භෞතික රසායන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භෞතික රසායන විද්‍යාව යනු මහේක්ෂීය, අන්වීක්ෂීය , පරමාණුක , අණු පරමාණුක සහ අංශුමය රසායනික ක්‍රියාවලියක කොටස් හැදෑරීමට භෞතික විද්‍යාවේ යොදා ගැනීම යි. මේ සඳහා භාව්තික විද්‍යාවෙහි එන තාප ගති විද්‍යාවේ , කොන්ටම් රසායනික විද්‍යවේ, ස්ථිතිමය ක්‍රියාවලියේ සහ චාලක විද්‍යාවේ මූලිකාංග සහ යෙදවීම් උපයෝගී කරගනියි. එය බොහෝ විට පෙන්නුම් කරන්නේ රසායන විද්‍යාවේ ඉතා පුළුල් ක්ෂේත්‍රයක් ලෙසය . එහදී බොහෝ උප මූලිකාංග යොදාගනී. කොන්ටම් ක්‍රියාවලිය භෞතික රසායන විද්‍යාවේ යොදාගනු ලබන්නේ පරමාණුක සහ විශේෂ අංශුමය රසායනික අන්තර්ක්‍රියා හෝ පර්යේෂණ සඳහා ය.

භෞතික රසායනික විද්‍යාව බොහෝ විට බහු අණුක විද්‍යාවක් ලෙස ද හඳුන්වනු ලබයි. එසේ හඳුන්වනු ලබන්නේ භෞතික රසායනික විද්‍යාව සකස් වී ඇති බොහෝ ප්‍රධාන මූලිකාංග පදනම් වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම බහු අණුක සංකල්ප මතයි. උදාහරණ ලෙස රසායනික සමතුලිතතාව, කලිල සංකල්පය දැක්විය හැක. භෞතික විද්‍යාව ප්‍රතිකාර කිරීමට උත්සාහ දරණු ලබන සම්බන්ධතාවයෙහි අඩංගු වන ප්‍රතිඵල නම්

  1. යම් යම් ද්‍රව්‍යවල භෞතික තත්ව මත අන්තර් අණුක බලපෑම් (සුවිකාර්යතාවය , ආතන්‍ය ප්‍රබලතාවය, ද්‍රව්‍යවල මතුපිට පීඩනය)
  2. ප්‍රතික්‍රියක ප්‍රමාණය මත චාලක විද්‍යාවේ ප්‍රතික්‍රියාව
  3. යම් යම් ද්‍රව්‍යයවල විද්‍යුත් ක්‍රියාවලිය මත අයන හඳුනාගැනීම

ඉතිහාසය[සංස්කරණය]

භෞතික විද්‍යාව නැමැති යෙදුම ප්‍රථමයෙන් හඳුන්වාදුන්නේ යයි පිළිගැනෙ‍න්නේ මිකෙල් ලොමොනොසෝ නැමැති පුද්ගලයාගේ ‘භෞතික රසායනවාදය පිළිබඳ සත්‍යතාවය’(A Courses in true Physical Chemistry) නැමති පිටර්ස්බර්ග් සරසවියේ ළමුන් ඉදිරිපිට පැවැත් වූ දේශනයේ දී බවයි.

‍නුතන භෞතික විද්‍යාවට පදනම දැමුවේ යයි විශ්වාස කරන්නේ 1876 දී ජෝසියා විලට් ගිප්ස් නැමැත්‍තා ඔහුගේ ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. එය ලියැවුයේ විෂමජාතීය මුලිකාංගවල තුලිතතාවය පිළිබඳවයි. එහි භෞතික විද්‍යාව පිළිබඳ බොහෝ කරුණු අඩංගු වේ. ඒවා නම් රසායනික විභවතාවය, ගිබ්ස්ගේ ශක්තිය , ගිබ්ස්ගේ කලාප නියමය යන කරුණුය. එමෙන්ම බහු අණුක ක්‍රියාවලීන් සඳහා ද හයිකේ කැමරලින් ඕන්ස් (Heike Kamerlingh Onnes) වැනි ක්‍රියාවලීන් සඳහා ද නාමකරණය සඳහා මෙය උපකාරී විය.

රසායනික භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රකාශයට පත් කළ ප්‍රථම විද්‍යාත්මක සඟරාව Zeitchrift für physikalische Chemie නම් ජර්මානු සඟරාවයි.මෙය ප්‍රකාශයට පත් කරන කද්දේ 1887 විලෙම් ඔස්ක්වෝල්ඩ් සහ ජැකොබොස් හෙන්රිකස් නැමති පුද්ගලයින් දෙදෙනෙක් විසිනි. 19 වන ශත වර්ෂයේ අග භාගය සහ 20 වන ශත වර්ෂය සළකන විට මෙම කාර්යභාරයන් ඉතාමත් වැදගත් වු අතර 1901 - 1909 පමණ කාලයෙදී රසායන විද්‍යාව සඳහා වු නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය. රසායන විද්‍යාවට අදාල වු පර්යේෂණ ක්‍රමවේදයන් තාක්ෂණයේ දියුණුවන් සමග වඩාත් සාර්ථක ලෙස දියුණුවට පත් විය.වර්ණාවලීක්ශවේදයේ විවිධ වු ක්‍රමයන් භවිතයට එක් වු අතර අධෝරක්ත වර්ණාවලීක්ශවේදය , ක්ෂුද්‍ර තරංග වර්ණාවලීක්ශවේදය ආදිය ඉන් ප්‍රධාන තැනක් ගනී.

භෞතික රසායන විද්‍යාවේ වැඩි දුර සංවර්ධනයත් න්‍යෂ්ටික රසායන විද්‍යාවේ දියුණුවත් සමග සිදු විය.විශේෂයෙන් දෙවන ලෝක යුධ සමය ආශ්‍රිතව දියුණු වු සංස්ථානික විඛණ්ඩනය , අභ්‍යවකාශ රසායන විද්‍යාවේ නුතන සොයාගැනීම්, ගණනය කරන ක්‍රමවෙදයන්ගේ සිදුවු නුතන සොයාගැනීම් නුතන භෞතික රසායන විද්‍යාවේ ඉදිරි ගමනට විශාල ලෙස පාදක වී ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=භෞතික_රසායන_විද්‍යාව&oldid=318746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි