2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයගුවහටි,  ඉන්දියාව
සහභාගී වූ රටවල්
ක්‍රීඩක සංඛ්‍යාව2,672
ඉසව් ප්‍රමාණය23 යි
සමාරම්භක දිනය2016 පෙබරවාරි 5 සහ 6
නිමා වූ දිනය2016 පෙබරවාරි 16
නිල ආරම්භය සිදුකලේනරේන්ද්‍ර මෝඩි

2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ පෙබරවාරි 5 වන දින සිට පෙබරවාරි 16 දින දක්වා ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්විණි.

සත්කාරකත්වය[සංස්කරණය]

12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2012 වර්ෂයේදී කත්මණ්ඩුහී පැවැත්වීමට මුලදී තීරණය වී තිබුණු නමුත් එය 2013 වසරේදී නව දිල්ලියේදී පැවැත්වීමට කල් දැමුණි. කෙසේවූවද මේ සමයේ ඉන්දීය ඔලිම්පික් සම්මේලනය අත්හිටුවා දැමීම නිසා නැවත් වතාවක් ක්‍රීඩා උළෙල 2015 වර්ෂයේ අගභාගය දක්වා කල් දැමුණි. ක්‍රීඩා උළෙලට සූදානම් වීම පිණිස තරගකරුවන් හට ප්‍රමාණවත් කාලප්‍රමානයක් 2015 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට නොවේ යැයි තීරණය වීම නිසා පසුව ක්‍රීඩා උළෙල 2016 පෙබරවාරි මසට යෙදෙන පරිදි දින යොදන ලදී.[1]


සහභාගී වූ රටවල්[සංස්කරණය]

සහභාගීත්ව රටවල්.

වරහන් තුල දක්වා ඇත්තේ එක් එක් රාජ්‍යයන් නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව වේ.

පදක්කම් සටහන[සංස්කරණය]

2016 පෙබරවාරි 16 දින වන විට පදක්කම් සටහන මෙහි දක්වා තිබේ.[2]      සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.

ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 188 90 30 308
2  ශ්‍රී ලංකාව 25 63 98 186
3  පාකිස්ථානය 12 37 57 106
4  ඇෆ්ගනිස්තානය 7 9 19 35
5  බංග්ලාදේශය 4 15 56 75
6  නේපාලය 3 23 34 60
7 මාල දිවයින් මාල දිවයින 0 2 1 3
8  භූතානය 0 1 15 16
මුළු එකතුව 239 239 310 788

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සවුත් ඒෂියන් ගේම්ස් ටු බී පෝස්ට්පෝන්ඩ් ෆර්දර්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. නව දිල්ලිය, ඉන්දියාව. 8 ජූලි 2015. Retrieved 30 දෙසැම්බර් 2015.
  2. "රිසල්ට්ස්: මෙඩල් ටැලි". සවුත් ඒෂියන් ගේම්ස්. Retrieved 14 පෙබරවාරි 2016.