1956 සිංහල චිත්‍රපට ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
චිත්‍රපටයේ නම දායකයෝ නළු නිළියන් සටහන
දොස්තර (සිනමාස්) අධ්‍යක්ෂක කේ ශංකර්; නිෂ්පාදක කේ ගුණරත්නම්; සංගීතය ආර් සුදර්සනම් රුක්මණී දේවි, එඩී ජයමාන්න, හර්බට් එම් සෙනෙවිරත්න, හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, කාන්ති ගුණතුංග, උදුලා දාබරේ, ශාන්ති ලේඛා, සිරිමතී රසාදරී ප්‍රදර්ශනය: 1956 පෙබරවාරි 02 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලාවල (සිනමාස් මණ්ඩලයේ). හෝ පෙම් රාජයා, වාසනාවන්ත කල ලබා, තායම් මායම්, ගෙයක් ගානෙ, බලාපල්ලා මේ, අවිශ්වාසයක් යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
ඩිංගිරි මැණිකා (හෙලදිව ෆිල්ම් ආට්ස්) අධ්‍යක්ෂක ඒ එස් ඒ සාමි; නිෂ්පාදක එස් ඩී එස් සෝමරත්න; සංගීතය එස් එස් වේදා (සහායක පී එල් ඒ සෝමපාල) සයිරස් ඩබ් සුරේන්ද්‍ර, තේජා සෙනෙවිරත්න, විමලා වැනීෂියා, බන්දුල ශ්‍රී සරච්චන්ද්‍ර, සීතා නානායක්කාර, ලූමන් රාජපක්ෂ, ජෝසප් සෙනෙවිරත්න ප්‍රදර්ශනය: 1956 මැයි 11 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලාවල. (සිනමාස් මණ්ඩලයේ). මාව හංගා වනේ, පෙරදිග මුතු ඇටයයි, සැබෑවේ සීනය මාගේ, පෙම් රාජ්ජයේ, ගිරි හෙල් මුදුනේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
දෛව විපාකය අධ්‍යක්ෂක, නිෂ්පාදක බී. ඒ. ඩබ්. ජයමාන්න; සංගීතය ආර් ඒ චන්ද්‍රසේන බී ඒ ඩබ් ජයමාන්න, සේනාධීර කුරුප්පු, ධර්මශ්‍රී රණතුංග, මේබල් බ්ලයිත්, රූබී ද මෙල්, ෂර්ලී බ්ලයිත්, ග්‍රේස් ජයමාන්න, ඩඩ්ලි වානගුරු, පීටර් පීරිස්, එව්ලින් බාලසූරිය ප්‍රදර්ශනය: 1956 මැයි 23 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලාවල (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සාගර හිමිය සොයා, සුරතලියේ, සුදෝ සුදු රන්, සරා ගොයියා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
දුප්පතාගේ දුක (සිනමාස්) අධ්‍යක්ෂක ටී ආර් සුන්දරම්, කේ මිත්‍රදාස්; නිෂ්පාදක කේ ගුණරත්නම්; සංගීතය එස් දක්ෂිණමූර්ති ලැඩී රණසිංහ, හියුගෝ ප්‍රනාන්දු, මාක් සමරනායක, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, ඩොමී ජයවර්ධන, කාන්ති ගුණතුංග, මිලී කහඳවල, වින්සන්ට් වාස්, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ්, ඇන්තනි සී පෙරේරා ප්‍රදර්ශනය: 1956 අගෝස්තු 10 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලාවල (සිනමාස් මණ්ඩලයේ). චන්ද්‍රා කාන්ති සාගරේ, ශ්‍රී ලංකාවේ, ලොවේ දෙයියො සල්ලි, පුරහඳ ලෙස යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
සුරතලී (සිලෝන් එන්ටටේන්මන්ට්ස්) අධ්‍යක්ෂක සිරිල් පී අබේරත්න;නිෂ්පාදක ජබීර් ඒ කාදර්; සංගීතය ටී ආර් පාපා රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා, ආනන්ද ජයරත්න, රෝහිණී ජයකොඩී, එල් එම් පෙරේරා, ප්‍රමිලා කුරුප්පු, ලිලියන් එදිරිසිංහ, සිරිමතී රසාදරී, එම් පී ගැමුණු, කිංස්ලි ජයසේකර ප්‍රදර්ශනය: 1956 සිට සෙන්ට්‍රල් (මරදාන) සහ තවත් ශාලා 17 ක (සිලෝන් එන්ටටේන්මන්ට්ස් මණ්ඩලයේ). (එම මණ්ඩලයේ ප්‍රදර්ශනය වූ පළමු සිංහල චිත්‍රපටිය) සිරියා මෙ සාරා, සංගීතේ රසේ, සීත ජලේ, සාධු ශ්‍රී, පිටිසරෙහි අගේ, ආලෝකේ දේය යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.

එච්.ආර්. ජෝතිපාල පසුබිම් ගී ගැයූ පළමු චිත්‍රපටිය.

රම්‍යලතා (ශ්‍රී මුරුගන් නවකලා) අධ්‍යක්ෂක ඒ භාස්කර් රාජ්; නිෂ්පාදක එස් එම් නායගම්; දෙබස්, ගී පද ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු (කතාව දේව්දාස් (1955) තෙලිඟු චි්‍ත්‍රපටිය ඇසුරෙනි); කැමරාව එන් එස් නාදන්; සංස්කරණය එස් රාමනාදන්; සංගීතය ආර් මුත්තුසාමි අරුණ ශාන්ති (ප්‍රේමසිරි), ක්ලැරිස් ද සිල්වා (රීටා/ලතා), රීටා රත්නායක (ප්‍රභාවතී), පූජිත මෙන්ඩීස්, මාක් සමරනායක (සනී), පිටිපන සිල්වා, බොනිෆස් ප්‍රනාන්දු, එඩී යාපා, ඩබ් බෙනඩික්ට් ප්‍රනාන්දු (ටිකිරි බණ්ඩා) ප්‍රදර්ශනය: 1956 නොවැම්බර් 25 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 11 ක (සිනමාස් මණ්ඩලයේ). මග බලබලා, මනමාලි සෝක වෙලා, ඕ ප්‍රේමසිරි යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
රේඛාව (සී/ස චිත්‍රලංකා සමාගම) කතාව, තිර නාටකය, අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස්; නිෂ්පාදනය සරත් විජේසිංහ, එච් ඩබ් ජයවර්ධන, ඩග්ලස් ප්‍රනාන්දු, ජෝජ් චිට්ටි; දෙබස් කේ ඒ ඩබ් පෙරේරා; කැමරාව විලී බ්ලේක්; සංස්කරණය ටයිටස් තොටවත්ත; සංගීතය බී එස් පෙරේරා (පසුබිම් සංගීතය කේ ඒ දයාරත්න, ගී තනු සුනිල් සාන්ත) ආනන්ද වීරකෝන් (නිමල්), මල්ලිකා පිලපිටිය (ප්‍රේමා), ඩී ආර් නානායක්කාර, අයිරාංගනී මීදෙනිය, සෝමපාල ධර්මප්‍රිය (සේන), මර්ටල් ප්‍රනාන්දු (අනුලා), නෝනා සුබෙයිදා, වින්සන්ට් සේරසිංහ (කුමනේරිස්), ශේෂා පලිහක්කාර, සුනිලා ජයන්ති, එන් ආර් ඩයස් (පොඩි මහත්තයා), මාපා ගුණරත්න ප්‍රදර්ශනය: 1956 දෙසැම්බර් 28 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 19 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සීගිරි ලඳකගෙ, ඕළු නෙළුම්, වෙසක් කැකුළු, සුදු සඳ එලියේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.

මුළුමනින් එලිමහනේ රූගත කරන ලද පළමු සිංහල චිත්‍රපටිය.