ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
සෝවියට් සංගමය විසින් අභ්‍යාවකාශගත කෙරුණු, අභ්‍යාවකාශ ගවේෂකයක් වූ ලූනා 2 1959 සැප්තැම්බර් 14 වන දනදී සඳෙහි පාෂ්ඨය මත ගැටුම් පතනය වීමත් සමගම චන්ද්‍ර ගවේෂණය භෞතික ලෙසින් ඇරඹිනි. එයට පෙර ගවේෂණය සඳහා පැවති එකම විධික්රමය වුයේ නිරීක්ෂණය පමණි. ප්‍රකාශ දුරේක්ෂයේ සොයාගැනීමත් සමගම චන්ද්‍ර නිරික්ෂණයන්හී තත්ත්වය පිලිබඳ යෝධ පිමිමක් පැනීමට හැකි විය. තාරකා විද්‍යාත්මක කටයුතු සදහා දුරේක්ෂ්යක් භාවිතා කල පළමු වැන්නා ලෙස ගැලීලියෝ ගැලීලි සම්මාන ලබයි. ඔහු විසින් 1609 දී සාදා ගන්නා ලද දුරේක්ෂය මගින් පළමුව නිරීක්ෂණය කරන ලද දේවල් අතරට චන්ද්‍ර පෘෂ්ඨය මත වු කඳු සහ ආවාට අයත් විය.
1969 දී නාසාහී ඇපලෝ ව්‍යාපෘතිය විසින් ප්‍රථම වරට සඳ මතට සාර්ථකව මිනිසුන් ගොඩ බස්වන ලදී. ඔවුන් එහිදී විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට පාෂෘණ හා දත්ත නැවත රැගෙන එන ලද අතර ඒවා ආශ්රයෙන් ඇඟවූයේ චන්ද්‍රයා සංයුතියෙන් පෘථිවියට සමරූපී බවයි. (තව දුරටත්...) -
Image 2යෝධ ග්‍රහලෝක හෝ දැවැන්ත ග්‍රහලෝක සමන්විත වන්නේ පෘථිවියට වඩා ප්‍රමාණයෙන් ඉතා විශාල ග්‍රහලෝක වලින් ය. සාමාන්‍යයෙන් යෝධ ග්‍රහලෝක, වායූන් හෝ අයිස් වැනි අඩු තාපාංකයක් ඇති ද්‍රව්‍යයන්ගෙන් සෑදී ඇති නමුත් පාෂාණ වැනි ඝන ද්‍රව්‍ය වලින් සෑදුනු යෝධ ග්‍රහලෝකද පවතී. සෞරග්‍රහ මණ්ඩලය තුල යෝධ ග්‍රහලෝක හතරක් ඇත. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ඒ හතර යි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට වෙනත් තාරකා වටා පරිභ්‍රමණය වන යෝධ ග්‍රහලෝක ද මේ වනවිට හඳුනාගෙන ගෙන ඇත.
යෝධ ග්‍රහලෝක ඇතැම් විටකදී බ්‍රහස්පතිගේ නමින් (ජුපිටර් නම් රෝමානු දෙවියා ජෝව් නමින් ද හැඳින්වීය) ජෝවියානු ග්‍රහලෝක ලෙස ද හැඳින්වේ. තවත් විටකදී ඒවා වායු යෝධයන් ලෙස ද හැඳින්වෙයි. නමුත් වර්තමානයේ බොහෝ තාරකා විද්‍යාඥයින් වායු යෝධයන් ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති සහ සෙනසුරු පමණක් වන අතර, අයිස් වලින් සමන්විත යුරේනස් සහ නෙප්චූන් අයිස් යෝධයන් ලෙස හඳුන්වයි. කෙසේ නමුත්, එම නම් දෙකම නොමග යවන සුළුය. මන්ද, සියලුම යෝධ ග්‍රහලෝක මූලිකව සමන්විත වන්නේ අවධි ලක්ෂ්‍යය ඉක්මවා ගිය තරල වලින් ය. එම තරලවලට වෙන් කොට හඳුනාගත හැකි වායුමය සහ ද්‍රවමය අවස්ථා නොමැත. සෙනසුරු සහ බ්‍රහස්පති, හයිඩ්රජන් සහ හීලියම් වලිනුත්, යුරේනස් සහ නෙප්චූන් ජලය, ඇමෝනියා සහ මීතේන් වලින් ද මූලිකව සමන්විත වේ. (තව දුරටත්...) -
Image 3
-
Image 4චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.
අතීත ආකාශ නිරීක්ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. (තව දුරටත්...) -
Image 5සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 6
ෆෝබෝස් (පද්ධතිමය නම් කිරීම : Mars I) යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. (අනිත් චන්ද්‍රයා වනුයේ ඩෙයිමොස්ය - Deimos) එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් (Ares) දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් (භීතිය යන අරුත) නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km(5823mi) ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් කිසිම ග්‍රහලොවක චන්ද්‍රයා මෙතරම් මව් ග්‍රහලොවට සමීපව පිහිටා නැත.
(තව දුරටත්...) -
Image 7
-
Image 8
-
Image 9මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි.
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය. (තව දුරටත්...) -
Image 10
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව