1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය
දෙහිවල දුම්රිය බෝම්බය | |
---|---|
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයෙහී කොටසකි | |
ස්ථානය | දෙහිවල දුම්රියාපොලේදී අංක 764 දරණ කාර්යාල මගී දුම්රිය තුල |
දිනය | 1996 ජූලි 24 |
ඉලක්කය | රැකියාව අවසන්කර නිවෙස් වලට යන සිංහල ජාතික සිවිල් ජනයා |
ප්‍රහාර මාදිලිය | සැඟවූ බෝම්බය |
ආයුධය(න්) | |
ගොදුරුවූවේ | මරණ: 58 - 64 බරපතල තුවාල ලැබූවන්: 274 |
සැකකෙරෙන අපරාධකරුවෝ |
දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1996 වසරේ ජුලි 24 වැනි දිනදී, දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද්දකි.
සිදුවීම
[සංස්කරණය]දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් එදින, අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි, ඉහල රාක්කයේ ස්ථාන හතරක ගමන්මළු තුල ඇටවූ බෝම්බ 4 ක් තබා, පුපුරුවා හැරීම සිදු කරන ලදී. එකිනෙකට සමගාමීව බෝම්බ හතරම පුපුරා යාම නිසා, ප්‍රහාරයෙන් සිදුවූ හානි ප්‍රමාණය වැඩිවී තිබුණි. කොටි ත්‍රස්ථවාදීන් විසින්, බෝම්බ කීපයක් එක ආසන්නයේ පිහිටුවා ප්‍රහාරයක් දියත් කල මුල්ම අවස්ථාව ලෙසද මෙය සැලකේ. මෙම බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියන් 64 දෙනෙකු මිය ගොස් තවත් 400 අධික පිරිසක් තුවාල ලැබූහ.[1]
හෙළාදැකීම්
[සංස්කරණය]මෙම නින්දිත ප්‍රහාරය එම වසරේම ජුලි 25 වන දිනදී, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් හෙළා දුටු අතර, නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ 1967 පනතේ 3න් වන වගන්තිය අනූව යමින් ඉන්දියාවද එම මසදී, එල්ටීටීඊ ය වෙත පනවා තිබූ තහනම තව දුරටත් දීර්ඝ කරන ලදී.[2]
මේවාද බලන්න
[සංස්කරණය]වැඩිදුර කියවීම්
[සංස්කරණය]- රොහාන් ගුණරත්න. (1998). ශ්‍රී ලංකා'ස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සිකියුරිටි, කොළඹ: සවුත් ඒෂියන් නෙට්වර්ක් ඔන් කන්ෆ්ලික්ට් රිසර්ච්. ISBN 955-8093-00-9
- රොහාන් ගුණරත්න. (ඔක්තෝම්බර් 1, 1987). වෝර් ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් පෝස්ට්-අකෝඩ් රිපෝර්ට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: ඉන්ස්ටිටියුට් ඔෆ් ෆන්ඩමෙන්ටල් ස්ටඩීස්. ISBN 955-8093-00-9
- ගුණසේකර, S.L. (නොවැම්බර් 4, 2003). ද වේජස් ඔෆ් සින්, ISBN 955-8552-01-1
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ටමිල් ඇරෙස්ටඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේන් බෝම්බිං". ද නිව් යොර්ක් ටයිම්ස්. 1996-09-04. http://query.nytimes.com/gst/fullpage.html?res=9A02E7D71038F937A3575AC0A960958260.
- ^ "ද රෝල් ඔෆ් ඉන්ටර්නැෂනල් කමියුනිටි-ශ්‍රී ලංකා". හියුමන් රයිට්ස් වොච්. http://www.hrw.org/reports/1997/WR97/ASIA-06.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-05-26.
බාහිර සබැඳි
[සංස්කරණය]- "ටයිම් ලයින් ඔෆ් ද ටමිල් කන්ෆ්ලික්ට්". බීබීසී නිව්ස්. 2000-09-04.
- "ෆ්‍රොම් අනුරාධපුර ටු අනුරාධපුර". ද හින්දු. 2006-01-17.
- "මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්, පබ්ලික් සිකියුරිටි, ලෝ ඇන්ඩ් ඕඩර්, ශ්‍රී ලංකා".
- janes.com
- [1]
- [2]
- [3]
- [4]