නීතියේ ආධිපත්‍යය

විකිපීඩියා වෙතින්
ගොනුව:ෆ්‍රෙඩරික් ඩීල්මන් විසින් නිර්මාණය කරන ලද 'නීතිය' නමින් හැඳින්වෙන මොසැයික චිත්‍රය , 1847-1935.JPG
Mosaic නීතියේ අධිකරණ සහ නීති සම්පාදක යන අංගයන් දෙකම නියෝජනය කරයි. සිහසුන මත හිඳගෙන සිටින කාන්තාව කඩුවක් අතැතිව ඉන්නේ වරදකරැවන් මට්ටු කරන්නටත් සහ පාම් අත්ත palm branch අතැතිව ඉන්නේ යහපත් අයට ප්‍රශංසා කරන්නටත්ය. ඇයගේ හිස වටා ඇති රශ්මි වළල්ල Glory, සහ උඩුකය ආවරණය කර ඇති මිනර්වාගේ Minerva පළිහ aegis සංකේත කරන්නේ ප්‍රඥාවේ යුක්තිගරැක බවයි.[1]

යම් දේශයක් ආණ්ඩුකල යුත්තේ නීතිය මිස ආණ්ඩුවේ ඒ ඒ නිලධාරීන්ගේ අත්තනෝමතික හිතුවක්කාරී තීරණ නොවන බව පෙන්වා දෙන නෛතික මූල ධර්මය නීතියේ ආධිපත්‍යය (නමොක්‍රසිය යනුවෙන්ද හැදින්වේ) නම් වේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ නිලධාරීන් ගේ චාරිත්‍රමය හැසිරීම් ද ඇතුලත්ව, චාරිත්‍රමය හැසිරීම් වලට ප්‍රතිරෝධිත ලෙස සමාජය තුල නීතියේ බලපෑම සහ ආධිපත්‍යය බල ගැන්වීම කෙරෙහි එහි මූලික අවධානය යොමු කරනවා. [2] 19 වැනි සියවසේ සිටි බ්‍රිතාන්‍ය නීතිවේදී ඒ. වී. ඩයිසි විසින් ජනප්‍රිය කරනු ලදුව, මේ පදයේ නිරුක්තිය 16 වැනි සියවසේ එංගලන්තය දක්වා මුල් ඇදී යනු දැකගතහැකිය."ආණ්ඩුකල යුත්තේ නිතිය විසිනි " නම් පොත ලියූ ඇරිස්ටෝටල් වැනි පුරාතනයේ දාර්ශනිකයන් අතර පවා මෙම සංකල්පය ප්‍රචලිතව තිබී ඇත.[3]

නීති සම්පාදකයින් ඔවුනොවුන්ව ද ඇතුලත්ව ,සෑම පුරවැසියෙක් ම නීතියට යටත් බව නීතියේ ආධිපත්‍යය විසින් තහවුරු කරනවා. මේ අර්ථයෙන් එය සියලු එකාධිපත්‍යයන්ට ,සාමුහික ඒකාධිකාරිත්වයන්ට , ආඥාදායකත්වයන්ට හෝ පාලකයින් නීතියට ඉහළින් ස්ථානගත රදල ආණ්ඩුවලට ( නිර්වචනයෙන් අර්ථදැක්වීම ඇවැසි නොවුනද දර්ශීය ලෙස හදුනාගත හැකි ) එරෙහිව නැගී සිටිනවා. නීතියේ ආධිපත්‍යය අඩු ළුහුඩු වී අභාවයට යාම් ප්‍රජාතන්ත්‍රයන් තුල සහ ආඥාදායකත්වයන් තුල දකින්නට පුළුවන්, නිතිය නොතකා හැරීම හෝ නොසලකා හැරීම ,නීතියේ ආධිපත්‍යය සිය හැදියාව කොටගත් ස්වාධීන අධිකරණයක් තිබීම වැනි පරිපාලන අපයෝජනයන් නිවැරිදි කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීමෙන් ,අයුක්තියක් සිදුවූ විට එය නිවැරිදි කොට යුක්තිය ඉටුකරලීමට අභියාචනා කිරීමේ අයිතිය සැලසෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොමැතිවීම හෝ මැතිවරණ නොපැවැත්වීම නිසා මෙය සිදුවිය හැකිය.

  • ආශාවන්ගෙන් බලපෑම් නොලත් තාර්කික බුද්ධිය නීතියයි.නැත්නම් බුද්ධියේ උත්තරීතර ප්‍රතිඵලය නීතියයි. -ඇරිස්ටෝටල්-
  • නීතිය යනු රාජ්‍යය විසින් පනවනු ලබන අයිතිවාසිකම් හා යුතුකම් පද්ධතියකි.-ටි.එච් ග්‍රින්-

>නීතියේ මූලාශ්‍ර කිහිපයකි,

 1.ව්‍යවස්ථාදායකය
 2.අධිකරණය
 3.යුක්තිය
 4.ආගම හා සිරිත් විරිත්
 5.නීති විශාරදයින්ගේ මතවාද
  1. Cole, John et al. The Library of Congress, page 113 (W. W. Norton & Company 1997).
"https://si.wikipedia.org/w/index.php?title=නීතියේ_ආධිපත්‍යය&oldid=431768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි