Jump to content

මානව ප්‍රජනන පද්ධතිය

විකිපීඩියා වෙතින්

ප්‍රජනන පද්ධතිය යනු යම් ජීවියකුගේ ප්‍රතිප්‍රනයනය සඳහා උපයෝගී වන ඉන්ද්‍රිය පද්ධතියයි. එකම වර්ගයේ ජීවීන් දෙදෙනෙකුගේ ජාන සුසංයෝගයකින් ඉතාමත් සාර්ථක ප්‍රජාවක් බිහි කිරීමට පුලුවන. ප්‍රජනන පද්ධතියෙහි ඇති ප්‍රධානතම අවයවයන් වන්නේ බාහිරව ඇති ජනනේන්ද්‍රියන් සහ ශරීරය තුල ඇති ඉන්ද්‍රියන්ය. තවද ප්‍රජනන පද්ධතියෙහි තුල ඇති වන රෝග බහුලව ඇති අතර ඒවා ලිංගක ක්‍රියාවලියන් ඔස්සේ බෝ වෙන අවස්ථා ඇත්තේය.ස්ත්‍රී ජන්මාණු සෛල හා පුරුෂ ජන්මාණු නිපදවීම උදෙසා ස්ත්‍රීන් හා පුරුෂයන් තුල වෙනවෙනම සුවිශේෂී වූ පද්ධතීන් පිහිටයි.ඵ්වා ප්‍රජනන පද්ධති ලෙස හැදින්‍‍වේ.

ජීවී ලෝකයේ අඛන්ඩ පැවැත්ම උදෙසා ජීවීන් තම වර්ගයා බෝ කල යුතුය.ඵම ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැදින්වේ.මෙයමිනිසාටද පොදු වූවකි.මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය ලිංගිකත්වය මත පදනම් වුවකි.පිරිමි ප්‍රජනන සෛල වන ශුක්‍රාණුවක් හා ගැහැණු ප්‍රජනන සෛල වන ඩිම්බයක්සංසේචනය වීමෙන්යුක්තානුවක් සෑදේ. මෙම යුක්තාණුව වෙනස්වීම් රාශියකට භාජනය වීමෙන් අනතුරුව නව ජීවියෙකු බවට පත්වේ.



පුරුෂ ප්‍රජනන පද්ධතිය

[සංස්කරණය]
පුරුෂ ප්‍රජනන පද්ධතිය

පුරැෂ ප්‍රජනන පද්ධතිය යනු ඉන්ද්‍රියයන් සමුහයක එකතුවකි. එය ශරීරයට පිටතින් හා ශ්‍රෝණි ප්‍රදේශයේ ස්ථානගත වි ඇත. මෙය ප්‍රජනක ක්‍රියාවලියට දායකවේ. මෙම පද්ධතියේ ප්‍රධාන කාර්ය ප්‍රජනනයට අවශ්‍ය පුරුෂ ජන්මානු හෙවත් ශුක්‍රාණු සැපයීමයි.

පුරැෂ ප්‍රජනන පද්ධතියේ ඉන්ද්‍රයන්ගේ කාර්යයන් 3 කි. ඒවානම්

  • ශුක්‍රාණු නිෂ්පාදනය හා ගබඩාකර තැබීම- නිෂ්පාදනය සිදු වන්නේ,

වෘෂණකෝෂවලදීය. මෙම වෘෂණ කෝෂ පිහිටා ඇත්තේ උෂ්ණත්වය යාමනය කළ හැකි අණ්ඩ කෝෂ තුළය. මෙමගින් නිපදවන නොමේරු ශුක්‍රාණු අපි වෘෂණයට පිවිසෙන අතර එහි වර්ධනය සහ ගබඩාකර ගැනීම සිදුවේ.

  • ශුක්‍ර තරල නිපදවීම -

මේවා පුරස්ථි ග්‍රන්ථිය, ශුක්‍ර ආශයිකා, ශුක්‍රාණු ආශයිකා සහ ශුක්‍රනාල තුළ සිදුවේ.

  • සංයෝගය සහ ශුකාණු තැන්පත් කිරීම - මේ සඳහා ශිෂ්ණය, ශුකනාල සහ කුපර් ග්‍රන්ථි දායක වේ.

පුරුෂයින්ගේ ප්‍රදාන ද්විතියික ලිංගික ලක්ෂණ නම් දේහය විශාලවීම මාංශ පරිමාව වැඩිවීම, කටහඩ ගොරෝසු වීම, දේහයේ රෝම වර්ධනය , උරහිස පළල් විම සහ උගුරු ඇටය නෙරා ඒමයි.

ප්‍රධාන ලිංගික හොර්මෝනය නම් ඇන්ඩ්‍රජන් සහ ටෙස්ටෙස්ටොරෝන්ය.

අණ්ඩාකාර හැඩයකින් යුත් වෘෂණ යුගලක් පිරිමින් සතුවේ. ඒ තුල ශුක්‍රාණු ජනනය වේ. මෙම වෘෂණ වෘෂණ කෝෂ තුල සිරුරෙන් මදක් බැහැරව පිහිටයි.ශුක්‍රාණු නිපදවීම උදෙසාදේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වීම ඊට හේතුවයි.වෘෂණයක දිග 5cm පමණ වේ.වෘෂණ දැඩි සම්බන්ධක පටකයකින් නිම වී ඇත. වෘෂණය තුල පිණ්ඩිකා 200-300 පමණ පවතී.මේ සෑම පිණ්ඩිකාවක්ම කූඤ්ඤ හැඩැති අවකාශයකින් යුතුය.එකී අවකාශය තුල දඟර ගැසුනු නාලිකා රුසකි.මේවා ශුක්‍රධර නාලිකාය.මෙම නාලිකා අතර වූ පටකය අන්තරාල පටකය වේ. මේ තුල වූ ‍සෛල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවයි.පිටියුටරියෙන් ස්‍රාවය වන ලුටෙයිනීකරණ හෝමෝනය මෙම සෛල උත්තේජනය කරයි.ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුක්‍රාණු ජනනය කරමින් ද්විතීක ලිංගික ලක්ෂණ පහල කරයි.මෙහිදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශුක්‍රධර නාලිකාතුලවූ ශුක්‍රාණු මාතෘ සෛල උද්දීපනය කරයි.මෙලෙස නිපදවූ ශුක්‍රාණු වලින් ශුක්‍රධර නාලිකා පිරී යන අතර ඒවා ශුක්‍ර නාලිකා තුළට විවර වී ඇත.මේ ශුක්‍ර නාලිකා වෘෂණ වෙතින් නික්ම දඟර ගැසුණු තනි නාලයකට එකතු වේ.ඒ අපි වෘෂණයයි.වෘෂණ තුල නිපදවෙන ශුක්‍රාණු තාවකාලිකව තැන්පත්කොට තබන්නේ අපි වෘෂණය තුලයි.අපිවෘෂණයේ කෙළවරින් ශ්‍රක්‍ර නාලිකා ඇරඹේ.මෙලෙස ඇරඹෙන ශුක්‍ර නාල යුගල පසුව මුත්‍ර මාර්ගයට එක්වේ. මේ එක්වන ස්ථානය අසල ග්‍රන්ථී තුනක් පිහිටා ඇත.

1.ශුක්‍ර ආශයිකාව

2.පුරස්ථි ග්‍රන්ථිය

3.කූපර් ග්‍රන්ථිය


වෘෂණයේ නිපදවන ශුක්‍රාණුවක්මෙම ග‍්‍රන්ථ තුනේ ස්‍රාවයනුත් එක්වූ කල සුදු පැහැති උකු තරලයක් සෑදේ. මෙහි ph අගය 7.35-7.5 අතර වේ. මෙයට ශුක‍්‍ර තරලයයැයි කියයි.මෙහි 60% පමණ ඇත්තේ ශුක‍්‍ර ආශයිකාවේ ස‍්‍රාවයන්ය.එහි ෆක්ටෝස් සීනි ඇත.ශුක‍්‍රාණු සදහා පෝෂණය සැපයෙන්‍ එමගිනි.ශුක‍්‍රාණු වල චලනය සදහා අවශ්‍ය ශක්තිය එමගින් ලැබේ.ශුක‍්‍රාණු චලනය සදහා ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස ඉහත ග‍්‍රන්ථීන්හි ස‍්‍රාවයන් උපකාරී වේ. එක් වරකට ශුක‍්‍ර තරල මි.ලී.2.5-3.5 අතර ප‍්‍රමාණයක් පිටවන අතර එක් මිලිලීටරයක ශුක‍්‍රාණු මිලියන 100 පමණ අඩංගු වේ.

ශුක්‍රාණුවක ව්‍යුහය

පිරිමින්ගේ මුත‍්‍ර මාර්ගය කාර්යයන් දෙකක් ඉටු කරයි.

1.මුත‍්‍ර පිට වීම

2.ශුක‍්‍ර තරල පිට කිරීම

ස්ත‍්‍රී ප්‍රජනන පද්ධතිය

[සංස්කරණය]
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය

ස්ත‍්‍රී ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ කෝෂ පැලෝපීය නාල සහ ගර්හාෂයට විශේෂ ස්ථානයක් හිමිවේ.මෙහිඩිම්බකෝෂදෙකකි.මේවා උදර කුහරය තුළ අණ්ඩාකාර හැඩයකින් පිහිටයි.සුදු පැහැති මේවා දිගින් සෙ.මී.3-4 පමණ වේ.ඩිම්බ කෝෂ තුළ ස්‍යුනිකා නොහොත් කූප පිහිටයි.මේවාතුළ ඩිම්බ මේරීම සිදුවේ.සෑම කූපයක් තුළම ඩිම්බයක් ඇති අතර ඒ වටා සෛල සමූහයක් ඇත.ඒවා වැඩෙන ඩිම්බයට පෝෂණය සපයන අතර එය ආරක්ෂා කරයි.ගැහැණු දරුවකු උපදින විට ඩිම්බ මිලියන දෙකක් පමණ දැකිය හැකිය.වැඩිවිය පැමිනෙන විට ඉතිරි වන්නේ ලක්ෂ තුනක් පමණ ප‍්‍රමාණයකි. ඒවාඅතුරින් පරිනත බවට පත් වන්නේ 500 පමණ ප‍්‍රමාණයකි.ඩිම්බ ක‍්‍රමයෙන් වැඩෙද්දී කූපය තුළ තරලයක් එක් රුස් වෙ. ස්‍යුනිකාව ප‍්‍රමාණයෙන් විශාල වේ.ඒ සමගම එය ඩිම්බ කෝෂ බිත්තියට ආසන්න වේ.පසුව ඩිම්බය පැලෝපීය නාලයට මුදා හැ‍රේ. මෙම ක‍්‍රියාවලිය ඩිම්බ මෝචනයයි. පැලෝපීය නාල ඉතා සිහින් ඒවා වේ. ඒ තුළ සියුම් කෙදි පිහිටයි. මෙම කෙදි ගර්භාෂය දෙසට ඩිම්බය තල්ලු වන අයුරින් චලනය වේ.මෙහිදී ශුක‍්‍රාණුවක් පැලෝපීය නාලය තුළට පැමිණිය හොත් ඩිම්බය ශුක‍්‍රාණුව හා සංසේචනය වේ.

සංසේචනය


පැලෝපීය නාලය තුල ඩිම්බය පැය 72ක් සජීවීව පවතී.නමුත් ශුක‍්‍රාණුවකට ස්ත‍්‍රී ප්‍රජනනපද්ධතිය තුල සජීවීව පැවතිය හැක්කේ පැය 48ක කාලයකි.මේ අනුව පැලෝපීය නාලය තුල ඩිම්බ සංසේචනය වීමට ඇති හැකියාව දින 5කි.මෙය කාන්තාවගේ සරු කාලයයි.මෙසේ සංසේචනයනොවූ ඩිම්බය ඔසප් වීම තුලින් ඉවත් වී යයි. එය ගැහැණු දරුවකුගේ මසකට වරක් සිදුවන්නා වූ ක‍්‍රියාවලියකි.ශුක‍්‍ර තරලය යෝනි මාර්ගයට මුදාහල පසු ග‍්‍රීවය හරහා ගර්භාෂය තුලට ඇතුලු වේ.මේ අවස්ථාවෙදී පැලෝපීය නාලය තුළ ඩිම්බය තිබුනේ නම් සංසේචනය සිදුවේ.ඉන්පසු සෛල විභේදනය ආරම්භ වේ.මෙසේ දින තුනක් පමණ ගර්භාෂය තුල පාවෙමින් පැවති සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්තියෙහි ඇලී අධිරෝපණය වේ.එවිට දරුවකු පිළිසිද ගත්තේ යැයි කියයි.මෙම කළලය වටා පිටතින් කෝරියම හා ඇතුලතින් කලලාවාරික පටලය වර්ධනය වේ. කෝරියමේ ඇගිලි වැනි ප‍්‍රසරත් ගර්භාෂ බිත්ති හා ඒ ආශ‍්‍රිත කොටසුත් එක්ව කළල බන්ධය සෑදේ.මේ හරහා කළලයට අවශ්‍ය පෝෂණය සැපයේ. කළල බන්ධයත් කළලයත් පෙකනිවැලෙන් සම්බන්ධ වේ. සති 6ක් පමණ වූ කළලය භ‍්‍රෑණය නම් වේ.ගැස්සීම් හා කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට කළලවාරයත් භ‍්‍රෑණයත් අතර කුහරය කළලාවාරික තරලයෙන් පිරී ඇත.භ‍්‍රෑණය දින 280ක් ගර්භාෂය තුල වර්ධනය වේ.

භ‍්‍රෑණයේ විකසනය

[සංස්කරණය]
  • සති5 කලලය - දිගින් සෙ.මී.1.2 වේ.කුඩා වලිගයක් ඇත.
  • සති6 කලලය - දිගින් සෙ.මී.2වේ.මොළය වැඩීම ආරම්භ වේ
  • සති 8 කලලය - සෙ.මී.3 පමණ දිගය.මිනිස් ස්වරූපයක හැඩය ඇත.ඇට සැකිල්ල යන්තමින් වර්ධනය වී ඇත.
  • සති 12 භ‍්‍රෑණය - ඇසිපිය වැඩී ඇත.කන් යන්තමින් ඇත. තොල්පෙති එහාමෙහා කල හැක.ඇගිලි නිය සෑදෙන්නට පටන් ගනී.ලිංගය හදුනාගත හැකි තරමට වැඩී ඇත.
  • සති 20 භ‍්‍රෑණය - මුලු සිරුරම රෝම වලින් වැසී ඇත.අත්පා ඵහා මෙහා සොලවයි.භ‍්‍රෑණයාගේ චලනය මවට දැනෙන අතර හෘද ස්පන්ධනය පිටතින් හදුනා ගත හැකිය.
  • මාස 6 භ‍්‍රෑණය - ඇහිබැමත් ඇහිපිහාටුත් විකසනය වී ඇත.ජලයට ඇතුලු විය නොහැකිලෙස සම සුදු පැහැති ඉටි ද්‍රව්‍යයකින් වැසී ඇත.
  • මාස 7 භ‍්‍රෑණය - රැලි ගැසුණු සමකින් යුතු භ‍්‍රෑණය ඇස් අරී.
  • මාස 8 භ‍්‍රෑණය - සෙ.මී.30 පමණ දිගය.රැලි ස්වභාවය අඩුය.කිලෝ 2.5 පමණ බරය.
  • මාස 9 භ‍්‍රෑණය - හිස ග‍්‍රීවය දෙසට යොමු වී ඇත.බර කිලෝ 3.5කට ආසන්නය.අත් පා මැනවින් වැඩී ඇත. සම පිරුණු ස්වභාවයක් දක්වයි.



දින 260ක් ගත වන විට භ‍්‍රෑණය ඉපදීමට සූදානමින් පවතී.මෙහිදී ගර්භාෂ බිත්තියේ ඇති පේශීමය බිත්ති සංකෝචනය වේ.මිනිත්තු 15-30 අතර කාල පරාසයක පැවති ප‍්‍රසව වෙදනාව පසුව ක‍්‍රමයෙන් මිනිත්තු 2-3 කාල පරාසයක් ඇති වන සේ සීඝ‍්‍ර වේ.පසුව කලලවාරිකය බිදී ඒතුල වූ කලලය මුදා හැරේ.ග‍්‍රීවය පළල් වේ.ගර්භාෂය සංකෝචනය වෙද්දී යෝනී මාර්ගය ඔස්සේ භ‍්‍රෑණය පිටතට තල්ලු වේ.මෙහිදී දරුවා බිහිවේ.පෙකනිවැල කපා දරුවා පිටතට ගනී.මිනිත්තු 15 පමණ පසු වැදෑමහ කොටස යෝනී මාර්ගයෙන් පිටතට පැමිණේ.

මූලාශ්‍ර

[සංස්කරණය]

මහින්දරත්න W.T.M මිනිස් සිරුරේ පද්ධති ISBN 955-8441-55-4

සේනානායක K.M විස්මිත සිරුර ISBN 955-8963-82-8

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මානව_ප්‍රජනන_පද්ධතිය&oldid=713786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි