ජෝසුන්හි සොංජොං රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යි හ්යොල්
ජොසොන්හි රජ
රාජ්‍ය සමය 1469–1494
පූර්වප්‍රාප්තිකයා යේජොං (යි ග්වං)
අනුප්‍රාප්තිකයා යොන්සන්-ගුන් (යි යුං)
උපත 20 අගෝස්තු 1457
මරණය 20 ජනවාරි 1494 (36 වියැති)
බිසව ගොංහ්යේ අගබිසව
ජෙහොන්, ධුරයෙන් පහඛල අගබිසව
දරුවන් යි ර්යුං, රාජකීය කුමරු
යි යොක්, ජින්සොං ප්‍රධාන කුමරු
මරණාපර නාමය
කොරියාවේ මහා සොංජොං ගංජොං ඉන්මුන් හොන්මු හ්‍යුම්සොං ගොංහ්යෝ රජ
성종강정인문헌무흠성공효대왕
成宗康靖仁文憲武欽聖恭孝大王
විහාර නාමය
සොංජොං
ගෘහය ජොන්ජු යි
පියා උයිග්යොං, කිරුළහිමි කුමරු
මව හන් ආර්යාව, සෝහ්යේ අගබිසව ලෙස පිදුම් ලබයි
ඉන්සූ මව්බිසව ලෙස ද හඳන්වයි
ජෝසුන්හි සොංජොං රජ
හංගුල් 성종
හංජා 成宗
සංශෝධිත රොමානුකරණය Seongjong
මෙකන්–රයිෂවර් Sŏngchong
උපන් නම
හංගුල් 이혈
හංජා 李娎
සංශෝධිත රොමානුකරණය I Hyeol
මෙකන්–රයිෂවර් I Hyŏl

ජොසොන්හි සොංජොං (20 අගෝස්තු 1457 – 20 ජනවාරි 1494) කොරියාවේ ජොසොන් රාජවංශයේ නවවන පාලකයායි. ඔහු 1469දී සිහසුනට පත්වූයේ යේජොං රජුගෙන් පසුව වන අතර, 1494 තෙක් රාජ්‍ය පාලනය සිදුකළේ ය.

රාජ්‍ය සමය[සංස්කරණය]

ඔහු සෝජෝ රජුගේ මුණුපුරා වූ අතර, යේජොං රජුගේ බෑනා විය. ඔහු කිරුළහිමි උයිග්යොං කුමරුගේ දෙවන පුත්‍රයා විය. (කිරුළහිමි උයිග්යොං කුමරුගේ පළමු පුත්‍රයා වූයේ වොල්සන් ප්‍රධාන කුමරු (1454-1487) ය. ඔහු‍ ‍සොංජොං රජුගේ වැඩිමහල් සොහොයුරා ය.) ඔහු සිහසුනට පත්වූයේ 1469දී යේජොං රජුගේ මරණයත් සමගයි. මේ වන විට යේජොංගේ පුත්‍රයා සිහසුනට පත්වීමට ළාබාල වැඩි විය. සොංජොං ද සිහසුනට පත්වන විට ලාබාල වියේ පසු වූ බැවින් (සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 13කි) ඔහුගේ නාමයෙන් රාජ්‍ය පාලනය සිදු කරන ලද්දේ ඔහුගේ මිත්තණිය වූ ජොංහී අගබිසව සහ ඔහුගේ මව වූ ඉන්සු අගබිසව (ඉන්සු අගබිසව ලෙස හැඳින්වුණ ද ඇගේ සැමියා රජකු නොවී ය. නමුත් මරණයෙන් පසු ඔහුට රජ යන නාමය ප්‍රදානය කෙරිණි) විසිනි. 1476දී 20වන වියට එළඹීමෙන් පසු ඔහු තනිව රාජ්‍ය පාලනය ඇරඹී ය.

මොහුගේ රාජ්‍ය සමය ජාතික ආර්ථිකයේ සමෘද්ධිමත් යුගයක් ලෙස සැලකේ. මේ සඳහා පෙර සිටි තේජොං, සේජොං, සහ සේජෝ යන රජවරුන් පනවා තිබූ නීති ද ඉවහල් විය. එසේම මෙම රජු දක්ෂ පාලකයකු ලෙස ද සැලකෙයි. 1474දී පළමුව සේජෝ රජු විසින් නියෝග කර තිබූ නීති පද්ධතිය සම්පූර්ණ කොට ක්‍රියාවට නංවන ලද්දේ මෙම රජු විසිනි. මෙම නීති පද්ධතිය පිළිබඳ ප්‍රතිශෝධන සහ වැඩිදියුණු කිරීම් රැස‍ක් සොංජොං අතින් සිදු විය.

නීති පැණවීමට අමතරව, ඔහු කොන්ෆියුසියානු විද්වතුන් දිරිමත් කළේ ය. එකල රජුගේ රාජකීය පුස්තකාලය සහ උපදේශක මණ්ඩලය වූ හොංමුංවන් (홍문관, 弘文館) පුළුල් කළ ඔහු කාර්යාල ත්‍රිත්වය (හොංමුංවන්, පරීක්ෂක ජනරාල් කාර්යාලය, සමීක්ෂක කාර්යාලය) මාලිගයේ හරිවැරදි බැලීමේ සහ විවේචන මධ්‍යස්ථානය ලෙස ස්ථාපනය කළේ ය. සේජොං රජුගෙන් පසු ප්‍රථම වරට ඔහු, සේජෝ සහ තේජොං යන රජවරුන්ට බලයට පත්වීමට උපකාර කළ මධ්‍යස්ථ මතධාරී නිලධාරීන්ට ප්‍රතිපක්ෂ අදහස් දැරූ නිදහස් මතධාරී කොන්ෆියුසියානු විද්වතුන් සිය මාලිගයට කැඳවී ය. මේ අයුරින් ඔහු දේශපාලන මතය නොසලකා දක්ෂ පරිපාලන නිලධාරීන් පත්කිරීම හේතුවෙන් පාලනය කාර්යක්ෂම විය. ඔහුගේ මෙම ප්‍රතිපත්තිය කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර ලැබුණු අතර ඔහුගේ ආධාරකරුවන් සංඛ්‍යාව ද වැඩි විය. කලාශිල්පියකු මෙන්ම විද්වතකු ද වූ මේ රජු, දේශපාලන චින්තනය පිළිබඳ නිදහස් මතධාරීන් සමග තර්ක කිරීමට ප්‍රියතාවක් දැක්වී ය. මීට අමතරව රජු විසින් භූගෝලවිද්‍යාව සහ සමාජ ආචාර ධර්ම පිළිබඳ ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා විද්වතුන් දිරිමත් කරන ලදී. මෙය සාමාන්‍ය ජනයා අතර දැනුම ව්‍යාප්ත වීමට හේතු විය.

1941දී රජු විසින් උතුරු දේශසීමාවේ ජුර්චෙන්වරුන්ට එරෙහිව යුධ ව්‍යාපාර දියත් කරන ලදී. හියෝ ජොං (허종, 許琮) සෙන්පතියාගේ මෙහෙයවීමෙන් සිදු වූ මෙම ව්‍යාපාරය සාර්ථක විය. ඔවුහු උඩිගේ (兀狄哈) ගේ නායකත්වයෙන් යුතු ජුර්චෙන්වරුන්ව අම්රොක්ගංවලින් උතුරට පලවා හැරීමට සමත් වූහ. 1494දී සොංජොං රජුගෙන් පසු ඔහුගේ පුත් යොන්සන්ගුන් සිහසුනට පත් විය.

පවුල[සංස්කරණය]

  1. චොංජු හන් වංශයේ ගොංහ්යේ අගබිසව (공혜왕후 한씨, ඔක්තෝබර් 11, 1456 – අප්‍රේල් 15, 1474[7])
  • දරුවන් නැත.[8][9]
  1. හම්-අන් යූන් වංශයේ ජෙහොන් අගබිසව[10][11] (제헌왕후, 1445 – අගෝස්තු 6, 1482)[12][13]
    1. යි යුං, රාජකීය කුමරු (이륭 원자), 1වන පුත්‍රයා[14]
    2. නම් නොලද දරුවන් දෙදෙනෙක්
  2. යූන් චං-න්‍යොන් හෙවත් පප්යොං යූන් වංශයේ ජොංහ්යොන් අගබිසව[15] (윤창년 정현왕후, 1462–1530)[16]
    1. යි යොක්, ප්‍රධාන කුමරු, ජින්සොං (이역 진성대군), එකම පුත්‍රයා
    2. සුන්සුක් කුමරිය (순숙공주), 1වන දියණිය
    3. ෂින්සුක් කුමරිය (신숙공주), 2වන දියණිය
  3. අන්දොං කිම් වංශයේ රාජකීය වංශවත් මියොං බිසව (명빈 김씨)[17]
    1. යි ජොං, මුසන් කුමරු (이종 무산군), එකම පුත්‍රයා
  4. කිම් සුක්-උයි (숙의 김씨)
    1. හ්වයිසුක් කුමරිය (휘숙옹주, ?–?), 1වන දියණිය[18]
    2. ග්යොංසුක් කුමරිය (경숙옹주), 2වන දියණිය
    3. හ්වයිජොං කුමරිය (휘정옹주), 3වන දියණිය
  5. ජොං ගුම්-යි, චොග්යේ ජොං වංශයේ ග්වයි-ඉන් (귀인 정금이), (? – මාර්තු 20, 1504[19])[20]
    1. යි හං, අන්යං කුමරු (이항 안양군, 1480–1505), 1වන පුත්‍රයා
    2. යි බොං, බොංගන් කුමරු (이봉 봉안군, 1482–1505), 2වන පුත්‍රයා
    3. ජොංහ්යේ කුමරිය (정혜옹주, ?–1507), එකම දියණිය[21]
  6. ක්වොන් ග්වයි-ඉන් (귀인 권씨)
    1. යි බ්යොන්, ජොන්සොං කුමරු (이변 전성군), එකම පුත්‍රයා
  7. යොංවොල් ඉයොම් වංශයේ ඉයොම් ඉයුන්සොසා,[22] ග්වයි-ඉන්, (귀인 엄은소사, ? – මාර්තු 20, 1504)[23]
    1. ගොංෂින් කුමරිය (공신옹주, ?–?), එකම දියණිය[24]
  8. ලී සුක්-උයි (숙의 이씨)
  • දරුවන් නැත.
  1. හා සුක්-උයි (숙의 하씨)[25]
    1. යි සුන්, ග්යේසොං කුමරු (이순 계성군, 1478–1504), එකම පුත්‍රයා
  2. නම්යං හොං වංශයේ (숙의 홍씨, ?–?)[26]හොං සුක්-උයි[27]
    1. යි සූ, වන්වොන් කුමරු (이수 완원군, 1480–1509), 1වන පුත්‍රයා
    2. යි න්යොම්, හ්වෝයිසන් කුමරු (이념 회산군, 1481–1512), 2වන පුත්‍රයා
    3. යි දොන්, ග්යොන්සොං කුමරු (이돈 견성군), 3වන පුත්‍රයා
    4. යි හ්වොයි, ඉක්යං කුමරු (이회 익양군), 4වන පුත්‍රයා
    5. යි චිම්, ග්යොම්යොං කුමරු (이침 경명군), 5වන පුත්‍රයා
    6. යි ඉන්, ඉයුන්චොන් කුමරු (이인 은천군), 6වන පුත්‍රයා
    7. යි හුයි, යංවොන් කුමරු (이희 양원군), 7වන පුත්‍රයා
    8. හ්යේසුක් කුමරිය (혜숙옹주, ?–?), 1වන දියණිය[28]
    9. ජොංසුන් කුමරිය (정순옹주), 2වන දියණිය
    10. ජොංසුක් කුමරිය (정숙옹주), 3වන දියණිය
  3. නම් සුක්-උයි (숙의 남씨)
  • දරුවන් නැත.
  1. ෂිම් සුක්-යොං (숙용 심씨)
    1. යි ග්වන්, යිසොං කුමරු (이관 이성군, 1489–1552), 1වන පුත්‍රයා
    2. යි ජොන්, යොංගන් කුමරු (이전 영안군), 2වන පුත්‍රයා
    3. ග්යොංසුන් කුමරිය (경순옹주), 1වන දියණිය
    4. සුක්හ්යේ කුමරිය (숙혜옹주), 2වන දියණිය
  2. ක්වොන් සුක්-යොං (숙용 권씨)
    1. ග්යොංහ්වි කුමරිය (경휘옹주), එකම දියණිය
  3. යූන් සුක්-වොන් (숙원 윤씨)
  • දරුවන් නැත.

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා සොංජොං ගංජොං ඉන්මුන් හොන්මු හ්‍යුම්සොං ගොංහ්යෝ රජ
  • 성종강정인문헌무흠성공효대왕
  • 成宗康靖仁文憲武欽聖恭孝大王

මාධ්‍ය තුළ නිරූපණ[සංස්කරණය]

ඔහුගේ චරිතය 2003 රූපවාහිනී කතාමාලාවක් වන දේ ජං ගුම් තුළ, 2008 රූපවාහිනී කතාමාලාවක් වන ද කිං ඇන්ඩ් අයි සහ 2011 රූපවාහිනී කතාමාලාවක් වන ක්වීන් ඉන්සූ තුළ නිරූපිත ය.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඔහුට "දොක්ජොං" (덕종) යන මරණාපර නාමය ලබා දිණි
  2. පසුකාලීන වම් ප්‍රධාන රාජ්‍ය උපදේශක වූ යංජොල් මැතිතුමා (양절공) හෙවත් අභ්‍යන්තර කුමරු සෝවොන් (서원부원군) යනුවෙන් හැඳින්වුණු හ්වන් හ්වක් (한확) ගේ සහ හොං වංශයේ නම්යං ආර්යාවගේ සයවන දියණියයි.
  3. ඇගේ පීතෘ පාර්ශ්වීය නැන්දණියන් දෙදෙනකු අතර: චීනයේ යොංග්ලේ අධිරාජයා (永樂帝 영락제) මියගිය පසු ඝාතනය කොට භූමදාන කළ රූමත් ස්ත්‍රීන් 30 දෙනා අතුරින් අයකු වන කං හුයි ෂුවාං ෂු ලි බිසව (康惠莊淑麗妃 강혜장숙여비) සහ ඇගේ නැගණිය වූ ෂුවාන්දේ අධිරාජයාගේ අප්‍රකට උපබිසවක් වූ ගොං ෂෙන් ආර්යාව (恭愼夫人 공신부인) ද වේ.
  4. ඇගේ සැමියාගේ අක්ල මරණය හේතුවෙන් අගබිසව යන පදවිය මරණාපරව ප්‍රදානය කෙරුණකි.
  5. ඇ‍ය ඇගේ පුතු සහ මුණුපුරාගේ සමයේ "ඉන්සු වැන්දඹු රජබිසව" (인수대비) යන නාමය ඉසිලුවා ය. (ඇගේ මුණුපුරාගේ සමයේ ඇය මහා රාජකීය වැන්දඹු රජබිසව (대왕대비) ලෙස හැඳින්විණි)
  6. 1450දී එකල දෝවොන් කුමරුගේ (도원군) බිසව ලෙස විවාහ කරගැනිණි. 1455දී රාජකීය අනුප්‍රාප්තික කුමරුගේ බිසෝ කුමරිය ලෙස නම්කෙරිණි. එහිදී ඇයට රාජකීය වංශවත් ජොං බිසව (정빈; පසුව රාජකීය වංශවත් සූ බිසව (수빈) නම් වූ) යන නාමය හිමි විය
  7. චංදොක් මාලිගයේ (창덕궁) ගුහ්යොන් ශාලාව (구현전) තුළ දී මියගියා ය
  8. චුංසොං මැතිතුමා (충성공) හෙවත් අභ්‍යන්තර කුමාර සංදං (상당부원군) යනුවෙන් හැඳන්වුණු හන් ම්යොං-හ්වොයි (한명회) සහ මින් වංශයේ අභ්‍යන්තර කුමරුගේ බිසෝ කුමරියගේ (황려부부인 민씨) බාලම දියණියයි. ඇගේ වැඩිමහල් සොහොයුරිය වූ හන් නේං-යි (한냉이) පෙර සිටි රජුගේ ප්‍රථම බිරිඳ වූවා ය
  9. 1467දී (චොන්-ආන් ආර්යාව (천안군부인) ලෙසින්) එකල ජල්සන් යනුවෙන් හැඳින්වුණු කුමරුට (잘산군) විවාහ කර දෙන ලදී
  10. 1479 ජූනි 2වන දින ඇයව තනතුරින් ධුරයෙන් පහකිරීමත් සමග ඇයව "බලයෙන් පහකළ රැජින, යූන් ආර්යාව" (폐비 윤씨) ලෙස හැඳින්විණි. නමුත් මෙහි ඇති නාමය ඇගේ පුත් කුප්‍රකට පුත්‍රයා විසින් ඇයට මරණින් පසු ලබාදුන් නාමයකි.
  11. ගොංහ්යේ අගබිසව මියයාමට පෙර සොංජොංගේ හිටපු උපබිසවක් වූ ඇය සුක්-උයි ශ්‍රේණියේ උපබිසවක් වූවා ය. පළමු පුත්‍රයාට උපත ලබාදුන් පසු ඇයව අගබිසව තනතුරට ඔසවා තැබිණි.
  12. පසුකාලීන වම් ප්‍රධාන අමාත්‍ය (영의정) අභ්‍යන්තර කුමරු හම්-අන් (함안부원군) යනුවෙන් හැඳින්වුණු යූන් ගි-ග්යොන් (윤기견, ?-?; යූන් ගි-මෝ (윤기무) ලෙස ද හඳුන්වයි) සහ ගෝර්යොං ෂින් වංශයේ ෂින් ආර්යාවගේ (부부인 신씨) දියණියයි
  13. වාර්ෂික සටහන් අනුව (යොන්සන් කුමරුගේ 3වන වර්ෂය) ඇගේ රූමත් බව නෝගුක් කුමරියගේ මුහුණට සමාන විය.
  14. 1506 සැප්තැම්බර් 2වන දින ඇගේ ධුරයෙන් පහකිරීමෙන් පසු කුමරුට "ධුරයෙන් පහත හෙලූ යොන්සන් කුමරු" (연산군) යන නාමය ලබාදිණි
  15. 1473දී සුක්-උයි ශ්‍රේණියේ වූ සොංජොං රජුගේ උපබිසවකි. යූන් බිසව බලයෙන් පහකළ පසු 1479දී ඇයව අගබිසව තනතුරට පත්කරන ලදී.
  16. ප්යොංජොං මැතිතුමා (평정공) හෙවත් අභ්‍යන්තර කුමාර යොංවොන් (영원부원군) යනුවෙන් හැඳින්වුණු යූන් හෝ (윤호, 1424–1496) ගේ සහ ජොන් වංශයේ යොන්-අන් ආර්යාවගේ දියණියයි. යූන් පිල්-සං (윤필상, 1427 – අප්‍රේල් 14, 1504) ගේ වැඩිමහල් ඥාති සොහොයුරියයි
  17. එම වංශයේම එම ශ්‍රේණියේම වූ තේජොං රජුගේ උපබිසව නොව බව සලකන්න
  18. පසුව ඉම් සා-හොං (임사홍) ගේ 2වන පුත් ඉම් සුං-ජේ (임숭재) සමග විවාහ විය. ඔහුගේ වැඩිමහල් සොයුරා (ඉම් ග්වං-ජේ (임광재)) යනු යේජොං රජුගේ දියණියන්ගේ සැමියායි
  19. ගැප්ජා සාහ්වා (갑자사화) සිදුවීමට ප්‍රතිචාර ලෙස යොන්සන් කුමරුගේ අණපරිදි ඉහත කාන්තාවන් දෙදෙනාටම චංග්යොං මාලිගය (창경궁) තුළ දී වධහිංසා පමුණුවා මරණයට පත් කරන ලදී.
  20. ජොං ඉන්-සොක් (정인석, 1424–1504) ගේ දියණියයි
  21. පසුව හා ගි (한기) සමග විවාහ වූවා ය
  22. ඉයොම් ඉයුන්සෝයි (엄은소이) ලෙස ද හැඳින්වෙයි
  23. ඉයොම් සන්-සූ (엄산수) ගේ දියණියයි
  24. පසුව හන් ග්යොං-චිම් (한경침) සමග විවාහ විය.
  25. හා යොන් (하연) ගේ දියණියයි
  26. දොංජිජුංචු මහේස්ත්‍රාත් (동지중추부사) හොං ඉල්-දොං (홍일동) ගේ දියණියයි.
  27. සැබැවින්ම සෝ-යොං (소용) ශ්‍රේඛියේ උපබිසවකි. යොන්සන්ගුන් කුමරු විසින් සුක්-යොං (숙용) තනතුරටත්, 1506 සැප්තැම්බර් 2 කැරැල්ලෙන් පසු සුක්-උයි (숙의) තනතුරටත් ඔසවා තබන ලදී.
  28. පසුව (1490 අප්‍රේල් 27) ෂින් ජොං-හෝ‍ (신종호) ගේ පුත් ෂින් හං (신항) සමග විවාහ විය.
ජෝසුන්හි සොංජොං රජ
උපත: 1457 මරණය: 1494
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
යේජොං
ජොසොන්හි රජ
1469–1494
ජොංහුයි අගබිසව සහ ඉන්සූ අගබිසව සමග (1469–1477)
අනුප්‍රාප්තික වූයේ
යොන්සන්ගුන්
"https://si.wikipedia.org/w/index.php?title=ජෝසුන්හි_සොංජොං_රජ&oldid=400816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි