පෘෂ්ඨවංශීන්

විකිපීඩියා වෙතින්

පෘෂ්ටවංශීන් යනු අස්ථි සැකිල්ලක් සහිත සත්ව විශේෂයන්ය.ගෙලේ සිට වලිගය දක්වා දික්වූ කොදුඇට පෙළක් මොවුන්ට පිහිටයි.පෘෂ්ඪවංශීන්ගේ මොළය ඝන හිස්කබලකින් ආවරණයවී ඇත.මොවුන්ගේ අස්ථි සැකිල්ළ කාටිරේජයන්ගෙන් නිර්මානයවන අතර පසුව කැල්සියම් එක්වී ශක්තිමත්වේ.මෙම අස්ථි තුල රුධිරය නිපදවන ඇට මිදුළු පිහිටා ඇත.මොවුන්ගේ මධ්‍යම ස්නාු පද්ධතිය කොඳුඇට පෙළ තුල පිහිටා ඇත.මෙම වංශයට අයත් සතුන් ලෙස මාළුවන් උභයජීවීන් සර්පයින් කුරුල්ලන් හා ක්ෂීරපායින් දැක්විය හැක.ලොව පුරා පෘෂ්ඨවංශීන් විශේෂ 65,000 පමණ වාසය කරති.මෙම වංශයට අයත් විශාලම සත්වයා නිල් තල්මසාය.මිනිසා අයත් වන්නේද මෙම සත්ව කාණ්ඩයටයි.

මොවුන්ගේ පරිණාමය පිළිබද විමසා බැලීමේදී පෘෂ්ඪවංශීන් එක් පොදු පූර්වජයකුගෙන් පරිණාමයවී ඇතිබව සත්ව විද්‍යාඥයන් මත පලකරයි.පෘෂ්ඨවංශිකයෙකුට අයත් පූර්වජයකුගේ ෆොසිලයක් කැරීබියන් දූපත් ආශ්‍රිතව සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකිවී ඇත.මෙම ෆොසිලය මාළුවකුට අයත් ෆොසිලයක් යැයි අනුමාන කෙරේ.පෘෂ්ඨවංශීන් අතරින් මුලින්ම ලොව පහලවූයේ මතස්‍යයන් බව සත්ව විද්‍යාඥයන් පෙන්වාදෙයි.මත්ස්‍යයන් ගෙන් උභයජීවීන්ද උභයජීවීන්ගෙන් පක්ෂීන් හා ක්ෂීරපායීන් පරිණාමය වන්නට ඇතැයි පැවසේ.

අර්ථ දැක්වීම[සංස්කරණය]

පහත දැක්වෙන ආකාරයේ ලක්ෂණ ඇති සතුන් පෘෂ්ඨවංශීන් ලෙස දැක්විය හැක

  • කාටිලේජවලින් සැදුම්ලත් අස්ථි සැකිල්ලක් ඇතැම් පෘෂ්ටවංශීන්ට හිමිව ඇති අතර එය නම්‍යශීලී වෙයි.එමගින් ඔවුන්ගේ සිරුර පහසුවෙන් නැමීමට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් මත්ස්‍යයින් වැනි ජලජ ජීවීන්ට මෙවන් කාටිලේජවලින් සමන්විත නම්‍යශීලී සැකිළි හිමිවී ඇත.
  • මෙම අස්ථි සැකිල්ල අභ්‍යන්තරයෙන් මධ්‍ය ස්නායු පද්ධතිය පිහිටා ඇත.එමගින් ඔවුන්ට බාහිර සංවේදනයන් පහසුවෙන් මොළය කරා ගැනයෑමට හැකියාව ලැබී ඇත.
  • පෘෂ්ඨවංශීන්ට ස්වසනය සදහා ජලක්ලෝම හෝ පෙනහැලි යුගලයක් පිහිටා ඇත
  • බොහෝ පෘශ්ඨවංශීන්ට අපරගුද වල්ගයක් පිහිටා ඇත.
  • පෘෂ්ඨවංශිකයන් කලල අවස්ථාවලදී මුඛයට පෙර ගුදය නිර්මාණය වේ.
  • පෘෂ්ඨවංශීන්ගේ සිරුර හරි මැදින් දික් අතට බෙදා වෙන්කල හැකි සේ පිහිටයි..
නිල් තල්මසකුගේ ඇට සැකිල්ලක්
පෙරිග්‍රීන් උකුස්සා.ලොව වේගවත්ම පක්ෂියායිl

උපවිශේෂ[සංස්කරණය]

කාටිරේජ මස්ත්‍යයින්[සංස්කරණය]

මොවුන් ජලජ ජීවීන්ය.විශේෂයෙක් කරදියතුල ජීවත්වෙයි.දේහ විලාසය ආනාකූල හැඩයක් ගනී.යුගලනයවූ ලය හා ශ්‍රෙිාණි වරල් පිහිටයි.අභ්‍යන්තර සැකිල්ළක් ඇත.සැකිල්ළ අස්ථිමය නොවන අතර කාටිරේජ පමණක් දක්නට ලැබේ.එබැවින් සිරුර නම්‍යශීලීය.හෘදය කුටීර දෙකකින් යුක්තය.ශ්වසනය කරමල් මගින් සිදුකරති.අචලතාපීය එනම් පරිසරයට අනුව උෂ්ණත්වය වෙනස්වේ.සිරුරතුල නියත උෂ්ණත්වයක් නොපවතී.බාහිර කන් පිහිටා නැති අතර අභ්‍යන්තර කන් ඇත.ඇසිපිය පිහිටා නැත.අණ්ඩජ හෝ ජලාබුජ දෙආකාරයෙන්ම පැටවුන් බිහිකරයි.කපාල ස්නායු යුගල 10කි.මොවුන් බොහෝවිට මාංශභක්ෂකයන්ය.උදාහරණ ලෙස මෝරා,මඩුවා වැනි සතුන් දැක්විය හැකිය.

අස්ථික මත්ස්‍යයන්[සංස්කරණය]

මොවුන්ද ජලජ ජීවීන් වෙති.මිරිදිය කරදිය දෙකේම දක්නට ලැබේ.අභ්‍යන්තර අස්ථි සැකිල්ල කැල්සියම් මගින් ශක්තිමත්වී ඇත.අස්ථි තරමක් ශක්තිමත්ය.බාහිර සිරුර කොරළ වලින් ආවරණයවී ඇත.දේහය ආනාකූල හැඩයක් දරයි.ලය හා ශ්‍රෝණි වරල් යුගලනයවී නැත.හෘදය කුටීර දෙකකි.කරමල් මගින් ශ්වසනය කරති.අවලතාපීය පරිසරයට අනුව උෂ්ණත්වය වෙනස්වේ.බහිර කන් පිහිටා නැත.එහෙත් අභ්‍යන්තර කන් පිහිටයි.ඇසිපිය පිහිටා නැත.පැටවුන් බිහිකිරීම අණ්ඩජ හෙවත් බිත්තර මගින් පමණය.කපාල ස්නායු යුගල 10කි.වැඩි දෙනෙක් මාංශභක්ෂකයන් වන අතර සර්වභක්ෂකයන්ද ඇත.උදාහරණ ලෙස සාලයා,හාල්මැස්සා,තිලාපියා ආදිය දැක්විය හැක.

උභය ජීවීන්[සංස්කරණය]

ජලජ හා ගොඩබිම යන පරිසර දෙකේම දක්නට ලැබේ.පංචාංගුලික ගාත්‍රා පිහිටයි.අභ්‍යන්තර සැලිල්ළක් පිහිටයි.හෘදය කුටීර තුනකින් යුක්තය.ශ්වසනය කරමල්,පෙනහළු හා සම මගින් සිදු කරති.කපාල ස්නායු යුගල 10කි.බාහිර කන් පිහිටා නැත.අැසිපිය සහිත ඇස් ආවරණ පිහිටයි.ක්‍රමයෙන් විකසනයවන රූපාංතරයක් සහිත ජීවන චක්‍රයක් දරති.ජලයේ හෝ තෙතමනය ඇති තැනෙක බිත්තර දමයි.ඒවායින් කීටයන් බිහිවී කීටයා ක්‍රමයෙන් පරිණත ජීවියෙකු දක්වා වේෂාන්තරණයවේ.කීට අවධිය කුල කරමල් දරන අතර ජලයතුල වාසය කරති.වැඩුනු සතුන්ට පෙනහළු පිහිටයි.මොවුන් මාංශභක්ෂකයන්ය.අවලතාපීය.උදාහරණ ලෙස මැඩියා,ගෙම්බා,සලමන්දරා දැක්විය හැක.

උරඟයන්[සංස්කරණය]

යුගලනයවූ පංචාගුලික ගාත්‍රා දරයි.ඇතැම් සතුන්ට පාද නොපිහිටයි.පළල් මුඛයක් ඇත.එබැවින් විශාල සතුන් ගොදුරුකරගත හැක.කොරළ සහිත සමකි පිහිටයි.දෙකට බෙදුන දිවක් පිහිටයි.මෙම දිවෙන් පරිසරයේ සංවේදන හඳුනාගැනීමට ඔවුන්ට හැක.අභ්‍යන්තර සැකිල්ළක් ඇත.බාහිර කන් නොපිහිටයි.හෘදය කුටීර තුනකින් යුක්තය.ශ්වසනය පෙනහළු මගින් සිදුකරයි.කපාල ස්නායු යුගල 12ක් පිහිටයි.ඇතැම් සර්පයින්ට විෂ දළ පිහිටයි.පැටවුන් බිහිකිරීම බිත්තර මගින් සිදුකරයි.මොවුන්ගේ බිජු කවචයකින් ආවරණයවී පවතී.අවලතාපීය.මාංශභක්ෂකයන්ය.

පක්ෂීන්[සංස්කරණය]

ආනාකූල හැඩැති දේහයක් දරයි.පිහාටු සහිත සමකි.කොරළ සහිත පාද පිහිටයි.ශ්වසනය පෙනහළු මගින් සිදුකරයි.පංචාංගුලික ගාත්‍රා පිහිටයි.පූර්ව ගාත්‍රා පිහාටු බවට විකසනයවී ඇත.හෘදය කුටීර හතරකි.අවලතාපීය එනම් ශරීර උෂ්ණත්වය පරිසරයට අනුව වෙනස් නොවේ.පැටවුන් බිහිකිරීම බිත්තර මගිනි.බිත්තර කවචයකින් ආවරණයවී පවතී.මොවුන් බිත්තර රැකීම සිදුකරන අතර කුඩා පැටවුන් දෙමාපියන් විසින් රැකබලාගනු ලැබෙති.බොහෝ පක්ෂීන්ට අහසේ පියාසර කල හැකිය.එහෙත් පැස්බර,පෙන්ගුවින්,කිවි වැනි පක්ෂීන්ට පියසරකල නොහැකිය.ඇසිපිය සහිත ඇසි ආවරණ ඇත.බාහිර කන් නැත.අභ්‍යන්තර කන් පිහිටයි.කපාල ස්නායු යුගල 12කි.ඇතැම් පක්ෂීන් ශක භක්ෂකයන් වන අතර ඇතැමුන් සර්ව භක්ෂකය තවත් ඇතැම් පක්ෂීන් මාංශභක්ෂකය.ඇතැම් පක්ෂින් සමාජශීලීය.ඇතැම් පක්ෂීන් සමූහ වශයෙන්ද ඇතමුන් ජොඩු වශයෙන්ද ඇතැම්විට තනි තනිවද හැසිරේ.උදාහරණ ලෙස බට්ටිච්චා,අවිච්චියා,කපුටා,උකුස්සා දක්වියහැක.

මැමේලියා[සංස්කරණය]

මොවුන්ට රෝම සහිත සමක් ඇත.පංචාංගුලික ගාත්‍රා පිහිටයි.ශ්වසනය පෙනහළු මගිනි.පූර්ව ගාත්‍රා අපර ගාත්‍රා හා වලිගය පැහැදිළිව වෙන්වෙන්ව හඳුනාගත හැකිය.හෘදය කුටීර 4කි.පැටවුන් බිහිකිරීම ජලාබුජ හෙවත් මවුකුසින් බිහිකිරීම සිදුකෙරේ.ඇතැම් ක්ෂීරපායින් අණ්ඩජ හෙවත් බිත්තර මගින් පැටවුන් බිහිකරයි.උදාහරණ ලෙස ප්ලැටිපසාදැක්විය හැක.පැටවුන් කුඩා අවධියේදී මවගෙන් කිරි උරාබී වැඩෙති.පැටවුන් වැඩිවියට පත්වන තුරු මව විසින් රැකබලා ගනියි.කපාල ස්නායු යුගල දොළසකි.ශාකභක්ෂක,මාංශභක්ෂක හා සර්වභක්ෂක ලෙසද භෝජන රටාව අනුව හඳුනාගත හැක.මොව්න්ගේ මුඛයේ දත් පිහිටා ඇත.බාහිර කන් පිහිටයි.අැස්පිය සහිත ඇස් ඇත.අවලතාපීය.උදාහරණ ලෙස බල්ලා,වඳුරා,මිනිසා,අශ්වයා,අලියා දැක්වියහැක.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

ජීවින් නම් කිරීම සදහා ගණ නාමය සහ සුළු නාමය සහිත ද්විපද නාමකරණය බාවිතා කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=පෘෂ්ඨවංශීන්&oldid=516504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි