Jump to content

දෝන කැතරිනා රැජිණ

විකිපීඩියා වෙතින්
දෝන කැතරිනා
උඩරට රැජිණ
දෝන කැතරිනා රැජිණ
රාජ්‍ය සමය1592 - 1592
පූර්වප්‍රාප්තිකයාදොන් පිලිප් කුමාරයා
අනුප්‍රාප්තිකයාIවන විමලධර්මසුරිය රජ
භූමදානයඅස්ගිරිය සුසාන භූමිය, වර්තමාන අස්ගිරි මහා විහාරය
වල්ලභයාදොන් පිලිප් කුමාරයා
Iවන විමලධර්මසුරිය රජ
සෙනරත් රජ
දරුවන්මහඅස්ථාන කුමරු (මරණය 1612 අගෝස්තු 23)
සූරිය ‍දේවි (මරණය 1617)
සාම දේවී
කුමාරසිංහ හස්තානේ (ඌව)
විජයපාල (මාතලේ අධිකාරී
දේව අස්ථාන කුමරු
සම්පූර්ණ නාමය
කුසුම් අස්ථාන දෝන කතරිනා ලෝකනාථා මහා බිසෝ බණ්ඩාර
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය
පියාකරලියැද්දේ බණ්ඩාර රජ
මවගලඋඩ අස්ථාන දේවීය

මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමය සහිත එකම බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිනයි. දෙවන රාජසිංහ රජුගේ සිට සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු දක්වා සිටි රජ වරුන්ගේ අගබිසව වූයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතික බිසෝවරුය. පසුව නයක්කර් වංශික රජවරුන්ගේද අගබිසව වූයේ දුවිඩ බිසෝවරුය. කෙසේ නමුත් කුඩා කාලයේ සිට රාජ්‍යත්වයට තිබුණු උරුමය නිසා බොහෝ දුක් ගැහැට වලට මුහුණ දීමට ඇයට සිදුවිය. එම නිසා කුසුමාසන දේවිය සිංහල රාජාවලියේ කඳුළු බිංදුව ලෙස සැලකේ.

දිවිය[සංස්කරණය]

මෙතුමියගේ පියා කරලියද්දේ බණ්ඩාර රජුය. පළමුවන රාජසිංහ රජු උඩරට අක්‍රමණය කොට එවක උඩරට පැවති ප්‍රාදේශිය රජ්‍ය තමා යටතට ගත්හ. පිලිවෙලින් කරලියද්දේ බණ්ඩාර රජුගේ ඥාති පුත්‍රයා වූ යමසිංහ බණ්ඩාර,දියණිය හා ඥාති සොයුරකු වූ කොනප්පු බණ්ඩාර කුමරු රැකවණනය පතා පෘතුගීසීන් වෙන ගියහ. ඔවුන් තිදෙන දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර),දෝන කතරිනා ,ඔස්ට්‍රියාවේ දොන් ජෝන් යන නමින් පෘතුගීසින් හමුවේ භෞතිස්ම ලැබීය.ඔවුන් තිදෙන පෘතුගීසීන්ගෙන් අධ්‍යාපනය සහ සටන් පුහුනුව ලැබීය.

රාජ්‍ය සමය[සංස්කරණය]

පසුව දොන් ජෝන් කුමරු පෘතුගීසීන්ගෙන් පලාගොස් නැවත බුදු දහම වැළදගෙන සේනාවක් සමග ගොස් පළමුවන රාජ සිංහ රජු (සීතාවක රාජසිංහ රජු)පරදා උඩරට රජධානිය අල්ලාගෙන පළමුවන විමළධර්මසූරිය නමින් රජවිය. මෙයින් දැඩි කෝපයටපත් පෘතුහීසීන් දොන් පිලිප් ප්‍රමුඛ සේනාවක් රැගෙන උඩරට ආක්‍රමණය කළහ. මෙම ආක්‍රමණයට සාර් තකව මුහුණදුන් විමලධර්මසූරිය රජු ආක්‍රමණිකයන් පරදා දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) ද මරා දැමීය. තමන්ට සිදුවූ අන්ත පරාජය හමුවේ කෝපයට පත් පෘතුහීසීන් එවක රාජකීය ලේ උරුම සහිත එකම තැනැත්තියවූ දෝන කැතරිනා බිසව උඩරට රැජිණ ලෙස නම් කළේය. මහජනයාද රාජකීය උරුමය අනුව රාජ්‍යත්වයට පත්විය යුත්තේ දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය බව පිළිගත්හ. මෙයින් පසුබට නොවූ විමලධර් ම සූරිය රජු ආක්‍රමණය කර කුසුමාසන දේවිය ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇයව විවාහ කරගැනීමෙන් තම රාජකීය උරුමය ජනතාවට තහවුරු කළේය. මේ අවස්ථාවේ දී පෘතුගීසින් කෙතරම් කම්පනයට පත් වී ඇතිදැයි කීමට හොදම සාක්ෂිය විමලධර්ම සූරිය රජු විසින් දහතුන් හැවිරිදි ඇයව ප්‍රසිද්ධියේ දූෂණය කළ බව පෘතුගීසි ලේඛකයන් සදහන් කර තිබීමයි. කුසුමාසන දේවිය පළමුවන විමලධර්මසූරිය රජුගේද, පසුව 1604 දී ඔහුගේ ඥාතියෙකු වූ සෙනරත් රජුගේ අගමෙහෙසිය වෙමින් ඔහුගේ රාජ්‍ය උරුමය සහතික කළාය. නමුත් ඔහු හා විවාහ වූයේ ඇයගේ කැමැත්තකින් නොව රාජ සභාවේ බලපෑම නිසා බව ඇතැම් මූලාශ්‍ර සදහන් කරයි.



දෝන කැතරිනා රැජිණ
උපත: ? 1576 මරණය: ජූලි 1613
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
කරලියැද්දේ බණ්ඩාර රජ
මහනුවර රැජින
1581–1581
අනුප්‍රාප්තික
විමලධර්මසුරිය I
"https://si.wikipedia.org/w/index.php?title=දෝන_කැතරිනා_රැජිණ&oldid=682579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි