වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි
ආගම බෞද්ධ
ගුරුකුලය ථේරවාද
ආගමික නාමය(න්) වස්කඩුවේ ශ්‍රී සුභූති
පෞද්ගලික
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උපත 1835
වස්කඩුව, කළුතර
මරණය අප්‍රේල් 19, 1917(1917-04-19)
ජ්‍යෙෂ්ඨ පදස්ථාපනය
අභිධානය අමරපුර සද්ධම්මවංශ නිකායේ නායක ධූරය[1]
ආගමික චර්යාව
ගුරුවරයා සරණපාල සීලක්ඛන්ධ හිමි

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

අභිධර්මය
මූලාශ්‍ර හා සබැඳි
පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

ධම්ම සාකච්ඡා
සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

වස්කඩුවේ ශ්‍රී සුභූති මහ නාහිමි (1835 - 1917 අප්‍රියෙල් 19) ශ්‍රී ලංකාවේ පහලවූ කීර්තිමත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකි. පාලි, සංස්කෘත, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා පිළිබඳව මනා ප්‍රගුණත්වයක් හිමි කර ගෙන තුබූ උන්වහන්සේ, මෙරට කැපී පෙනුනු භාෂා පඬිවරයෙක් ලෙසද හැඳින්වෙයි.

මුල් අවධිය[සංස්කරණය]

කළුතර තොටමුණේ වස්කඩුව නම් ග්‍රාමයෙහි ජීවත් වූ කරුණාමුනි පනිස්ද සිල්වා මහතාට සහ පුංචි හාමි මැතිණියට දාව, සොයුරන් පස්දෙනෙකුට සහ සොහොයුරියන් දෙදෙනෙකුට පසු පවුලේ බාලම දරුවා ලෙසින්, එතුමා උපත ලදහ. ග්‍රාමයෙහි වූ ගොගර්ලි පාදිලිතුමා යටතේ පාලනය වූ වැස්ලියන් පාසලෙන් සිය මුල් අධ්‍යාපනය හැදෑරූ එතුමා, කුඩා කල සිටම අධ්‍යාපන කටයුතු කෙරේ දක්ෂතා පෙන්වූ දරුවෙකු බව සඳහන් වෙයි.

ඉගෙනීමට තිබූ දක්ෂතාව හේතුවෙන්, එතුමන්ගේ දෙමව්පියන් විසින් ඔහුව, වස්කඩුවේ කන්ද විහාරයේ ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ ප්‍රධන ගෝල වහන්සේ වූ කලමුල්ලේ සුමනාරාමයෙහි වැඩසිටි සරණපාල සීලක්ඛන්ධ හිමියන් වෙත භාර දෙනු ලැබූහ. සරණපාල සීලක්ඛන්ධ හිමියන් යටතේදී සිය දහම් අධ්‍යාපනය මනා ලෙස වැඩි දියුණු කර ගත් එතුමා, අවසානයේදී වස්කඩුවේ ශ්‍රී සුභූති නමින් පැවිදි දිවියට එකතු විය.

පැවිදි දිවියේ මුල් සමය[සංස්කරණය]

ඉනික්බිතිව, වස්කඩුවේ සුභූති සාමණේරයන් වහන්සේ, පැල්මඩුල්ලේ විහාරාධිපති, ශ්‍රී පාදස්ථාන හා සබරගමු පළාත් නායක ධූරය දැරූ ශ්‍රී සුමංගල හිමියන් යටතේ තවත් සත් වසරක් සිය අධ්‍යාපන කටයුතු හදාරමින්, පාලිභාෂාව, ත්‍රිපිටක ධර්මය හා අනෙකුත් සමයාන්තර ධර්මයන්ද මැනවින් හදාරණ ලදී.

උපසම්පදාව ලැබීම[සංස්කරණය]

සිය දිවියට විසිහතර විය සැපිරෙද්දී එනම් බුද්ධ වර්ෂ 2002 (ක්‍රි. ව. 1859) දී, බලපිටිය උදකුකුඛේප සීමා මාලකයේ රැස්වූ මහ සඟ රුවන වෙතින් සහ සිරිසද්ධම්ම වංශපාල ධීරානන්ද නායක හිමියන්ගේ උපාධ්‍යානත්වයෙන්, පාරිශුද්ධ උපසම්පදාව ලබා ගැනීමට සුභූති හිමියන්ට හැකිවිය.

ධර්මය ප්‍රචාරණය[සංස්කරණය]

උපසම්පදාව ලැබීමෙන් අනතුරුව සුභූති හිමියන් වහන්සේ සිය දිවියේ ඊළඟ පනස්අට වසර තුල, වස්කඩුව අභිනවාරාමයේ වැඩවසමින් දෙස්විදෙස් හී පැතිරුණු ශාසනික සහ භාෂාමය සේවාවේ යෙදුණු බව සඳහන් වෙයි.

ශාසනික සේවය[සංස්කරණය]

කොළඹ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන ලද, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවයට, වස්කඩුවේ සුභූති හිමියෝද මහත් සේ දායක වූ බව සඳහන් වේ.

භාෂාමය සේවය[සංස්කරණය]

උපසම්පදාව ලබා පස් වසරකින්, එනම් 1864 වර්ෂයේදී සිය මුල්ම ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථය එළිදැක්වූ සුභූති හිමියන්, 1876 වසරේදී උන්වහන්සේ විසින් සකස් කරන ලද නාමමාලා පාලි ග්‍රන්ථය, එකල ලංකාවට සපැමිණි හත්වන එඩ්වඩ් මහ රජ වෙත ලබා දීමට කටයුතු කරන ලදී. [2] ඉනික්බිතිව සිදුවූ සියම් රජුගේ ලංකාගමනය වෙනුවෙන්ද සුභූති හිමියන් වහන්සේ, සියම් පිරිත් පොත, සිංහල හා බුරුම හෝඩිය සමග සකස් කොට මුද්‍රණය කරවීමට පියවර ගන්නා ලදී.

පසු කාලීනව ආර්. ඩී. විල්ඩර්ස් පඬිතුමා සහ ලන්ඩන් හී ඉන්දියා ඔෆිස් පුස්තකාලාධීපති ආර්. රෝසට් මහතා විසින් සිදුකල ඉල්ලීමක් පරිදි, අභිධානප්පදීපිකාවේ අන්තර්ගත සියළු වචන පද විග්‍රාහාදිය සහිතව අභිධානප්පදීපිකා සූචී අකාරාදිය (ග්‍රන්ථො) නමින් මුද්‍රණය කරවීමට, සුභූති හිමියෝ පියවර ගත්හ. එම ග්‍රන්ථය 1893 වසරේදී මෙරටට පැමිණි වික්ටෝරියා අධිරාජිණියගේ තෙවන පුතු ඩියුක් ඔෆ් කොනට් ආදිපාදයන්ට, ලබාදීමට උන්වහන්සේ ක්‍රියා කරන ලදී.

ගෞරවාදරයට පාත්‍රවීම[සංස්කරණය]

වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් පිළිබඳව පැහැදුණු, සියම් රාජ්‍යයේ චූලාලංකාර රජතුමා වරක් උන්වහන්සේ වෙත අභිධර්ම පිටකයේ පද යෝජනා සහිත පොත් පෙට්ටි දෙකක් සහ වටිනා පිරිකර එවූ බව පැවසෙයි. ඊට අමතරව රජතුමා ලංකාවට පැමිණි අවස්ථාවකදී, උන්වහන්සේ වෙත කොළඹ රජවාසලේදී සියම් පිළියෙන් නිර්මාණය කල තුන් සිවුරු පූජා කල බවද සඳහන් වෙයි.

සර්වඥධාතුන් වහන්සේලා[සංස්කරණය]

1898 දී වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේට ඉන්දියාව විසින් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා පිරිනැමූ බව පැවසෙයි.[3]

සද්ධම්මවංශ නිකායේ නායක ධූරය[සංස්කරණය]

රන්දොඹ මහා මංගල සමුදාරාමාධිපතිව වැඩ විසූ ධම්මාලංකාර නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව, පුරප්පාඩු වූ අමරපුර සද්ධම්මවංශ නිකායේ නායක ධූරය, 1893 වසරේදී වස්කඩුවේ සුභූති හිමිපාණන් වෙත පිළිගැන්වුණි.

අපවත් වීම[සංස්කරණය]

මෙලෙස බුද්ධ ශාසනයට සහ භාෂාවට අමිල සේවයක් සිදුකල වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්, 1917 වසරේ අප්‍රියෙල් මස 19 වන දිනදී, වසර 82 ක් ආයු වැළඳීමෙන් අනතුරුව වස්කඩුවේ පිහිටි සිය ආරාමයේදී අපවත් විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  • ජාතික වීරයෝ - ගම්පාතේ සතරසිංහ හිමි.
  • කළුතර - ISBN 955-8818-00-3, මනෝ ප්‍රනාන්දු (2003)

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපසම්පදාව අරඹා දෙසිය වසරක් සපිරීමේ මහා පුණ්‍යෝත්සවය 18, 19, 20 දිනවල දී කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ දී". බුදුසරණ. 2010 ක් වූ ජුනි මස 19. Retrieved 16 මැයි 2014. Check date values in: |date= (help)
  2. බුදුසරණ අන්තර්ජාල කලාපය 2012 අප්‍රේල් 20
  3. "කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන කොටහේන දිපදුත්තමාරාම තායි රජමහා විහාරය". බුදුසරණ. 2013 දෙසැම්බර් 09. Retrieved 16 මැයි 2014. Check date values in: |date= (help)