4 වන ආවර්තයේ මූලද්‍රව්‍යය

විකිපීඩියා වෙතින්

4 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි සතරවන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පස්වන ආවර්තය සතුව මූලද්‍රව්‍යයන් 18 ක් පවතින අතර, ඒවා පොටෑසියම් වෙතින් ඇරඹී ක්‍රිප්ටොන් වෙතින් කෙළවර වෙයි. නීතියක් වශයෙන්, 4 වන ආවර්තයෙහි මූලද්‍රව්‍යයන් විසින්, ඒවායේ 4s කවච පළමුවෙන්ද, ඉක්බිතිව ඔවුන්ගේ 3d, සහ 4p කවච, එම පිළිවෙලට පුරවන අතර, ක්‍රෝමියම් වැනි මූලද්‍රව්‍යයන් තුලදී ව්‍යතිරේකයන් පවතියි.