ද්වාරය:නවීන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සඳහා a topic outline on this subject, බලන්න Outline of science.

මුල් පිටුව   Categories & Main topics   Portals & WikiProjects   Things you can do

විද්‍යාව ද්වාරය

Icon

විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි. එබැවින් විද්‍යාව උත්ස්වාභාවික සිද්ධීන් මඟහරී.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම් * ශුද්ධ විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත නොහැකි කරුණු හැදෑරීම.) * ප්‍රායෝගික විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත හැකි කරුණු හැදෑරීම.)

නව තේරීම් පෙන්වන්න

තෝරාගත් ලිපිය

Carbon nanotube
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය.

ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්‍ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය

තෝරාගත් රූපය

DNA අණුවක ව්‍යුහය

ඩිඔක්සිරයිබෝ-නියුක්ලෙයික්-ඇසිඩ් හෙවත් DNA යනු, සෑම ජීවියෙකුගේම හා සමහර වෛරසවල වර්ධනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු / මඟ පෙන්වීම් (ජානමය තොරතුරු) අඩංගු නියුක්ලෙයික් අම්ල වේ. DNA අණුවල වැදගත්ම කාර්යභාරය නම් දත්ත ගබඩා කිරීමයි.
RNA , ප්‍රෝටීන වැනි අනෙකුත් සෛල සංඝටක තැනීමට ඇති තොරතුරු / උපදෙස් DNA තුළ ඇති බැවින් එය සැලසුම් කෙටුම්පතකට සමාන කළ හැක. DNA වල මෙම තොරතුරු අඩංගු වන කොටස ජානයක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් DNA කොටස් ව්‍යුහිත වශයෙන් ක්‍රියා කරන අතර තවත් සමහරක් ප්‍රවේණි තොරතුරු ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි.
රසායනිකව DNA යනු නියුක්ලියෝටයිඩ නම් ඒකකවලින් තැනුනු මහා අණුවකි. එහි කොඳු ඇට පෙළ සීනි හා පොස්ෆේට් අණු එස්ටර බන්ධනවලින් බැඳී තැනී ඇත. එක් සීනි අණුවකට එක බැඟින් බැඳුණු භෂ්ම වර්ග හතරක් ඇත. මෙම භෂ්ම බැඳී ඇති අනුපිළිවෙලිනුයි ප්‍රවේණි දත්ත ගබඩා වී ඇත්තේ. මෙම භෂ්ම කේතයේ ඇති තොරතුරු ප්‍රෝටීන නිෂ්පාදනයේ ඇමීනෝ අම්ල අනුපිළිවෙල තීරණය කරයි. පිටපත් වීම හා පරිවර්තනය යන ක්‍රියාවලිය මඟින් මෙම DNA කේතයෙහි පණිවුඩය RNA අණුවල අනුපිලිවෙලක් බවට පරිවර්තනය කෙරේ.

නවීන විද්‍යා ප්‍රවෘත්ති

  • නැනෝ විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ආයතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත විය.
  • ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණ ආයතනය හෝමාගම පිටිපන අක්කර පනහක භූමි භාගයක පිහිටා තිබේ.
  • කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය කේ.එම්.නලින් ද සිල්වා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යා අංශයේ ප්‍රධානියායි.

තෝරාගත් චරිතාපදානය

ඇල්බට්‍ අයින්ස්ටයින්
ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඔබ දන්නවාද...

   අපගේ ශරීරය සැබැවින්ම අපූරු යන්ත්‍රයකි. තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට එය සමත්ය.
   සිංහයා වචනයේ පරිසමාප්තියෙන්ම රජෙකි. දිනකට 50 වතාවක් සංසර්ගයේ යෙදෙන්නට මේ රජාට හැකියාවක් ඇත්තේය.
   පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
   මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය. පුදුමයි ඒත් ඇත්තයි.
   එක හුස්මට අවුරුදු 3ක් නිදාගන්නට හැකියාවැති සත්වයෙක් වේ නම් ඒ ගොළුබෙල්ලාය.
   මිහිමත ඇති විශාලතම වන උද්‍යානය ලෙස සැලකෙන්නේ, ග්‍රීන්ලන්තයේ ඊසානදිග පිහිටි Greenland Park ය. 
   වර්ග සැතපුම් 375,000ක් ඉක්මවන භුමි භාගයක පිහිටි මේ උද්‍යානය කැලිෂෝනියා ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල යැයි ගණන් බලා ඇත.
   ගතවන සෑම දිනකම, ලෝක ජනගහනයෙන් ගැහැණු පිරිමි ජෝඩු මිලියන 200ක් ලිංගික ක්‍රියාවලියේ යෙදෙත්. 
   සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ.
   එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
   ව්‍යාඝ්‍රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.

Associated Wikimedia

ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව · විශේෂාංග ද්වාර

Purge server cache

"http://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:නවීන_විද්‍යාව&oldid=307187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි