මින්නේරිය ජාතික වනෝද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මින්නේරිය ජාතික වනෝද්‍යානය
IUCN category II (national park)
Birds at the Minneriya-Giritale National Park.jpg
මින්නේරිය ජලාශය අසල කුරුල්ලන් රැළ
Map showing the location of මින්නේරිය ජාතික වනෝද්‍යානය
Map showing the location of මින්නේරිය ජාතික වනෝද්‍යානය
මින්නේරිය ජාතික වනෝද්‍යානය
පිහිටුම උතුරු මැද පළාත,ශ්‍රි ලංකාව
සමීපතම නගරය පොළොන්නරුව
වර්ග ප්‍රමාණය හෙක්ටයාර 8,889.4  
සංස්ථාපනය 1997 අගෝස්තු 12
පාලක ස්ථිතිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

මින්නේරිය ජාතික වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක්  වන අතර ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය 1997 අගෝස්තු 12 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලද අතර, 1938 මුලින් ම වනජීවී අභය භූමියක් ලෙස ප්‍රකාශ කරන ලදී.[1] මෙම ප්‍රදේශය ආරක්ෂා  ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමට හේතුව වන්නේ මින්නේරිය වැව අවට ජල පෝෂක හා අවට ප්‍රදේශයේ වනජීවී ආරක්ෂා කිරීමයි. වැව ඓතිහාසික වැදගත්කමක් සහිත අතර, මහසෙන් රජු විසින් ක්‍රි.ව. තුන්වන සියවසේ දී ඉදි කර ඇත. මෙම උද්‍යානය වියළි සමයේ මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වාසය කරන අලි ජනගහනය සඳහා පෝෂණ බිමක් වේ. උද්‍යානය 2009 අගෝස්තු මාසයෙන් අවසන් මාස හය තුලදී උපයා ගත් ආදායම රු. මිලියන 10.7.[2]මින්නේරිය,  කවුඩුල්ල හා ගිරිතලේ එක්ව ශ්‍රි ලංකාවේ වැදගත් කුරුළු ප්‍රදේශ (IBAs) ආකෘති 70 ක් සාදයි.[3] මෙම උද්‍යානය කොළඹ සිට 182 kilometres (113 mi) පිහිටා ඇත .

භෞතික ලක්ෂණ[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ වියළි කලාපය තුල පිහිටි අතර ලැබෙන සාමාන්ය වර්ෂාපතනය මිලිමීටර 1500-2000  (59-79 in) කි.[1] උද්‍යානයේ අඩුම හා වැඩිම උෂ්ණත්වය පිළිවෙලින්  20.6 °C (69.1 °F) හා 34.5 °C (94.1 °F) වේ.[4] වැව සඳහා ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර වන්නේ අඹන් ගඟ හා ඇලහැර ඇල හැරවීම වේ. ඔක්තෝබර් සිට ජනවාරි තුළ උතුරු නැගෙනහිර මෝසම් මගින් තෙත් සමයේ පවතින අතර මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි සමය ලෙස සැලකිය හැක. මින්නේරිය ප්‍රධාන වාසස්ථාන වර්ග කිහිපයක් වේ, අඩු-වියන් කඳුකර වනාන්තර ඇතුළු අතරමැදි ඉහළ වියන් ද්විතීයික වනාන්තර, ළඳු කැලෑ, අතහැර දමා හේන් ඉඩම්, තෘණ බිම්, ගල්පර හා තෙත් බිම්.

ශාක[සංස්කරණය]

Terminalia arjuna (කුඹුක්), Manilkara hexandra (පලු ගස්), කොහොඹ (Azadirachta indica), Azadirachta indica (කොහොඹ), sacred fig (ඇසතු) (Ficus religiosa) සහ Piliostigma racemosum (මයිල) පොදුවේ මින්නේරිය වැව අවට ප්‍රදේශය තුළ දක්නට ලැබේ.[1] Chloroxylon swietenia, Vitex altissima, Berrya cordifolia, Diospyros quaesita, සහ Drypetes sepiaria (වීර) මින්නේරිය අධිපති ශාක විශේෂ වේ.[4] Randia dumetorum, crotons, සහ Calotropis gigantea අතහැර දමා ඇති හේන් වගාව හා ළඳු කැලෑ තුල  පොදු දෙයකි.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත යුකැලිප්ටස් සහ තේක්ක වගාව, උද්යානය තුළ දැකිය හැකි ය. Monocots සහ Bambusa bambos, ලංකා ඉඳි (Phoenix pusilla)Imperata cylindrica සහ Panicum maximum ඇතුලත් තෘණ විශේෂ ද දැකිය හැක.

 සත්ව[සංස්කරණය]

මෙම ජාතික වනෝද්‍යානය තුල ඇතුලත් සත්ව විශේෂ අතර  ක්ෂීරපායී විශේෂ 24 ක්, පක්ෂීන් විශේෂ 160 ක්, උභයජීවීන් විශේෂ 9 ක්, උරග විශේෂ 25 ක්, මාළු 26 විශේෂ ක්, සහ සමනල විශේෂ 75 ක් පමණ ද දැකගත හැකිය.[4]

අලි පිරිසක්[සංස්කරණය]

උද්‍යානය දී, ඇතැම් අලි ඇතුන් මිනිසුන් සමඟ මුහුනට මුහුන හමුවිමේ ප‍්‍රතිඵලයක් ලෙස වඩාත් ආක්‍රමනකාරී ලෙස හැසිරෙන බව හඳුන්වනු ලබයි.උද්‍යාන පාලකයන්ට අනුව, මිනිසුන්ගෙන් සිදු වූ අනතුරු හිරිහැර නිසා මෙම අලියාගෙ අලි පැටවා අහිමි වුනා. නැවත ගර්භනී වුනු ඇය පසුගිය කාලය තුළ උද්‍යානයේ සංචාරක වාහන 15කට පමණ අලාභ හානි සිදුකර ඇත. (කනේ හිලා හෝ බොනට් ලෙස අන්වරථ නාමයෙන් හඳුන්වන ප‍්‍රචන්ඩ අලින් දෙදෙනෙකු වේ)
වනෝද්‍යානය තුළ සෆාරි වාහන

ශ්‍රි ලාංකික අලි ඇතුන් විශාල සංඛයාවක්, වියළි කාලයේදී ජලාශයේ  දාර මත ඇති  තෘණ ක්ෂේත්‍ර සඳහා ආකර්ෂණය වී පවතී.[1]  මින්නේරිය වැව, විශාල අලි රංචුවක් වුවද තිරසාරව පවත්වා ගැනීමට දායක වේ. අලි ඇතුන් 150-200 ක් පමණ ප‍්‍රමාණයක් මෙහි රැස් වේ.[4] ඇතැම් වාර්තා 700 ක් තරම් ඉහල අලි ඇතුන් සංඛයාවක් ඇති බවට පවසයි.[5] ඔවුන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට මෙහි සංක්‍රමණය වි ආහාර හා උද්‍යානයේ වනාන්තර වලින් නවාතැන් ප‍්‍රතිලාභ ලබා ගනි. සංචාරකයන් විශේෂයෙන් වියළි කාලයේදි , බොහෝ දුරට අලි ඇතුන්  දැක බලා ගැනිමේ අරමුණ ඇතුව  මින්නේරිය වන අඩවියට පිවිසේ.

වෙනත් සතුන්[සංස්කරණය]

මෙම වනෝද්‍යානය ශ්‍රි ලංකාවට ආවේණිකවඳුරු විශේෂ දෙකක් සඳහා වැදගත් වාස භූමියක් වේ: purple-faced langur සහ toque macaque.[4] Sri Lankan sambar deer සහ Sri Lankan axis deer වැනි විශාල ශාක භක්ෂක ක්ෂීරපායීන් නිතර නිතර මෙම උද්‍යානයේ දැකගත හැකිය. දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්වූ ශ්‍රී ලංකා කොටියා සහ Sri Lankan sloth bear යන ජීවී විශේෂ ද මින්නේරිය වනෝද්‍යානය තුල වාසය කරයි.gray slender loris ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රදේශ වලින් එකක් ලෙස මින්නේරිය වාර්තා අතරට එක් වේ.[6]

මින්නේරිය ජලාශය lesser adjutant, painted stork, and spot-billed pelican වැනි විශාල ජලජ පක්ෂීන් සඳහා වැදගත් වාස භූමියක් වේ.[1] මින්නේරිය බොහෝ පදිංචි මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ සඳහා වාසභූමියක් වේ.little cormorants රැළවල් වර්ග 2000 පමණ වාර්තා වී ඇත.[4] Great white pelican, ruddy turnstone, සහ grey heron මෙහි ඇති අනෙක් ජලජ කුරුල්ලෝ ය. ලංකාවට ආවේණික පක්ෂීන් අතරSri Lanka junglefowl(වළි කුකුළා), Sri Lanka hanging parrot(ලංකා ගිරාමලිත්තා)brown-capped babbler, Sri Lanka grey hornbill(අළු කෑදැත්තා)black-crested bulbul සහ crimson-fronted barbet වේ.මෙම ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වි ඇති තර්ජනයට ලක් වූ කුරුල්ලන් සංඛයාව 11 ක් වේ.

Fejervarya pulla සහ Polypedates cruciger යන උභයජීවීන් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.ලංකාවට ආවේණික උරග විශේෂ අටක් ඇති අතර, ඔවුන් සියලුදෙනාම තර්ජනයට ලක් වූ බවට සලකනු ලැබේ. Painted-lip lizard සහ Lankascincus fallax ඔවුන් අතර සිටියි. Saltwater crocodile(ගැට කිඹුලා), Indian python, Asian water monitor(කබරගොයා), සහ Bengal monitor අනෙක් උරගයන් අතර වේ. ලංකාවට ආවේණික වන මිරිදිය මසුන් වර්ග හතරක් මින්නේරිය වනාන්තරයෙන් වාර්තා වේ.

තර්ජන හා සංරක්ෂණය[සංස්කරණය]

උද්‍යාන වනාන්තරයේ ප්‍රධාන තර්ජනයන් ලෙස දර සඳහා ශාක නිෂ්කාශනය වන අතර, එම ක්‍රියාවලිය නිසා ජලාශයේ ජල මට්ටම අඩු වීම ප්‍රතිඵලයක් ලෙස පෙන්විය හැකිය.[1] නාන ස්ථානවල ජල දූෂණය,නාන ස්ථාන අල්ලා ගැනීම්, නීති විරෝධී කෘෂිකාර්මික භාවිතයන්මසුන් ඈල්ලීම,හොර දඩයම්, මැණික් කැණීම්  මිනිසා විසින් එල්ල කරන ලද අනෙකුත් තර්ජන ලෙස දැක්විය හැකිය.Lantana camara(ගඳපාන) යන ආක්‍රමණික පැතිරීම ස්වභාවික තර්ජනයක් වේ.මෙම  ප්‍රදේශය 1988 සිට 1997 දක්වා අදියර හතරක දී ප්‍රකාශයට පත් කරන ලද මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතයේ කොටසකි. වාසස්ථාන පුනස්ථාපනය හා එම ප්‍රදේශයේ පශු සම්පත් ඉවත් කිරිම ඇතුළු කොන්සර්වේටිව් පියවර යෝජනා වී ඇත.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "Minneriya Reservoir". Sri Lanka Wetlands Information and Database. International Water Management Institute. සම්ප්‍රවේශය 22 December 2009. 
  2. Sriyananda, Shanika (8 August 2009). "Wildlife picks up with end of war". Sunday Observer. සම්ප්‍රවේශය 22 December 2009. 
  3. "IBAs in Sri Lanka". birdlife.org. BirdLife International. සම්ප්‍රවේශය 22 December 2009. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 Senaratna, P.M. (2004). "Minneriya" (Sinhalaයෙන්). Sri Lankawe Vanodhyana (2nd සංස්.). Sarasavi Publishers. පිටු 204–207. ISBN 955-573-346-5. 
  5. Amaranayake, Vindya (15 July 2007). "Elephant-human rendezvous". The Nation. සම්ප්‍රවේශය 22 December 2009. 
  6. J. Perera, M. Sandun (2008). "A Review of the Distribution of Grey Slender Loris (Loris lydekkerianus) in Sri Lanka". Primate Conservation. 23: 86–93. doi:10.1896/052.023.0110. 

බාහිර සබැඳි[සංස්කරණය]