ටින්

විකිපීඩියා වෙතින්

ටින් යනු, Sn  යන සංකේතය සහිත පරමාණුක ක්‍රමාංකය 50 ක් වන රසායනික මූලද්‍රව්‍යයකි. එය, ආවර්තිතා වගුවෙහි 14වන කාණ්ඩයෙහි ප්‍රධාන කාණ්ඩ ලෝහයකි. ටින් මූලද්‍රව්‍යය සහ එය සමීපයෙහි පිහිටන කාණ්ඩය-14 මූලද්‍රව්‍යයන් වන, ජර්මේනියම් සහ ලෙඩ් යන මූලද්‍රව්‍යයන් අතර රසායනික සමරූපතාවයක් දක්වනු ලබයි. +2 සහ එයට වඩා ස්වල්පයක් ස්ථායි ස්වභාවයක් දක්වන +4 යන ඔක්සිකරණ තත්ත්වයන් දෙකක් ටින් මූලද්‍රව්‍යයට සතු විය හැක. ටින් යනු, සුලභ්‍යත්වය අතින් 49වන ස්ථානය ගන්නා මූලද්‍රව්‍යය වන අතර, ස්ථායි සමස්ථානික 10 කට හිමිකම් පාමින්, ආවර්තිතා වගුවෙහි වඩාත්ම ස්ථායි සමස්ථානික සතු වන්නාවූ මූලද්‍රව්‍යය වෙයි. රිදීවන්, ආහන්‍ය, පශ්චාත්-ආන්තරික ලෝහයක් වන, වාතයේදී පහසුවෙන් ඔක්සිකෘත නොවන්නාවූ සහ, ප්‍රධාන වශයෙන් කැසිටරයිට් ඛනිජය වෙතින් ලබා ගන්නා එය, එම ඛනිජයෙහි ටින් ඔක්සයිඩ්, SnO2 ලෙසින් පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=ටින්&oldid=353598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි