රසායනික ප්‍රතික්‍රියා

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

රසායනික ප්‍රතික්‍රියාවක් යනු සෑම විටම යොදාගන්නා රසායන ද්‍රව්‍යයේ වෙනස්වීමක් පෙන්වීමකි. ප්‍රතික්‍රියාව සඳහා සහභාගීවන රසායන ද්‍රව්‍ය නැතිනම් රසායන ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියාවක් සාමාන්‍යයෙන් හදුනාගනු ලබන්නේ රසායනිකව ප්‍රතික්‍රියකවලවන වෙනස්වීම මගිනි. එමෙන්ම එහදී ප්‍රතික්‍රියාවෙන් පසුව එය අවසන් ඵලය වශයෙන්, එය සෑම විටම ප්‍රතික්‍රියකවලට වඩා වෙනස් වූ ප්‍රතිඵල ලබාදේ. රසායනික ප්‍රතික්‍රියාවක් යනු සචල ඉලෙක්ට්‍රෝන ඉවත් වීම හා සම්බන්ධ වීම හරහා වන බන්ධන සෑදීමේ හා කැඩීමේ ක්‍රියාවලියයි. මෙම මතය භාවිතයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මුලද්‍රව්‍ය අංශු වෙනත් අංශු බවට හැරවීම ද පැහැදිලි කරගත හැක.

රසායනික සංස්ලේෂණයෙන්හි දී අපට අවශ්‍ය ප්‍රතිඵලයන් ලබා ගැනීම සදහා එකිනෙක වෙනස් වූ ප්‍රතික්‍රියකවල එකතූන් යොදාගනී. ජෛව රසායන විද්‍යාවේදී සෛල තුළ ප්‍රතික්‍රියා කිරීමට නොහැකි තත්වයකදී වුව ද සෛල තුළදී සංස්ලේෂණ ක්‍රියාව එන්සයිම මගින් උත්ප්‍රේරණය කොට පරිවෘත්තීය ක්‍රියාවලීන් ඔස්සේ ප්‍රතික්‍රියාව සිදු කරයි.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Chemical_reaction



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."