ධර්ම බණ්ඩාර

විකිපීඩියා වෙතින්

සීතාවක රාජසිංහ රජුගේ එක් පුතෙකු වූ ධර්ම බණ්ඩාර කුමරු වසර දහනවයේදී උඩරට වීරසුන්දර බණ්ඩාර අතින් මරණයට පත් විය(රිසිමන් අමරසිංහ මහතාගේ මතය) මාදම්පේ තම්මිට බණ්ඩාර ගේ දෙවනි දියණිය වූ තම්මිට බිසෝ බණ්ඩාර (බෙරමානේ ළමා බණ්ඩාර) කුමරියව රයිගම සිට බලෙන් පැහැරගෙන විත් බිසෝ තනතුරේ තබාගෙන තිබෙයි . හැටහත් කට්ටුවක් බණ්ඩාර දේවතාවුන් අතරට අයත් නොවන්නේ සොලොස් වස් ඉක්මවූ සමයේ මියපරලව ගිය බැවින් බව විවිද්වතුන්ගේ මතයයි. ධර්ම බණ්ඩාර කුමරුගේ පරපුර යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ,හිටිගේ බණ්ඩාර, රංගේ බණ්ඩාර, සහ කඩුකෝන් බණ්ඩාර තුඩුගලගේ නාම වලින් තවම පැවතෙන බව යකුන්දූවේ බණ්ඩාරවලිය,වර්ශකණ්ඩරාෂ්ට්‍රය ආදී ග්‍රන්ථවල කියැවෙනු ලැබේ.(කෝට්ටේ රජවරුන්ගේ පරම්පරා තෝම්බුව)

"https://si.wikipedia.org/w/index.php?title=ධර්ම_බණ්ඩාර&oldid=537250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි