Jump to content

ෆෝ ෆෝ බ්‍රාවෝ

විකිපීඩියා වෙතින්
ෆෝ ෆෝ බ්‍රාවෝ රැක සිට පහරදීම
ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයෙ හි කොටසකි
දිනයජූලි 23, 1983
පිහිටුම
ප්‍රතිඵලය සාර්ථක දෙඊවිකො රැක සිට පහරදීම
යුද්ධාවතීරයන්
23px දෙඊවිකො

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ආඥාපතියන් සහ නායකයන්
23px වේළුපිල්ලෙයි ප්‍රභාකරන්
23px සෙල්ලකිලි
ශ්‍රී ලංකාව දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන 
හමුදාමය ප්‍රබලතාවය
25 15
අපාතිකයන් සහ හානි
1 (සෙල්ලකිලි) 1 නිලධාරියෙකු හා 12 සොල්දාදුවන් මිය ගියහ, 2 තුවාල ලදහ

ෆෝ ෆෝ බ්‍රාවෝ යනු, 1983 ජූලි 23 දින යාපනය අර්ධද්වීපයෙහි ක්‍රියාන්විතයේ යොදවා තුබූ භටයන්-පසළොසක ශ්‍රී ලාංකික යුද්ධ හමුදා මුර සංචාර ඛණ්ඩයක ඇමතුම් සන විය. දෙඊවිකො විසින් මුර සංචාර ඛණ්ඩය වෙත රැක සිට පහරදී එහි සාමාජිකයන් දහතුන්දෙනෙක් මරා දමන ලදි. මෙම සිද්ධිය නිසා කළු ජූලි කෝලාහල ඇති වූ අතර ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ ඇරඹුම ලෙසින් සැලකෙයි.[1]

පසුබිම

[සංස්කරණය]

1983 ජූලි මස වන විට යාපනය අර්ධද්වීපයෙහි සහ රට පුරා කලබල ගතිය උත්සන්න වූ අතර, දෙඑවිපෙ විසින් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන වලින් ඉල්ලා අස්වන බව තීරණය කර තිබුණු අතරතුර, 1983 ජූලි 21 දිනදී පාර්ලිමේන්තුවේදී වී.එන්.නවරත්නම් චිත්තවේගාත්මක සමුගැනීමේ කතාවක් පවත්වා තිබුණි. ජූලි 23 වනදා යාපනයේ නිසොල්මන් දිනයක් වූයේ, මන්නාරමෙහි දේශපාලන ක්‍රියාකාරකම් තිබුණදීය. එදිනදී ගුරුනගර් යුද්ධ හමුදා කඳවුරෙහිදී, බ්‍රිගේඩියර් ජේ.ජී.බැල්තසාර්ගේ අණදීම යටතේ, යුද්ධ හමුදාව සූදානම් වූයේ, ත්‍රස්තවාදී ක්‍රියාවන්හී නිරත වූ සෙල්ලකිලි නම් දෙඊවිකො නායකයෙකු වෙත රැක සිට පහර එල්ල කිරීමටය. එය කොන්ඩවිල්හිදී සිදුකිරීමට නියමිතව තිබුණේ ෆෝ ෆෝ චාලි නම් ඇමතුම් සන යටතේ කොමාන්ඩෝ භටයන් කණ්ඩායමක් විසිනි.

සැතපුම් 20 ක් පමණ එපිටින්වූ මාදගල්හී කඳවුරු ලා සිටි ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ පළමු පාබල සේනාංකයෙහි සී භට කණ්ඩායම විසින් චර්යානුගතව සිදුකෙරෙන මුර සංචාරයක් සිදු කරනු වස්, (කේත නාමය ෆෝ ෆෝ සහිතවූ) ගුරුනගර් කඳවුරෙන් ෆෝ ෆෝ බ්‍රාවෝ මුර සංචාරක ඛණ්ඩය පැය 2200 වන විට පිටත්වීමට නියමිතව තිබුණි. මුර සංචාර ඛණ්ඩය පැය 2147 වන විට පැමිණ තිබුණි. එය සමන්විත වූයේ දෙවන ලුතිනන් ඒ.පී.එන්.සී. ද එස්. වාස් ගුණවර්ධන විසින් මෙහෙයවුනු සොල්දාදුවන්15 කින් සමන්වික අනුඛණ්ඩයකිනි. බ්‍රිගේඩියර්වරයාගේ උපදෙස් වූයේ, අවශ්‍ය නම් නිර්දිෂ්ට පෙත කෙටි කර හෝ, මුර සංචාර ඛණ්ඩය, පැය 2359 ට පෙරාතුව මාදගල් වෙත සපැමිණි විය යුතු බවය: ගුරුනගර් - යාපනය - නාග විහාරය - නල්ලූර් - කෝපායි - උරුම්පිරායි - කොන්ඩවිල් - කොකුවිල් - යාපනය- කාලියන් - කාඩු - මාදගල්. දෙවන ලුතිනන් ගුණවර්ධන විසින් මේජර් ද සිල්වා වෙතින් උපදෙස් ලබා ගත් අතර, ඔහු තවදුරටත් අවධාරණය කොට සිටියේ මධ්‍යම රාත්‍රිය වන විට මුර සංචාර ඛණ්ඩය මාදගල් කඳවුර වෙත ගොස් සිටිය යුතු බවයි. ෆෝ ෆෝ බ්‍රාවෝ පැය 2206 වන විට ගුරුනගර් වෙතින් පිටත්වූ අතර සෑම විනාඩි පහකට වරක් සිදු කල රේඩියෝ සම්බන්ධතා සියල්ලෙන්ම කියැවුනේ යාපනය සන්සුන් බවකි.

රැක සිට පහරදීම

[සංස්කරණය]

මේ වන විට, සීලන් නමින්ද හැඳින්වුනු චාල්ස් ලූකස් ඇන්තනීගේ මරණය [2] වෙනුවෙන් පළිගැනීමට සෙල්ලකිලි විසින් සැලසුම් කර තිබුණු අතර, යුද්ධ හමුදා මුර සංචාර ඔහු විසින් නිරික්ෂණය කෙරිණි. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, කිට්ටු, අයියර්, වික්ටර්, පුලෙන්ද්‍රන්, සෙල්ලකිලි, සන්තෝසම් සහ අප්පයියා ඇතුළු දෙඊවිකො සාමාජිකයන් 25 දෙනෙකුගේ කණ්ඩායමක්, එම රාත්‍රියෙහිදී, පලාලි-යාපනය මාර්ගයේ, නව දුරසන්නිවේදන උපකරණ සවි කිරීමට මාර්ගය කැණ තිබූ ස්ථානයක් වූ තින්නවේලි හිදී රැස්වූහ. එවැනි එක් කැණීම් ස්ථානයක් අසල බිම් බෝම්බ සතරක් තැන්පත් කරන ලද අතර කන්කසන්තුරෙයි පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද නිමජ්ජකයක් අසල නිවසක සඳලුතලයෙහි තබන ලදි. මැෂින් තුවක්කු කදලු ස්පෝඨකය අසල සහ මාර්ගයෙන් අනික් පස ස්ථාපනය කෙරිණි. බල පිරිස දෙකඩ කොට මාර්ගයේ දෙපස ස්ථානගත කරන ලද අතර සෙල්ලකිලිද එහි විය.

පැය 2328 වන විට මුර සංචාර ඛණ්ඩය වාර්තා කලේ එය උරුම්පිරෙයි මං සන්ධියෙන් පිටත් වන බවත් සියල්ල සන්සුන් බවත්ය. මුර සංචාර ඛණ්ඩය සැදී තිබුණේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන, සාමාන්‍ය සෙබළ එන්.ඒ.එස්. මනුතුංග රිය පදවමින් සහ කෝප්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළ එස්.එස්. අමරසිංහ, සාමාන්‍ය සෙබළ එස්.පී.ජී. රාජතිලක සහ සාමාන්‍ය සෙබළ කේ.පී. කරුණාරත්න පසුපස ගමන් කල ජීප් රථයකින් සහ ඉදිරි අසුනෙහි සාජන්ට් එස්.අයි. තිලකරත්න සහ රියැදුරු ලෙසින් කෝප්‍රල් ජී.ආර්. පෙරේරා ද මැදින් සාමාන්‍ය සෙබළ ඒ.ජේ.ආර්. පෙරේරා සහ ඛණ්ඩයෙහි සෙසු පිරිස පිටුපස ගමන් කල ටාටා බෙන්ස් බාග ට්‍රක් රථයකින්ද විය. උරුම්පිරෙයි මං සන්ධිය පසුවී විනාඩි පහකට පසුව තින්නවේලි අසලදී ජීප් රථය එහි වේගය අඩාල කලේ දුරසන්නිවේදන උපකරණ සවි කිරීමේ ක්‍රියා නිසා මාර්ගයෙහි ගමනට ඇතිව තිබූ බාධා නිසාය. එය මාර්ගයේ කැණීම පසු කරනවාත් හා සමගම, ස්පෝඨකය ඇසුරෙන් බිම් බෝම්ප පුපුරවා හැරීමෙන් අනුතුරුව ජීප් රථය හා බාග ට්‍රක් රථය වෙත මැෂින් තුවක්කු ප්‍රහාර වර්ෂාවක් එල්ල කෙරිණි.

මුර සංචාර ඛණ්ඩයෙහි සාමාජිකයෝ

[සංස්කරණය]

උපකරණ

[සංස්කරණය]

සබ් මැෂින් තුවක්කුවකින් හා බෝම්බ වලින් සන්නද්ධව සිටි දෙවන ලුතිනන් ගුණවර්ධන හැරුණු විට, ෆෝ ෆෝ බ්‍රාවෝහී අනෙකුත් සාමාජීකයන් සන්නද්ධව සිටියේ එස්එල්ආර් රයිෆල වලිනි. දෙඊවිකො විසින් භාවිතා කෙරුණේ සබ් මැෂින් තුවක්කු සහ චාවකච්චේරි පොලිස් ස්ථානයෙන් සොරකම් කර තිබූ රිපීටර් වර්ගයේ පතොරම් තුවක්කු වෙති. ඔවුන් වෙත ටී56 ඇසෝල්ට් රයිෆල සහ එස්එල්ආර් රයිෆලයක්ද විය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ෆෝ_ෆෝ_බ්‍රාවෝ&oldid=594001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි