ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො

විකිපීඩියා වෙතින්
පෘතුගීසි ලංකාවේ 15වන කැප්ටන්-මේජර්වරයා
තනතුර දරමින්
1583–1590
Monarchපෘතුගාලයේ පළමුවන පිලිප් රජ
පූර්වප්‍රාප්තිකයාමනුවෙල් ඩි සෝස කූචීනො
අනුප්‍රාප්තිකයාසිමවො ඩි බ්‍රීතො

ජුවම් ඩි කොහයියා ඩි බ්‍රීතො යනු, පෘතුගීසි ලංකාවේ 15වන කැප්ටන්-මේජර්වරයා විය. පෘතුගාලයේ පළමුවන පිලිප් රජ විසින් 1583 වසරෙහිදී පත් කරනු ලැබූ බ්‍රීතො, 1590 වන තුරු කැප්ටන්-මේජර් තනතුර හෙබවීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ සිමවො ඩි බ්‍රීතො විය. [1]

1587 වසරෙහිදී සීතාවක පළමුවන රාජසිංහ රජ විසින් දෙවන වරට කොළඹ වටලෑමේදී තිබූ අවාසිදායක තත්ත්වයන් මධ්‍යයෙහි වුව, කොළඹ කොටුවෙහි රඳවා සිටි කෝට්ටේ ධර්මපාල රජ සහ අවසන් පෘතුගීසි මුර ඇණිය බ්‍රීතො විසින් සාර්ථක ලෙසින් ආරක්ෂා කරන ලදි . මුර ඇණිය සමන්විත වූයේ, පෘතුගීසි සොල්දාදුවන් 300 පමණ සංඛ්‍යාවක් වෙතින් සහ ධර්මපාල රජුට පක්ෂපාතී සේනාව වෙතිනි. [2] 1591 වසරෙහිදී පෘතුගීසින් විසින් යාපනය රාජධානිය යටත් කර ගැනීමෙන් පසුව, 1594 වසරෙහිදී, පෘතුගීසින් සහ කෝට්ටේ හමුදාවන් සීතාවක රාජධානිය අත්පත් කර ගැනුමට ගමන් කළහ. 1656 වසරෙහිදී, ලන්දේසීහූ කොළඹ අත්පත් කර ගත්හ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. කහූන්, බෙන්. "කැප්ටන්ස්-මේජර්". ශ්‍රී ලංකා. වර්ල්ඩ්ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය 14 ජූලි 2012.
  2. කරුණාතිලක, හලලියේ. "කිං රාජසිංහස් බැට්ල් ඔෆ් කොලම්බු". ශ්‍රී ලංකා. සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 4 නොවැම්බර් 2015.
රජයේ නිලයන්
පූර්වප්‍රාප්තිකයා
මනුවෙල් ඩි සෝස කූචීනො
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා
1583-1590
අනුප්‍රාප්තිකයා 
සිමවො ඩි බ්‍රීතො