Jump to content

ආගම් විරෝධය

විකිපීඩියා වෙතින්

ආගම් විරෝධය යනු ආගමික විශ්වාස සහ පිළිවෙත් කෙරෙහි ඇති විරෝධයයි.[1][2][3] සංවිධානාත්මක ආගම් වලට මෙන්ම අසංවිධානාත්මක අධිස්වභාවික විශ්වාස වලට ද, ආගමික වත්පිළිවෙත් සහ ආගමික ආයතන යනාදියට ද එරෙහි වීම ආගම් විරෝධයට අයත් වේ. මාක්ස්–ලෙනින්වාදී සෝවියට් සංගමය විසින් ආගම් වල වර්ධනයට එරෙහි වීම සඳහා රාජ්‍ය අදේවවාදය නම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී.

ආගම් විරෝධය සහ ප්‍රතිදේවවාදය එකිනෙකට වෙනස් වේ. ප්‍රතිදේවවාදීන් දෙවියන්වහන්සේ සහ වෙනත් දිව්‍යමය භූතාර්ථ විශ්වාස කිරිමට එරෙහි වන අතර, ආගම් විරෝධීන් ඊට වඩා පුළුල් වූ ආගමික විශ්වාස වලටද එරෙහි වේ. ආගම් විරෝධීන් අතර අදේවවාදීන් හෝ ප්‍රතිදේවවාදීන් සිටිය හැකි මුත්, අදේවවාදීන් සහ ප්‍රතිදේවවාදීන් සියල්ලෝම නිසගයෙන් ආගම් විරෝධී නොවේ.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Anti-religion". Merriam-Webster Dictionary. Merriam-Webster Online. සම්ප්‍රවේශය 26 September 2017.
  2. ^ "Antireligion". Collins Dictionary. Collins Dictionary Online. සම්ප්‍රවේශය 26 September 2017.
  3. ^ Bullivant, Stephen; Lee, Lois (2016). A Dictionary of Atheism. Oxford University Press. ISBN 9780191816819.
"https://si.wikipedia.org/w/index.php?title=ආගම්_විරෝධය&oldid=702061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි