2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

විකිපීඩියා වෙතින්
11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයඩකා,  බංග්ලාදේශය
සහභාගී වූ රටවල්
ක්‍රීඩක සංඛ්‍යාව2,000+ (තක්සේරු)
ඉසව් ප්‍රමාණය23 යි
සමාරම්භක දිනය2010 ජනවාරි 29
නිමා වූ දිනය2010 පෙබරවාරි 9
නිල ආරම්භය සිදුකලේශෙයික් හසීනා
ප්‍රධාන ස්ථානයබංගබන්දු ජාතික ක්‍රීඩාංගනය

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල,(11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල), එම වසරේ ජනවාරි 29 වන දින සිට පෙබරවාරි 8 දින දක්වා බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1] බංග්ලාදේශය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ තුන්වන අවස්ථාව මෙයයි.

තරඟාවලියේ තරග ඉසවු 23 ක් සඳහා, රටවල් 8 ක් නියෝජනය කරමින් තරගකරුවන් 2000 ක් පමණ සහභාගී විය.[2] තරඟාවලියේ මීටර් 100 ධාවන ඉසව් ජය ගනිමින්, ශ්‍රී ලංකාවේ ශෙහාන් අඹේපිටිය දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවටත්, පාකිස්ථානයේ Naseem Hamid දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව බවටත් පත් වූවාය.

සංවිධානය[සංස්කරණය]

11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මුලදී 2009 වසරේ නොවැම්බරයේදී පැවැත්වීමට තීරණය කොට තිබුනත්, එම කාලයේ බංග්ලාදේශයේ මැතිවරණ කටයුතු සිදු වූ නිසා, එය 2010 වසර දක්වා කල් දැමුණි.[1]

ක්‍රීඩා තරඟාවලිය සඳහා අමෙරිකා ඩොලර් මිලියන 2.3 ක් පමණ වියදම් වෙතැයි ගණන් බලා තුබුණි.[3]

නිල ලාංඡනය සහ මංගල සංකේතය[සංස්කරණය]

ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය ලෙස බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වූ 'Kutumb' නම් සත්වයා තෝරා ගෙන තිබිණ.[4] මංගල වස්තුව ලෙස, magpie robin නම් කොට තිබුණි.

පදක්කම් සටහන[සංස්කරණය]

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 90 55 30 175
2  පාකිස්ථානය 19 25 36 80
3  බංග්ලාදේශය 18 23 56 97
4  ශ්‍රී ලංකාව 16 35 54 105
5  නේපාලය 8 9 19 36
6  ඇෆ්ගනිස්තානය 7 9 16 32
7  භූතානය 0 2 3 5
8 මාල දිවයින් මාල දිවයින 0 0 2 2
මුළු එකතුව 157 157 214 528

සහභාගී වූ රටවල්[සංස්කරණය]

සහභාගීත්ව රටවල්.

ක්‍රීඩා ඉසව්[සංස්කරණය]

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 23 ක් පැවැත්විණි.[1]

  • Archery pictogram.svg දුනු විදීම
  • Athletics pictogram.svg මලල ක්‍රීඩා
  • Badminton pictogram.svg බැඩ්මින්ටන්
  • Basketball pictogram.svg බාස්කට් බෝල්
  • Boxing pictogram.svg බොක්සිං
  • Cricket pictogram.svg ක්‍රිකට්
  • Cycling (road) pictogram.svg පා පැදි
  • Football pictogram.svg පා පන්දු

  • Golf pictogram.svg ගෝල්ෆ්
  • Field hockey pictogram.svg හොකී
  • Handball pictogram.svg හෑන්ඩ් බෝල්
  • Judo pictogram.svg ජූඩෝ
  • Wrestling pictogram.svg කබඩි
  • Karate pictogram.svg කරාටෙ
  • Shooting pictogram.svg වෙඩි තැබීම
  • Squash pictogram.svg ස්කොෂ්

  • Swimming pictogram.svg පිහිනුම්
  • Table tennis pictogram.svg මේස පන්දු
  • Taekwondo pictogram.svg ටයිකොන්ඩෝ
  • Volleyball (indoor) pictogram.svg වොලි බෝල්
  • Weightlifting pictogram.svg බර එසවීම
  • Wrestling pictogram.svg මල්ලව පොර
  • Wushu pictogram.svg වූෂු

ඉතිහාසයේ පළමු වතාවට, විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් 2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල පැවැත්වුණි.[5]

විශේෂ සිදුවීම්[සංස්කරණය]

මැරතන් තරගය[සංස්කරණය]

ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය නිමා කිරීමේ ස්ථානය ලෙස මුලදී හඳුන්වා දී තිබුනේ, එතෙක් තරග පැවැත්වූ ජාතික ක්‍රීඩාංගනයයි. නමුත් තරඟාවලියේ නිමාව සනිටුහන් කිරීමේ උත්සවය වෙනුවෙන් ක්‍රීඩාංගණය සූදානම් කල යුතුව තිබුණු නිසා අවසන් මොහොතේදී, මැරතන් තරගයේ නිමා ලක්ෂය ක්‍රීඩාංගණයෙන් පිටත ස්ථානයකට ගෙනයන ලදී. එහිදී වෙනස් කරන ලද මාර්ගයේ සම්මත දුර පරාසය නිවැරදිව ගණනය නොතිබූ නිසා, තරගකරුවන්ගේ තරග නිමි කාලයන් සම්බන්ධ ගැටළු ඇතිවිය. අවසානයේදී තරග ප්‍රතිඵල අවලංගු නොකොට, තරග නිමි කාල ප්‍රතිඵල පමණක් අවලංගු කෙරිණි.[6]

විදුලි සෝපාන අනතුර[සංස්කරණය]

රැඳී සිටි හෝටලයේ විදුලි සෝපානයක් අනතුරකට ලක්වීම නිසා නේපාලයේ ක්‍රීඩකයින් හය දෙනෙකු සුළු තුවාල ලැබූහ. [7]

පාපැදි තරගය[සංස්කරණය]

පාපැදි තරගය පැවැත්වූ මාර්ගයේ Khulna - Gopalganj ප්‍රදේශයේදී, බංග්ලාදේශයේ පාපැදි තරගකාරියක වූ Fatema Chingby Chakma හට සහයෝගය පල කිරීමට පැමිණි මෝටර් සයිකල්කරුවෙකු, Chakma ට තල්ලු සැපයීමෙන් ආධාර කිරීම නිසා ඇයව තරගයෙන් ඉවත් කරන ලදී.[8]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "11th South Asian Games to start in January 2010". සම්ප්‍රවේශය 21 March 2009.
  2. 11th South Asian Games concludes in Bangladesh. Xinhua (10 February 2010). Retrieved on 11 February 2010.
  3. "Budget of 2010 SAF Games". The New Nation. සම්ප්‍රවේශය 21 November 2009.
  4. "National bird of Bangladesh". Virtual Bangladesh. 3 January 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 November 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  5. "Age of T20 Cricket in 2010 SAG - under 21 teams to participate". සම්ප්‍රවේශය 25 June 2009.
  6. < http://www.prothom-alo.com/detail/date/2010-02-10/news/41334>
  7. < http://news.bbc.co.uk/2/hi/south_asia/8487050.stm>
  8. < http://www.newstoday-bd.com/sports.asp?newsdate=2/2/2010>

භාහිර සබැදි[සංස්කරණය]

තරග