන පළමුවන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යයේ රජු බවට පත් විය. එහෙත් රාජසිංහ කන්ද උඩරට නැවත අත්පත් කර ගැනීමේ උත්සාහය අත් හැරියේ නැත. කන්ද උඩරට අත්පත් කර ගැනීමේ රාජසිංහ ගේ අවසන් උත්සහය (බලන සටන) ද විමලධර්මසූරිය රජු ව්‍යර්ථ කළේ ය. 1592 මාර්තු මස ඔහු බලන සිට සීතාවක බලා නැවත එන විට පෙතංගොඩ උයනේ දී කටු උණ පුරුකක් පාදයේ ඇනී එය විෂ වී මිය ගියේ ය. රාජසිංහ අපුත්‍රක ව මියගිය හෙයින්, ඔහුගේ රාජධානිය පළමුවන විමලධර්මසූරිය රජු ට හිමිවිය.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිරි_සඟබෝ_රාජ_වංශය&oldid=425327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි