Jump to content

1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය
ස්ථානයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
දිනය11 ජූනි 1990
ඉලක්කයඅවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්
ප්‍රහාර මාදිලියඅවිගත් සමූලඝාතනය
ආයුධය(න්)තුවක්කු
මරණ600-774
අපරාධකරුවෝදෙඊවිකො


1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු, 1990 ජූනි 11 දින සිදුවූ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරි සමූල ඝාතනයකි. බෙදුම්වාදී සංවිධානයක්වූ , දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජීකයන් විසින්, [1] ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් 600 කට වැඩි ගණනක් ඝාතනය කල බවට සඳහන් වේ

පසුබිම

[සංස්කරණය]

ඉන්දියානු මැදිහත්වීම

[සංස්කරණය]

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම ප්‍රකාර, ඉන්දියානු සාම සාධක හමුදාව (අයිපීකේඑෆ්) 1987 ජූලි මසදී ශ්‍රී ලංකාවට පැමිණියහ. රට තුලඔවුන් ක්‍රියාත්මකව සිටීම, ශ්‍රී ලාංකික මහජනයාගේ සහ දේශපාලනඥයන්ගේ සතුට ගෙන දුන් කරුණක් නොවීය. 1989 ජනවාරි මසදී, ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ රජය බලයට පත් විය. ජනාධිපති ප්‍රේමදාසගේ මුල් අදහස වූයේ, රටෙහි උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල රෞද්‍ර බෙදුම්වාදී මෙහෙයුමක් දියත් කර සිටි දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සැලසුමක් වෙත පැමිණීමය. ශ්‍රී ලංකාව තුල ඉන්දියානු රැඳීසිටීම පිළිබඳ ප්‍රේමදාස මහතා හෝ සතුටට පත් නොවීය.[2] 1989 ජූනි මාසයේදී, ඔහු දෙඊවිකො සංවිධානය හා සමගින් සටන් නැවැත්වීමේ ගිවිසුමකට එළඹියේය. එහි නායකත්වය හා සමගින් හොඳ හිත දිනාගැනීමේ ප්‍රයත්නයක් ලෙසින්, ‍ප්‍රේමදාස මහතා විසින් හම සංවිධානයට විශාල ප්‍රමාණයක් අවි ලබා දුන්නේ (ඔවුන්ගේ ඉල්ලීම පරිදී), අයිපීකේඑෆ් හා සමග සටන් කිරීම සඳහාය. අයිපීකේඑෆ් යළි සිය රට යා යුතු බව 1989 වසර අගභාගය වන විට ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ දැඩි මහජන මතය නිසාය. ඉන්දියානු අග්‍රාමාත්‍යය විශ්වනාත් ප්‍රතාප් සිං මෙයට එකඟවී සිය හමුදා ඉවත් කර ගති.

සාම සාකච්ඡා බිඳවැටීම

[සංස්කරණය]

මේ අතර, විදේශ කටයුතු ඇමති අබ්දුල් කාදර් ෂාහුල් හමීඩ් නායකත්වය දැරූ ශ්‍රී ලාංකික රජයේ දූත පිරිසක් විසින් දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සාකච්ඡා පවත්වන ලදි.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "රිකෝලිං ද සෑඩස්ට් ඩේ ඉන් ශ්‍රී ලංකන් පලීස් හිස්ට්‍රි". ලංකා නිව්ස්පේපර්ස්. ලංකා නිව්ස්පේපර්ස්. 2011. සම්ප්‍රවේශය 2011-06-12.
  2. ^ "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, චැප්ටර් 44: ඊළම් වෝ - අගේන්". කේ. ටී. රාජසිංහම්. ඒෂියා ටයිම්ස්. 2002. සම්ප්‍රවේශය 2011-06-13.

බාහිර සබැඳි

[සංස්කරණය]