සමාජවාදය යනු
වාමාංශික සිට
අන්ත වාමාංශික ආර්ථික දර්ශනයක් සහ ව්‍යාපාරයක් වන අතර එය ආර්ථිකය තුළ සහ නිෂ්පාදන ව්‍යවසාය කළමනාකරණයේදී,
පුද්ගලික අයිතියට ප්රතිවිරුද්ධව, සේවක සහභාගිත්වය සහ
නිෂ්පාදන මාධ්‍යවල සමාජ හිමිකාරිත්වයේ ආධිපත්‍යය මගින් සංලක්ෂිත ආර්ථික පද්ධති පරාසයක් ආවරණය කරයි. සමාජ හිමිකම
පොදු,
සාමූහික හෝ
සමුපකාර විය හැක. නොයෙක් ආකාරයේ සමාජවාදයන් පවතින හෙයින් එය තනි නිර්වචනයකින් සංග්‍රහ නොකරන අතර, සමාජ හිමිකාරිත්වය ඒවායේ එකම පොදු ලක්ෂණය ලෙස දක්නට ලැබේ. සමාජවාදයේ විවිධ වර්ගවල වෙළඳපලවල භූමිකාව සහ සම්පත් වෙන්කිරීමේදී සැලසුම් කිරීම, සංවිධානවල කළමනාකාරිත්වයේ ව්‍යුහය මත පදනම්ව වෙනස් වේ. සමහර සමාජවාදීන් පක්ෂයකට, රාජ්‍යයකට හෝ තාක්ෂණික ප්රවේශයකට අනුග්‍රහය දක්වයි.
රජය, විශේෂයෙන්ම පවතින රජය, වෙනස් කිරීම සඳහා නිවැරදි වාහකය ද යන්න පිළිබඳව සමාජවාදීන් එකඟ නොවේ.
සමාජවාදී පද්ධති, වෙළඳපල නොවන ආකාරය සහ වෙළඳපල ආකාරය ලෙස බෙදා ඇත. වෙළඳපල නොවන සමාජවාදය සාධක වෙලඳපොලවල් ආදේශ කරන අතර බොහෝ විට මුදල් ඒකාබද්ධ ආර්ථික සැලසුම් සහ ඉංජිනේරු හෝ තාක්ෂණික නිර්ණායක මත පදනම් වූ ගණනය කිරීම් මත පදනම් වේ, එමඟින්
ධනවාදයට වඩා වෙනස් ආර්ථික නීති සහ ගතිකතාවයන් අනුව ක්‍රියා කරන වෙනස් ආර්ථික යාන්ත්‍රණයක් නිපදවයි. වෙළඳපල නොවන සමාජවාදී පද්ධතියක් උත්සාහ කරන්නේ, සමාජවාදීන්ට අනුව සම්ප්‍රදායිකව ධනවාදයේ ප්‍රාග්ධන සමුච්චය සහ ලාභ පද්ධතිය සමඟ සම්බන්ධ වන බව පෙනෙන අකාර්යක්ෂමතා, අතාර්කිකතා, අනපේක්ෂිත බව සහ අර්බුද ඉවත් කිරීමට යි. ඊට ප්රතිවිරුද්ධව, සමාජීය වශයෙන් හිමි ව්‍යවසායන් ක්‍රියාත්මක කිරීම සහ ඒවා අතර ප්‍රාග්ධන භාණ්ඩ වෙන් කිරීම සම්බන්ධයෙන් මූල්‍ය මිල, සාධක වෙලඳපොලවල් සහ, සමහර අවස්ථාවල ලාභ චේතනාව භාවිතා කිරීම ආදිය
වෙළඳපල සමාජවාදය විසින් රඳවා ගනී. මෙම සමාගම් විසින් උත්පාදනය කරන ලද ලාභ, එක් එක් ආයතනයේ ශ්‍රම බලකාය විසින් සෘජුවම පාලනය කරනු ලැබීම හෝ සමාජ ලාභාංශයක් ලෙස සමාජයට විශාල වශයෙන් එකතු වීම සිදු වේ.
අරාජකවාදය සහ
ලිබර්ටේරියන් සමාජවාදය, සමාජවාදය ස්ථාපිත කිරීමේ මාධ්‍යයක් ලෙස රාජ්‍යය භාවිතා කිරීමට විරුද්ධ වන අතර වෙළඳපල නොවන සමාජවාදය හෝ වෙළඳපල සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා, විමධ්‍යගතකරණය කිරීමට වැඩි අනුග්‍රහයක් දක්වයි. (
තව දුරටත්...)