කුමන ජාතික උද්‍යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කුමන ජාතික උද්‍යානය
Kumana map.gif
කුමන ජාතික උද්‍යානය

අක්ෂාංශ ගත පිහිටීම:6°30′47"N 81°41′16"E

පිහිටුම නැගනහිර පළාත,ශ්‍රී ලංකාව
ආසන්නම නගරය හම්බන්තොට
භූමි ප්‍රමානය හෙක්ටයාර 35,664
පිහිටුවීම 1970 ජනවාරිු 20
පාලනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1985 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.

භෞතික ලක්ෂණ[සංස්කරණය]

කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.

ශාක ප්‍රජාව[සංස්කරණය]

උද්යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු")[1], Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ")[2], Chloroxylon swietenia ("බුරුත")[3],සහ Salvadora persica[4] වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක‍්රමණික ලැහැබ Typha angustifolia [5]වන අතර ආක‍්රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක‍්රමනය ක‍ර ගෙන ඇත්තේ Terminalia arjuna[6] ශාඛයයි. Ludwigia[7] spp., Nelumbo nucifera[8], Nymphaea pubescens[9], Aponogeton [10]spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.

සත්ව ප්‍රජාව[සංස්කරණය]

කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන ප‍රිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් ක‍රන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්‍යානයට සංක‍්රමණය වන පක්ෂීන් අත‍ර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් ව‍ර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිත‍රදැකිය හැකි මත්ස්යයන් අත‍ර වේ.උද්යානයේ වාසය ක‍රන උරගයන් අත‍ර කිඹුලන් සහ කැස්බෑවන් නිත‍ර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.

සංස්කෘතික වැදගත්කම සහ සංරකෂණය[සංස්කරණය]

කුමන 3 වන ශතවර්ශයට පමණ අයත් පුරාණ ශිෂ්ඨාචාරයක් පිහිටි ප්‍රදේශයක කොටසකි.1වන සහ 2වන ශතව‍ර්ශයන්ට අයත් ශිලාලේඛන මෙම ප්‍රදේශය අවටින් සොයාගෙන ඇත.කුමන ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වාර්ශිකව සම්ප‍්රදායික පාද වන්දනාවේ යන කත‍රගම හින්දු කෝවිල පිහිටි මාර්ගයේමය.දෙමළ සහ සිංහල ජාතීන් දෙපිරිසම මෙම වන්දනාවට සහභාගී වේ.
පසු ගිය අවුරැදු කිහිපය තුලදී පක්ෂීන්ගේ අඩුවක් දක්නට ඇත.කිරින්ද සිට පානම දක්වා උද්යානයේ සමුදුරැ තීරය දීගේ ඉදිකිරීමට යෝජිතව ඇති මාර්ගය පිළිබඳව පරිසරවේදීන්ගේ් සහ සොබා සෞන්දර්යවේදීන්ගේ අවධානය යොමුවී ඇත.

කුමන ශාක හා සත්ව ප්‍රජාව[සංස්කරණය]

පරිශීලනය[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුමන_ජාතික_උද්‍යානය&oldid=386072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි