මාධ්‍ය නිදහස

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)


මාධ්‍ය නිදහස යනු සිය පුරවැසයන්ට සහ ඔවුන්ගෙ සමාගම් වලට මෙන්ම ප්‍රවෘත්ති වාර්තා කරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රකාශනවලට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට රජයදී ඇති ඇපය ය. ප්‍රවෘත්ති එකතු කිරීම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනිමට ද මෙය අදාල වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සදහා ව්‍යවස්ථානුකූල හෝ නිතීමය ප්‍රතිප්‍රධාන පවති.


රාජ්‍ය තොරතුරු ලබාගැනිමේ දී තොරතුරු වර්ගිකරනයක් පැවැති සංවේදී ,වර්ගිකෘත්‍ය,රහසිගත හෝ ජාතික අභිලාශය සදහා අවශ්‍යය වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායෙන් කුමක් අනාවරනය කර යුතුද යන්න රජය තිර නාදය කරයි. බෝහෝ රටවල ජාතික අභලාශයේ සිමාවන් නිර්වචනනය සදහා මාධ්‍ය නිදහස පිළිබද නීති යොදා ගැනේ.

මූලික ප්‍රතිපත්ති[සංස්කරණය]

රජයේ නිදහස් මහජන මාධ්‍යයක් මගින් එහි පුද්ගලයින් සහ ඔවුනගේ සංගම්, ප්‍රවෘත්ති එක්සත් කිරිමේ සංවිධාන (ජනමාධ්‍යකරුවන්) සහ ඔවුන් නිකුත් කරන වාර්තාවලට ස බෙදාහැරීම සඳහා තොරතරු ලබාගැනිමේ ක්‍රියාවලිය දක්වා පැතිර යන්නනකි . බොහෝ රටවල මාධ්‍ය නිදහස පවත්වා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූල හෝ ව්‍යවස්ථාපිත ආරක්ෂණ යොදා ගනී.

රජයේ තොරතුරු වලට අනුබද්ධව, තොරතුරු වර්ගීකරණයට අනුව සංවේදි, වර්ගකල හෝ රහස් සහ මහජන කර්මාන්ත අනුව ආරක්ෂා කළ යුතු දේ රජය ‍වෙන්කර හඳුනාගෙන මහජනයාට ලබාදිමට හෝ ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතුයි.

ලොවපුරා මාධ්‍ය නිදහස[සංස්කරණය]

සෑම වසරකම,රටවල මාධ්‍ය නිදහස අනුව,Reporter without boders සංවිධානය රටවල් අනුපිළිවෙලකට සකස් කරයි. මේ අනුව මාධ්‍ය නිදහස පිළිබදව දර්ශකය සැකසෙන්නේ මාධ්‍ය සංවිධානවල සාමාජිකයන් සහ පර්යේෂකයන් මානව හිමිකම් ක්‍රීයාකාරීන් වැනි විශේෂඥයන් යොදා ගෙන සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල මතය. මෙම සමීක්ෂණයේ දී මාධ්‍ය නිදහසට ඇති තර්ජන,මාධ්‍යවේදීන්ට රාජ්‍ය නොවන සංවිධාන වලින් එල්ලවන පීඩා ආදිය පීළිබදව ප්‍රශ්න කෙරේ. මෙම දර්ශකය මාධ්‍ය නිදහස පිළිබදව පමණක් වන අතර මාධ්‍යයේ ගුණාත්මකබව සම්බන්ධ දර්ශකයක් නොවේ.


2003 දී වැඩිම මාධ්‍ය නිදහස සහිත රටවල් වූයේ ෆින්ලන්තය, අයිස්ලන්තය, නෙදර්ලන්තය සහ නෝවේය. 2004 දී මෙම රටවලට අමතරව ඩෙන්මාර්කය, අයර්ලන්තය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය සහ ලැට්වියාව ඉහළ තැන්වල රැදුණි.

මාධ්‍ය නිදහස අවම රටවල් ලෙස උතුරු කොරියාව, බුරුමය, ටර්ක්ටෙයිස්තානය , මහජන චින සමූහාණ්ඩුව, වියට්නාමය, නේපාලනය , සවුදි අරාබිය සහ ඉරාකය හඳුනාගෙන ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍යයන්[සංස්කරණය]

Reporter without boders සංවිධානයට අනුව ලොව ජනගහනයෙන් 1/3 ක් වැඩි පිරිසක් ජීවත් වන්නේ මාධ්‍ය නිදහස නොමැති රටවල්වලය. එසේම මෙම බොහෝ රටවල ප්‍රජාතන්ත්‍රවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ද දක්නට නොලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන රාජ්‍යයන්ගේ පැවැත්ම, පාලනය සහ ආරක්ෂාව සදහා තොරතුරු පාලනය අත්‍යවශ්‍යය බැවින් මෙවැනි රටවල මාධ්‍ය නිදහස ගැටලු සහගත තත්වයකට පත්ව ඇත. මේ නිසා මෙවන් රටවල වත්මන් දේශපාලන බලය රදවා ගැනීමට සහ එයට අභියෝග කිරීම වැළැක්වීමට රාජ්‍ය මාධ්‍ය යොදාගැනේ. මෙවනි රටක වෙනස් අදහසක් පළකරන මාධ්‍යවේදීන්ට තර්ජන, මරණ තර්ජන පැහැරගැනීම වදහින්සා මෙන්ම ඝාතනයට ද ලක්වීමට ද සිදුවී ඇත.


Repoters without boders සංවිධානයට අනුව 2003 දී සිය වෘත්තියේ නිරතවීමේ දී පත්‍රකලාවේදීන් 42 ක් ඝාතනනයට ලක්වූ අතර 130 ක් පමණ සිර ගත කෙරිනි.


2005 දී පත්‍රකලාවේදීන් 63ක් සහ මාධ්‍ය සහයකයින් 5 ක් ඝාතනය විය.

  • කසකස්ථානනයේ ලිරා බෙසෙටෝවා සිද්ධිය
  • වැරදි වචන හා ඡායාරූප භාවිතා කිරීම නිසා නේපාලයේ එරිත්‍රියාවේ සහ චීනයේ මාධ්‍යවේදීන්ට වසර ගණනාවක් සිර බත් කෑමට සිදුවිය.
  • යුක්රේනයේ ජෝප් ආර්. ගෝන්ගාඩිස් සිද්ධිය.


විදේශ වාර්තාකරුවන්ට තහනම් ප්‍රදේශ


  • රුසියාවේ චෙච්නියාව
  • ශ්‍රී ලංකාවේ යාපනය.
  • මියන්මාරය
  • ඉන්දුනීසියාවේ පැපුවානිව්ගිනියා
  • පකිස්ථානයේ වසිරිස්ථානය
  • මහජන චීන සමූහාණ්ඩුවේ ටිබෙටය


සංවර්ධිත රටවල මාධ්‍ය නිදහස යන්නෙන් අදහස් කෙරෙනුයේ ලිවීමෙන් හෝ වෙනත් මාර්ගයකින් සිය පුද්ගලික අදහස් හෝ නිර්මානශීලිත්වය එල දැක්වීම සදහා සියළු පුද්ගලයන්ට තිබෙන අයිතියයි. මානව හිමිකම් පිළිබදව විශ්ව ප්‍රකාශනයට අනුව සියලු දෙනාටම අදහස් පළ කිරීමට අයිතිය ඇත. බාධාවකින් තොරව අදහස් දැරීමේ නිදහස හා බාධාවකින් තොරව තොරතුරු සහ අදහස් සම්ප්‍රේෂණය කිරීමේ නිදහස ද මෙයට ඇතුලත්ය.

මෙම දර්ශනය ස්ථාවර කිරීම සදහා විද්‍යාත්මක පර්යේෂණ ප්‍රකාශනය මාධ්‍ය සහ මුදාණ ආදිය පිළිබඳව නීති සම්පාදනය කර ඇත. ඇතැම්විට එම නීතිය රටක ව්‍යවස්ථාවටද ඇතුලත්වේ. භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස මඟින් නීති පැනවීම හරහා මාධ්‍යට සහ පුද්ගලයන්ට සමානව සැලකිම දක්වා ඇත.


නෛතික නිර්වචනවලට අමතරව ලොව පුරාම මාධ්‍ය නිදහස මැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් වෙනත් මිමිද යොදාගැනේ
  • සීමාවිරහිත මධ්‍යවේදියෝ සංවිධානය විසින්, ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් ගණන ,හිංසා කරන ලද හෝ පිටුවහල් කරන ලද මාධ්‍ය වේදින් ගණන හෝ ගුවන් විදුලි රාජ්‍ය ඒකාධිකරණය ,මාධ්‍ය පාලනය සහ මාධ්‍ය ස්වාධීනත්වය මෙන්ම විදෙස් ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන දුෂ්කරතාද සැලකිල්ලට ගණු ලැබේ.


  • ජනමාධ්‍යවේදීන් සුරකීම සඳහා වන කමිටු සංවිධාන පරීක්ෂණ තොරතුරු සොයාගැනිම් සහ ප්‍රත්‍යක්ශ තොරතුරු යොදාගැනිම් මාධ්‍යවේදීන්ට සහය වේ. ජාත්‍යන්තර විදුලි පණිවිඩ ජාලයක් වන ජාත්‍යන්තර ප්‍රකාශන හුවමාරුව හරහා ප්‍රධාන පුවත් ලොව හා ආයතන අතර තොරතුරු හුවමාරු කර ගනි. ජනමාධ්‍යවේදීන් ඝාතන හෝ සිරකර තැබීම් පිළිබදව සොයා බැලේ. සෑම පරීක්ෂකයෙකුම ඝාතනයක් හෝ සිරගතකිරීමක් සම්බන්ධයෙන් ස්වාධීනව කරුණු සොයා බලා තහවුරු කරයි.
  • ෆ්‍රීඩම් හවුස් සංවිධාන පොදු ආර්ථික හා දේශපාලන පරිසරය අධ්‍යයනය කරමින්, මාධ්‍ය නිදහස ප්‍රයොගික පැවතිම වලක්වන පරායර්ත සම්බන්ධතා පවත් වන්නේ දැයි සොයා බලයි.මේ අනුව මාධ්‍ය සංවිධාන යන සංකල්පය මාධ්‍ය නිදහසටද බෙදී පවති .
"https://si.wikipedia.org/w/index.php?title=මාධ්‍ය_නිදහස&oldid=517064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි