2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයශ්‍රී ලංකාව හම්බන්තොට, ශ්‍රී ලංකාව
ආදර්ශ පාඨය"Our sun to shine on you"
සහභාගී වූ රටවල්8 යි
ක්‍රීඩක සංඛ්‍යාව359 යි[1]
ඉසව් ප්‍රමාණය10 යි
සමාරම්භක දිනය2011 ඔක්තෝම්බර් 8
නිමා වූ දිනය2011 ඔක්තෝම්බර් 14
නිල ආරම්භය සිදුකලේමහින්ද රාජපක්ෂ මැතිතුමා
ප්‍රධාන ස්ථානයහම්බන්තොට වෙරළ ක්‍රීඩාංණය

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි. සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 359 දෙනෙක් තරඟාවලියට සහභාගී වූහ.[1]

සත්කාරක නගරය තෝරා ගැනීම[සංස්කරණය]

ශ්‍රී ලංකාව හැරුණු විට, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්, ක්‍රීඩා උළෙල සත්කාරකත්වය වෙනුවෙන් තරඟ වැදුණාහ.[2]

නිල ලාංඡනය සහ මංගල සංඛේතය[සංස්කරණය]

ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය 2011 ජනවාරි 20 දින ගාල්ලදී එළිදැක්වුණි.[3]

මංගල සංඛේතය ලෙස, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ නර්තන අංගයක් වූ "සලු පාලිය" යොදා ගන්නා ලදී.[4]

ක්‍රීඩා ඉසව්[සංස්කරණය]

පිහිනුම් මැරතන් සහ සුළං ඔරු පැදීම තරඟ ආරුගම්බේ හීදී පැවැත්වූ අතර ඉතිරි තරඟ හම්බන්තොට, තංගල්ල සහ තිස්සමහාරාමය හීදී පැවැත්විණී.[5] තරඟකරුවන්ගේ අවම සහභාගීත්වය නිසා, තුන් ප්‍රයාම සහ වෙරළ කායවර්ධන යන තරඟ අවලංගු කරන ලදී.[6]

  • 3x3 basketball pictogram.svg වෙරළ පැසිපන්දු (2)
  • Football pictogram.svg වෙරළ පාපන්දු (1)
  • Handball pictogram.svg වෙරළ අත් පන්දු (1)
  • Wrestling pictogram.svg වෙරළ කබඩි (2)

  • Netball pictogram.svg වෙරළ දැල් පන්දු (1)
  • Volleyball (beach) pictogram.svg වෙරළ වොලිබෝල් (2)
  • Swimming pictogram.svg පිහිනුම් මැරතන් (2)

  • Lifesaving pictogram.jpg Lifesaving (6)
  • Equestrian pictogram.svg Tent pegging (8)
  • Sailing pictogram.svg සුළං ඔරු පැදීම (1)

සහභාගී වූ රටවල්[සංස්කරණය]

වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රටවලින් සහභාගී වූ තරඟකරුවන් සංඛ්‍යාව වේ.

සහභාගීත්ව රටවල්.

න්‍යාය පත්‍රය[සංස්කරණය]

2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වූ කාල රාමුව පහත දැක්වෙයි.[5]

සඋ සමාරම්භක උළෙල මූලික තරඟ 1 අවසන් තරඟ නිඋ නිමා කිරීමේ උළෙල
ඔක්තෝම්බර් 8
සෙනසුරාදා
9
ඉරිදා
10
සඳුදා
11
අඟහරුවාදා
12
බදාදා
13
බ්‍රහස්පතින්දා
14
සිකුරාදා
ඉසව්
සංඛ්‍යාව
උත්සව සඋ නිඋ
3-on-3 basketball 2 2
වෙරළ පාපන්දු 1 1
වෙරළ අත් පන්දු 1 1
වෙරළ කබඩි 2 2
වෙරළ දැල් පන්දු 1 1
වෙරළ වොලිබෝල් 2 2
Lifesaving 3 3 6
Marathon swimming 2 2
Tent pegging 2 2 2 2 8
සුළං ඔරු පැදීම 1 1
සමස්ථ ඉසව් සංඛ්‍යාව 2 5 7 6 5 1 26
සමුච්චිත එකතුව 2 7 14 20 25 26
ඔක්තෝම්බර් 8
සෙනසුරාදා
9
ඉරිදා
10
සඳුදා
11
අඟහරුවාදා
12
බදාදා
13
බ්‍රහස්පතින්දා
14
සිකුරාදා
ඉසව්
සංඛ්‍යාව

පදක්කම් සටහන[සංස්කරණය]

  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 11 9 7 27
2  ශ්‍රී ලංකාව 9 10 9 28
3  පාකිස්ථානය 5 2 4 11
4  නේපාලය 1 2 5 8
5  බංග්ලාදේශය 1 1 1 3
6 මාල දිවයින් මාල දිවයින 0 1 2 3
7  ඇෆ්ගනිස්තානය 0 1 0 1
මුළු එකතුව 19 19 21 59

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 President Mahinda to inaugurate first South Asian Beach Games Festival in Hambantota tomorrow
  2. "Sri Lanka A Good Place For Beach Games — OCA President". The Sunday Leader. 12 December 2010. සම්ප්‍රවේශය 8 October 2011.
  3. Sri lanka gears for Beach games
  4. The South Asian Beach Games Mascot - Salu Paaliya
  5. 5.0 5.1 2011 South Asian Beach Games schedule
  6. 6.0 6.1 6.2 6.3 6.4 Two sports removed from first South Asian Beach Games
  7. Bangladesh Contingent will depart Dhaka on 6 October 2011
  8. Maldives contingent arrived to Hambantota
  9. Beach games participants from Nepal bade farewell

භාහිර සබැදි[සංස්කරණය]