රසායනික සංයෝග

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

රසායනික සංයෝගයක් යනු, ස්කන්ධයෙන් ස්ථිර සමානුපාතිකව රසායනිකව එකිනෙක බන්ධනය වූ වෙනස් මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු වූ ද්‍රව්‍යයකි.


පටුන

[සංස්කරණය] රසායනික සංයෝගයක ස්වභාවය

[සංස්කරණය] අර්ථ දැක්වීම පැහැදිලි කිරීම

ඉහත අර්ථ දැක්වීමෙන් අපගමනය වන අවස්ථා කීපයක්ම පවතී. සමහර ස්ඵටිකමය සංයෝග එහි සංයුතියේ වෙනස්වීම නොසලකා හැර, හැඩ හුරුකම් හෝ නැතහොත් මූලද්‍රව්‍ය ස්ඵටිකමය ව්‍යුහයක් ලෙස බැදී තිබීම නිසා රසායනික සංයෝග ලෙස සලකයි. යම් යම් ඉතා කුඩා මූලද්‍රව්‍ය ස්කන්ධ අනුපාත තිබිය හැකි, බර හෝ සැහැල්ලු සමස්ථානික මූලද්‍රව්‍ය විචල්‍ය ප්‍රමාණවලින් අඩංගු සමහර සංයෝග රසායනිකව සර්වසම ලෙස සලකනු ලැබේ. එමනිසා එම සංයෝග සම්පූර්ණයෙන්ම සමජාතීය නොවේ. නමුත් රසායන විද්‍යාවේ බොහෝ අවස්ථා එය එසේ සැලකිය හැක.

සියලුම අණු සංයෝග නොවේ.H2 a1.JPG ලෙස ද දක්වන ද්වි පරමාණුක අණුවක් වන හයිඩ්‍රජන් සමන්‍යෂ්ටික එකම මූලද්‍රව්‍ය පරමාණුවලින්, තැනී තිබීම නිසා සංයෝගයක් ලෙස නොසලකයි. සංයෝග යනු ස්ථිර සමානුපාතිකව සම්බන්ධ වුණු මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු සංශුද්ධ ද්‍රව්‍යයකි.

[සංස්කරණය] සං‍යෝග හා මිශ්‍රණ සංසන්දනය

සංයෝගවලට ඒවායේ සංඝටක මූලද්‍රව්‍යවලින් විවිධ වූ භෞතික හා රසායනික ගුණ අයත් වී තිබේ. මෙය මූලද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය මිශ්‍රණයකින් සංයෝගයක් පැහැදිලිව වෙන් කර හදුනාගැනීමේ මූලික නිර්ණායකය වේ. මිශ්‍රණයක ගුණ සාමාන්‍යයෙන් එහි සංඝටකයන්ගේ ගුණවලට සමාන හෝ සම්බන්ධ හෝ වේ. අනෙක් නිර්ණායකය වන්නේ , මිශ්‍රණයක සංඝ‍ටක සෑම විටම පෙරීම වැනි සරල යාන්ත්‍රික උපක්‍රම මගින් වෙන්කර ගත හැකි අතර සංයෝගයක සංඝටක සෑමවිටම වෙන් කිරීම ඉතා අපහසු වීමයි. එපමණක් නොව සංයෝගයක් එහි සංඝටකයන්ගෙන් ඇතිවන විට රසායනික ප්‍රතික්‍රියා තුළින් ‍රසායනික විපර්යාසයක් සිදුවේ. මිශ්‍රණයක් යාන්ත්‍රික උපක්‍රම මගින් පමණක් නිපදවා ගත හැක.

සංයෝගයක් ලෙස බොහෝවිට වරදවා වටහා ගන්නා මිශ්‍රණයක් වන්නේ මිශ්‍ර ලෝහයි. මෙය සාමාන්‍යයෙන් නිපදවනු ලබන්නේ සියළුම සංඝටක මූලද්‍රව්‍යය රත්කර ඉක්මණින් සිසිල් කිරීමෙනි. මක් නිසාද යත් එවිට සියළුම සංඝටක මූලද්‍රව්‍යය එහි ඇති ප්‍රධාන මූලද්‍රව්‍යය සමග සම්බන්ධ වන බැවිනි.

[සංස්කරණය] සූත්‍ර

Very lazy a1.JPG

මූලද්‍රව්‍ය වඩා ස්ථායී බවට පත්වීමට සංයෝග සාදයි. ඒවායේ පිටතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාවක් ඇති විට ඒවා ස්ථායී බවට පත්වේ. සාමාන්‍යයෙන් එය සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් හෝ අටක් වේ. නිශ්ක්‍රීය වායු නිරන්තරයෙන් ප්‍රතික්‍රියා නොකිරීමට හේතුව මෙයයි. ඒවා මේ වන විටත් සංයුජතා ඉලෙක්ට්‍රෝන අටකට හිමිකම් කියති. (හීලියම් හැර, හීලියම්වලට ස්ථායීභාවය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් පමණි.

[සංස්කරණය] කලාප හා තාපජ ගතික ලක්ෂණ

සංයෝගවලට කලාප කිහිපයක් පැවතිය හැක. සියලුම සංයෝගවලට ප්‍රමාණවත් තරම් අඩු උෂ්ණත්වවලදී ඝණ තත්වයේ පැවතිය හැක. අණුක සංයෝග , ද්‍රව , වායු හා සමහර අවස්ථාවල ප්ලාස්මා ලෙස ද, පැවතිය හැක.සියළුම සංයෝග තාපය හමුවේ වියෝජනය වේ. මෙම සංඝටකවලට වෙන්වන උෂ්ණත්වය බොහෝවිට වියෝජන උෂ්ණත්වය ලෙස හැඳින්වේ. වියෝජන උෂ්ණත්ව නිශ්චිත අගයක් නොගන්නා අතර තාපගත කරන සීඝ්‍රතාවය මත රඳා පවතියි. සියළුම වියෝජනය වූ හෝ වියෝජනය වෙමින් පවතින සංයෝග ප්‍රමාණවත් තරම් ඉහළ උෂ්ණත්වවලදී වඩාත් කුඩා සංයෝග හෝ පරමාණු බවට බිඳ වැටීම සිදුවේ.


[සංස්කරණය] CAS අංකය

භාවිතයේ ඇති සියළු රසායනික සංයෝග ඒවා හඳුනා ගැනීම සඳහා නිශ්චිත අංකයක් දරති. මෙය CAS අංකය නම් වේ.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Chemical_compound



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."