ශ්‍රී ලංකා කොටියා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකීය කොටියා  (Panthera pardus kotiya) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන කොටි උප විශේෂයකි. මොවුන් ලංකාව තුල අන්තරායට ලක් වූ සත්ව කොට්ඨාශයකි. මොවුන් ව පළමු වරට විස්තර කර ඇත්තේ ශ්‍රී ලංකීය සත්ව විද්‍යාඥයකු වන පී. එඩ්වඩ් පිරිස් දැරණියගල මහතා විසින් ය.[1]

ශ්‍රී ලංකා කොටියා
I See You.jpg
විල්පත්තු වනෝද්‍යානය තුල වසන කොටියෙක්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: Panthera
විශේෂය: pardus
උපවිශේෂය: kotiya
ද්වීපද නාමය
Panthera pardus kotiya
Srilankan leopard range map.jpg
ශ්‍රී ලංකීය කොටි ව්‍යාප්තිය

2008 වර්ෂයේ සිට මොවුන් වඳවීයාමේ සත්ව කොට්ඨාශක් ලෙස IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත. 2015 වර්ෂය වනවිට වනාන්තර තුළ නිදැල්ලේ වෙසෙන කොටි ජනගහනය දළ වශයෙන් 700ත් 950ත් අතර වේ. විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල බහුල වශයෙන් කොටි දැකගත හැකිය.[2][3]

මෙමෙම සත්ත්වයා දිවියා යනුවෙන් ඇතැම් අවස්ථාවල වැරදියට හඳුන්වා ඇත. එසේම කොටියා යනු ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයාද නොවේ. ඉංග්‍රීසි භාෂාවෙන් Tiger යනුවෙන් හඳුන්වන සත්ත්වයා ව්‍යාඝ්‍රයා ලෙසත් Sri Lankan leopard යන සත්ත්වයා ශ්‍රී ලංකා කොටියා ලෙසත් හැඳින්වීම නිවැරදි වේ. දිවියා යන වචනය කොටියාට වඩා කුඩා බළල් පවුලට අයත් සතුන් සදහා භාවිතා වේ. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.

ලක්ෂණ[සංස්කරණය]

ශ්‍රී ලංකා කොටියාගේ සම තැඹිලි-කහ පැහැති සම මත කළු පුල්ලි සහිතයි. ඉන්දියානු කොටියාට වඩා කුඩා පුල්ලි ඇත. පද ආසන්නයේ දී සම සුදු පැහැයට හුරු වේ. සාමන්‍ය පිරිමි සත්වයෙකු කි.ගෑ. 56(රාත්තල් 124) බරින් යුක්ත ය. උපරිම වශයෙන් එය කි.ගෑ. 77(රාත්තල් 170) බරින් යුක්ත වේ. දිග සාමාන්‍යයෙන් මිටර් 1.27(අඩි 4 අඟල් 7) වේ. වලිගය සෙ.මී.86(අඩි 2 අඟල් 10) දිගින් යුක්තයි. සාමන්‍ය ගැහැණු සත්වයෙකු බර කි.ගෑ. 29) රාත්තල් 64) පමණ වේ. දිගින් මිටර් 1.04(අඩි 3 අඟල් 5) පමණ වේ. වලිගය සෙ.මී. 77(අඩි 2 අඟල් 6) පමණ වේ.

ශ්‍රී ලංකා කොටියා අතීත විශාල කොටින්ගෙන් උප විශේෂයක් ලෙස පැවත එයි. මක්නිසාද යත් ලංකාවේ සිටින එකම විශාලතම බළල් පවුලේ සාමාජිකයා වන්නේ කොටියා ය. කි.ගෑ 100 ඉක්මවු කොටියන් ද වාර්තා වන්නේ ද මේනිසා ය.[4][5] මෙලනින් වර්ණකය වෙනසක් සහිත මෙලනිකෘත කොටියන් ද වර්තමාන වනවිට වනාන්තර තුළ වාර්තාවේ. මෙය ඉතා කාලාතුරකින් දැකිය හැකි දෙයකි. සමහරුන් මෙය කොටින්ගේ වෙනම විශේෂයක් ලෙස වරදවා වටහාගනි. නමුත් මෙය ජානමය හේතුවක් නිසා කොටි ගහණයක් තුල කාලාතුරකින් දකින්න ලැබෙන දෙයකි. ජගුවර් සත්වයන්ගේ මෙන්ම මොවුන්ට ද සමේ වර්ණය නිසා රාත්‍රී කාලයේ දී අනෙක් සමාජිකයන්ට වඩා වාසී සැලසේ. කෙසේ වුවත් මොවුන් වාර්තා වන්නේ සතර දෙනෙක් පමණි. මාවලදෙනිය, පිටාදෙනිය සහ නල්ලතැන්න ප්‍රදේශ වලින් 2019 වර්ෂයේදී වානජිවි කාර්යංශය මගින් වනයේ අටවන ලද කැමරා පද්ධති මඟින් රාත්‍රී කාලයේ දී ඡායාරූප ගතකිරීමට හැකිවිණි. එහි එක් පිරිමි සත්වයෙකු, ගැහැණු සත්වයෙකු සහ කුඩා පැටවුන් දෙදෙනකු සහිතවයි. නමුත් නුවරඑලිය අවටින් 2020 මාර්තු සහ මැයි මස අසන්න වකවානුවක මිනිසුන් විසින් වල් ඌරන් සඳහා අටවන ලද මඳු වලට හසුවී දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය. මේ මඟින් තහවුරු වන්නේ කළු කොටින්, කොටි ගහණ තුල වර්තමානය වන විට විරල නොවන බවයි.[6][7]

ව්‍යාප්තිය[සංස්කරණය]

ගසක් උඩ ලැග සිටින කොටියෙක්
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිදැල්ලේ වෙසෙන කොටියෙක්

ශ්‍රී ලංකා කොටියා අතීතයේ ලංකාව පුරා ව්‍යාප්ත වී පැවතිනි. නමුත් වර්තමානය වනවිට වියළි කලාපය තුල බහුල වශයෙන් ජිවත් වේ. නමුත් සුළු ප්‍රමාණයක් සිංහරාජ වනය, සමනොළ කන්ද වන රක්ෂිතය තුළ මෙන්ම නුවරඑලිය තේ වතු ආශ්‍රිතවත් වාසස්ථාන කරගෙන ජීවත් වේ. ශ්‍රී ලංකා තුළ කොටින් බහු ලෙස ජීවත් වන්නේ විල්පත්තු අභයභූමිය තුළයි. එය මුළු කොටි ගහණයෙන් 60-70% පමණ වේ. [8]

හැසිරීම[සංස්කරණය]

යාල ජාතික වනෝද්‍යානයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොටියන් වෙනත් කොටි උප විශේෂයන්ට වඩා සමාජශීලී නොවන බවයි. මොවුන් හුදකලා දඩයම්කරුවන් වන අතර තරුණ ගැහැණු සතුන් පමණක් ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ දඩයම් කරයි. මොවුන් රාත්‍රියේ දඩයම් කිරීමට කැමැත්තක් දක්වන නමුත් උදේ සහ සවස් කාලයේ සහ දිවා කාලයේ වේලාවන්හි ද ක්‍රියාකාරී වේ. ඔවුන් ඔවුන්ගේ දඩයම් කරන ලද සතුන් ගස් මතට ගෙන යයි, එයට හේතුව තරඟකාරිත්ව සහ ගොදුරු හිඟ වීමයි. දිවියා ශ්‍රී ලංකාවේ විශාලතම විලෝපිකයා බැවින් ගොදුරු වෙනත්ආ සතුන්රගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නොවේ. 2001 සිට 2002 දක්වා ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග වෙරළ කලාපයේ යාල ජාතික වනෝද්‍යානයේ I වන කොටසෙහි වැඩිහිටි කොටින්ගේ ගහණ ඝනත්වය කිලෝමීටර 100 කට (වර්ග සැතපුම් 39) සතුන් 17.9 ක් ලෙස ගණන් බලා ඇත. මෙම කොටස වර්ග කිලෝමීටර 140 (වර්ග සැතපුම් 54) කින් සමන්විත වන අතර වෙරළබඩ තැනිතලා සහ ස්ථිර වැව් සහ ස්වාභාවික ජල තටාක අඩංගු වේ. ශ්‍රී ලාංකික කොටියා දඩයම් කරන්නේ නිහඬව ව තම ගොදුර පසුපස හඹා යමින්, එය වේගයෙන් ලුහුබඳිමින් වේගයෙන් ගොදුරු අඩපණ කරයි. ගොදුර සාමාන්‍යයෙන් බෙල්ල සාපාකෑම මඟින් අඩපණ කරනු ලැබේ.[9] බොහෝ මුවන්, මීවයින්, වල් ඌරන් වැනි විශාල සතුන් මෙන්ම ගොදුරු හිඟ වු විට කුඩා ක්ෂීරපායින්, කුරුල්ලන්, උරගයින් ද දඩයම් කරයි. වැඩි වශයෙන් මුවන් ආහාර ලෙස යොදා ගන්නේ මොවුන් වියළි කලාපය තුල බහුල වීම නිසා ය.[10]සාමාන්‍යයෙන් කොටින්ට විශේෂ අභිජනන කාලක් නැත. වසර පුරා එය සිදු ව්පැඑ.සාමාන්‍යයෙන් වරකට පැටවුන් දෙදෙනෙකු හෝ හතර දෙනෙකු බිහිකරයි. බිහිවන පැටවුන් හොඳින් වැඩෙන තුරු මව් සත්වයා ඇතුළු කුඩා ගහණය තුල ජීවත් වේ. වැඩුණු පිරිමි සතුන් හුදෙකලා වී දඩයම් කර ජීවත් වේ. සතුන් බිහිකරන වකවානුවේදී පමණක් රැලට එකතුවේ.

තර්ජන[සංස්කරණය]

වාසස්ථාන අහිමිවීම හා ඛණ්ඩනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොටින්ගේ පැවැත්මට තර්ජනය එල්ල වී ඇත. මිට අමතරව මූලික වශයෙන් යම් මට්ටමක සම්, දත් ලබාගැනීමට දඩයම් කිරීම් සහ සෘජු හා වක්‍ර ලෙස මිනිස් උගුල් වලට හසුවීම නිසා කොටියන් මරණයට පත්වේ. සිංහරාජා සංරක්ෂණ ප්‍රදේශයේදී උගුල් අටවා කොටියන් තිදෙනෙකු මිය ගිය අතර, ඉන් එක් අයෙකු ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කෙරේ. 2020 මැයි මාසයේදී හැටන්හි නල්ලතන්නියේ හි තේ වත්තක් ආශ්‍රිතව දී තුවාල ලැබූ තවත් දිවියෙකු සොයාගෙන බේරා ගන්නා ලදී. පසුව එය ප්‍රතිකාර සඳහා රන්දෙනිගල සත්ව රෝහලට ගෙන යන ලදී. පසුව මෙම සත්වයා එහිදී ප්‍රතිකාර ලබන අතරතුර මිය ගියේය. උගුරේ හා බෙල්ලට දැඩි ලෙස තුවාල වී ඇත. 2020 වර්ෂය තුළ ද වැඩි වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසා කොටියන් සැළකියයුතු සංඛ්‍යාවක් මියගියහ. වැඩි වශයෙන් සිදුවිම් වාර්තා වන්නේ තේ වතු ආශ්‍රිතවයි. ඊට හේතුව තේ නිෂ්පාදනය සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීමයි. තේ වතු ආශ්‍රිතවත පවතින්නේ ද ජෛව විවිධත්වය ඉහළ ප්‍රදේශයක ය.[11]

සංරක්ෂණය[සංස්කරණය]

සත්වෝද්‍යානයේ සිටින කොටියෙක්

වනෝද්‍යාන හා වනජීවී සංරක්ෂණ භාරය යටතේ කොටියන් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරයි. ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය ද අධ්‍යයන කිහිපයක් සිදු කරනු ඇත. කොටින්ගේ වාසස්ථාන කැබලි කිරීම වේගයෙන් සිදුවන මධ්‍යම කඳුකරයේ ඉලක්කගත වැඩ කටයුතු කරමින් පවතී. කෙසේ වුවත් ලංකාව තුල විතැන් සංරක්ෂණ කොටින් සඳහා භාවිතා නොකරයි. බහුල වශයෙන් යාල ජාතිකවනෝද්‍යානය සහ විල්පත්තු ජාතික වනෝද්යානය මඟින් කොටින් සංරක්ෂණයට සැලකියයුතු මෙහෙවරක් ඉටු කරයි. කෙසේ වුවද 2011 දෙසැම්බර් වන විට ලොව පුරා සත්වෝද්‍යානවල සත්ව උද්‍යානවල සිටින ශ්‍රී ලාංකික කොටින් සංඛ්‍යාව 75 කට වැඩිය. යුරෝපීය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ වැඩසටහන යටතේ පිරිමි සතුන් 27 ක්, ගැහැණු සතුන් 29 ක් සහ තෝරා නොගත් සතුන් 8 දෙනෙකු සංරක්ෂණ කටයුතු සිදු කරයි.[12]

ජන සමාජයේ වැරදි වැටහීම්[සංස්කරණය]

මේ වැරදි ව්‍යවහාරය 1980 දශකයේ අග භාගයේ සහ 1990 මුල භාගයේ "LTTE" සංවිධානයේ ක්‍රියාකාරිතවත් සමග සමාජ ගත වී ඇත. එම සංවිධානය විසින් තමාගෙ ලාංඡනය ලෙස භාවිතා කරේ ව්‍යාඝ්‍රයෙක් වන අතර "Liberation Tigers of Tamil Elam" ලෙස හඳුන්වන ලදී. මෙය "දෙමළ ඊළාම් විමුක්ති කොටිසංවිධානය" වැරදි ලෙස සිංහලට පරිවර්තනය කර ඇති අතර ඉන් පසු එය නිතර කියැවෙන යෙදුමක් බවට පත්විය.[4] Panthera pardus kotiya[13]

දෙමළ ඊළාම් විමුක්ති කොටිසංවිධාන ලාංඡනය

පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැත" යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි. එසේම "කොටි වලිගය අල්ලගත්ත වගේ" ප්‍රස්ථාව පිරුළ සහ "කොටියාකුඹුර" වැනි ස්ථාන නාම කීපයක්ම සිංහල ජන වහරේ පැවතීම අනුව කොටියා යනු ශ්‍රී ලංකාව තුල වාසය කරන සත්ත්වයෙක් බව පැහැදිලි වේ.

"Panthera pardus kotiya" යන නාමය ශ්‍රී ලංකාව තුල වෙසෙන උප විශේෂයේ විද්‍යාත්මක නාමය වේ. මෙය 1956 වසරේදී පී.ඊ.පී. දැරණියගලමහතා විසින් යොදන ලදී. ඒ මහතා විද්‍යාත්මක නාමයට "කොටියා[kotiya]" යන්න යෙදීම මගින්ද ද මෙම සත්ත්වයාගේ නිවැරදි නම කොටියා යන්න තහවුරු වේ.




ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Deraniyagala, P. E. P. (1956). "The Ceylon leopard, a distinct subspecies". Spolia Zeylanica. 28: 115–116.
  2. Stein, A.B.; Athreya, V.; Gerngross, P.; Balme, G.; Henschel, P.; Karanth, U.; Miquelle, D.; Rostro, S.; Kamler, J.F. & Laguardia, A. (2016). "Panthera pardus". IUCN Red List of Threatened Species. IUCN. 2016: e.T15954A160698029.
  3. "ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී විශේෂ 29ක් තර්ජනයට ලක්වූ ලයිස්තුවට". ලංකාදීප. ලංකාදීප. Retrieved ජුනි 18, 2017.
  4. 4.0 4.1 Pocock, R.I. (1939). "Panthera pardus (Linnaeus). The Leopard or Panther". The Fauna of British India, including Ceylon and Burma. Mammalia.. 1. London: Taylor and Francis. පිටු 222–231. https://archive.org/stream/PocockMammalia1/pocock1#page/n285/mode/2up. 
  5. "Yala's giant leopards". BBC Earth. 2014. Retrieved 2018-01-16.
  6. "වඳවී ගිය කළු කොටියා යළි මතු වෙයි". දිනමිණ. Retrieved 2020-01-20.
  7. "සිරිපා අඩවියෙන් හමුවූ කළු කොටියා". ලංකාදීප. ලංකාදීප. Retrieved ජනවාරි 25, 2020.
  8. "වළාකුළු වනාන්තරයක්වූ කිරිගල්පොත්ත කඳු මුදුන". ලංකාදීප. ලංකාදීප. Retrieved සැප්තැම්බර් 1, 2018.
  9. "වන සතුන්ගේ ආහාර රටාව". ලංකාදීප. ලංකාදීප. Retrieved ජුනි 5, 2015.
  10. "කොටියා ගොදුරු රැගෙන ගස් නගින්නේ ඇයි?". bbc සිංහල. bbc. Retrieved මැයි 7, 2017.
  11. "කෞතුකාගාරයට යන දුර්ලභ කළු කොටියා". දිනමිණ. දිනමිණ. Retrieved ජුනි 1, 2020.
  12. "විල්පත්තු කොටියා සංර­ක්ෂණය". සිළුමිණ. සිළුමිණ. Retrieved සැප්තැම්බර් 01,2018. soft hyphen character in |title= at position 21 (help); Check date values in: |access-date= (help)
  13. සැකිල්ල:ITIS
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_කොටියා&oldid=455107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි