Jump to content

කොත්මලේ

විකිපීඩියා වෙතින්
කොත්මලේ
කොත්ථු මලය
ගල්වල් රට
ගම්මානය
කොත්මලේ is located in Sri Lanka
කොත්මලේ
කොත්මලේ
ඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°E / 7.017; 80.583ඛණ්ඩාංක: 7°01′N 80°35′E / 7.017°N 80.583°E / 7.017; 80.583
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයප්‍රාදේශීය සභාව
සරිය
 • මුළුBad rounding hereFormatting error: invalid input when rounding සතරැස් සැත (හෙක්ටයාර් ගණනින්

ඝණ වනාන්තර 12,923.61 වනවගා 1,099.72 ගෙවතු 2,201.99 තෘණ භූමි 1,296.16 වගුරු බිම් 5.54 වගා නොකළ ඉඩම් 70.54 විවෘත වනාන්තර 1,749.97 වී වගා බිම්(සුළු වාරි) 821.32 වී වගා බිම් (වර්ෂා පෝෂිත) 57.83 කන්නයක වගා කරන ඉඩම්(එළවළු) 9.21 කන්න දෙකම වගා කරන ඉඩම්(එළවළු) 515.84 පුරන් කුඹුරු ඉඩම් 14.73 ගල්තලා 195.62 ලඳු කලෑ 1,646.42 පතන 54.63 ජනාවාස 552.53 රිකිලි තේ වගාව 3,085.40 නිසි කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 6,272.46 මධ්‍යස්ථ කළමනාකරණයෙන් යුතු බීජ තේ වගාව 1,863.25 කළමනාකරණය නොකළ බීජ තේ වගාව 1,968.16 වගා නොකරන තේ ඉඩම් 43.01

ජල මුලාශ 936.18 කිමී2)
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

කොත්මලේ යනු කඳුකර ගම්මානයකි. එය ලංකාවේ ස්වදේශික ගෝත්‍ර අතීතයේ සිටම ජීවත් වූ කලාපයකි. පොලොන්නරු යුගය වන තෙක් මෙම ස්වදේශීක (කඳුකර) ජනතාව එහි ජීවත් වුවද ඉන් පසුව අනෙකුත් ජනතාව ද එහි පැමිණ ඇත්තේ ආරක්ෂාව වෙනුවෙනි. එය මධ්‍යම පළාතේ නුවරඑලිය පරිපාලන දිස්ත්‍රික්කටය අයත් ය. දැනට තේ වගාව හා සංචාරක කර්මාන්තයට මුලිකත්වය දී ඇති මේ ගම ඓතිහාසික වශයෙන් වැදගත් ප්‍රදේශයකි. ලංකාව නිශ්චිත ලෙසම ඉන්දියාවේ ආධිපත්‍යය මත සිය ගමන්මග සකස් කරගෙන ඇත. රාජ්‍ය පාලන ක්‍රම වල සිට සංස්කෘතිය දක්වා ද වර්තමාන දේශපාලනය තුළ ද මේ තත්වය දක්නට ලැබේ. ලංකාවේ ලිඛිත ඉතිහාසය තුළ කොත්මලේ ඇත.

කොත්මලේ ලංකාවේ ඉතිහාසයට එකතු වන අවස්ථා දෙකකි. එම අවස්ථා දෙකම ස්වදේශිකයින් ඉන්දියානු ආක්‍රමණ වලින් ස්වාධීන වූ අවස්ථාවන් ය. එකක් වන්නේ කොහොඹා යක් කංකාරියයි. එයින් අදහස් වන්නේ විජය ආක්‍රමණයෙන් පසුව යළිත් වතාවක් ස්වදේශික පාලකයින් විසින් සිය බලය තහවුරු කරගැනීමයි. දෙවන අවස්ථාව දුටුගැමුණු විසින් ලංකාවේ බලය ලබාගැනීමයි. මෙම අවස්ථා දෙකේදීම කොත්මලේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කර ඇත. එය ලිඛිත මුලාශ්‍ර හා ජනප්‍රවාද වල ඇත. මෙම අවස්ථා දෙකටම සම්බන්ධ ගම වන්නේ "මාවෙල" (Mawela) ගමයි. මෙම සිදුවීම් දෙක අතර පරතරය අවුරුදු සිය ගණනක් වුවද ඓතිහාසිකව ඒ සිදුවීම් දෙකම සිදුව ඇත්තේ "මාවෙල" (Mawela) ගම මූලික කරගෙනය. මෙම සිදුවීම් ඹප්පු කිරීම සදහා වන සියළු සජීවී සාධක කොත්මලේ "මාවෙල" ඇත.

නිශ්චිත ගමක් කොත්මලේ කියා නොමැති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හා මැතිවරණ කොට්ඨාශයක් වශයෙන් පවතී. මෙය වඩා ප්‍රසිද්ධව ඇත්තේ දුටුගැමුණු කුමරු වසර 20ක් සැඟව ජීවත්ව සිටි ප්‍රදේශය බවයි. අද වනි විට කොත්මලේ සිංහල , දෙමළ , මුස්ලිම් යන ජාතිකත්වයන් 3 ම වාසය කරයි. ප්‍රධාන පාසල වන්නේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයයි. ඊට අමතරව පාසල් 70 කට අධික ප්‍රමාණයක් කොත්මලේ ඇත. වර්තමානය වන විට පොලිස් ස්ථානයක්, රෝහලක් හා අවශ්‍ය යටිතල පහසුකම් සෑහෙන ප්‍රමාණයක් ඇත.

කොත්මලේ ඓතිහාසික ප්‍රෙද්ශයකි. එහි ඓතිහාසිකත්වය ලංකා ඉතිහාසය පුරා ලියැවි ඇත. දුටුගැමුණු රජු සැගව ජීවත් වූ ප්‍රදේශය අද "මාවෙල" (Mawela) වශයෙන් ජනප්‍රවාද හා පුරාවිද්‍යාත්මකව ඔප්පු වේ. ඒ සදහා වන වෙනත් අදහස් ද ඇත. එම අදහස් ඇතිව තිබෙන්නේ මහනුවර යුගයේ යළිත් වතාවක් දෙමළ (ඉන්දියානු) රජවරුන් විසින් ඇති කරන ලද ක්‍රියාකාරිත්වයන් නිසාය. එය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති පැරණිතම ගම වශයෙන් හඳුනාගැනේ. කොත්මලේ ඓතිහාසික වන්නේ දුටුගැමුණු රජුට පෙර සිටය.

යක්ෂ ගෝත්‍රිකයින්ගේ ගම්මානයක් වූ මෙම කලාපය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා දිව යයි. පඩුවස්දෙව් රජුගේ දෝසය නැති කිරීම සදහා ආරම්භ කරන ලද කොහොඹා යක් කංකාරියේ සඳහන් වන "මලය" රට මේ කොත්මලයයි. දිවිදෝසය සදහා වන කංකාරිය සිදු කරන ලද්දේ කොත්මලේ දැනට "මාවෙල" නැමති ගමේ සිට පැමිණි යක්ෂ ගෝත්‍රිකයින් විසිනි. මෙම දිවිදෝසය මගින් සංකේතවත් කරනු ලබන්නේ විජය විසින් සිදු කරන ලද ඉන්දියානු ආක්‍රමණයයි. නැවත වතාවක් ස්වදේශිකයින් සදහා රට පාලන බලය අත් කරදීම සදහා සමස්ත රටේම ස්වදේශික ගෝත්‍රිකයින් විසින් බලවත් ක්‍රියාකාරකම් මාලාවක් සිදු කරන ලදී. එහි එක් අවස්ථාවක් වන්නේ කොහොඹා යක් කංකාරිය යි. එය ශාන්තිකර්මයක් බවට පත්වන්නේ පසුකාලීනවය.

එම කංකාරියෙන් පසුව පඩුවස්දෙව් රජුගේ හිස් පළඳනාවක් කොත්මලේ ජනයාට තෑගි ලැබුණි. (මේ සදහා ජනප්‍රවාද ඇත) එය තවමත් මාවෙල රාජකාරි කරන්නන් විසින් වසරකට වරක් මොරපේ කතරගම දේවාලයේ වඩම්මනු ලබයි. පණ්ඩුකාභය රජු රාජාභිෂේකයට සූදානම් කරනු ලබන ක්‍රියාවලියේ පූර්ව සූදානම (පරම්පරාවකට පෙර) කොහොඹා යක් කංකාරියෙන් සිදු කරන ලදී.

කොත්මලේ දෙවන වර ලංකා ඉතිහාසයේ ලියැවෙන්නේ දුටුගැමුණු කුමරු වසර 20කටත් වඩා කාලයක් සැගව ජීවත් වූ ගම වශයෙනි. සැඟව සිටි ස්ථානය සීහල පේලි ගෙදර යි. එය මාවෙල බටහිර රජ පිහිල්ල නැමැති ස්ථානයෙන් මීටර් 200ක් ආසන්නයේ පිහිටා ඇත. දුටුගැමුණු ගේ මැදිහත්වීම් ඇති රණමුන පිහිල්ල, දෙස්සහිටිය, අඹහිටිය, රජතලාවෙල, රජ ඇල, මඩමේ ගෙදර, හක්මඩ ගල, පට්ටියකුඹුර, ගලපිටගල, යන සියළු ස්ථාන කිලෝමීටරයක රවුමක පිහිටා ඇත. (මෙම සියළු ස්ථාන සදහා වන ජනප්‍රවාද හා ජනකථා මෙන්ම සජීවී වාසගම් මාවෙල ඇත.) ඔහු විසින් ගණුදෙනු කරන ලද පුසුල්පිටිය පන්සල හා මාවෙල ගම අතර ඇත්තේ ඉතා කෙලින් වන පිහිටීමකි. ඔහු උදැල්ල තනාගත් කිරිවනාගොඩ කම්මල් ගම (ප්‍රධාන ගම්මානය නවංගම) පිහිටා ඇත්තේ ද මාවෙල ගමේ කොටසක් වශයෙන් කිලෝමීටරයක් තුළ ය.

දුටුගැමුණු විසින් ආරක්ෂාව පතා පැමිණියේ කොත්මලේ පැරණි යක්ෂ ගෝත්‍රික ගමකටය. දුටුගැමුණු ගේ මව අයත් වන නාග ගෝත්‍රිකයින් ද මේ ගම්මානයේ අතීතයේ වාසය කර ඇත. (ගොඩවැසි නාගයින් ජීවත් වූ කොටස මේ වන විට කොත්මලේ ජලාශයෙන් වැසී ඇත. "නයින් කෙලිනා තොට" මෙහි එක් ස්ථානයකි. ගැමුණු කුමරුගේ බිරිඳ වූයේ "කළූ" නැමැති ස්වදේශික ස්ත්‍රියකි. ඇය පාවිච්චි කල ළිඳ මෑතක දී වසා දමා ඇත. ඒ වන විටත් එයට කියා ඇත්තේ "කළුගෙ ළිඳ" කියාය. කළු සිටින අතරතුර ගැමුණු කුමරු නාග කන්‍යාවක් සමග ද ආදර සම්බන්ධයක් තිබී ඇත. (අනුරාධපුරයේ දී තිබූ සම්බන්ධතාවය නොවේ)

වර්තමාන කොත්මලේ කෝරළ සහ ග්‍රාම නිලධාරි වසම්

[සංස්කරණය]

පල්ලෙපනේ කෝරලය

[සංස්කරණය]
  • 456 - මාවෙල නැගෙනහිර - කොත්මලේ පලමුවන ගම්මානයයි. මෙම ගම්මානය කොත්මලේ පැරණිම ගම්මානය වන මාවෙල ගමේ පසුකාලීනව වෙන් කරන ලද කොටසකි.
  • 456A - නව කඩදොර - කලින් බ්‍රිතාන්‍ය සමාගම් වලට අයත්ව තිබූ තේ වතු මත ගොඩනගන ලද නව ගමකි. පැරණි කඩදොර ගම මහවැලි ව්‍යාපාරය නිසා අවසන් වූ පසු මේ ගම බිහිවිය.
  • 456B - මාවල බටහිර - දුටුගැමුණු කුමාරයා වසර විසි ගණනක් ජීවත් වූ ගම් කොටස වන කෝට්ටේගොඩ අයත් වන්නේ මාවෙල බටහිර කොටසටය. දුටුගැමුණු පුරාවෘත්තයට අදාල සියළුම සජීවී හා පුරා විද්‍යා සාධක මේ ගමේ ඇත.
  • 456C - මාවෙල කන්ද
  • 456D - නව මොරපේ
  • 456E - රජඇල
  • 457 - මාස්වෙල
  • 458 - රන්වන්තලාව
  • 459 - කඩදොර
  • 459A - කොටගේපිටිය දකුණ
  • 459B - කොටගේපිටිය උතුර
  • 459C - නයාපාන

තිස්පනේ කෝරලය

[සංස්කරණය]
  • 13460 හපුගස්තලාව
  • 14460A දොරුවාදෙණිය
  • 15460B කොළපතන
  • 16460C රුවන්පුර
  • 17460D දඹගොල්ල
  • 18460E කළුදෑමඩ
  • 19460F මල්ලන්ද
  • 20460G කැටඹුලාව
  • 21460H හුණුගල්ඔය
  • 22460I තෙලිස්සාගල
  • 23460J ඉහල ගොරකඔය
  • 24460K පොල්වතුර
  • 25460L පහළ ගොරකඔය
  • 26460M කුවීන්ස්බේරි
  • 27461 හරංගල
  • 28461A හරංගල දකුණ
  • 29461B කිරිමැටියාව
  • 30461C හල්ගොල්ල
  • 31461D වැරැල්ලපතන
  • 32462A තිස්පනේ කන්ද
  • 33462B ගොඩමඩිත්ත
  • 34462C කටුගොල්ල
  • 35463 වටද්දර

මැදපනේ කෝරලය

[සංස්කරණය]
  • 36464 නවංගම
  • 37465 කලපිටිය නැගෙනහිර
  • 38465A හැදුණුවැව
  • 39465B රොජසන්ගම උතුර
  • 40465C කලපිටිය බටහිර
  • 41465C රොජසන්ගම දකුණ
  • 42465E වෑතලාව
  • 43465F කොත්තුණුගොඩ
  • 44465G වීරසේකරපුර
  • 45465H දොඹගස්තලාව
  • 46466 මෑතගම
  • 47466A මල්දෙනිය
  • 48466B කටාරන්දෙන
  • 49467 රාවණාගොඩ නැගෙනහිර
  • 50467A විජයබාහුකන්ද
  • 51467B බෙරමාන
  • 52467C බෙරමාන දකුණ
  • 53467D බෙරමාන උතුර
  • 54467E රාවණාගොඩ බටහිර
  • 55467F උඩගම
  • 56467G වීරපුර

උඩපනේ කෝරලය

[සංස්කරණය]
  • 57468 මඩකුඹුර
  • 58468A කඩදොරපිටිය
  • 59468B දුණුකේදෙණිය
  • 60468C පූඩළුඔය දකුණ
  • 61468D බෝගහවෙල
  • 62468E පූඩළුඔය උතුර
  • 63468F කරගහයටතැන්න
  • 64468G කොස්ගහපතන
  • 65468H හාල්පොල
  • 66468I කිකිළියාමාන
  • 67468J ෂීන්ගම
  • 68468K උතුරු මැදකුඹුර
  • 69468L ඩන්සින්න වත්ත
  • 70468M ෂින්වත්ත
  • 71469 කුඹල්ඔළුව
  • 72469A එගොඩවෙල
  • 73469B කිරිදිවෙල
  • 74469C මැදකන්ද
  • 75470 නියම්ගම්දොරරම්බොඩ කෝරලය
  • 76470A අඹතලාව
  • 77471A සංගිලිපාලම
  • 78472 රම්බොඩගම
  • 79472A මල්හෑව
  • 80473 පනම්ගම්මන
  • 81473A දෙළුන්තලාමඩ
  • 82473B වැවහින්න
  • 83473C ගොඹුරුඔය
  • 84474 රම්බොඩ
  • 85474A කරගස්තලාව
  • 86474B කුඩාඔය
  • 87474C පලාගොල්ල
  • 88474D හෙල්සිරිගම
  • 89474E කටුකිතුල
  • 90474F ඩෙල්ටා ගැමුණුපුර
  • 91474G කොත්මල්ගම
  • 92474H සමන්එළිය
  • 93474I ලබුකැලේ
  • 94474J හෙල්බොඩ
  • 95474L වෙදමුල්ල
  • 96474M ප්‍රොටොෆ්ට්
"https://si.wikipedia.org/w/index.php?title=කොත්මලේ&oldid=729797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි