Jump to content

හික්කඩුවේ සුමංගල තෙරණුවෝ

විකිපීඩියා වෙතින්
(හික්කඩුවේ සුමංගල හිමි වෙතින් යළි-යොමු කරන ලදි)
හික්කඩුවේ සුමංගල හිමි
උපත
දොන් නිකුලස් ලියනගේ

1827 ජනවාරි 20 වැනිදා
හික්කඩුව
මියගිය දිනය1911 අප්‍රේල් 29 වැනි දින
හික්කඩුව
නිවහනකොළඹ නව කෝරළේ ද, ශ්‍රීපාදස්ථානයේ ද ප්‍රධාන නායක
ජාතිකත්වයශ්‍රී ලංකාව හෙළ සිංහල ජාතික
රැකියාවස්වදේශීය මහා හෙළ චින්තනය දර්ශනය පිළිබඳ දේශකයෙක්
ප්‍රසිද්ධව ඇත්තේජාත්‍යන්තර කීර්තිධර මහා පඬිවරයෙක්, ඉංග්‍රීසි භාෂා විශාරදයෙක්,
තනතුරබෝධිසත්ව ගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය, පණ්ඩිත ශිරෝමණී, අතිපූජ්‍ය
දෙමව්පියන්(s)
  • පියා: දොන් ජොහානිස් ලියනගේ මැතිතුමා
  • මව: දොඩන්දූව ගමගේ ක්‍රිස්තිනා හාමිනේ
ඥාතීන්හික්කඩුව ලියනගේ
ආගමබෞද්ධ දර්ශණය

දිවියේ තොරතුරු

[සංස්කරණය]

දොන් නිකුලස් නම් පුත් උපත ලද්දෙ 1827 ජනවාරි 20 වන දින හික්කඩුවේ වැල්ලවත්ත (පසුකාලීනව හෙට්ටියා ගොඩ )නම් ගම් පියසේදී ය. ඒ දොන් ජොහානිස් ලියනගේ මැතිතුමාගේ හා දොඩන්දූව ගමගේ ක්‍රිස්තිනා හාමිනේ මැතිනියගෙත් පස් වැනි දරුවා ලෙසටයි.

දහතුන්වන (13) වියෙදි නිකුලස් දරුවා හික්කඩුවේ ශ්‍රී සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය. ක්‍රි.ව. 1848දී මල්වතු විහාරස්ථ උපොසථගාරයෙදී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්විය.

මෙම අවධියෙදී බටහිර සංස්කෘතියටත් කිතුදහමටත් සමාජයෙහි උසස් පිලිගැනීමක් හිමිව තිබු අතර සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් හිමිව තිබුණේ දෙවන මට්ටමෙ පිලිගැනුමකි. මේ අනුව බෞද්ධාගම හා සිංහල සංස්කෘතිය පිලිබදව අදහස් දක්වන්නට ඉදිරිපත් වුවෝ විරල වූහ. එහෙත් සුමංගල හිමියෝ ධර්ම දේශනා පවත්වමින් ඊට එරෙහි බලයක් ගොඩ නගන්නට කැපවූහ. දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත වු විද්‍යෝදය පිරිවෙන ආරම්බ කිරිම උන්නාන්සේගේ ප්‍රධනාත්වයෙන් සිදු වු දෙයකි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වු පිරිවෙන්හි අධයන කටයුතු වල යෙදිම සදහා දෙස් විදෙස් ශිෂය්‍යන් වැල නොකැඩි ගලා ආයේ ඉන් ලද මහඟු අධය්‍යාපනය නිසාමය. 1886 දී කොළඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරීමේ පුරොගාමි මෙහෙවරට උන්වහන්සෙගෙන් ලද දායකත්වය සුලුපටු නොවේ. එමෙන්ම උන්වහන්සේ බෞද්ධ පුනුරුදයේ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

මෙ අතර අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු හා මහා බෝධි සමාගමෙහි ප්‍රකාශනයක් වූ "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගේ ලේඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.

මෙ සියලු කටයුතු කෙරෙහි මුල්වූ උන්වහන්සේගේ පරමාර්ථය වුයෙ ශ්‍රි ලංකාවේ අනාගත දියුණුව උදෙසා බෞද්ධ අධ්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක කරලීම ය. ත්‍රිපිටක වාගිශිවර්චාර්යත්වයෙන් පිදුම් ලද හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමියන් වහන්සේ විසින් විශාල සේවයක් සිදු කර අවුරුදු 84 ක් ආයු වළඳා 1911 අප්‍රේල් 29 වන දින අපවත් වූහ.