කොහොඹ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොහොඹ
Neem (Azadirachta indica) in Hyderabad W IMG 6976.jpg
Azadirachta indica, flowers & leaves
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Flowering plant
ගෝත්‍රය: Sapindales
කුලය: Meliaceae
ගණය: 'Azadirachta'
විශේෂය: A. indica
ද්වීපද නාමය
Azadirachta indica
Adrien-Henri de Jussieu

කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta indica) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී.

හැඳින්වීම[සංස්කරණය]

කොහොඹ ශාකය සීග්‍රයෙන් වර්ධනය වන අතර මීටර 15-20 (අඩි 50) පමණ උසට වැඩේ. මීටර 35-40 උස යන ගස් කලාතුරකින් දක්නට ලැබේ. මෙම ශාකය දේවදාර ශාකයට සමාන බවක් දක්වයි. මෙය ශක්තිමත් කඳක් සහිත ගසකි. සෑම අතටම විහිදුනු අතුවල ශාක පත්‍ර විශාල වශයෙන් දක්නට ලැබේ. එම නිසාම කොහොඹ හොඳ සෙවණ ඇති ගසක් ලෙස ප්‍රචලිතය. කොහොඹ තිත්ත රසට හොඳම නිදර්ශනයක් වේ. කඳේ පොත්තත්, ශාඛ පත්‍රත් තිත්ත රසය. පොත්තේ තිත්ත කහට රසක් ඇත. පොත්ත දුඹුරු පැහැතිය. ළපටි අතු සිනිදුය.

කොහොඹ කඳ ඉතාමත් ශක්තිමත් ඒවාගේම බර ද වේ. කඳෙන් ඉරා ගත් ලීයක ඝන අඩියක් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ බරය. කඳ කැපූ විට රතු පාටය. ඉන්පසු ටිකින් ටික රතු පැහැයට හුරු දුඹුරු පැහැයකට හැරේ. කොහොඹ ලීය හොඳන් පදම් කළ හැකිය. නොයෙක් කැටයම් සඳහා සුදුසුය. නමුත් හොඳන් ඔප දැමිය නොහැක. කොහොඹ ලීයට ගුල්ලන් සහ අනෙකුත් කෘමීන්ගෙන් හානියක් නොමැත.පැරණි නිවෙස් වල උඵවහු, ජනේල, කරත්ත සහ නගුල් සඳහා කොහොඹ ලී භාවිතා කර තිබේ.

දෙපසට විහිදුනු පත්‍ර සෙන්ටිමීටර 20-40 ක් අතර දික්ව පිහිටන අතර සෙන්ටිමීටර 20-31 මධ්‍යම ප්‍රමාණයේ සිට සෙන්ටිමීටර 3-8 තද කොළ පැහැති පත්‍රිකා දක්වා විහිදෙයි. කෙළවර පත්‍රිකාව බොහෝ දුරට දක්නට නොමැත. පත්‍ර වෘන්තය කෙටිය. කොහොඹ මල්(සුදු සහ මනා සුවඳැති) සැකසී ඇත්තේ කක්ෂයෙන් පිපෙන විසිරැනු මල් ඉත්තක් ලෙසිනි. එම ඉති සෙන්ටිමීටර 25 ක් පමණ දික් වේ. එක් මල් ඉත්තක් මල් 150-250 පමණ දරා සිටී. එක් මලක් මිලිමීටර 5-6 පමණ දික්වන අතර මිලිමීටර 8–11 පමණ පුලුල් වේ. ප්‍රපුන්පරිණත, ද්වීලිංගික මල් සහ පුරුෂ මල් එකම ශාකයක දක්නට ලැබේ.කොහොඹ ශාකයෙහි මල් හටගනු ලබන්නේ මාර්තු සිට මැයි දක්වා කාල සීමාවේදීය. ගසෙන් නෙලා ගත් මල් හා අව්වේ වේලාගත් මල් යොදා යාපනය ප්‍රදේශයේ ගෘහනියන් රසවත් ව්‍යන්ජනයක් පිසියි.

කොහොඹ ගෙඩිය (පළතුර,ඵලය) සෙන්ටිමීටර 2ක් පමණ දිගටිය. ගෙඩියේ අෂ්ටිඵලයේ හැඩය තරමක් රවුම් ඕවලාකාරව දික්ව පිහිටයි. ඉදුණු ගෙඩියක් සෙන්ටිමීටර 1.4–2.8 සිට 1.0–1.5 දක්වා වේ. ගෙඩියේ පොත්ත සිනිදු හා දම් පැහැතිය. කොහොඹ ගසෙහි සෑම කොටසක්ම තිත්ත වුවත් ගෙඩි තිත්ත නැත. ගෙඩියේ පොත්ත තුල ඇත්තේ තිත්ත හා පැණි රස මුසු කහ පැහැයට හුරු සුදු පැහැති කෙඳි සහිත ලොඳකි. මෙහි අන්තර් කෝශය සෙන්ටිමීටර 0.3–0.5 පමණ උකුය. ගෙඩියේ සුදු පැහැති තද අභ්‍යන්තරාවරණය(ගෙඩිය ඇතුල් කටුව) තුළ දුඹුරු පැහැති ලෙල්ලක් සහිත දිගටි බීජයක් ඇත. කලාතුරකින් බීජ 2,3 සහිත ගෙඩි ද දක්නට ලැබේ. එම බීජයෙන් කොහොඹ තෙල් හිඳ ගනී. තෙල් හිඳ ගත් පසු ඉතිරිය පොහොර වශයෙන් භාවිතයට ගනී. කොහොඹ ගෙඩි කුරැල්ලන්ගේ හා ලේනුන්ගේ ප්‍රියතම ආහාරයක් වේ.

පරිසර විද්‍යාව[සංස්කරණය]

කොහොඹ නියගයට ඔරොත්තු දෙන ශාකයකි. සාමාන්‍යයෙන් මෙම ශාකය ව්‍යාප්ත වන්නේ වියළි හා තෙත මිශ්‍ර පාරිසරික තත්ත්වයක, මිලිමීටර 400-1200 අතර වාර්ෂික වර්ෂාපයතනයක් යටතේය. වාර්ෂික වර්ෂාපයතනය මිලිමීටර 400 ට අඩු ප්‍රදේශයන්හී ද මෙය වැවිය හැකි නමුත් එවැනි අවස්ථාවකදී එය බොහෝ දුරට භූමීය ජල මට්ටම මත රඳා පවතී. කොහොඹ විවිධ පස් වර්ගයන්හි වැවිය හැකි නමුත් එය හොඳින් ව්‍යාප්ත වන්නේ ජලය බැස යන වැලි සහිත පසෙහිය. මෙය නිවර්තන මෙන්ම අර්ධ ශුෂ්ක ගසක් ලෙස්ද පෙනී සිටින අතර වාර්ෂික මධ්‍යන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-32 අතර වේ. එයට ඉතා ඉහළ උෂ්ණත්වයන් දරා සිටිය හැකි නමුත් සෙල්සියස් අංශක 4ට අඩු උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය නොහැක. කොහොඹ යනු නියං පවතින බිම්වල ව්‍යාප්ත වන සිසිල සලසන ශාකයන් අතලොස්සෙන් එකකි. උදාහරණ ලෙස ශුෂ්ක වෙරළාශ්‍රිත, ඉන්දියාවේ සහ පාකිස්තානයේ දකුණු ප්‍රදේශයන් දැක්විය හැක. මෙම ගස් ජලයේ ගුණය සමග එතරම් සන්වේදී භාවයක් නොදක්වන අතර ව්‍යාප්ත වන්නේ සුලු ජල ප්‍රමාණයකය. ඉන්දියාව තුල සහ නිවර්තන රටවලට ඉන්දියානු ජනයාගේ විසිර යමෙදී, වීධී දෙපස ද, පූජනීය ස්ථාන ආශ්‍රිතවද, පාසල් සහ අනෙකුත් පොදු ගොඩනැගිලි හෝ බොහෝ මිනිසුන්ගේ පසුපස මිදුල්හි ද සෙවණ සඳහා කොහොඹ ගස් යොදා ගත් බව පොදුවේ දැකිය හැකි කරුනකි.කොහොඹ ගස් ඉතා වියලි ප්‍රදේශයන්හි විශාල වශයෙන් වගා කර ඇත.

වල් පැළෑටි තත්ත්වය[සංස්කරණය]

බොහෝ ප්‍රදේශයන්හි කොහොඹ වල් පැළෑටියක් ලෙස නිගමනයන්ට එළඹ ඇත. සමහර මැදපෙරදිග කොටස් ද වැඩි වශයෙන් උප සහරානු අප්‍රිකා කොටස් ද බටහිර අප්‍රිකා හා ඉන්දීය සගරය ආශ්‍රිත කොටස් ද මීට ඇතුලත් වේ. පරිසර විද්‍යාත්මකව ගත් කළ එවැනි ප්‍රදේශයන්හි ද තවදුරටත් කොහොඹ ශාකය නොනැසී පවතී. නමුත් මෙය වල් පැලෑටියක් බවට තවමත් සම්පූර්ණයෙන් තහවුරු කර නොමැත.

ප්‍රයෝජන[සංස්කරණය]

කොහොඹ ගස
පිලිපීනයේ කොහොඹ ගස
ඉන්දියාවේ කොහොඹ ගසේ කොළ

ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.

එළවලුවක් ලෙස[සංස්කරණය]

ඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී.

කොහොඹ අග්නිදිග ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක භාවිතයට ගනී. කොලොම්බියාව, ලාඕසය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් ඒ අතරින් විශේෂ වේ. හොඳින් පිසගත්තද, මෙය ඉතා තිත්ත රසැති ආහාරයක් බැවින් මෙම ප්‍රදේශයන්හි සියලුම නිවැසියන් මෙවා අනුභව නොකරයි. මෙය සෞඛ්‍යට හිතකර ආහාරයක් බවට විශ්වාසයක් තිබේ. කොහොඹ මැලියම් වල ප්‍රෝටීන් බහුලය. මියන්මරයේ, නොමේරූ කොහොඹ කොළ සහ මල් සියඹලා සමග තම්බා තිත්ත ගතිය අඩු කොට එළවලුවක් ලෙස ආහාරයට ගනී. තව ද මියන්මාර ජනයා කොහොඹ කොළ අච්චාරුව තක්කාලි සහ මාලු මිශ්‍රිත සෝස් සමග අනුභව කරයි.

සාම්ප්‍රදායික ඔෟෂධයක් ලෙස[සංස්කරණය]

ඉන්දියාවේ මිලියන 2 කට අධික ප්‍රමාණයක්, කොහොඹ ශාකය ආශ්‍රයෙන් සදන නිෂ්පාදිත වල ලෙඩ සුව කරන ගුණයක් ඇති බව සලකා භාවිතයට ගනී. ආයුර්වේදයේ නියතු වුවන් කොහොඹ නිෂ්පාදිත ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශකයක් ලෙස විශ්වාස කරයි. මෙය ආයුර්වේදයේ හා යුනානි වෙදකමෙහි ප්‍රධාන සංරචකයක් වේ. එහිදී කොහොඹ විශේෂයෙන් සමේ රෝග සඳහා නිර්දේශ කොට ඇත. එසේම කොහොඹ තෙල් හිසකෙස් නිරොගී කර ගැනීමටත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත්, ලේ වල සීනි මට්ටම පාලනය කර ගැනීමටත් භාවිතා කරයි. කොහොඹ කොළ සමේ රෝග(උදා:දද, සෝරෙෙසියසිස්) සත්කාරකයක් ලෙස යොදාගනී.

කෙසේ වුවද කොහොඹ ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ සෙවීම් ඉතාමත් අඩු බව දක්නට ලැබේ.කොහොඹ දිගුකාලීනව භාවිතය වකුගඩු සහ අක්මාවට හානි පැමිණවිය හැකි බැවින් තරුණ ජනතාවට මෙය කෙටිකාලීනව භාවිත කල හැක. කොහොඹ තෙල් විෂවීම් නිසා කුඩා දරුවන් මරණයට පත්වීම් සිදුවිය හැක. කොහොඹ ගබ්සා වීම්, මදසරු භාවය හා ලේ වල සීනි ප්‍රමාණය අඩු වීමට හේතු විය හැක.

අවදානම් තත්ත්වය[සංස්කරණය]

කොහොඹ තෙල් විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මොළයේ ආබාධ සහ අක්ෂිගත ආබාධ ඇතිවිය හැක.

කෘමී හා විෂබීජ නාශකයක් ලෙස[සංස්කරණය]

කොහොඹ රසායනික පළිබෝධ නාශක වෙනුවට භාවිත කළ හැකි ස්වාභාවික පළිබෝධ නාශකයකි. කුඩු කරගත් කොහොඹ ඇට රැය පුරා පෙගෙන්නට හැර බෝග වලට ඉසිනු ලැබේ. මෙහි ඵලදායී කර ගැනීම සඳහා දවස් 10කට වරක්වත් දිගින් දිගටම යෙදිය යුතුය. කොහොඹ බෝග වල සිටින කෘමීන් එකවර විනාශ නොකරයි. එය කෘමී වර්ධනය හීන කිරීමත් බිත්තර දැමීම පාලනය කිරීමත් මගින් බෝග හානිය වලක්වයි. කෘමීන් ආහාර නොමැති වීමෙන් කිහිප දිනකින් විනාශ වේ. කොහොඹ පොහොර ලෙස විකුණයි.

කොහොඹ තෙල් වේයන් වර්ධනය වලක්වමින් පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කරයි.

අනෙකුත් ප්‍රයෝජන[සංස්කරණය]

  • පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.
  • දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.
  • ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි. එසේම ඉහල ව⁣ටිනාකමක් ඇති ශක්තිමත් දැවයකි.ගෘහභාණ්ඩ, උළුවහු, දොරජනෙල් නිපදවීම සඳහා යොදාගනී.
  • පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.
  • කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.
  • රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.
  • ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.
  • පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.
  • පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.
  • මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට හිමිකම් කියයි.

රසායනික සංයෝග[සංස්කරණය]

Salimuzzaman Siddiqui නම් විද්‍යාඥයා කොහොඹ වල ගුණ(ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශක) ප්‍රථමයෙන් පෙන්වා දුනි.1942 දී, ඔහු විසින් තිත්ත රසයන් 3 ක් පෙන්වා දුනි.

පින්තූර ගැලරිය[සංස්කරණය]

නිර්දේශය[සංස්කරණය]

වැඩිදුර කියවීම සඳහා[සංස්කරණය]

  • Ghorbanian, M; Razzaghi-Abyaneh M; Allameh A; Shams-Ghahfarokhi M; Qorbani M (Jan 2008). "Study on the effect of neem (Azadirachta indica A. juss) leaf extract on the growth of Aspergillus parasiticus and production of aflatoxin by it at different incubation times". Mycoses (journal). 51 (1): 35–39. PMID 18076593. Text "Mycoses" ignored (help)
  • Razzaghi-Abyaneh, Mehdi (June 2005). "Morphological alterations in toxigenic Aspergillus parasiticus exposed to neem (Azadirachta indica) leaf and seed aqueous extracts". Mycopathologia. 159 (4): 565–570. PMID 15983743. Retrieved July 2013. Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Check date values in: |accessdate= (help)
  • Allameh, A (2002). "Effects of neem leaf extract on production of aflatoxins and activities of fatty acid synthetase, isocitrate dehydrogenase and glutathione S-transferase in Aspergillus parasiticus". Mycopathologia. 154 (2): 79–84. PMID 12086104. Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • "Neem officially becomes Sindh's tree". Daily Times (Pakistan). Karachi. April 14, 2010. Retrieved 15 July 2013. Text "Daily Times" ignored (help)

බාහිර සම්බන්ධක[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොහොඹ&oldid=440814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි