අරුණි රාජපක්ෂ

විකිපීඩියා වෙතින්
අරුණි රාජපක්ෂ
උපත
අරුණි මධූෂා රාජපක්ෂ

5 ජනවාරි 1984(1984-01-05)
උසඅඩි 5 අඟල් 08 (මීටර 1.73)
තනතුර2007 ශ්‍රී ලංකා විශ්ව රූ රැජින

අරුණි මධූෂා රාජපක්ෂ ශ්‍රී ලාංකික නිළියක, නිවේදිකාවක සහ දක්ෂ නිරූපිකාවක වෙයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත්තේද ඇයයි.

ශ්‍රී ලංකා රූ රැජින[සංස්කරණය]

2005 වර්ෂයේදී පැවැති කැප්රි රූ රැජිණ තරඟයේ ජයග්‍රහණය හිමි කර ගනිමින්, ප්‍රථම වතාවට රූ රැජින කිරුළක් හිමිකරගත් අරුණි, 2007 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙසද කිරුළ හිමිකරගත්තාය. එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජින තරඟයට සහ ජාත්‍යන්තර සංචාරක රූ රැජිණ තරඟයටද ඉදිරිපත් වූ ඇය, 2008 වසරේදී විශ්ව රූ රැජින තරඟයේදීද ශ්‍රී ලංකාව නියෝජනය කලාය.[1] 2007 වසරේ ජාත්‍යන්තර රූ රැජින තරඟයේදී අවසන් තරඟකාරියන් 15 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අරුණි සමත් වූවාය.

රංගන ක්ෂේත්‍රයට පිවිසීම[සංස්කරණය]

2012 වර්ෂයේ නිකුත් වූ සුපර් සික්ස් චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට පිවිසි අරුණි, ඊට පොරෝතුව මෙරට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දී තිබෙයි.

රංගනයන්[සංස්කරණය]

වසර චිත්‍රපටිය චරිතය අධ්‍යක්ෂණය
2012 සුපර් සික්ස් ෂෙරින් උදාර පල්ලියගුරුගේ
2015 මහරජ ගැමුණු රන්මැණිකා ජයන්ත චන්ද්‍රසිරි
2015 ඇඩ්‍රස් නෑ නතාලියා ජැක්සන් ඇන්තනී
2016 පත්තිනි මාධවී සුනිල් ආරියරත්න
2016 ආදරණීය කතාවක් දෙව්ලි ප්‍රියන්ත කොළඹගේ

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අරුණි_රාජපක්ෂ&oldid=591309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි