රසායනික බන්ධන

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

රසායනික බන්ධන යනු පරමාණු හා අණු අතර ඇති වන ආකර්ෂණීය අන්තර් ක්‍රියාවන් ඇති කරන්නා වූත්, ද්වී පරමාණුක හා බහුපරමාණුක සංයෝගවල ඵලදායීතාවයට හේතු වන්නාවූත් භෞතික ක්‍රියාවලියයි. මෙම ආකර්ශන බල පැහැදිලි කිරීම ඉතා සංකිර්ණ ක්‍රියාවලියක් වන අතර ඒ සඳහා ක්වන්ටම් විද්‍යුත් ගති විද්‍යාව යොදා ගත යුතු වේ. නමුත් ප්‍ර‍ායෝගික තත්ව යටතේ රසායනඥයින් බොහෝ විට රසායනික බන්ධන විස්තර කිරීම සඳහා පහසුවෙන් පැහැදිලි කළ හැකි යොක් සරල ප්‍රමාණාත්මක ආකාර පැහැදිලි කිරීම් හෝ ඔවුන් ක්වන්ටම් භෞතිකව යොදා ගනී. සාමාන්‍යයෙන් ශක්තිමත් රසායනික බන්ධනයන්හිදී බන්ධනයට සහභාගි වන පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් සිදු වේ. රසායනික බන්ධන පදාර්ථයේ සැලසුම තීරණය කරන සාධකය වන අතර විවිධ අණු ද්වීපරමාණුක වායූන් ආදිය ඇතුළු අප අවට ඇති මුළු භෞතික පරිසරයම පාහේ එකිනෙකට බැඳ තබාගන්නේ ද මෙමගිනි.

රසායනික බන්ධනවල ශක්තිය එකිනෙකට වෙනස් වේ. සාමාන්‍යයෙන් අයනික හා සහසංයුජ බන්ධන “ශක්තිමත් බන්ධන” සේ සැලකෙන අතර, හයිඩ්‍රජන් බන්ධන හා වැන්ඩර්වාල් බන්ධන “දුර්වල බන්ධන” සේ සැලකේ. නමුත් මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ දුර්වලම “ශක්‍තිමත් බන්ධනයට” වඩා ශක්තිමත් දුර්වල බන්ධනය ශක්තිමත් විය හැකි බැවිණි.

සහසංයුජ බැඳී ඇති පරමාණු දෙකක රූපයක් මනසෙහි ගොඩනගා ගැනීමට ප්‍රථම පහත කරුණු අප සිහියට නගාගත යුතු වේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක ආකර්ෂණය වන අතර පරමාණුක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ධන ආරෝපණයක් ද ඒ වටා කක්ෂගතව ඇති ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපණයක් ද දරති.

ඉතාම සරල ආකෘතියේදී සහසංයුජ හා ධ්‍රැවීය සහසංයුජ බන්ධන යනුවෙන් හැදින්වෙන රසායනික බන්ධන ඇතිවීමේදී යාබද පරමාණු යුගලක න්‍යෂ්ටි දෙක අතරට ඉලෙක්ට්‍රෝන එකක් හෝ වැඩි ගණනක් ඇදී ඒම සිදු වේ. මෙහිදී බොහෝ විට ඉලෙක්ට්‍රෝන යුගලයක් ඇදී ඒම සිදු වේ. මෙම තත්ව යටතේ න්‍යෂ්ටි දෙක අතරට පැමිණි සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන දැන් ධන ආරෝපිත පරමාණුක න්‍යෂ්ටි දෙකටම ආකර්ෂණය වී පවතී. ආකර්ෂණ බලය යාබද පරමාණුක න්‍යෂ්ටි දෙක අතර ඇති විකර්ෂණ බලය ඉක්මවන අතර ඒ නිසා‍ මෙම ආකර්ෂණ බලය මගින් පරමාණු න්‍යෂ්ටි යුගල හා එයින් පරමාණු යුගල බොහෝ දුරට එකිනෙකට සාපේක්ෂව අචලව හා සමතුලිතව පවත්වා ගනී. එහෙත් තව දුරටත් එක් එක් පරමාණුව මෙම තුලිත සැකසුම තුළ කම්පනය වෙමින් පවතී. සංක්ෂිප්තව සැලකූ කළ සහසංයුජ හෝ ධ්‍රැවීය සහසංයුජ බන්ධනයකදී සිදුවන්නේ ධන ආ‍රෝපිත පරමාණුක අතර සහයෝගීව තබාගන්නා ඉලෙක්ට්‍රෝන එම න්‍යෂ්ටි විසින් ආකර්ෂණය කරගනිමින් තුලිතතාවයේ පැවතීමයි.

අයනික බන්ධනයක් සරළව සැලකීමේදී පහත පැහැදිලි කිරීම් යොදා ගත හැක. බන්ධනයේ හටගන්නා පරමාණු දෙකකි. න්‍යෂ්ටිය අතුරින් එක් පරමාණුක න්‍යෂ්ටියක් වඩාත් ධන අ‍ාරෝපිත බවක් පෙන්වයි. මේ නිසා එක් පරමාණුවකින් අනෙක් පරමාණුවට ඉලෙක්ට්‍රෝන ප්‍රධානය කිරීමක් සිදු වන අතර ඒ නිසා ඉලෙක්ට්‍රෝනදායක පරමාණුව සඵල ධන ආරෝපිත තත්වයකට හෙවත් ධන අගයක් බවටත් ඉලෙක්ට්‍රෝන ලාභියා සෘණ අගයක් බවටත් පත්වේ. මෙම ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත අයන යුගල අතර හටගන්නා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය එම අයන දෙක අතර ඇති අයනික බන්ධන‍ය සේ සැලකිය හැක.

සියලු රසායනික බන්ධන ක්වන්ටම් න්‍යාය මත පදනම්ව පැහැදිලි කළ හැක. නමුත් ප්‍රායෝගික භාවිතයේදී වඩාත් සරළ නීති මත පදනම්ව පවා රසායනඥයින්හට බන්ධන ශක්තිය දිශානතිය හා ධ්‍රැවීයතාවය පිළිබඳ අනා‍වැකි පලකළ හැක. අෂ්ඨක නීතිය හා VSEPR න්‍යාය මේ සදහා උදාහරණ සේ ගත හැක. සංයුජතා කවච බන්ධන සොයා පරමාණු කක්ෂීවල රේඛීය අතිච්ඡාදන ක්‍රමය සහ බන්ධන කාණ්ඩය ක්ෂේත්‍ර ඇතුළත් අණුක කාක්ෂික කවච බන්ධන න්‍යායේදී කාක්ෂික අතර මුහුම්කරණයන් සිදුවීම හා අනුනාද වීම් වැනි සංසිද්ධීන් පවා සැලකිල්ලට ගැනේ. රසායනික බන්ධනවල ධ්‍රැවීයතාවයන් හා එමගින් රාසායන ද්‍රව්‍යයන් මත ඇති වන බලපෑම විස්තර කිරීමට ස්ථිති විද්‍යුතය යොදා ගැනේ.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Chemical_bond




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."