සෝඩියම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය Na ( ලතින් නේට්‍රියම් හෝ අරාබි ناترون නේට්‍රන්; ඊජිප්තු නෙට්ජර්ජ්)

N35
D21
X1
G14

වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.

සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් හම්ප්‍රි ඩේවි විසින් 1807 දී ධාරාවක් විලීනසෝඩියම් හයි‍ඩ්‍රොක්සයිඩ් හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුඬව නොපවතී, මන්‍දයත් එය වේගයෙන් වාතයේදී ඔක්සීකරණය වීම හා වේගයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය හයිඩ්‍රොකාබන් තුල ගබඩා කෙරේ. සංශුඬ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.

සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය ක්ලෝරයිඩ් අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල සෝඩියම් ක්ලෝරයිඩ්, හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.

සෝඩියම් සත්‍වයින්ට (මිනිසා ද ඇතුළුව) සහ ඇතැම් ශාක සඳහා ආහාරමය ඛනිජයක් ලෙස අත්‍යවශ්‍ය අංගයකි. සත්‍වයින් තුළ සෝඩියම් අයනපොටෑසියම් අයන වෙන්කර ගැනීමට භාවිතා වන අතර, ස්ථිති විද්‍යුත් ආරෝපණ සෛල පටල මත සැකසීම සඳහා අවයව සඳහා ඉඩ‍දීම ද සිදුකෙරේ. එමඟින් ස්නායු පඬතිය තුළ අදහස් හුවමාරුවට ඉඩ සැලැසේ. සෝඩියම් සත්‍වයින් සඳහා “ආහාරමය අකාබනික ඛනිජයකි”. පොලොවේ සෝඩියම්හි සාපේක්‍ෂ දුර්ලභතාවය ජලයේ දියැවීම මත රඳා පවතී අතර එය වර්ෂාව නිසා ක්‍ෂය වේ.

සෝඩියම් ආවර්තිතා වගුවේ දැක්වෙන ආකාරය

ලක්‍ෂණ[සංස්කරණය]

පිහියකින් වුව කැපිය හැකි සෝඩියම් මෘදු ලෝහයකි.

කාමර උෂ්ණත්‍වයේදී, සෝඩියම් ලෝහය පිහියකින් කැපිය හැකි තරම් මෘදු වේ. වාතයේදී, නිරාවරණිත අළුත් කැබැලිවල තද රිදී ලෝහමය දීප්තිය වේගයෙන් දුර්වර්ණ වේ. ක්‍ෂාර ලෝහවල දෘඪතාව සාමාන්‍යයෙන් පරමාණුක ක්‍රමාංකයට අනුලෝමව සමානුපාතික වේ, නමුදු සෝඩියම් පොටෑසියම්වලට වඩා දැඩිය. සෝඩියම් තරමක් හොඳ තාප සන්නායකයකි.

රසායනික ගුණ[සංස්කරණය]

සෝඩියම් ලෝහය (ca. 10 g) තෙල් මත

වෙනත් ක්‍ෂාර ලෝහ සමග සංසන්‍දවයේදී, සෝඩියම් සාමාන්‍යයෙන් පොටෑසියම් වල‍ට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය අඩු අතර ලිතියම් වල‍ට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය වැඩි බව "අවර්තිතා න්‍යාය" අනුව: උදාහරණයක් ලෙස; ජලය සමග හා ක්ලෝරීන් වායුව සමග ප්‍රතික්‍රියාව ආදිය දැක්විය හැක.

සංයෝග[සංස්කරණය]

සෝඩියම් සංයෝග වැදගත් වන්නේ, වීදුරු, ලෝහ, කඩදාසි, පෙට්‍රෝලියම්, ෆිරොතිනික්, සබන්, සහ ඇඟළුම් කර්‍මාන්ත සඳහා ය. දෘඪ සබන් සාමාන්‍යයෙන් තෙල් සහිත අම්ල, සෝඩියම් ලවණ (පොටෑසියම් මෘදු හෝ ද්‍රව සබන් නිපදවයි). සෝඩියම් සංයෝග that are the most important to industries are සාමාන්‍ය ලුණු (NaCl), සෝඩා අළු (Na2CO3), බේකින් සෝඩා (NaHCO3), කෝස්ටික් සෝඩා (NaOH), සෝඩියම් නයිට්‍රේට් (NaNO3), ද්වි හා ත්‍රිත්‍ව සෝඩියම් පොස්පේට, සෝඩියම් තියෝසල්ෆේට් (Na2S2O3 · 5H2O), සහ බොරැක්ස් (Na2B4O7·10H2O).

වර්ණාවලීක්‍ෂණය[සංස්කරණය]

සෝඩියම් වර්ණාවලිය
වීදි ලාම්පුවක සම්පූර්ණ බලයකදී අඩු පීඩන සෝඩියම් /සෝඩියම් ඔක්සයිඩ
උච්ච වායුගෝලයේදී සෝඩියම් පරමාණු උද්දීපනයට ස්ටාර්ෆයර් ප්‍රකාශ පර්යේෂණ අඩවිය හි භාවිතා කරන ලද සෝඩියම් D රේඛාවෙහි D2A සංරචකයට සුසර කරන ලද FASORයක් .

සෝඩියම් හෝ එම සංයෝග ගිනි දැල්ලකට ඇල්ලූ විට, දීප්තිමත් කහ පැහැ දැල්ලක් සහිතව දැවේ.

සමස්ථානික[සංස්කරණය]

සෝඩියම් සඳහා සමස්ථානිකයෝ 30ක් පමණ වෙති.

ඉතිහාසය[සංස්කරණය]

සෝඩියම් දැවීම් පරීක්‍ෂණය දීප්තිමත් කහ පැහැය "sodium D-lines" at 588.9950 and 589.5924 nanometers අනුව විමෝචනය

ලුණු මිනිසාට ඉතා අත්‍යාවශ්‍ය සාධකයකි, එසේ ම එය සැලරි (salary) [හෙවත් සැලරියම්(salarium)] යන ඉංග්‍රීසි වචනය, අනුව රෝමානු සොල්දාදුවන්ට වැටුප් සේ ගෙවන ලදී.

සෝඩියම්වල රසායනික කෙටි යෙදුම Na හඳුන්වා දෙන ලද්දේ ජෝන්ස් ජැකොබ් බර්සිලස් විසින් ලතින් මූලද්‍රව්‍ය අනුපිලිවෙල අනුව නේට්‍රියම්(natrium) හෙවත් ඊජිප්තු බසින් නේට්‍රන්(natron) වන ස්‍වාභාවික ඛනිජමය ලුණු (සෝඩියම් කාබනේට්) යන වචනය සංක්‍ෂිප්ත කිරීමෙනි.

සෝඩියම් ප්‍රථම වරට වානිජමයව නිපදවන ලද්දේ1855දී සෝඩියම් කාබනේට් සමග කාබන් 1100 °C යටතේ උෂ්ණත්‍ව අඩුකිරීම, හෙවත් ඩෙවිල් ක්‍රියාව අනුව ය.

Na2CO3 (l) + 2 C (s) → 2 Na (g) + 3 CO (g)
"http://si.wikipedia.org/w/index.php?title=සෝඩියම්&oldid=250472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි