පවුල් සෞඛ්‍ය කාර්යාංශය

විකිපීඩියා වෙතින්


සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහාත්, මාතෘ හා ළමා සෞඛ්‍ය පිලිබඳ අභිමතාර්තයන් සාධනය සඳහාත්, ශ්‍රී ලංකාවේ 1962 දී පිහිටුවන ලද ආයතනය පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි.

මෙය ආරම්භයේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය කාර්යාංශය ලෙස නම් කරනු ලැබූවත් පසුව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ලෙස නැවත නම් කරනු ලැබීය.

"මාතෘ සෞඛ්‍ය", "ළමා සෞඛ්‍ය", "පවුල් සංවිධානය", ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනට සපයන සුව සේවා අතර වැදගත් තැනක් ගනී.

මෙම සේවා සපයනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුළුල් වෛද්‍යය ආයතන ජාලයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමූහයත් යන මනාව සැකසුනු යටිතල පහසුකම් ඔස්සේ ය.


මූලික සෞඛ්‍ය පහසුකම් සැපයීම රජයේ පරම වගකීමක් වන අතර මාතෘ හා ළමා සෞඛ්‍ය සුවසේවා පද්ධතියේ වැදගත් අංගයකි. මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සැපයීමට ගත් මුල්ම සංවිධානාත්මක උත්සාහය වනුයේ 1926 "සෞඛ්‍ය ඒකක" ක්‍රමය හඳුන්වා දී පළමු සෞඛ්‍ය ඒකකය කලුතර පිහිටුවා කාර්යභාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක් පත් කිරීම ය.

1965 දී "පවුල් සැලසුම" රජය විසින් ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනුනු අතර එය මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩ සටහන සමඟ ඒකාබද්ධ කෙරිනි.

1968 දී ජාතික වැදගත්කම සලකා මෙම වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෙනම ඒකකයක් පිහිටුවනු ලැබීය.

මෙය ආරම්භයේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය කාර්යාංශය ලෙස නම් කල අතර පසුව එය "පවුල් සෞඛ්‍ය කාර්යාංශය" ලෙස නැවත නම් කරන ලදී. මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ සහකාර අධ්‍යක්ෂකවරයෙක් නම් කර එහි ප්‍රධානියා බවට පත් කරන ලදී. 1986 දී එම තනතුර මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ යනුවෙන් උසස් කෙරින.

මුල්ම අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් වූයේ වෛද්‍ය ටෙරන්ස් පෙරේරා මහතා ය. (1968 ජන-1970 දෙසැ) එතැන් පටන් පහත සඳහන් අධ්‍යක්ෂවරු යටතේ මෙම ආයතනය අද පවත්නා තත්ත්වයට විකාශය විනි.


වෛද්‍ය එස්.වයි.එස්.බී හේරත් (1971මැයි - 1979 පෙබරවාරි) වෛද්‍ය ආර්.එ.එස් රබෙල් (1979 මාර්තු - 1981 ජූලි) වෛද්‍ය එන්.ඩබ්ලිව් විද්‍යාසාගර (1981 අගෝස්තු- 1986 ඔක්තෝබර්) වෛද්‍ය මාලනී සිල්වා (1986 නොවැ - 1994 ඔක්තෝබර්) වෛද්‍ය කේ.පී වික්‍රමසූරිය (1994 නොවැ- 1998 අප්‍රේල්)


සෑහීමකට පත්විය හැකි මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයක් ජනතාව තුල පවත්වා ගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් විය.

එබැවින් නව සෞඛ්‍ය සංකල්ප වලට අනුව සෞඛ්‍ය උපායමාර්ග වරින්වර සංශෝධනය කෙරිනි. 1980 දී ශ්‍රී ලංකාව සෞඛ්‍ය ප්‍රඥප්තියට අත්සන් කිරීමත් සමඟ ප්‍රාථමික සෞඛ්‍ය සේවය අතිවිශාල ජවයක් ලැබීය.

වසර 2000 දී සැමට සුවසෙත යන අභිමතාර්ථය ඉටු කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවට මෙම ප්‍රතිපත්තියට අත්සන් කිරීම මඟින් ප්‍රකාශ කෙරිනි.

ශ්‍රී ලංකා රජය මගින් සකස් කල ප්‍රාථමික සෞඛ්‍ය සේවා උපාය මාර්ග අතර පවුල් සෞඛ්‍ය සේවා වැදගත් තැනක් ගනී.

1991 දී රජයේ ජනගහන ප්‍රතිපත්තිය අලුතින් සකස් කෙරිනි. අවම වශයෙන් වසර 2000 වන විට සරු වයසේ කාන්තාවකට දරුවන් දෙදෙනෙක් ( සාමාන්‍ය අගය) වශයෙන් යෝජනා කොට මීලග ශත වර්ෂයේ මැද වන විට ස්ථාවර ජනගහනයක් ඇතිකර ගැනීම බලාපොරොත්තු විය.

මේ අතර 1994 කයිරෝහි දී පැවති ජනගහනය හා සංවර්ධය පිළිබඳ ජාත්‍යන්තර සමුලුව ප්‍රජනන සෞඛ්‍ය සංකල්පය හඳුන්වා දුනි.

මෙය පවුල් සෞඛ්‍ය ජීවන චක්‍රය තුලින් පිවිසීමකි. "ප්‍රජනක සෞඛ්‍ය" වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය අනෙකුත් ජාතික වැඩසටහන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වමින් මූලික කාර්යභාරයක් ඉටු කරයි.

පුළුල් අරමුණූ[සංස්කරණය]

1. පුර්ව-ගර්භණී සමය ගර්භණී සමය දරූ ප්‍රසුර්තිය සහ පසු ප්‍රසව සමය යන ගර්භණී භවය හා සම්බන්ධ සියලු

 	කලයන් සඳහාසෑම මවකටම ගුණාත්මක සත්කාර සේවා සැපයුමක් මගින් මව සහ බිළිඳා යන දෙදෙනාගේම සුවය සහ යහපත තහවුරු කිරිම.

2. ගුණාත්මක සත්කාර සේවා සැපයුම තුලින් සියලු නව ජන්යමයන්ගේ ජිවිත සුරක්ෂිතතාවය සහ ප්‍රශස්ත සෞඛ්‍ය

 	තත්වය තවුරු කිරිම.

3. ප්‍රශස්ත සත්කර සේවා සැපයුම මගින් සියලු ළඳරුවන් හට සහ පෙර පාසල් දරුවන් හට ඔවුන්ගේ ජීවිත

 	සුරක්ෂිතතාව සහ උරුම වූ උපරිම විභවයම වර්ධන හා විකසන හැකියාව ළඟා කර ගැනීම තවුරු කිරීම.

4. දරුවන් ( වයස අවුරුදු 5-9 අතර ) සහ නව යෞවන-යෞවනියන් ( වයස අවුරුදු 10-19 අතර ) හට ඔවුන්ට උරුම වූ

 	උපරිම විභවය වර්ධන හා විකසන හැකියාව ළඟා කර ගැනීමට යෝග්‍ය වූ සම්පත් සපිරි භෞතික හා මනෝ සමාජීය පරිසරික පවත්ම තවුරු කිරීම.

5. සම්පත් ඌන අභියෝගාත්මක පාරිසරික තත්වයන් යටතේ හැදී වැඩෙන දරුවන් හ විශේෂිත අවශ්‍යතා සහිත දරුවන්

 	හට සමාජයෙහි පලදායී සමජයන් ලෙස  කටයුතු කිරිමට හැකිවන සේ ඔවුන්ගේ මානසික කායික සහ සමජීය හැකියාව ප්‍රශස්ත ලෙස
 	වර්ධනය වීමට අවස්ථාව සලසා දීම.

6. උචිත ප්‍රශස්ත පරතරය සහිතව තමන් අපේක්ෂා කරනු ලබන දරුවන් සංඛ්‍යාව හිමිකර ගැනීමට අවස්ථාව සලස දීම. 7. කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය උපදෙස් හා සේවා පහසුකම් සැපයීම මෙන්ම

 	අවදානම් සහිත කාන්තාවන් වෙත විශේෂිත අවදානය යොමුකිරිම.

8. මතෘ හා ළමා සෞඛ්‍ය කාර්යන්හිදී පුමතිරි ( ස්ත්‍රී- පුරුෂ ) සමානාත්මතාවය සහ සමසාධාරණත්වය තවුරු කිරිම.

 	ගුණාත්මක බවින් උසස්  තොරතුරු උත්පාදනය තුලින් මතෘ හා ළමා සෞඛ්‍ය වැඩ සටහන් නිසි පරිදි නියාමනය සහ
 	ඇගයීම සිදුවන බව තවුරු කිරිම.

9. ගුණාත්මක බවින් උසස් සැමට සමාන වූ අයිතීන් පාදක මාතෘ හා ළමා සෞඛ්‍ය සත්කාර සේව සෑම මට්ටමකදීම ප්‍

 	රශස්ත ලෙස සැපයිමට අවශ්‍ය සම්පත් පවතින බව තවුරු කිරීම.

10. මාතෘ හා ළමා සෞඛය රක්ෂණ වැඩ සටහන කළමනාකරණය සඳහා සාධක මත පදනම් වු තොරතුරු පැවතීම තහවුරු කිරිම.

මෙම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමත්, ජනතාවට වඩාත් උසස් වන තත්ත්වයක් උදා කර දීමේ පරම අභිලාෂයත් නිසා මාතෘ සෞඛය, ළමා සෞඛ්‍ය, පවුල් සැළසුම හා අනෙකුත් කාන්තා සෞඛය කටයුතු සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.



වගකීම දරණ ජාතික වැඩසටහන්[සංස්කරණය]

මාතෘ හා නව ජන්ම සෞඛ්‍ය ළමා සෞඛ්‍ය පවුල් සැලසුම් කාන්තා සෞඛ්‍ය


ප්‍රධාන කාර්යයන්


මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ගැටලු වෙනුවෙන් පෙනී සිටීම.


අදාළ සෞඛ්‍ය කාර්යමණ්ඩල වල මූලික විෂය මාලා සංවර්ධනයට හා සේවාස්ථ පුහුණු සඳහා අවශ්‍ය තාක්ෂණික හා විශේෂඥ දැනුම ලබා දීම.



මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය හා සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අදාල අනෙකුත් අමාත්‍යාංශ වලට අවශ්‍ය මග පෙන්වීම හා තාක්ෂණික උපදෙස් ලබා දීම.



මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහන් වලට අදාල සැපයුම් කළමණාකරනය


මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබද ප්‍රතිපත්ති මත පදනම් වූ උපායමාර්ග සකස් කිරීම.


ශ්‍රී ලංකා රජයෙන් සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර මාර්ගවලින් ලැබෙන ආධාර ප්‍රයෝජනයට යෙදවීම. උදා- උද්දේශණය


මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබද උපාය මාර්ග මත පදනම් වූ වැඩ සටහන් සැලසුම් කිරීම.


හදිසි සහ විශේෂ අවස්ථාවලදී මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට වග බලා ගැනීම


වඩාත් හොඳ ක්‍රියාමාර්ග හඳුනාගැනීම, නියාමක වැඩසටහන් සිදු කිරීම, හා ඒවා මාතෘ හා ළමා සෞඛ්‍ය වැඩසටහනට ඇතුලත් කිරීම.


පළාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා සංවර්ධනයේ කොටස්කරුවන් සමඟ අනුබද්ධිත ව මූල්‍යමය ආධාර ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.



ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට, පර්යන්ත කළමණාකරුවන්ට අවශ්‍ය යොමුකිරීම්, මග පෙන්වීම, සම්බන්ධීකරණය හා සහයෝගය ලබා දීම.



මාතෘ හා ළමා සෞඛය පිළිබඳ සෘණාත්මක ප්‍රතිඵල (විශේෂයෙන් මාතෘ, නව ජන්ම, ළදරු යන සියල්ලන්ගේ රෝගී තත්ත්ව හා මරණ) පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවීම, හා විශේෂ අවධානයක් යොමු කිරීම.


තාක්ෂණික හා කළමණාකරීත්ව මගපෙන්වීම, රාජකාරී ලැයිස්තු ඇතුලක් දල සැලසුම් ලබාදීම.


ජාතික මට්ටමේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා නිසි පරිදි නිරීක්ෂණය කිරීම හා ඇගැයීමට ලක් කීරීම.


වැඩසටහන් ක්‍රියාත්මක කරන විවිධ පාර්ශව අතර සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම.


.සෞඛ්‍ය අමාත්‍යාංශයට, සංවර්ධන කොටස්කරුවන්ට , ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට හා අදාල අනෙකුත් පාර්ශවයන්ට ප්‍රතිපෝෂණ වාර්තා ලබා දීම.


එක් එක් වැඩසටහන් සඳහා විශේෂිත වූ අධ්‍යාපනික සහ පුහුණු කටයුතු සංවිධානය කිරීම.


ප්‍රජනන සෞඛ්‍යයට අදාල පර්යේෂණ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය .


පූර්ව සේවා පුහුණුව, සේවාස්ථ පුහුණුව හා පශ්චාත් උපාධි පුහුණුව අදාළ කාර්ය මණ්ඩල වල ධාරිතාව වැඩි කිරීම.