අතුරලියේ රතන හිමි

විකිපීඩියා වෙතින්
පූජ්‍ය
අතුරලියේ රතන
Member of the ශ්‍රී ලංකා Parliament
for කළුතර දිස්ත්‍රික්කය
තනතුර දරමින්
2004–2010
Member of the ශ්‍රී ලංකා Parliament
for ගම්පහ දිස්ත්‍රික්කය
තනතුර දරමින්
ක්‍රි.ව. 2010
පුද්ගලික තොරතුරු
උපත1962 ඔක්තෝබර් 5
අතුරලිය
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික හෙළ උරුමය - වර්තමාන පක්ෂය අපේ ජනබලය
වාසස්ථාන(ය)සදහම් සෙවන,
ගෝතමී උයන, ඔබේසේකරපුර, රාජගිරිය

අතුරලියේ රතන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් හොබවයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමි උපන්නේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ග්‍රාමයේය. අතුරලිය යනු එස්. ඒ. වික්‍රමසිංහ නම් කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘවරයාගේ ද ගමය. මෙම ගම සැලකිය යුතු වාමාංශික බලපෑමක් සහිත වූ ගමකි. පීරිස් හාමි වැලි කඳු ගොඩ හා සිසිලියානා ගල්ගමුව යන අය මව්පියෝ වූහ. සහෝදරයන් පස් දෙනෙකුගේ පවුලේ බාලම පුත්‍රයා ය. ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝය. සාමාන්‍ය ග්‍රාමීය පවුලක 1962 ඔක්තෝබර් 5 වන දින උපන් මොහු ගිහිනමින් රංජිත් වැලි කඳු ගොඩ නම් විය. වයස 14 වන විට එනම් 1976 මැයි මස 11 වන දින පැවිදි බිමට පත් විය. අමරපුර නිකායේ පුරෝගාමී නිකායක් වූ සද්ධම්මවංශ නිකායේ පැවිදි විය. පැවිදි බිමට පත් වූයේ දකුණු පළා තවත් ළමයි 55 දෙනකු සමග වැවුරුකන්නල බුදුරජ මහා විහාරය නම් පන්සලේදීය.


⁣ආචාර්යවරු දෙදෙනකු යටතේ පැවිදි විය. එනම් වාඩියේ සුමංගල නාහිමියන් හා රාජකීය පණ්ඩිත කොටුගොඩ ඤාණාලෝක නාහිමියන්ය. පැවිදි වූ මුල් පන්සල වූයේ බෙලිඅත්ත අඟුල්මඩුව බේසිරි  නාරායනාරාමයයි.  වසර දෙකක පමණ කාලයක් වාගේ සුමංගල නා හිමියන් යටතේ පාලි සංස්කෘත භාෂාව හා බුද්ධ ධර්මය පිළිබඳ ඉගෙන ගත් අතර පසුව අම්බලන්ගොඩ රන්දොඹේ ශික්ෂා ලංකාර පිරිවෙනෙන් මූලික භික්ෂු අධ්‍යාපනය ලබා ගත්තේය. පානදුර සද්ධර්මාලංකාර පිරිවෙනෙන් උසස් පෙළ කුසලතා සහිතව සමත් වී 1984දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය එම විෂයට වැඩිම ලකුණුලාභියා ලෙස සමත් විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රතන හිමියන් කැපීපෙනෙන ශිෂ්‍ය නායකයෙක් විය. එවකට ඉන්දියානු රජය සමඟ අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම පරාජය කිරීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කැපීපෙනෙන ශිෂ්‍ය නායකයෙකු විය. ඒ නිසාම ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමට මාසයකට පෙර එනම් ජූනි මස  21 වන දින රතන හිමි ඇතුළු ශිෂ්‍ය නායකයෝ සියයකට අධික පිරිසක් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග යටතේ මාස පහක පමණ කාලයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා ගැනුණි.

එවකට ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල ඒකාබද්ධ ආයතනයක් වූ අතර ශිෂ්‍ය අවදියේ මුල් කාලයේ සිටම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්ව විද්‍යාලය නියෝජනය කල ශිෂ්‍ය නායකයෙක් විය. එමෙන්ම එවකට සියළු විශ්ව විද්‍යාලයන්හ් භික්ෂු සංඛ්‍යාව 1000 පමණ ඉගෙන ගනිමින් සිටි අතර එම භික්ෂූන් ඒකාබද්ධ වූ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ ලේකම් වරයාද විය.

ශිෂ්‍ය අවධියේ මුල් කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ විවිධ මාක්ස්වාදී ගුරු කුල පැවතුණි. මාක්ස්වාදී, මාක්ස් ලෙනින්වාදී කණ්ඩායම්, ට්‍රොට්ස්කිවාදී කණ්ඩායම් හා මාඕවාදී කණ්ඩායම් රැසක් මේඅතර විය. මෙම වකවානුව වන විට මාවෝවාදී කණ්ඩායම් ඉතා අඩුවෙන් සිටිය අතර අතුරලියේ රතන හිමි මාඕවාදී ප්‍රවනතාවයට වැඩි නැඹුරුවක් දැක්වීය. එවකට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ප්‍රධානතම බෙදීම වූයේ උතුරු නැගෙනහිර දෙපලාතේ පැවතුණු සන්නද්ධ අරගලයට දේශපාලන විසඳුමක් අවශ්‍යය යන ස්ථාවරයෙහි ය. උතුරු නැගෙනහිර දෙපළාතට දෙමළ ජනතාව සඳහා ස්වයං පාලනයක් ලබා දිය යුතු බවට යෝජනා විය.  එවකට පැවැති ප්‍රබලම සමාජවාදී ශිෂ්‍ය සංවිධානය  මෙහෙයවූයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ වූ ශිෂ්‍ය සංවිධානයයි. අතුරලියේ රතන හිමියන් එහි සාමාජිකයෙකු නොවුණද උතුරු නැගෙනහිර අරබයා දැරෑ මතවාදය හා එක්ව කටයුතු කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානය 1977 වන විට ට්‍රොස්කිවාදී මතවාදයට බර කණ්ඩායම් ජාතික ප්‍රශ්නය මත බෙදුනි. 1988-89 වකවානුවේ බොහෝවිට සරසවි වසා දමන තත්ත්වයක් ඇතිවිය.

1987 වසරේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් මැයි දිනය කල් දමන ලදී. මීට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සියළුම සරසවි ශිෂ්‍යයන් ඒකරාශී කරගනිමින් මව්බිම සුරකිමේ සංවිධානය යටතේ නාරාහේන්පිට අභයාරාමයේදී රැස්වීමක් සංවිධානය කෙරුණි. මේ සඳහා දේශපාලනික වශයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගි විය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාදුළුවාවේ සෝභිත හිමි මේ සඳහා නායකත්වය ලබා දුන් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් මෙම සටනේ පෙරමුණ ගත් ශිෂ්‍යයකු ලෙස අතුරලියේ රතන හිමියන් කටයුතු කළේය. පෙළපාලිය යාමට සූදානම් වීම නිසා කම්කරුවෙකු සහ ශිෂ්‍යයෙකු ඝාතනයට ලක්විය.  

1988 දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මැදිහත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් සුළු පක්ෂ කීපයක් ඒකාබද්ධ කරමින් ජාතික පෙරමුණක් ගොඩනැගීමට උත්සාහ කරනු ලැබුවේ උතුරේ ත්‍රස්තවාදය පරාජය කිරීම හා ඉන්දියන් හමුදාවේ මැදිහත් වීම වැළැක්වීම සඳහාය. මේ සඳහා අතුරලියේ රතන හිමියන් ද අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ ලේකම්වරයා ලෙස ඊට මැදිහත් විය. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන හස්තය ලෙස යොදා ගත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. මෙම වකවානුවේදී ත්‍රීමාවිතාන නම් වෛද්‍ය ශිෂ්‍යයා රත්නපුරයේ දී ඝාතනය කෙරුණ අතර, ඊට එරෙහිව දැවැන්ත පෙළපාළියක් හා උද්ඝෝෂණයක් කොළඹදී දියත් වුණු අතර ඒ සඳහා අතුරලිය රතන හිමියන් පෙරමුණ ගත්තේය.


ආශ්‍රිත[සංස්කරණය]

  • "අතුරලියේ රතන තෙරණුවෝ". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව..

ේ ය

"https://si.wikipedia.org/w/index.php?title=අතුරලියේ_රතන_හිමි&oldid=487429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි