පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්
| පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් | |
|---|---|
|
Potassium hydrogen phthalate
|
|
|
Other names
hydrogen potassium phthalate,
phthalic acid potassium salt, potassium biphthalate, potassium acid phthalate, 1,2-benzenedicarboxylic acid, monopotassium salt, KHP, KHPh |
|
| Identifiers | |
| CAS number | 877-24-7 |
| Properties | |
| Molecular formula | KHC8H4O4 |
| Molar mass | 204.2212 g/mol |
| Appearance | White or colorless solid |
| Density | 1.64 g/cm3, solid |
| Melting point |
~295 °C (decomposes) |
| Solubility in water | 25g/100ml |
| Acidity (pKa) | 5.4 |
| Structure | |
| Coordination geometry |
tetrahedral |
| Hazards | |
| MSDS | External MSDS |
| R-phrases | R36 R37 R38 |
| Flash point | Non-flammable |
| Except where noted otherwise, data are given for materials in their standard state (at 25 °C, 100 kPa) |
|
| Infobox references | |
බොහෝ විට KHP ලෙස හඳුන්වන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් ආම්ලික ලවනමය සංයෝගයකි. එයට සුදු පැහැති කුඩු, අවර්ණ ස්ඵටික, අවර්ණ ද්‍රාවන යන රූපාකාර පවතියි.මෙය තැලික් අම්ලයේ මොනොපොටෑසියම් ලවනයයි.අයනික ඝනයකි. මෙහි හයිඩ්‍රජන් තරමක් ආම්ලික වන අතර KHP ප්‍රාථමික ප්‍රාමානිකයක් ලෙස අම්ල-භෂ්ම අනුමාපන වලදී භාවිතා වෙයි. ඝනයක් වීම හා වාතයේදී ස්ථායී වීම නිසා නිරවද්‍ය ලෙස බර මැන ගැනීමට හැකි ව ඇති බැවින් KHP මේ සඳහා සුදුසු ය. නමුත් මෙය තරමක් ජලාකර්ශන ගුණයෙන් යුක්ත නිසා සාමාන්‍යයෙන් භාවිතයට පෙර ඩේසිකේටරයක් තුල තබයි.[1]KHP ද්‍රාවනයක pH අගය ස්ථායිව පවතින නිසා pH මීටර ක්‍රමාංකනය සඳහාද රාථමික ප්‍රාමානිකයක් ලෙස භාවිතා වෙයි.
ජලයේදී KHP සම්පූර්ණයෙන්ම විඝටනය වී පොටෑසියම් කැටායන(K+) හා හයිඩ්‍රජන් තැලේට් ඇනායන(HP- or Hphthalate-) නිදහස් කරයි. දුබල අම්ලයක් ලෙස හයිඩ්‍රජන් තැලේට් ජලය සමග ප්‍රතිවර්ත්‍ය ලෙස ප්‍රතික්‍රියා කරමින් හයිඩ්රෝනියම්(H3O+)හා තැලේට් අයන ප්‍රතිඵල කරයි.
- HP- + H2O
P2- + H3O+
KHP ස්වාරක්ෂණයේ අවශ්‍යතාව අනුව හයිඩ්‍රක්ලොරික් අම්ලය සමඟ හෝ සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් සමඟ එක කිරීමෙන් ස්වාරක්ශකයක් ලෙස භාවිතා වෙයි. නමුත් කාබෝක්සිල්හරණ ප්‍රතික්‍රියා වලදී KHP ස්වාරක්ශකයක් ලෙස භාවිතා නොවෙයි.ඒ එහිදී KHP හායනය වී එහි ක්‍රියාකාරී කාණ්ඩ ඉවත්වන බැවිනි.