ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

විකිපීඩියා වෙතින්
(ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

இலங்கை சுதந்திரக் கட்சி
Sri Lanka Freedom Party
සභාපතිමෛත්‍රීපාල සිරිසේන
මහ-ලේකම්දයාසිරි ජයසේකර
ආරම්භකඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
ආරම්භයසැප්තැම්බර් 2, 1951 (1951-09-02)
බිඳීමඑක්සත් ජාතික පක්ෂය
පූර්වප්‍රාප්තියසිංහල මහ සභාව
මූලස්ථානය307 ටී. බී. ජයා මාවත, කොළඹ 10
පුවත්පතසිංහලේ, දිනකර
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය
සිංහල ජාතික වාදය (සමහර කොටස්)[1][2]
දේශපාලන ආකල්පයමධ්‍යස්ත වාමාංශික
ජාතික අනුබැඳියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
නිල වර්ණ     නිල්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
80 / 225
ශ්‍රී ලංකාවේ පළාත් සභා
269 / 417
මැතිවරණ ලාංඡනය
අත
වෙබ් අඩවිය
slfp.lk
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ආරම්භය: 1951 සැප්තැම්බර් 2) ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයකි. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු මෙමෙ පක්ෂය පිහිටුවා ගන්නා ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ 1952 වසරේ ය. එහිදී එම පක්ෂයට ආසන 9 ක් දිනා ගත හැකි වූ අතර, බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත් වූයේ ය.

1956 ජයග්‍රහණය[සංස්කරණය]

1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ (ම. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගන්නා ලදී. එහි අනෙක් සාමාජිකයන් වූයේ සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය ය. මෙමෙ පෙරමුණෙහි එක සටන් පාටයක් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි. මහජන එක්සත් පෙරමුණ, එවකට රටේ පවතී ප්‍රධානතම වාමාංශික පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය (ල. ස. ස. ප.) සමඟ නිතරඟ ගිවිසුමකට එළඹියේය.

මහා මැතිවරණයේදී, මහජන එක්සත් පෙරමුණ ආසන 51 ක් දිනා විශිෂ්ට ජයක් ලැබීය. ල. ස. ස. ප. ආසන 14 ක් ලබා දෙවැනි තැනට පත් විය.

බණ්ඩාරනායක ඝාතනයෙන් පසු[සංස්කරණය]

1959 සැප්තැම්බර් 25 වනදා බණ්ඩාරනායක මහතාට චීවරධාරියකු විසින් වෙඩි තබන ලදී. ඒ මහතා ඊට පසු දින ජීවිතයෙන් සමු ගත්තේය. ඉන් පසු ශ්‍රී. ලං. නි. ප. අර්බුදකාරී තත්වයකට පත් විය. නව අගමැති වරයා වූයේ විජයානන්ද දහනායක මහතා ය. කෙසේ වුවද, ඔහුට පක්ෂය එක්සත්ව තබාගත නොහැකි විය. අවසානයේ ඔහු ද, ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මෙවැනි තත්වයක් යටතේ වුවද, 1960 මාර්තු මාසයේ පැවැති මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් දිනා ගත නොහැකි වීමට මූලිකවම බල පෑවේ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය හේතුවෙන් ගලා ආ 'සානුකම්පිත ඡන්ද' ය. මේ අනුව, අලුතෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බිඳ වැටිණ. ජූලි මාසයේ නැවත මැතිවරණයක් පවත්වන්නට සිදු විය.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය අගමැති වීම[සංස්කරණය]

1960 ජූලි මාසයේදී පැවැති ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී. ලං. නි. ප. විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. මේ අනුව බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ පළමු අගමැතිනිය බවට පත් වූවාය. ඇය, ස්වකීය ධූර කාලය තුල දී ප්‍රගතිශීලී තීරණ රාශියක් ගත්තා ය. 1962 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් ගැලවුණු ඇය 1964 දී ල. ස. ස. ප. සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වූවා ය. එහෙත්, සී. පී. ද සිල්වා ප්‍රමුඛ පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ රාජාසන කතාව පරාජය කිරීමට විපක්ෂයට හැකි වීමෙන්, 1964 දෙසැම්බරයේ දී ආණ්ඩුව බිඳ වැටිණ.

1970 සමගි පෙරමුණු රජය[සංස්කරණය]

1965 බිහිවූ හත් හවුල් ආණ්ඩුව කල් යත්ම අවුලක් බවට පත් විය. 1970 මැතිවරණයේ දී, ශ්‍රී. ලං. නි. ප., ල. ස. ස. ප. සහ ශ්‍රී. ල. කො. ප. එක්ව සමගි පෙරමුණ ලෙස තරඟ වැදුනි. එයට ආසන 168 න් 116 ක්, එනම් 2/3 ක්, දිනා ගත හැකි විය. නැවතත් මැතිනිය අගමැති ධූරයට පත් වූවාය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, 1972 මැයි 22 දා ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීම, 1975 දී ල. ස. ස. ප. ය සමඟි පෙරමුණෙන් ඉවත් වීම, 1976 පස් වෙනි නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්වීම ආදිය මේ සමයහි සිදු වූ වැදගත් සිදු වීම කිහිපයකි.

1977 පරාජය[සංස්කරණය]

1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා දෙමිනි. ශ්‍රී. ල. නි. ප. ආසන 8 කට බැස්සේය. එයින් සමහරක් ආසන දිනා ගත්තේ, බහු මන්ත්‍රී ආසන වූ හෙයිනි.

1980 දී බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කරන ලදී. ශ්‍රී. ල. නි. ප. සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් අසමඟිව භේද භින්න වී තිබීම එ. ජා. ප. රජයට මහත් පිටිවහලක් විය. 1988 දී, මැතිනිය යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එහිදී ඈ ප්‍රේමදාස මහතාට පරාජය වූවා ය.

1994 බලයට පත් වීම[සංස්කරණය]

ශ්‍රී. ල. නි ප. ප්‍රමුඛ පක්ෂ කිහිපයක් විසින් පොදුජන එක්සත් පෙරමුණ (පො. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගනු ලැබුනේ එ. ජා. ප. රජය පරාජය කිරීම මූලික අරමුණ කරගෙන ය. 1993 දකුණු පළාත් සභාවේ බලය ලබා ගැනීමෙන් ඇරඹි මෙමෙ ගමන 1994 නොවැම්බරයේදී කූටප්‍රාප්තියට පැමිණියේ බණ්ඩාරනායක යුවලගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණය ජය ගැනීමෙනි. එයට පෙර ඇය බස්නාහිර පළාතේ මහා ඇමතිවරිය ලෙස ද, 1994 අගෝස්තු මැතිවරණයෙන් පසු අගමැතිවරිය ලෙස ද කටයුතු කළා ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිවීම[සංස්කරණය]

පො. එ. පෙ. 2001 පැවැති මහා මැතිවරණය පරාජය වූ අතර එ. ජා. ප. රජයක් බිහි විය. 2004 මුලදී පො. එ. පෙ. සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය (එ. ජ. නි. ස.) පිහිටුවා ගන්නා ලදී. 2004 අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් සන්ධානය ජය ලැබූ අතර ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් විය. 2005 නොවැම්බරයේදී ඒ මහතා ජනාධිපති ධූරයට පත් විය. 2009 වසරේදි මිලෙච්ඡ කොටි ත්‍ර‍ස්තවාදය සහමුලින්ම අවසන් කර ලංකාවට නියම නිදහසක් ගෙනඒමට එතුමා කටයුතු කිරීම ඓතිහාසික සිදුවීමකි.

2015 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආගමනය[සංස්කරණය]

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකල ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේකෂකයා වශයෙන් ඉදිරිපත් වුනා. එහිදී මහින්ද රාජපක්ෂ මහාත පරාජය කර ඡන්ද හැට දෙලක්ෂයකට ආසන්න මනාප සංඛ්‍යාවක් රැගෙන මෛත්‍රීපාල මහතාගේ ජනාධිපතිත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එකසත් ජාතික පක්ෂය එකතුවූ ආණ්ඩුවක් පිහිටුවන ලදී. ඒ 2015 වසරේ ජනවාරි 8 වැනිදායි. ජනාධිපති සිරිසේන මහතා විසින් අගමැති ලෙස රනිල් වික්‍ර‍මසිංහ මහතා පත්කරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ද සිල්වා, නලින් (22 මාර්තු 2011). "ශ්‍රී ලංකා ඊස් නයිදර් ඊජිප්ට් නෝර් ලිබියා". දි අයිලන්ඩ්.
  2. "ශ්‍රී ලංකා: දි එත්නික් ඩිවයිඩ්". බීබීසී නිව්ස්. 16 මැයි 2000.

අතිරේක සබැඳි[සංස්කරණය]