ගෝමරන්කඩවල සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
ගෝමරන්කඩවල සමූලඝාතනය
Gomarankadawala massacre
ස්ථානයගෝමරන්කඩවල
දිනය2006 අප්‍රියෙල් 23 (UTC+5:30)
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම්
ආයුධය(න්)තුවක්කු
මරණ6
සැකකෙරෙන අපරාධකරුවාදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

2006 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ගම්මානයේදී සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කල අතර, එම ප්‍රහාරය ගෝමරන්කඩවල සමූලඝාතනය ලෙස හැඳින්වේ.

සිදුවීම[සංස්කරණය]

2006 අප්‍රියෙල් 23 වන දින, කල්‍යාණපුර, ගෝමරන්කඩවල කුඹුරක එරුණු ට්‍රැක්ටරයක්, සකසා ගනිමින් සිටි සිංහල සිවිල් වැසියන් 6 දෙනෙකු වෙතට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඝාතනය කොට පලා යන ලදී.

මරණයට පත්වූවන්[සංස්කරණය]

මෙම ප්‍රහාරයෙන් පාසල් සිසුන් 4 දෙනෙකු ඇතුළුව, සිවිල් වැසියන් 6 දෙනෙකුට සිය ජීවිත අහිමි විය.

මිය ගිය පිරිස,

  • එම්. ඩී. චමින්ද ප්‍රසන්න බණ්ඩාර (වයස 27, ග්‍රාමාරක්ෂකයෙක්)
  • ඒ. අනුර ශාන්ත අබේසේන (වයස 19 , පාසල් සිසුවෙක්)
  • ආර්. එරන්ද සඳරුවන් රූපසේන (වයස 15 , පාසල් සිසුවෙක් )
  • ඩී. ලලිත් බණ්ඩාර දිසානායක (වයස 15 , පාසල් සිසුවෙක්)
  • අජිත් කුමාර ආරියවංශ (වයස 19 , පාසල් සිසුවෙක්)
  • ඩී. වසන්ත කුමාර ( වයස 24 , ගොවියෙක්)

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගෝමරන්කඩවල_සමූලඝාතනය&oldid=591960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි