ද්වාරය:රසායන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රසායන විද්‍යාව ද්වාරය

කෙටි මග:
P:CHEM
Colourful solutions in test-tubes.
ආයුබෝවන්! මේ රසායන විද්‍යා ද්වාරයයි. රසායන විද්‍යාව, විද්‍යාවෙහි ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. රසායනික ද්‍රව්‍ය වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන රසායනික විපර්යාස පිළිබඳවද රසායන විද්‍යාවෙහිදී හදාරනු ලැබේ.

රසායන විද්‍යාව (ඊජිප්තු බසින් keme යනු පෘථිවිය යන්නයි) යනු පදාර්ථය සෑදී ඇති ආකාරය යොදාගත හැකි ආකාර , සංයෝජනයන් ගැන හැදෑරීම මෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක අභ්‍යන්තරය හැදෑරීමයි. අතීතය දෙස හැරී බලන විට රසායන විද්‍යාව ඇල්කෙමි යුගයෙන් ඉවත්ව නූතන රසායන විද්‍යාව ආරම්භවීම 1773 දී සිදු වූ රසායන විද්‍යා විප්ලවයෙන් සිදුවුනි. රසායන විද්‍යාව යනු න්‍යෂ්ටි , පරමාණු, ස්ඵටික මෙන්ම සමස්ත පදාර්ථය පිළිබදව තනි තනිව හෝ සංයෝග වශයෙන් භෞතිකව හැදෑරීමයි. එමෙන්ම එයට ශක්තිය හා එන්ට්‍රොපි පිළිබදව සංකල්ප ද ඇතුළත් වේ.

රසායන විද්‍යාව හැදෑරීමේ පහසුව සදහා එය එහි හැසිරීම් අනුව කොටස්වලට වෙන් කර ඇත. ඒවා නම් අකාබනික රසායනය එනම් අකාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. කාබනික රසායනය , කාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. ජෛව රසායන විද්‍යාව එනම් සතුන්ගේ විවිධ පද්ධතිවලදී හමුවන රසායන ද්‍රව්‍ය පිළිබද හැදෑරීම.භෞතික රසායන විද්‍යාව පදාර්ථයේ විවිධ පද්ධතින්වලට නියමිත ප්‍රමාණවල ශක්තිය පිළිබද හැදෑරීම. ප්‍රමාණාත්මක රසායන විද්‍යාව එනම් යම්කිසි ද්‍රව්‍යයක් සෑදී අති ද්‍රව්‍ය පිළිබද හැදෑරීම හා එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබද හැදෑරීම. එමෙන්ම තවත් බොහෝ විශේෂිත කොටස්වලට නූතනයේදී රසායන විද්‍යාව බෙදී පවතී. උදා - ස්නායු රසායන විද්‍යාව එනම් ස්නායු පිළිබදව රසායනිකව සිදු කරන හැදෑරීමයි.

රසායන විද්‍යාව යනු පරමාණු හෝ ප්‍රෝටෝන , නියුට්‍රෝන , ඉලෙක්ට්‍රෝන වැනි උපපරමාණුක අංශුවල අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබදවත් විද්‍යාත්මකව හැදෑරීමයි. පරමාණු සංයෝජනය වී අණු හෝ ස්ඵටික සාදයි. තාරකා විද්‍යාව , භෞතික විද්‍යාව , ජීව විද්‍යාව හා භූ විද්‍යාව වැනි අනෙකුත් ස්වාභාවික විද්‍යා සමග සෘජු සබදතා දක්වන නිසා රසායන විද්‍යාව ප්‍රධාන විද්‍යාව ලෙසද හැදින්වේ.

ද්වාර පටුන
තෝරාගත් ලිපිය - තෝරාගත් රූපය - ප්‍රවෘත්ති - තෝරාගත් චරිතාපදානය - රසායන විද්‍යාවේ ඉතිහාසය - ශිල්පක්‍රම - උපකරණ - සමාජය තුළ රසායන විද්‍යාව - රසායන විද්‍යාව හා කර්මාන්ත - ආවර්තිතා වගුව - සම්පත් - විකිව්‍යාපෘති - ඔබට කළහැකි දේ - මේ මාසයේ සහයෝගිත්වය - අදාළ ද්වාර - හවුල් විකිමාධ්‍යය

තෝරාගත් ලිපිය

Sodium knife-cut.jpg

සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.

සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් 1807 දී ධාරාවක් විලීනසෝඩියම් හයි‍ඩ්‍රොක්සයිඩ් හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුඬව නොපවතී, මන්‍දයත් එය වේගයෙන් වාතයේදී ඔක්සීකරණය වීම හා වේගයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය හයිඩ්‍රොකාබන් තුල ගබඩා කෙරේ. සංශුඬ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.

සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය ක්ලෝරයිඩ් අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ්, හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.

තෝරාගත් රූපය

Pouring liquid mercury bionerd.jpg

රසදිය (ඉංග්‍රිසියෙන් මර්කරි) යනු Hg යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 80 සහිත රසායනික මූලද්‍රව්‍යයකි. රසදිය සහ එහි බොහෝ සංයෝග අතිශයින් විස සහිත වන අතර පරිස්සමින් පරිහරණය කළ යුතුයි; රසදිය හා සම්බන්ධ ඉසිරීම් වලදී (සමහරක් උෂ්ණත්වමාන හෝ ප්‍රතිදීප්ත විදුලි බුබුළු වලින් වැනි), විශේෂිත පිරිසිදු කිරීමේ පටිපාටි භාවිතා කරන්නේ නිරාවරණය මගහැරීමට සහ ඉසිරීම සීමා කරගැනුමටය. නියමාවලීන් විසින් කියාසිටිනුයේ, දැඩි පෘස්ඨයන් මත වන්නාවූ කුඩා බිඳිති භෞතික වශයෙන් එක්කාසු කිරීමෙන්, ඇස් බිංදුකරයක් මගින් පහසුවෙන් ඉවත් කර ගත හැකි වන අයුරින්, එක් විශාල සංසදයක් බවට පත්කිරීම හෝ බැහැර දිය හැකි බඳුනකට සෙමෙන් තල්ලු කිරීම කළ යුතු බවයි.

ප්‍රධාන මාතෘකා

රසායන විද්‍යාවේ ඉතිහාසය

රසායන විද්‍යාවේ සම්පත්

තෝරාගත් චරිතාපදානය

Niels Bohr.jpg

නීල්ස් බෝර් හෙවත් නීල්ස් හොන්රික් ඩේවිඩ් ‍‍බෝර් 1885 ඩෙන්‍මාර්ක් හි කෝපන් හෙගන් නගරයේ උපත ලැබීය . ඔහුගේ පියා කොපන්නේගන් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යා මහාචාර්යවරයකි. මව ඔලන් ඇල් නම් වූවාය. ඔහු උපාධි ‍අ‍පේක්ෂකයකු හා වෛද්‍ය ශිෂ්‍යයෙකු වශයෙන් කොපන්හෙගන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේය. 1911 දි ඔහු ආචාර්ය උපාධිය ලබාගත්තේය. මැන්චෙස්ටර් සරසවියේ අර්නස්ට් රදෆොඩ් ආකෘතිය ඔහු ප්‍රකාශ කළේය. නීල් බෝහර්හට දරුවන් හය දෙනෙකි. ඒ අතරින් දෙදෙනෙක් තරුණ කාලයේ මියගියහ. සෙසු ළමයි ජීවිත සාර්ථක කර ගත්හ. 1916 දි නීල් බෝහර් කොපනේනගන් සරසවියේ මහාචාර්යවරයෙකු බවට පත්විය. 1920 දි ඔහු සිද්ධාන්තමය භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක ධූරයට පත්විය. ඔහුට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමිවිය. මැක්ස්ප්ලෑන්ක් හා බො‍හර් ඉන්ස්ටීන් අතර ‍බෝහර්ගේ සිද්ධාන්ත පිළිබඳ විවාද ඇතිවිය. 1943 දි ජර්මන් පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමට පෙර ඔහු ස්වීඩනයට ගියේය. අනතුරුව ලන්ඩනයට ගියේය.

ඇමරිකාවේ අතිශය රහසිගත පරීක්ෂණාගාරයක් වන ‍ලොස් ඇල්මෝස්හි මෑන්හැට්න් ව්‍යාපෘතියේ ඔහු සේවය කළේය. ඔහුගේ කාර්යය වුයේ උපදේශනය සැපයීමයි. ඔහු පරමාණු පිළිබඳ සැළකිලිමත් විය. පරමාණු රහස් අන්තර් ජාතික විද්‍යාත්මක ප්‍රජාව අතර බෙදාගත යුතුය යන්නය ඔහුගේ විශ්වාසය විය. ඔහු ඇමරිකානු ජනාධිපති තේරූන්ක්ලින් රොසවෙල්ට් හමු වී මෑන් හෑට්න් ව්‍යාපෘතිය රුසියානුවන් අතරේ බෙදාගත යුතු යැයි කියා සිටියේය. එහෙත් ජනාධිපති එය ප්‍රතික්ෂේප කළේය. කෝපන් නෙගන් සාමකාමී න්‍යෂ්ටික පරිභෝජනයට උපදෙස් දුන්නේය. ඔහුට ඩැනිෂ් රාජ්‍යයෙන් "order of the Elephant" සම්මානය පිරිනැමිණි.

රසායනඥයන් භාවිතා කරන ශිල්පක්‍රම

රසායනඥයන් භාවිතා කරන උපකරණ

සමාජය තුළ රසායන විද්‍යාව

රසායන විද්‍යාව හා කර්මාන්ත

විකිව්‍යාපෘති

ආවර්තිතා වගුව

කාණ්ඩය # 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
ආවර්තය
1 1
H

2
He
2 3
Li
4
Be

5
B
6
C
7
N
8
O
9
F
10
Ne
3 11
Na
12
Mg

13
Al
14
Si
15
P
16
S
17
Cl
18
Ar
4 19
K
20
Ca
21
Sc
22
Ti
23
V
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
5 37
Rb
38
Sr
39
Y
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
I
54
Xe
6 55
Cs
56
Ba
*
72
Hf
73
Ta
74
W
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
7 87
Fr
88
Ra
**
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Uut
114
Uuq
115
Uup
116
Uuh
117
Uus
118
Uuo

* ලැන්තනන 57
La
58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu

** ඇක්ටිනොන් 89
Ac
90
Th
91
Pa
92
U
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr

පරමාණුක ක්‍රමාංකයෙහි වර්ණ මගින් සම්මත උෂ්ණත්වය සහ පීඩනය (0 °C සහ 1 atm) වන විට එහි තත්ත්වය පෙන්වයි
ඝන ද්‍රව වායු අඥාත
රැළි තිර මගින් ස්වාභාවික සිදුවීම් පෙන්වයි
මූලාවස්ථික ක්ෂය වන සංයෝගාත්මක (සොයානොගත්)

ඔබට කළහැකි දේ

මේ මාසයේ සහයෝගිත්වය

අදාළ ද්වාර

හවුල් විකිමාධ්‍යය

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·
"http://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:රසායන_විද්‍යාව&oldid=319399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි