ඇල්කේන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරපීන හෝ සන්තෘප්ත හයිඩ්‍රොකාබන ලෙසද හැඳින්වෙන ඇල්කේන කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් සමන්විතවේ. සියළු පරමාණු ඒක බන්ධන වලින් පමණක් සම්බන්ධ වී ඇත (සන්තෘප්ත සන්යෝග බැවින්). ඇල්කේන එකම අනුභවික සූත්‍රය සහිත සන්යෝග වන අතර ඒවායේ අණුක ස්කන්ධ 14 ගුණාකාර වලින් එකිනෙකට වෙනස් වේ.

සෑම කාබන් පරමාණුවකම බන්ධන 4ක් තිබිය යුතු වේ( C-C හෝ C-H බන්ධන). එසේම සියළු හයිඩ්‍රජන් පරමාණු කාබන් පරමාණුවකට සම්බන්ධ වී තිබිය යුතු වේ (C-H බන්ධන). එකිනෙකට බැදුනු කාබන් පරමාණු ‍රැසක් කාබන් සැකිල්ලක් හෝ කාබන් දාමයක් ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන් ඇල්කේනයක ප්‍රමාණය එහි කාබන් පරමාණු ගණනින් දක්වයි (උදා: C2-ඇල්කේන)

"R" මගින් දක්වන ඇල්කයිල් ඛාණ්ඩ පැති දාම හෝ ක්‍රියාකාරී ඛාණ්ඩ වන අතර, ඇල්කේන මෙන්ම කාබන් සහ හයිඩ්‍රජන් තනි බන්ධන වලින් සමන්විත වේ. උදාහරණ ලෙස මෙතිල් හෝ එතිල් ඛාණ්ඩ ගත හැකිය.

සරලම ඇල්කේනය මෙතේන් (CH4) වේ. ඇල්කේනයක තිබිය යුතු කාබන් පරමාණු ගණනෙහි සීමාවක් නැත. නමුත් ඒවා අනිවාර්‍යයෙන් චක්‍රිය නොවන, සන්තෘප්ත හයිඩ්‍රොකාබන විය යුතුය . සන්තෘප්ත මේද හා තෙල්, කාබන් දාමයේ කාබන් පරමාණු 10 ට වඩා ඇති ඇල්කේන වලට උදාහරණ වේ.

ඇල්කේන ජෛවීය වශයෙන් එතරම් ප්‍රතික්‍රියාශීලී නොවේ. ජෛවීය වශයෙන් සක්‍රිය වූ ක්‍රියාකාරී ඛාණ්ඩ සම්බන්ධ වන වෘක්ශයක් ලෙස ඇල්කේන ගත හැක.


ඇල්කේන වල ව්‍යුහාත්මක වර්ගීකරණය[සංස්කරණය]

සන්තෘප්ත හයිඩ්‍රොකාබන:

  • රේඛීය (පොදු සූත්‍රය CnH2n+2) -: කාබන් පරමාණු දාමයක් ආකාරයෙන් සැකසී ඇත.
  • ශාඛනය වූ (පොදු සූත්‍රය CnH2n+2,n>3) -: කාබන් දාමය ශාඛා එකකට හෝ ඊට වැඩි ගණනකට බෙදී ඇත.
  • චක්‍රිය (පොදු සූත්‍රය CnH2n,n>2) කාබන් දාමය මුලින් හා අගින් සම්බන්ධ වී වලයක් තනා ඇත.

IUPAC නිර්වචනයට අනුව මුල් ඛාණ්ඩ දෙක ඇල්කේන වන අතර තුන්වන ඛාණ්ඩය සයික්ලො ඇල්කේන (චක්‍රීය ඇල්කේන) ලෙස හැදින්වේ. සන්තෘප්ත හයිඩ්‍රොකාබන වලට දාමාකාර, චක්‍රීය (උදා: බහුචක්‍රීය) හෝ ශාඛනය වූ ඕනෑම ව්‍යුහයක් සම්බන්ධ වුවද, ප්‍රධාන කාබන් දාමය චක්‍රීය නොවන තෙක් ඒවා ඇල්කේන වේ (පොදු සූත්‍ර නැත).

"http://si.wikipedia.org/w/index.php?title=ඇල්කේන&oldid=313083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි